පිලිකා වලට ගොඩ වෙදකම් නම් කරන්න එපා.

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,145
    12,042
    113
    මගේ තාත්තා ස්ටේජ් 04 වල කැන්සර් පේෂන්ට් කෙනෙක් වෙලා හිටියේ . යන්න පුලුවන් හැම තැන ම ගියා...මම ඉංග්‍රීසි බෙහෙත් තමයි කලේ..අපේක්ෂා රෝහලේ.. තාත්තා නැති වෙලා හුගක් කල්..ඒත් මට මේක කියන්න හිතුනා

    මම ඉංගිරිසි බෙහෙත් කරන අතරතුර මම මෙතන්ටත් පේෂන්ට් ව අරන් ගියා
    https://www.facebook.com/profile.php?id=100081508570512

    ඒ වෙලාවේදී ඒ වෙද මහත්තයා කිව්වේ ..මම හොද කරන්නම්...බය වෙන්න එපා...මේක කැන්සර් සිටුවේෂන් එකක් කියලා දැන දැනත් අපිට රු පන්දාස් ගානක බෙහෙත් දුන්නා. කොච්චර පව්ද? මම කල්පනා කලේ යන මිනිස්සු කාවවත් හරෝලා නම් යවන්නේ නෑ. මේක ලොකු ප්ලේස් එකක්..

    මේවගේ මිනිස්සු රවට්ටන තැන් කොච්චරක් ඇතිද? අපි දන්නැති වුනාට ... විශේසයෙන් අසරන ලෙඩ්ඩුන්ට...විශේෂයෙන් පිලිකා හැදුනු මිනිස්සු
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,145
    12,042
    113
    කැන්සර් හැදුනම මිනිස්සු බන් කරන්න පුළුවන් හැම දේම කරන්න බලනව ලෙඩේ හොදකරගන්න.
    ඔව් බන්.....මමත් ඒ තත්වෙට වැටුනා..අවංකවම.....

    mona cancer da?
    prostate cancer - stage IV
    ------ Post added on Aug 9, 2026 at 8:17 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,029
    113
    34
    Kalutara
    එෆ්බි එකේ පෝස්ට් එකක් දාලා බලපන් ඕකට ගිහින් හොඳ වුන අය ඉන්නවද කියල. ඕන තරම් ෆේක් අකවුන්ට් වලින් කමෙන්ට් දායි මම හොඳටම හොඳවුනා, මගේ අහවලා හොඳ වුනා කියල.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,145
    12,042
    113
    එෆ්බි එකේ පෝස්ට් එකක් දාලා බලපන් ඕකට ගිහින් හොඳ වුන අය ඉන්නවද කියල. ඕන තරම් ෆේක් අකවුන්ට් වලින් කමෙන්ට් දායි මම හොඳටම හොඳවුනා, මගේ අහවලා හොඳ වුනා කියල.
    sirawata....
     
