විවිද ආකාරයේ භාවනා තියෙනවනේ. කුඩා සිදුහත් කුමරු වප් මගුල් දවසේදී කරපු ආන-පාන භාවනාව එකක්. ඒක කරන්නේ මේ වගේ දෙයක් කරලා.
මේ භාවනාව ඒ මොහොතේ හිතට එන අයහපත් සිතුවිලි යටපත් කරනවා මිස, අහිතකර සිතුවිලි උපදවන මුල ගලවලා ඉවත් කරන්නේ නැහැ. එතකොට, සිදුහත් කුමරු එතනින් නැගිට ගත් පසු අයෙමත් අර අපහසුතා වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඔය ගොඑන්කා වැනි භාවනා තැන් වලත් කරන්නේ එකයි. ඒකට කියනවා ආන-පාන ප්‍රාණ යාම භාවනාව කියලා.
නමුත් සිදුහත් කුමරා බුදු වන මොහොතේ භාවිතා කෙළේ වෙන ආකාරයක භාවනාවක්. එතුමා එක තැන ඉඳගෙන සිටියත්, බුදුවූ පසු අනෙක් අයට එය කියා දුන් විට තේරෙනවා මේ භාවනාව ඔනෑම ඉරියව්වක ඉදගෙන කල හැකි දෙයක් බව. මේක ඇවිදින ගමන් වුනත් කල හැකි භාවනාවක්.
කෙලෙස් මුල කියන්නේ තේ කහට වගේ හිතේ මුල් බැහැගෙන තැන්පත් වෙලා තියෙන අයහපත් හිතුවිලි. යම් කෙනෙක් එදිනෙදා ජීවිතයේදී අහිතකර සිතුවිලි මත රැදී, ඒවා ගැන යලි හිතමින් රවුම් ගැහුවොත්, අර තේ කහට වගේ හිතේ තැන්පත් වෙනවා. තැන්පත් වන සිතුවිලි දිගෙන් දිගට කරදර ගෙන දෙනවා.
එතකොට, සිදුහත් කුමරා බුදු වන මොහොතේ අයහපත් සිතුවිලි එන මොහොත හදුනාගෙන, ඒවා එන මොහොතේම එම සිතුවිල්ලේ මුල කපා ඉවත් කලා. මේක නිසා සිත පිරිසිඳු වුනා. මේ භාවනාවට කියනවා ආන-පාන සති සමාදී භාවනා කියලා. ඒක කරන්න ගහක් යටට යන්නේ අවශ්‍ය නැහැ. ඕනෑම් තැනක සිට කල හැකියි.
ඒක ගැන දැන ගන්න අවශ්‍ය නම් "සතර කමටහන්" හොයන්න
මෙතන.