Customers එක්ක ගහගන්න එන New Gift Lanka Kandy Shop

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,051
    1
    7,973
    113
    kandy
    මේ සිද්ධිය උනේ ඊයේ. 2024 හය වෙනි මාසේ වගේ කාලෙක මම මහනුවර කොටුගොඩැල්ල වීදියෙ තියෙන New Gift Lanka Kandy කියන shop එකෙන් earbuds එකක් ගත්තා. අරන් මාස දෙකක්වත් ගියේ නෑ earbuds වැඩ කරන්නෙ නැතුව ගියා. ඉතින් මම earbuds එකට මාස හයක warranty එකක් තියන නිසා shop එකට ගිහින් විස්තරේ කියල ගිහින් දුන්නා. එතකොට shop එකෙන් බාරගෙන කිව්වා earbud එක check කරල කියන්නම් කියලා. ඉතින් සතියක් ගිහිල්ලත් සද්දයක් නැති නිසා මම call කරා shop එකට. එයාල කිවුවේ earbuds දෙක ආපහු Dubai වලට return කරල තියෙන්නේ නැවත එන්න දවස් 40ක් විතර යයි ඒ අතරේ company එකෙන් දැනුම් දීමක් කරොත් අපි ඔයාට කියන්නම් කියලා. මමත් ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා හා කමක් නෑ කියල එකට එකග වුනා. දවස් 40 පහු වුනත් කිසිම දැනුම් දීමක් තිබ්බෙ නෑ. කොහොම හරි මාස දෙකකට පස්සේ වගේ shop එකෙන් මට call කරල කිව්වා company එකෙන් ඔයාට replacement එකක් දෙන්න කියල තියනව ඒ නිසා ඔයා shop එකට ඇවිල්ලා අරන් යන්න කියල. ඉතින් මම shop එකට ආවම කිව්ව ඔයා ගත්ත ඒ model එකේ earbuds දැන් එන්නෙ නෑ කියල ඒ වටිනාකමට වෙන item එකක් ගන්න කියල. එතන මිල අඩුවට තිබ්බ අනෙක් earbuds එහෙම ටිකක් quality එකෙන් අඩු නිසයි ආයෙ මෙහම රස්තියදු වෙන්න අකමැති නිසා මම අතින් තව වැඩියෙන් මුදල් දීල Original JBL earbuds එකක් ගත්තා. වැඩේ කියන්නේ මාස දෙකකට පස්සේ ඒකෙත් charge වෙන්නේ නැති ප්‍රශ්නයක් ආවා. ඉතින් මම නැවත ඒකත් මේ shop ගිහින් බාර දුන්නා.එතකොටත් නැවත එය භාර ගෙන දැනුම් දීමක් දෙන්නම් කිව්වා. මාසයකට කිට්ටු කාලයක් ගියත් කිසිම දැනුවත් කිරීමක් තිබ්බෙ නෑ. ඒ නිසා මම ඔවුන්ට ඇමතුමක් දුන්නම කිව්වෙ කලින් වගේම අපි ඔයාගෙ item එක Dubai යවල තියෙන්නෙ update එකක් ලැබුනොත් කියන්නම් කියල. කොච්චර කල් යයි වගේද කියල ඇහුවම එහෙම කාලයක් කියන්න බෑ කිව්වා.

    රුපියල් 20,000ක් විතර වියදම් කරල earbuds එකක් ගත්තත් මට එක දිගට මාස දෙකක් වත් පාවිච්චි කරන්න හම්බුනේ නෑ මාස 3කට වැඩි කාලයක් තිබ්බෙ shop එකේ. මම ඒත් කමක් නෑ කියල ඉවසන් හිටිය. වෙලාවකට නුවර යනකොට මම මේ shop ගිහිල්ල මේ ගැන විමසීමක් කලත් එයාලගෙ උත්තර වුනේ ඒවා භාරව ඉන්න කෙනා අද නෑ, තවම දැනුම් දීමක් නෑ වගේ කතා. ඔහොම ගිහින් මීට සති දෙකකට කලින් ආපහු call එකක් ගත්ත වෙලාවක කිව්වා ඔයා මීට කලින් ගත්ත item එකත් replace දීල තියෙන නිසා ආපහු එහෙම කරන්න බෑ කියලත්, ආයෙ සල්ලි දෙන්නත් බෑ, company එකට කියල repair කරල හරි දෙන්නම් කියල. මට වෙන කරන්න දෙයක් නැති හින්දම ඒකට එකග වුනා.

