Wireless earbuds සහ මම.

Elza

Active member
  • Mar 24, 2026
    155
    177
    43
    වෙලාවකට මට හිතෙනවා මෑතකදී ලෝකේ හැදුණු අලුත් දේවල් වලින් කිසිම තේරුමක්ම නැති ගැජට් එක තමා මේ wirless earbuds කියන ඉටි ගෙඩිය කියලා.මන් මුලින්ම පාවිච්චි කරපු මේ ජාතියේ කන් ඇබ දෙකෙන් එකක් නුවර-කොළඹ බස් එකේ ජනෙලයක් අයිනේ නිදා ගෙන ඉද්දි මා ඉතින් යන්න යනවා කියලා ජනලෙන් එළියට වැටුනා.රට පැටලිල ගැට ගැහුණත් කමක් නෑ කියලා wire තියෙන කන් ඇබ වලටම ආපහු මාරු වෙලා පාඩුවේ ඉද්දි ආපහු ඉත්තෑවා ආවා Gen Z එකෙක් හින්දවත් වයර් රහිත ඉයර්ෆෝන් එකක් පාවිච්චි කරන්ඩ ඕනේ කියලා.
    මේ පාර තමයි හොඳම සිද්ධිය වෙන්නේ.මේ පාරත් මම කොලඹ-නුවර බස් එකේ.කන් ඇබ දෙකේ බුලුටූත් එහෙම connect කරන් ඔන්න Baiscope Zone එකේ පොඩ්කාස්ට් එකක් දා ගත්ත නුවර එනකන් අහන්න කියලා. Ashan Vimukthi Kavitha Mahawatta මෙන්න මේ දෙපළ ඔඩිසි බලලා ඇවිත් නොලන් දෙයියොන්ට දෙස් තියන ගමන් හිටියේ.ඔන්න පොඩ්කාස්ට් කතා බහ ඔහොම යද්දි මට පොඩි නින්දකුත් එන්න ඔන්න මෙන්න.එක පාරට මෙන්න බොලේ නෝලන්ට බයින පෝඩ්කාස්ට් එක නැවතිලා මට ඇහෙන්න ගත්තා වේරලියද්ද මහත්තයාගේ "නන්දනීය පෙම සැඩ රළු" සිංදුව.නින්ද පාවෙලා නෙතදර
    නුඹ හරස් වෙලා කියලා මාත් නින්දෙන් ඇහරිලා වගේ වටපිට බලන්න ගත්ත මේ මොකක්ද මේ වුණේ කියලා.එතකොට මෙන්න මට එහා පැත්ත හිටිය කොල්ලත් හතර වටේ කැරකෙන්න ඇරන්.පොරත් මම දිහා බලනවා,මමත් පොර දිහා බලනවා.සමකොණී ත්‍රිකෝණයකි ඔබත් මමත් ඇයත් වගේ අපි දෙන්නගේ wirless කන් ඇබ වල බ්ලුටූත් සංඥා පටලවගෙන කියලා අපි දෙන්නට තේරුණා.පාඩුවේ වේරලියද්දගේ සිංදුවක් අහන් ආව කොල්ලා නෝලන් කියලා එකෙක්ට ඩබලක් එකතු වෙලා බයිනවා අහලා උතුරු දකුණ පැටලිලා වගේ හිටියේ.අපි සාමයෙන් කතා බහ කරන් ප්‍රශ්නේ විසද ගත්තා.
    මේකේ තාක්ෂණික කෑල්ල නම් මම දන් නෑ.මේක කොටුවෙන් අඩුවට ගත්ත වයර්ලස් කන් ඇබ දෙකකුත් තමයි.හරි, ඒත් දෙයියෝ...රුපියල් 250ට ගන්න පුලුවන් වයර් තියෙන කන් ඇබයක් ගත්තත් මෙහෙව් ආතල් දෙන් නෑ මහත්තයෝ.
    බැන්ද පෙම් රැහන් එකිනෙක ළිහී ගිලිහෙලා කියලා වයර් එකේ ගැට ටික ලිහාන පාඩුවේ සිංදුවක් අහන්න පුලුවන් ඉයර්ෆෝන් එක දාහෙන් සම්පතක්.
    ප.ලි. - මෙවැනි කන් ඇබ පාවිච්චි කොරන්ඩ ගිහින් සිද්ධ වුණු මේ වගේ ඇබැද්දි තියෙනවනම් යටින් කොටා ගෙන යන්ඩ ඕනි.වයර් තියෙන ඉයර්ෆෝන් පාවිච්චි කරන වයසක මිනිස්සුන්ට සතුටු හිතෙන්ඩවත්.

    772036614_122253682736094664_6813837641549642375_n.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,983
    23,699
    113
    මටනන් පට්ට ගැජට් එකක්. බැටරි අවුල් යන එක විතරයි මට එකම ප්‍රශ්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,435
    16,501
    113
    35
    Spain
    ඔවු මාත් කැමති නැහැ මේ බ්ලුටූත් රෙද්දට. ඊට වඩා හොඳයි පරණ වයර්ඩ් ඉයර්ෆෝන් එක. බැටරි බහින කරදර නැහැ. ප්‍රයිවසි කරදර නැහැ.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,421
    4,300
    113
    Gampaha
    Mn nm asai wireless, mata hamawelema oka gahan inna oni eyhakota wire tyna ewa epa wenawa

    eth awla kynne mn gawa tyna wired ewa taran quality naa na budget wireless ewa :((
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,931
    113
    මටත් එච්චර සෙට් නෑ. චාජ් කරන එක කරදරයි. එක සෙට් එකක් තියාගෙන බෑ, අඩුම 3ක් වත් ඕනේ.
     

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,143
    2
    2,534
    113
    කොළොංපුරේ
    ██████╗░██╗░░░██╗███╗░░░███╗██████╗░
    ██╔══██╗██║░░░██║████╗░████║██╔══██╗
    ██████╦╝██║░░░██║██╔████╔██║██████╔╝
    ██╔══██╗██║░░░██║██║╚██╔╝██║██╔═══╝░
    ██████╦╝╚██████╔╝██║░╚═╝░██║██║░░░░░
    ╚═════╝░░╚═════╝░╚═╝░░░░░╚═╝╚═╝░░░░░