රෝෂාන් ප්‍රනාන්දු vs අජිත් මුතුකුමාරණ

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,508
    5,065
    113
    මොකද්ද මේ රොෂාන් ප්‍රනාන්දු නිතරම අජිත් මුතුකුමාරණට ගහන්නේ. උ කියනව සින්දු දහස් ගනනක් කිව්වට වැඩක් නැලු උ වගේ ටැලන්ටඩ් නැත්නම්.
    මු මේ ලගදි නිල්වලා උපුල් ජයසිංහ එක්ක කරපු වැඩ සටහනක කියනව සෝමතිලක ජයමහට සින්දු 12ලු තියෙන්නේ. අජිත්ට ගහනව සින්දු 1000 තිබ්බත් එකක්වත් වැඩක් නෑලු. මේකෙම කියනව කිංස්ලි පිරිස්ගේ දෙළුම් මලක් පීස් එකට සංගීතය සැපයුවේ කවුද කියල මතම නෑලු'
    කැරියගේ ලොකු කුහක කමක් තියෙන්නේ.. ඒ වීඩියෝ එකේ කැල්ල පහලම දාල තියනව.

    ඒ අතින් බස් අජිත්ගේ ගොඩක් සින්දු අපි සමහර උන්ට අජුව උනාට මුගේ කැපිලි නෑ. ඕන එකෙක්ට උදවු කරනවා.

    නිල්වලා එකෙන් කිංස්ලි පිරිස්ගේ දෙළුම් මලක් පීස් එකට සංගීතය සපයල තියෙන්නේ බස් අජිත්ගේ සකුරා රේන්ජ් ගෘප් එක.
    කැසට් පටියේ සහ සිඩි තැටියෙ පිටකවරේට සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ නම දාන්න එපා කියල රොෂාන් ගේම ඇදල. ඒ නිසා ගෘප් එකේ නම නොදා වාදක ශිල්පීන්ගේ විතරයි නම් දාල තියෙන්නේ.
    කැරි කුහකයෙක්.


    Kng-prs_0002.jpg



     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    roshan prannadu nam issra idan ponna look eka
    dan kiyalath wensak na.

    kiyana sindu nam mata set na.

    ajith ge kuhak kam na thama.,

    u k sujeewa wage ganiyek ekka eka whalak yata tika dwasak hitapu ekata thagi denna watinwa.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    බස් අජියාගේ අලුත් කිසිම සින්දුවක් නැති නිසාත්
    උගේ වොයිස් එකේ කිසිම යුනික් එකක්
    නැති නිසාද කොහෙද ඌව ගන්නේ නෑ. රෝසාන් කියන
    එකත් ඇත්ත සල්ලි ගෙවල මියුසිකල් බලන්න එන
    අහිසක ප්‍රේක්සකයාට පුලුවන් හොදම නිර්මානයක්
    දෙන්න ඔන කියල කියන්නේ. ඒ නිසාම හොදටම පර්ෆොම් කරන උන් තමයි ඌ ගන්නේ බන්. උගේ බෑන්ඩ් එකේ කී දෙනෙක් දැන් ඌ අයින් කරල තියෙනවද? අජියා පැත්ත පාලාතේ ගන්නේ නැති නිසා
    ඌ මඩ ගහනවා. අනික උගේ සින්දුවක් අහන්න
    පූලුවන්ද බන් :lol:
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,343
    4,511
    113
    කිංස්ලිට යන්නත් කිව්වලු බෑන්ඩ් එකෙන් කියලා මන් අහලා තියනවා.