    ඔහොම ගිහින් ඊයේ මට shop එකෙන් කෝල් කරල කිව්වා earbuds repair කරල තියෙන්නේ ඇවිල්ල අරන් යන්න කියල. ඉතින් මම ඊයේ යාලුවෙකුත් එක්ක වෙනත් වැඩකට නුවර යන ගමන් earbuds දෙක ගන්න මේ shop එකට ගියා. ඒ වෙලාවේ ඔවුන් repair fee එක විදිහට රුපියල් 3500ක fee එකක් ඉල්ලුව. මම ඉතින් කිව්වා ඇයි මම තවත් ගෙවන්නේ මම මේක භාර දුන්නේ warranty period එක ඇතුලතදිනේ කියලා. එතකොට කිව්වේ මේකෙ physical damage එකක් වෙලා තියෙන්නේ ඒ නිසා ඒවට ඔවුන් වග කියන්නේ නෑ කියල. මම කවදාවත් earbuds ගත්ත දවසේ ඉදල බිම වට්ටලවත් නෑ. අඩුම ඒකෙ කිසිම හීරීමක් වත් තිබ්බෙ නෑ. මාස දෙකයි මම ඒක පාවිච්චි කරේත්. මට ඔන්ලයින් මීටින් එකක් වගේ තිබ්බොත් විතරයි මම මේව use කරන්නෙත්. ඒ බව ඔවුන්ට කිව්වම කිව්ව ඔයාට සල්ලි ගෙවන්න බැරි නම් ඕක තියල යන්න අපි ඔයාට කොළඹින් repair කරපු note එකක් එක්ක දෙන්නම් ඒකටත් කාලයක් යයි කියල.

    මෙතනින් පස්සෙ තමා ප්‍රශ්නේ පටන් ගත්තේ. මම ඒ නෝට් එක කොහෙන්ද එන්නෙ කියල ඇහුවම මුන් කිව්වේ අපි ඒක repair කරපු තැනින් දෙන්නම් කියල.company repairing කියල කිව්වට ඒ තැන මේ earbuds brand එකට වගකිව හැකි ආයතනයක්වත් නෙවෙයි. එතකොට මම කොහොමද එහෙම note එකක් පිලිගන්නේ? මෙයාල මෙච්චර කල් අරන් මේක හදන්න එයාල දෙන මොකක් හරි තුන්ඩු කෑලකට මට එකග වෙන්න බෑනෙ. මම ඒක ප්‍රශ්න කරන කොට ඔවුන්ට දෙන්න උත්තර තිබුනේ නෑ. අනික මම earbuds එක ගත්ත දවසේ ඉදන් වැඩි කාලයක්ම තිබ්බේ මම ළග නෙවෙයි shop එකේ repair වලට යවලා. මාත් එක්ක හිටපු යාලුවත් මේ අසාධාරන වැඩේ ගැන ප්‍රශ්න කලා. ඒ වෙලාවේ shop එකේ පුද්ගලයාට තරහ ගිහින් ඔයා මැදින් පනින්නේ නැතුව ඉන්න මම ගනුදෙනුව මෙයත් එක්ක බේර ගන්නම් කියලා කියල මාත් එක්ක ආපු යාලුවට බැනින ගමන් ගහන්න වගේ ආව. ඊට පස්සේ මගේ දිහාවට හැරිල earbuds එකේ බිල ඔවුන් අරන් කපල දාල කමක් නෑ සල්ලි ඕන නෑ තියාගන්නව කියල නිකන් බල්ලෙක්ට දෙනව වගේ earbuds මට දුන්නා. මට ඒ වෙලාවේ මූ මේක දුන්න විදිහට මේක උගේ ඔලුවේ ගහන්න හිතුන. ඒත් කමක් නෑ කියල ඉවසල ආපිට එන්න හදද්දි කිව්වා ආයෙ මේ පිට උන් එක්කන් එන්න එපා එනවනම් තනියම එන්න කියල ආයෙත් එක එක කතා කියන්න ගත්තා.