    • Sad
    Reactions: Heshan Daminda

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,028
    2,478
    113
    ලංකාවෙ සිංහල වෙදකන් කියලා ගොඩ්ක් ඒවගෙ කරන්නෙ සල්ලි කඩාගන්න එක බං , හෝමගම පැත්තෙ එකෙක් ඉන්නවා ඌ හාර්ට් සීන් වලට බෙහෙත් කරන්නෙ කැරි හොරෙක් , එක විසිට් එකකට 30,000ට වඩා යනව , බෙනෙත් ගන්න මාසෙට කොහොමත් ලක්ශෙකට එහා යනවා උගෙන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113
    කැන්සර් වලට ගොඩ වෙදකම් වත් බටහිර වෙදකම්වත් දෙකම නොකර ඉන්න එක තමා හොඳ. ස්වාභාවික ආහර පාන විතරක් අරගෙන ස්ට්‍රෙස් ගන්නේ නැතිව ඉන්නවා නම් කැන්සර් එකක් තියෙන ලෙඩෙක් උනත් සෑහෙන දුරට හොඳ වෙනවා. කැන්සර් වලට දෙන බටහිර ප්‍රතිකාර වලින් උනත් කිසිම ප්‍රතිකාරයක් නොගෙන ඉන්නවට වඩා ඉක්මනට ලෙඩා මැරෙනවා.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඔහොම එකෙකුට අහුවෙලා අනාථ වුනහම සිංහල වෙද්දු ගාවට යන්න එපා කියන්නෙ නෑ, කියන්නෙ "ගොඩක් කට්ටිය බොරු කරන්නෙ" කියල. ඒ කියන්නේ ඊගාවට තව එකෙකුට අහු වෙනවා කියන එක. සරල ඇත්ත තමයි බරපතල ඕනම දේකට ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක ට, නැත්නම් අනුමත ඉංග්‍රීසි රෝහලක ට යන්න ඕන. වෙද්දු ගාවට ගිහිං හොඳ කරගන්න පුළුවන් බොහොම පොඩි දේවල්. "ඉස්පිරිතාලෙන් බෑ කිව්වා ලෙඩා ඒ වෙදමහත්තය හොඳ කරා" වගේ බයිලා වලට අහු වෙන්න එපා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඔහොම එකෙකුට අහුවෙලා අනාථ වුනහම සිංහල වෙද්දු ගාවට යන්න එපා කියන්නෙ නෑ, කියන්නෙ "ගොඩක් කට්ටිය බොරු කරන්නෙ" කියල. ඒ කියන්නේ ඊගාවට තව එකෙකුට අහු වෙනවා කියන එක. සරල ඇත්ත තමයි බරපතල ඕනම දේකට ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක ට, නැත්නම් අනුමත ඉංග්‍රීසි රෝහලක ට යන්න ඕන. වෙද්දු ගාවට ගිහිං හොඳ කරගන්න පුළුවන් බොහොම පොඩි දේවල්. "ඉස්පිරිතාලෙන් බෑ කිව්වා ලෙඩා ඒ වෙදමහත්තය හොඳ කරා" වගේ බයිලා වලට අහු වෙන්න එපා.
    ඇත්තටම ඉංග්‍රීසි බෙහෙත් වල කොච්චර developments කරනවද, ඒ වුනාට සිංහල බෙහෙත් කියල බොන්නෙ දැනට අවුරුදු 1000කට වගේ කලින් කියපු බෙහෙත්මනෙ, මනුෂ්‍ය ශරීරයම කොච්චර වෙනස් වෙලා ඇතිද ඒ කාලෙ ඇතුලත
     
    • Like
    Reactions: Naughty_kiththa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    කණගාටුයි මචන්.

    උබට ආයුර්වේද ගැන බෑඩ් එක්සිපීරියන්ස් එකක් තිබුනට තව කෙනෙකුට බටහිර බෙහෙත් ගැන වෙන්න පුළුවන්. කොහොමත් කැන්සර් එකක් හැදුනම බේරෙන්නෙ එහෙමත් කෙනෙක් විතරයි. අනිත් අයගෙ ජීවිතය තීරණය කරන්නෙ කාලයයි. සමහරු බෙහෙත් වලින් ජීවත් වෙන කාලය වැඩි කරගන්නවා. සමහරු බෙහෙත් කරන්න ගිහින් ජීවත් වෙන කාලය අඩු කරගන්නවා.