    මම ඉපදුනේ මාතර, මහ ගෙවල් මාතර, බස් අජියා කියන්නේ ඒ පැත්තේ music god කෙනෙක් විදියට මිනිස්සු සැලකුවේ. අජියා තමා 2003 ආපු ගංවතුරට පළවෙනි සිංදුව ගැහුවේ "වෙහෙරහේනේ විහාරයේ" කියලා. අපේ අම්මා අපිට අහන්න දුන්නේ සුභාවිත ගීත කියන ඒවා විතරයි කැසට් සේරම තිබ්බේ අමරදේව, කපුගේ, සුනිල්, නන්දගේ පවන, ළමා සිංදු විදියට ගෙනාවේ හර්ෂණ ගේ ඒවා. අපේ ගෙදර චාමරගේ, අජිත්ගේ කිංස්ලිගේ කිසිම කැසට් එකක් ගේන්න දුන්නේ නැහැ. කවුරුහරි තෑගි දෙන ඒවවත් තියන්නේ නැහැ අම්මා වෙන ගමේ අයට දෙනවා. කොහොම හරි ගංවතුරෙන් පස්සේ නෑ කෙනෙක් අජිත්ගේ සුදු අරලියා මල කැසට් එක ගෙනත් දෙනවා. පුදුමෙට අම්මා ඕක කාටවත් දුන්නෙත් නෑ. අපි දාගෙන ඇහුවට බැන්නෙත් නෑ. ඒ කැසට් එකේ මතක විදියට 3 වෙනි සිංදුව තමා "වෙහෙරහේන විහාරයේ උඩ මළුවට යන්නම්" කියන සිංදුව. ඒකෙන් පස්සේ තමා මතක විදියට චාමර කියන්නේ "දකුණේ පිං ඇති පිංබිම වැවුරුකන්නල" කියලා ගංවතුර අල්ලා සිංදුව ගැහුවේ. දෙන්නම පන්සල් දෙකක් අලල්ලා එකම සිද්ධියට සිංදු ගැහුවා. ගෙදරින් අහන්න දුන්නේ නැතිවට, බස් වල යද්දි, bus stand එකේ ඉදිද්දි අනිවා ඔය අහගේ සිංදු තමා ඇහෙන්නේ..

    කිංස්ලි ඔය කැසට් එක ගහන්නේ ඒ කාලේ ආවා රැල්ලක් එක එක මල් අල්ලලා සිංදු කියන, සිංදු 80ක් වත් එන්න ඇති, අමරිසිගේ ඔබ ඇපල් මලක් වාගේ, දයාන්ගේ ඩැෆඩිල් මලේ ඉඳන්, වැල් දොඩම් මල්, සුදු සඳුන් මලක, අසංකගේ සියඹලා මලක්, අජ්ජගේ බෝගන්විලා මලේ, කඳුරු මලක්, භාතියලගේ රන් කුරහන් මල වගේ සෑහෙන සිංදු සෙට් එකක් ආවා, කිංස්ලිම මල් 5-7ක් වගේ අල්ලලා සිංදු කියලා ඇති.. මල් එක්ක තව ගියපු රැල්ල තමයි පන්සල් අල්ලා සිංදු ගහපු එක, බෙල්ලන් විල වෙහෙරට සුදුමල්.., ගැටබරු කන්දේ, ඇතුගල වෙහෙර එන්නේ ඒකත් එක්ක.
    දික්වැල්ල රන්න බෙලිඅත්ත ඇඹිලිපිටිය කතරගම පැත්තට යන කොට ඔය දකුණේ බැන්ඩ්ස්වල සිංදු ඇහෙනවා සෑහෙන වැඩි. ඔය උඹ දාපු කැසට් එකේ එක සිංදුවක් වත් මන් ඒ කාලේ එක දිගට හරියට අහලා නැතිව ඇති. ඒත් තැනින් තැනින් ඇහිලා. සේරම වගේ මතකයි. ඒ කියන්නේ අලුත් කැසට් එකක් ආවාම සේරම වගේ මිනිස්සු ගන්නවා. කොල්ලෝ එක්ක ගම් ඇතුලට පාරවල් වල ඇවිදන් යද්දි, එක කැල්ලක් එක ගෙදරකින් ඇහෙනවා අනෙක් කෑල්ල තව ගෙදරකින් ඇහෙනවා.
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,508
    5,065
    113
    කිංස්ලිට යන්නත් කිව්වලු බෑන්ඩ් එකෙන් කියලා මන් අහලා තියනවා.