    මාර කතාවක්නේ! ඇයි කඩේට එන්න පුලුවන් ඒ කඩෙන් බඩු ගත්ත කෙනාට විතරද? මගේ යාලුවා ඔයා කොහොමද එහෙම කියන්නේ කියල ප්‍රශ්න කරද්දි කඩේ එකා ඇයි තමුසෙට මොකද වෙන්න ඕන කියල මගේ යාලුවගේ බෙල්ලෙන් අල්ලල එලියට තල්ලු කරල ගැහුවා. යකෝ මාත් එක්ක ආපු, මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් මට වුන අසාධාරනයට කතා කරපු යාලුවාට ගහද්දි මට බලන් ඉන්න බෑ, ඒ මදිවට කඩෙන් බඩුවක් ගත්ත මට සලකපු විදියට ඒ වෙනකොටත් තරහ ගිහින් හිටපු මට යකා නැගල මම කඩේ එකාට පහරක් එල්ල කලා. ඒකෙන් කඩේ එකා මාත් එක්ක වලියක් යන්න ගියත් කඩේ හිටපු අනිත් අය අපිට දෙපැත්තකට කරල සාමකාමී කරා. ඒ වෙලාවෙ එතන හිටියෙ අපි දෙන්න විතරක් නිසා අපිට එතනින් එහාට දෙයක් කර ගන්න බැරිඋනා (මේ ඔක්කම සිද්දිය උනේ ඒවෙලාවෙ ඒ කඩේ බාරව හිටපු අවු 30ගානක සුදු ටිකක් උස කැශියර් එකේ හිටපු එකෙක් එක්ක)

    නමුත් මායි මාගේ යාලුවයි මෙම සිද්ධිය පිලිබදව පොලීසිය දැනුවත් කලා. පොලිසියෙන් ඇවිල්ල අපගෙන් සිද්ධිය දුරදිග අරන් යනවනවද කියල ඇහුව. පොලීසි ගානේ රස්තියාදු වෙන්න කැමති නැති නිසා අපි කිව්ව එහෙම ඕන නෑ කියල. ඊට පස්සේ ආපු පොලිස් නිලධාරීන් දෙදෙනා කඩේ එකාට Business එකක් කරන කොට customer කෙනෙක්ට සලකන්න ඕන විදිහ ගැන තරවටු කරල මෙවැනි දේවල් නැවත සිදු නොවිය යුතු බවට අවවාද කරා.

    ඊට පස්සෙ කඩේ එකත් අපෙන් සමාව අරන් හිතල නෙවෙයි ගැහුවෙ නිකව්ම අත ඉස්සුනා කියල බොරු හොද මූනක් පෙන්නල ගියා. කඩේ හිටපු වෙන කොල්ලො ටික පස්සෙ මට කිව්වා මූ ඔහොම තමයි customers ලට තියා වැඩ කරන අපිටවත් සලකන්න දන්නෙ නැති එකෙක් කියලා.

    වැඩේ එතනින් නතර උනත් පස්සෙ ගෙදර ඇවිල්ල නිකමට shop එකේ google reviews බලනකොට තමයි දැක්කෙ මුන්ගේ customer service එක අන්තිමයි කියලත් මුන් මෙහෙම warranty දෙනව කියල කැත වැඩ කරපු පලවෙනි අවස්ථාව මේක නෙවෙයි කියලත්. මට මේක ලියන්න හිතුනෙත් ඔයාලත් මොනව හරි item එකක් ගන්නකොට මේ වගේ guu shop වලට නොයා අඩුම තරමේ Google එකේ reviews ටිකක්වත් බලල හොද වගකීමක් ඇති shop එකකට යන්න කියල.

    danne na

    Well-known member
  • Apr 9, 2021
    195
    297
    63
    Sri Lanka
    shop එකේ google reviews බලනකොට තමයි දැක්කෙ මුන්ගේ customer service එක අන්තිමයි කියලත් මුන් මෙහෙම warranty දෙනව කියල කැත වැඩ කරපු පලවෙනි අවස්ථාව මේක නෙවෙයි කියලත්.
    1st thing 1st otherwise it will be a painful end.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,037
    3,970
    113
    මම අතින් තව වැඩියෙන් මුදල් දීල Original JBL earbuds එකක් ගත්තා.