    ලෙඩ හැදුන අයව එක මොහොතකටවත් තනි නොකර, අපිට කරන්න පුළුවන් එකමදේ සටන් කරන එක. ඒක ලෙඩාගෙ හිතට මාරම හයියක්. ලෙඩෙකුට ඒ හැඟීම දෙන එක මාරම පිනක් බන්.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,145
    12,042
    113
    කැන්සර් වලට ගොඩ වෙදකම් වත් බටහිර වෙදකම්වත් දෙකම නොකර ඉන්න එක තමා හොඳ. ස්වාභාවික ආහර පාන විතරක් අරගෙන ස්ට්‍රෙස් ගන්නේ නැතිව ඉන්නවා නම් කැන්සර් එකක් තියෙන ලෙඩෙක් උනත් සෑහෙන දුරට හොඳ වෙනවා. කැන්සර් වලට දෙන බටහිර ප්‍රතිකාර වලින් උනත් කිසිම ප්‍රතිකාරයක් නොගෙන ඉන්නවට වඩා ඉක්මනට ලෙඩා මැරෙනවා.
    මගේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක්ට මේවගේ එකක් හැදිලා.කිව්වලු කිසිම දෙයක් කරන්න එපා..කාල බීලා ඉන්න කියලා..අනේ මන්දා.එක එක උන් එක එක දේවල් කරනවා..මේවා අහනකොට මම කලේ වැරැද්දක් කියලා .මනසින් මම විදෝනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    කැන්සර් වලට ගොඩ වෙදකම් වත් බටහිර වෙදකම්වත් දෙකම නොකර ඉන්න එක තමා හොඳ. ස්වාභාවික ආහර පාන විතරක් අරගෙන ස්ට්‍රෙස් ගන්නේ නැතිව ඉන්නවා නම් කැන්සර් එකක් තියෙන ලෙඩෙක් උනත් සෑහෙන දුරට හොඳ වෙනවා. කැන්සර් වලට දෙන බටහිර ප්‍රතිකාර වලින් උනත් කිසිම ප්‍රතිකාරයක් නොගෙන ඉන්නවට වඩා ඉක්මනට ලෙඩා මැරෙනවා.
    කිව්වාම මතක් උනේ. තිස් ගණන් වල බයිපාස් එකක් කරන්න කියලා දාපු කෙනෙක් ඒව එපා කියලා දැන් අවුරුදු 40ක් විතර ඉන්නවා කියලා අපේ prof කෙනෙක් එකපාරක් කිව්ව. chance එක තමා ඉතින්.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    කැන්සර් වලට ගොඩ වෙදකම් වත් බටහිර වෙදකම්වත් දෙකම නොකර ඉන්න එක තමා හොඳ. ස්වාභාවික ආහර පාන විතරක් අරගෙන ස්ට්‍රෙස් ගන්නේ නැතිව ඉන්නවා නම් කැන්සර් එකක් තියෙන ලෙඩෙක් උනත් සෑහෙන දුරට හොඳ වෙනවා. කැන්සර් වලට දෙන බටහිර ප්‍රතිකාර වලින් උනත් කිසිම ප්‍රතිකාරයක් නොගෙන ඉන්නවට වඩා ඉක්මනට ලෙඩා මැරෙනවා.
    මේවා නම් බයිලා බං. මුල් stage වල හොයාගෙන බටහිර බෙහෙත් කරලා cancer හොද කර ගෙන අවුරැදු 25 30 ලෙඩක් නැතුව ඉන්න උන් ඕන තරම් ඉන්නවා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,471
    1
    32,173
    113
    - උඩරට -
    ආයුර්වේදට කරන්න පුලුවන් බක්කක් නෑ බන්..
    ආයුර්වේද කියලා ගොඩක් උන් බොරුවට කඩවල් අටවන් ඉන්නේ...
    ලෝකේ මෙච්චර දියුණු උනාට සමහර ලෙඩ වලට සාර්තක ප්‍රතිකාර කියලා දෙයක් හොයාගන්න අසමත් වෙලා තියෙන එකේ ආයුර්වේද කරයිද ??
    කොරෝනා කාලේ පැනියක් පස්සේ ගියේ ..😕

    ජීවීතේ අනිත්‍යයි කියලා තේරුන් අරන් ජීවත් වෙන්න පුරුදු වෙයන්..එතකොට ලේසී..