    මම ඉපදුනේ මාතර, මහ ගෙවල් මාතර, බස් අජියා කියන්නේ ඒ පැත්තේ music god කෙනෙක් විදියට මිනිස්සු සැලකුවේ. අජියා තමා 2003 ආපු ගංවතුරට පළවෙනි සිංදුව ගැහුවේ "වෙහෙරහේනේ විහාරයේ" කියලා. අපේ අම්මා අපිට අහන්න දුන්නේ සුභාවිත ගීත කියන ඒවා විතරයි කැසට් සේරම තිබ්බේ අමරදේව, කපුගේ, සුනිල්, නන්දගේ පවන, ළමා සිංදු විදියට ගෙනාවේ හර්ෂණ ගේ ඒවා. අපේ ගෙදර චාමරගේ, අජිත්ගේ කිංස්ලිගේ කිසිම කැසට් එකක් ගේන්න දුන්නේ නැහැ. කවුරුහරි තෑගි දෙන ඒවවත් තියන්නේ නැහැ අම්මා වෙන ගමේ අයට දෙනවා. කොහොම හරි ගංවතුරෙන් පස්සේ නෑ කෙනෙක් අජිත්ගේ සුදු අරලියා මල කැසට් එක ගෙනත් දෙනවා. පුදුමෙට අම්මා ඕක කාටවත් දුන්නෙත් නෑ. අපි දාගෙන ඇහුවට බැන්නෙත් නෑ. ඒ කැසට් එකේ මතක විදියට 3 වෙනි සිංදුව තමා "වෙහෙරහේන විහාරයේ උඩ මළුවට යන්නම්" කියන සිංදුව. ඒකෙන් පස්සේ තමා මතක විදියට චාමර කියන්නේ "දකුණේ පිං ඇති පිංබිම වැවුරුකන්නල" කියලා ගංවතුර අල්ලා සිංදුව ගැහුවේ. දෙන්නම පන්සල් දෙකක් අලල්ලා එකම සිද්ධියට සිංදු ගත්තා. ගෙදරින් අහන්න දුන්නේ නැතිවට, බස් වල යද්දි, bus stand එකේ ඉදිද්දි අනිවා ඔය අහගේ සිංදු තමා ඇහෙන්නේ..

    කිංස්ලි ඔය කැසට් එක ගහන්නේ ඒ කාලේ ආවා රැල්ලක් එක එක මල් අල්ලලා සිංදු කියන, සිංදු 80ක් වත් එන්න ඇති, අමරිසිගේ ඔබ ඇපල් මලක් වාගේ, දයාන්ගේ ඩැෆඩිල් මලේ ඉඳන්, වැල් දොඩම් මල්, සුදු සඳුන් මලක, සියඹලා මලක් වගේ සෑහෙන සිංදු සෙට් එකක් ආවා, කිංස්ලිම මල් 5-7ක් වගේ අල්ලලා සිංදු කියලා ඇති.. දික්වැල්ල රන්න ඇඹිලිපිටිය පැත්තට යන කොට ඔය දකුණේ බැන්ඩ්ස්වල සිංදු ඇහෙනවා සෑහෙන වැඩි. ඔය උඹ දාපු කැසට් එකේ එක සිංදුවක් වත් මන් ඒ කාලේ එක දිගට හරියට අහලා නැතිව ඇති. ඒත් තැනින් තැනින් ඇහිලා. සේරම වගේ මතකයි. ඒ කියන්නේ අලුත් කැසට් එකක් ආවාම සේරම වගේ මිනිස්සු ගන්නවා. කොල්ලෝ එක්කෝ ගම් ඇතුලට පාරවල් වල ඇවිදන් යද්දි, එක කැල්ලක් එක ගෙදරකින් ඇහෙනවා අනෙක් කෑල්ල තව ගෙදරකින් ඇහෙනවා.
    අඩෝ පට්ටනේ උඹේ අත්දැකීම ලිව්වට thanks. ඔව් මට මතකයි කාලයක් එකදිගටම මල් සින්දුම විතරයි ආවේ. තියන තින හැම මලක නමකින්ම සින්දු ගැහුව එක එකා. එක හෙන රැල්ලක් වෙලා තිබ්බේ.
    ඔය කින්ස්ලිට බෑන්ඩ් එකෙන් යන්න කිව්වා කතාව නම් ගොඩක් ප්‍රසිද්දයි.
     
    • Like
    Reactions: KDH and wpril5

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,343
    4,511
    113
    රුචිරානනී අහන්න..එකපාර මා මරන්න. 😭😭😭
    ඔය සිංදුවට ඒ කාලේ සුභාවිත ගීත විචාරකයෝ , ගායකයෝ එහෙම පලු ඇරියා. මට මතකයි සුනිල් එදිරිසිංහ එහෙම ටිවී එකේ බනිනවා.
    අනෙක් සිංදුව තමා "මඳුරු කොයිල් පත්තු කරලා ඔබ ගාවින් තියන්නම්, එළි වෙනකම් නිදි මර මර මඳුරුවෝ ටික මරන්නම්... 😄 🤣
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,508
    5,065
    113
    මඳුරු කොයිල් පත්තු කරලා ඔබ ගාවින් තියන්නම්, එළි වෙනකම් නිදි මර මර මඳුරුවෝ ටික මරන්නම්
    අඩෝ කැරි නම්බර් එක ඒක. මත මතකයි... තව මොනවද ඔය වගේ ආතල් සින්දු ආවේ...