    මෙහෙම ඒවා ඔය ශොප් වල නෑ බන්, ඔකත් හරියට මෙහේ අයිපොන් රෙපයාර් කරන උන් ජෙනූයින් බැටරි දානව කියන වගේ තමා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,188
    16,821
    113
    Colombo
    That is why I always go to an agent for expensive items or to a shop where I personally know the owner. For flimsy items, it is better purchase from Daraz, they always takes customers side, even with a tiny scratch they will do the full refund. Recently i got to know that they do 2x refund if a Daraz mall shop sends a counterfeit item, one shop sent me a fake item and Daraz refunded 2x.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,850
    7,124

    Adeh
     
    • Like
    Reactions: chatura_CN

    slsal

    Well-known member
  • Jan 25, 2018
    2,388
    1,882
    113
    මේ සිද්ධිය උනේ ඊයේ. 2024 හය වෙනි මාසේ වගේ කාලෙක මම මහනුවර කොටුගොඩැල්ල වීදියෙ තියෙන New Gift Lanka Kandy කියන shop එකෙන් earbuds එකක් ගත්තා. අරන් මාස දෙකක්වත් ගියේ නෑ earbuds වැඩ කරන්නෙ නැතුව ගියා. ඉතින් මම earbuds එකට මාස හයක warranty එකක් තියන නිසා shop එකට ගිහින් විස්තරේ කියල ගිහින් දුන්නා. එතකොට shop එකෙන් බාරගෙන කිව්වා earbud එක check කරල කියන්නම් කියලා. ඉතින් සතියක් ගිහිල්ලත් සද්දයක් නැති නිසා මම call කරා shop එකට. එයාල කිවුවේ earbuds දෙක ආපහු Dubai වලට return කරල තියෙන්නේ නැවත එන්න දවස් 40ක් විතර යයි ඒ අතරේ company එකෙන් දැනුම් දීමක් කරොත් අපි ඔයාට කියන්නම් කියලා. මමත් ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා හා කමක් නෑ කියල එකට එකග වුනා. දවස් 40 පහු වුනත් කිසිම දැනුම් දීමක් තිබ්බෙ නෑ. කොහොම හරි මාස දෙකකට පස්සේ වගේ shop එකෙන් මට call කරල කිව්වා company එකෙන් ඔයාට replacement එකක් දෙන්න කියල තියනව ඒ නිසා ඔයා shop එකට ඇවිල්ලා අරන් යන්න කියල. ඉතින් මම shop එකට ආවම කිව්ව ඔයා ගත්ත ඒ model එකේ earbuds දැන් එන්නෙ නෑ කියල ඒ වටිනාකමට වෙන item එකක් ගන්න කියල. එතන මිල අඩුවට තිබ්බ අනෙක් earbuds එහෙම ටිකක් quality එකෙන් අඩු නිසයි ආයෙ මෙහම රස්තියදු වෙන්න අකමැති නිසා මම අතින් තව වැඩියෙන් මුදල් දීල Original JBL earbuds එකක් ගත්තා. වැඩේ කියන්නේ මාස දෙකකට පස්සේ ඒකෙත් charge වෙන්නේ නැති ප්‍රශ්නයක් ආවා. ඉතින් මම නැවත ඒකත් මේ shop ගිහින් බාර දුන්නා.එතකොටත් නැවත එය භාර ගෙන දැනුම් දීමක් දෙන්නම් කිව්වා. මාසයකට කිට්ටු කාලයක් ගියත් කිසිම දැනුවත් කිරීමක් තිබ්බෙ නෑ. ඒ නිසා මම ඔවුන්ට ඇමතුමක් දුන්නම කිව්වෙ කලින් වගේම අපි ඔයාගෙ item එක Dubai යවල තියෙන්නෙ update එකක් ලැබුනොත් කියන්නම් කියල. කොච්චර කල් යයි වගේද කියල ඇහුවම එහෙම කාලයක් කියන්න බෑ කිව්වා.

    රුපියල් 20,000ක් විතර වියදම් කරල earbuds එකක් ගත්තත් මට එක දිගට මාස දෙකක් වත් පාවිච්චි කරන්න හම්බුනේ නෑ මාස 3කට වැඩි කාලයක් තිබ්බෙ shop එකේ. මම ඒත් කමක් නෑ කියල ඉවසන් හිටිය. වෙලාවකට නුවර යනකොට මම මේ shop ගිහිල්ල මේ ගැන විමසීමක් කලත් එයාලගෙ උත්තර වුනේ ඒවා භාරව ඉන්න කෙනා අද නෑ, තවම දැනුම් දීමක් නෑ වගේ කතා. ඔහොම ගිහින් මීට සති දෙකකට කලින් ආපහු call එකක් ගත්ත වෙලාවක කිව්වා ඔයා මීට කලින් ගත්ත item එකත් replace දීල තියෙන නිසා ආපහු එහෙම කරන්න බෑ කියලත්, ආයෙ සල්ලි දෙන්නත් බෑ, company එකට කියල repair කරල හරි දෙන්නම් කියල. මට වෙන කරන්න දෙයක් නැති හින්දම ඒකට එකග වුනා.