    @Emarald ඔය සින්දුවේ නේද තියෙන්නේ "ෆ්ලෑෂ් ලයිට් වලට වැඩිය එළියයි ඕනේ හිනාව,"
    සින්දුවේ නම මොකද්ද බන් මට මතක නෑ
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,343
    4,511
    113
    අඩෝ කැරි නම්බර් එක ඒක. මත මතකයි... තව මොනවද ඔය වගේ ආතල් සින්දු ආවේ...
    ෆ්ලැෂ්බැක් නේ ද ගැහුවේ "මම මං කී හනුමන්තා වඳුරන්ගේ මහදන මුත්තා..
    හෙනම ගොන් සිංදු හැබැයි..

    @Emarald ඔය සින්දුවේ නේද තියෙන්නේ "ෆ්ලෑෂ් ලයිට් වලට වැඩිය එළියයි ඕනේ හිනාව,"
    සින්දුවේ නම මොකද්ද බන් මට මතක නෑ
    @Yudewwa මට සේරම ලිරික්ස් මතක නෑ සිංදුවේ නම තමා "මඳුරු කොයිල්"

     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,508
    5,065
    113
    ෆ්ලැෂ්බැක් නේ ද ගැහුවේ මම මං කී හනුමන්තා වඳුරන්ගේ මහදන මුත්තා..
    හෙනම ගොන් සිංදු හැබැයි..
    ඇදෙ අර මදුරු කොයි සින්දුවේ නේද තියෙන්නේ
    "ෆ්ලෑෂ් ලයිට් වලට වැඩිය එළියයි ඕබෙ හිනාව,"


    සින්දුවේ නම මොකද්ද බන් මට මතක නෑ
     
    • Like
    Reactions: Emarald

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,508
    5,065
    113
    මං කී හනුමන්තා වඳුරන්ගේ මහදන මුත්තා..
    එක බන් ජය ශ්‍රී ලගේ පලවෙනි ඇල්බම් එකේ සින්දුවක් නේ.



    @Yudewwa මට සේරම ලිරික්ස් මතක නෑ සිංදුවේ නම තමා "මඳුරු කොයිල්"
    මේ කියන්නේ ෆ්ලෑෂ් ලයිට් කෑල්ල




    @Emarald මෙන්න මෙක් නෙද බ කිවුව සිදුව. හනුමන්තා.

    ------ Post added on Aug 5, 2026 at 10:31 PM
     
    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,343
    4,511
    113
    එක බන් ජය ශ්‍රී ලගේ පලවෙනි ඇල්බම් එකේ සින්දුවක් නේ.

    @Emarald මෙන්න මෙක් නෙද බ කිවුව සිදුව. හනුමන්තා.
    ඔව් ඕක තමා සිංදුව.
    මං ලොකුවට එහෙම දන්නේ නෑ බන්, මං අර උඩ කිව්වා වගේ අපේ ගෙදර ඕවා ගේන්නේ නැති නිසා, මට තියෙන්නේ ඔය වටපිටාවෙන් ඇහිද ගත්ත දේවල් ටිකක් ඔය සිංදු ගැන. මගේ ජීවිතෙට outdoor show එකකට ගිහින් නෑ ඔය කියන එක බෑන්ඩ් එකක්වත් play කරන. ආහ් එකකට ගිහින් තියනවා SLT mobitel මොකක් හරි චැනල් එකක් එක්ක කරපු show එකකට, ඒකත් invite කරපු නිසා ගිහින් පැයක් යන්න කලින් ආවා. තාමත් indoor shows විතරයි.
    ඔය ඊයේ පෙරෙදත් මම දැක්කා නිව් මෙලඩි සුදම් එහෙම ඇවිත් ආයේ සිංදු කියලා හිට් උනා. මං ඒ බෑන්ඩ් එක නිව් මෙලඩි කියලා දැන ගත්තේ එතකොට. 😁