    ඔහොම ගිහින් ඊයේ මට shop එකෙන් කෝල් කරල කිව්වා earbuds repair කරල තියෙන්නේ ඇවිල්ල අරන් යන්න කියල. ඉතින් මම ඊයේ යාලුවෙකුත් එක්ක වෙනත් වැඩකට නුවර යන ගමන් earbuds දෙක ගන්න මේ shop එකට ගියා. ඒ වෙලාවේ ඔවුන් repair fee එක විදිහට රුපියල් 3500ක fee එකක් ඉල්ලුව. මම ඉතින් කිව්වා ඇයි මම තවත් ගෙවන්නේ මම මේක භාර දුන්නේ warranty period එක ඇතුලතදිනේ කියලා. එතකොට කිව්වේ මේකෙ physical damage එකක් වෙලා තියෙන්නේ ඒ නිසා ඒවට ඔවුන් වග කියන්නේ නෑ කියල. මම කවදාවත් earbuds ගත්ත දවසේ ඉදල බිම වට්ටලවත් නෑ. අඩුම ඒකෙ කිසිම හීරීමක් වත් තිබ්බෙ නෑ. මාස දෙකයි මම ඒක පාවිච්චි කරේත්. මට ඔන්ලයින් මීටින් එකක් වගේ තිබ්බොත් විතරයි මම මේව use කරන්නෙත්. ඒ බව ඔවුන්ට කිව්වම කිව්ව ඔයාට සල්ලි ගෙවන්න බැරි නම් ඕක තියල යන්න අපි ඔයාට කොළඹින් repair කරපු note එකක් එක්ක දෙන්නම් ඒකටත් කාලයක් යයි කියල.

    මෙතනින් පස්සෙ තමා ප්‍රශ්නේ පටන් ගත්තේ. මම ඒ නෝට් එක කොහෙන්ද එන්නෙ කියල ඇහුවම මුන් කිව්වේ අපි ඒක repair කරපු තැනින් දෙන්නම් කියල.company repairing කියල කිව්වට ඒ තැන මේ earbuds brand එකට වගකිව හැකි ආයතනයක්වත් නෙවෙයි. එතකොට මම කොහොමද එහෙම note එකක් පිලිගන්නේ? මෙයාල මෙච්චර කල් අරන් මේක හදන්න එයාල දෙන මොකක් හරි තුන්ඩු කෑලකට මට එකග වෙන්න බෑනෙ. මම ඒක ප්‍රශ්න කරන කොට ඔවුන්ට දෙන්න උත්තර තිබුනේ නෑ. අනික මම earbuds එක ගත්ත දවසේ ඉදන් වැඩි කාලයක්ම තිබ්බේ මම ළග නෙවෙයි shop එකේ repair වලට යවලා. මාත් එක්ක හිටපු යාලුවත් මේ අසාධාරන වැඩේ ගැන ප්‍රශ්න කලා. ඒ වෙලාවේ shop එකේ පුද්ගලයාට තරහ ගිහින් ඔයා මැදින් පනින්නේ නැතුව ඉන්න මම ගනුදෙනුව මෙයත් එක්ක බේර ගන්නම් කියලා කියල මාත් එක්ක ආපු යාලුවට බැනින ගමන් ගහන්න වගේ ආව. ඊට පස්සේ මගේ දිහාවට හැරිල earbuds එකේ බිල ඔවුන් අරන් කපල දාල කමක් නෑ සල්ලි ඕන නෑ තියාගන්නව කියල නිකන් බල්ලෙක්ට දෙනව වගේ earbuds මට දුන්නා. මට ඒ වෙලාවේ මූ මේක දුන්න විදිහට මේක උගේ ඔලුවේ ගහන්න හිතුන. ඒත් කමක් නෑ කියල ඉවසල ආපිට එන්න හදද්දි කිව්වා ආයෙ මේ පිට උන් එක්කන් එන්න එපා එනවනම් තනියම එන්න කියල ආයෙත් එක එක කතා කියන්න ගත්තා.

    මාර කතාවක්නේ! ඇයි කඩේට එන්න පුලුවන් ඒ කඩෙන් බඩු ගත්ත කෙනාට විතරද? මගේ යාලුවා ඔයා කොහොමද එහෙම කියන්නේ කියල ප්‍රශ්න කරද්දි කඩේ එකා ඇයි තමුසෙට මොකද වෙන්න ඕන කියල මගේ යාලුවගේ බෙල්ලෙන් අල්ලල එලියට තල්ලු කරල ගැහුවා. යකෝ මාත් එක්ක ආපු, මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් මට වුන අසාධාරනයට කතා කරපු යාලුවාට ගහද්දි මට බලන් ඉන්න බෑ, ඒ මදිවට කඩෙන් බඩුවක් ගත්ත මට සලකපු විදියට ඒ වෙනකොටත් තරහ ගිහින් හිටපු මට යකා නැගල මම කඩේ එකාට පහරක් එල්ල කලා. ඒකෙන් කඩේ එකා මාත් එක්ක වලියක් යන්න ගියත් කඩේ හිටපු අනිත් අය අපිට දෙපැත්තකට කරල සාමකාමී කරා. ඒ වෙලාවෙ එතන හිටියෙ අපි දෙන්න විතරක් නිසා අපිට එතනින් එහාට දෙයක් කර ගන්න බැරිඋනා (මේ ඔක්කම සිද්දිය උනේ ඒවෙලාවෙ ඒ කඩේ බාරව හිටපු අවු 30ගානක සුදු ටිකක් උස කැශියර් එකේ හිටපු එකෙක් එක්ක)

    නමුත් මායි මාගේ යාලුවයි මෙම සිද්ධිය පිලිබදව පොලීසිය දැනුවත් කලා. පොලිසියෙන් ඇවිල්ල අපගෙන් සිද්ධිය දුරදිග අරන් යනවනවද කියල ඇහුව. පොලීසි ගානේ රස්තියාදු වෙන්න කැමති නැති නිසා අපි කිව්ව එහෙම ඕන නෑ කියල. ඊට පස්සේ ආපු පොලිස් නිලධාරීන් දෙදෙනා කඩේ එකාට Business එකක් කරන කොට customer කෙනෙක්ට සලකන්න ඕන විදිහ ගැන තරවටු කරල මෙවැනි දේවල් නැවත සිදු නොවිය යුතු බවට අවවාද කරා.

    ඊට පස්සෙ කඩේ එකත් අපෙන් සමාව අරන් හිතල නෙවෙයි ගැහුවෙ නිකව්ම අත ඉස්සුනා කියල බොරු හොද මූනක් පෙන්නල ගියා. කඩේ හිටපු වෙන කොල්ලො ටික පස්සෙ මට කිව්වා මූ ඔහොම තමයි customers ලට තියා වැඩ කරන අපිටවත් සලකන්න දන්නෙ නැති එකෙක් කියලා.

    වැඩේ එතනින් නතර උනත් පස්සෙ ගෙදර ඇවිල්ල නිකමට shop එකේ google reviews බලනකොට තමයි දැක්කෙ මුන්ගේ customer service එක අන්තිමයි කියලත් මුන් මෙහෙම warranty දෙනව කියල කැත වැඩ කරපු පලවෙනි අවස්ථාව මේක නෙවෙයි කියලත්. මට මේක ලියන්න හිතුනෙත් ඔයාලත් මොනව හරි item එකක් ගන්නකොට මේ වගේ guu shop වලට නොයා අඩුම තරමේ Google එකේ reviews ටිකක්වත් බලල හොද වගකීමක් ඇති shop එකකට යන්න කියල.

    uba warada karala thiyenne. ayi bun eka sarayak rawatapu unta thawa salli dila wena product ekak ganne. uba oka muladima paribogika adikariyata coplain karanawa kiyala salli illagaththanam hari. un eka ahanne nathnam ubata atthatama paribogika adikariyata complain karala wisadaganta thibba. kocchara unath ube yaluwa hoda kollek. respect him
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,051
    1
    7,973
    113
    kandy
    uba warada karala thiyenne. ayi bun eka sarayak rawatapu unta thawa salli dila wena product ekak ganne. uba oka muladima paribogika adikariyata coplain karanawa kiyala salli illagaththanam hari. un eka ahanne nathnam ubata atthatama paribogika adikariyata complain karala wisadaganta thibba. kocchara unath ube yaluwa hoda kollek. respect him
    Mage newei bn. Kandy group ekaka thibbe. Thawa ekek ahu wei kiyala damme.
     
    • Wow
    Reactions: slsal

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,288
    85,485
    113
    ඔක්කොම වෙලා ගෙදර ගිහිං review බලපු එක තමා ඒ කතාවේ එකම අවුල. ඒක නොකර හිටිය නන් ඉවරයි.