අද මගේ ඩයලසිස් ප්‍රතිකාරයේ කොළඹ ජාතික රෝහලේ සිදු කරන දවස, අද දවල් 12 විතර රෝහලින් මට කතා කළා. රෝහලේ ඩයලයිසර් නැති බවත්, රෝගීන් ඩයලසීස් ප්‍රතිකාරය් සඳහා බාර නොගන්නා බවත් හුස්ම ගැනිමට අපහාසුවක් ඇත්නම් රෝහල්ගතවන ලෙසත් දැනුම් දුන්නා. ඒක් සමගම රෝගීන් බොහෝ දෙනා මට කතා කරලා ඔවුන්ටත් ඩයලසීස් ප්‍රතිකාරයට රෝහලින් එන්න එපා කියූ බව පැවසුවා.
රෝහලෙන් දැනුම් දුන් පරිදි ඩයලයිසර් එන දවසක් කියන්නත් බැහැ. එතෙක් අපේ රෝගීන්ට සිදුවන්නේ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් කල්ගෙවන්නයි.
වෙනදට මේ වගේ උපකරණ නැති උනාම අපි පෞද්ගලික ෆාමසි වලින් අදාළ උපකරණ හොයාගෙන ඇව්ත් රජයේ රෝහල්වලින් ඩයලසීස් ප්‍රතිකාරය කරගන්නවා.මෙවර එහේම ගන්නවත් ඩයලසර් නැහැ .
මේ යන විදිහට අසරණ මිනිස්සුන්ට වෙන්නේ මැරෙන්න විතරයි.කාරුණික ඔබෙන් ඉල්ලීමක් කරන්නේ රජයේ පාර්ශව දකින තුරු මෙය ශෙයා කරලා දෙන්නෙ. මෙය මේ මා වෙනුවෙන් කරන ඉල්ලීමක් නොවේ සමස්ත වකුගඩු රෝගීන් වෙනුවෙන් කරන ඉල්ලීමකි.
මෙම ලියන මමද සතියට ඩයලසිස් තුනක් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ සතිය මට යන වියදම 13000 × 3 = 39000 (රුපියල් තිස් නවදාහයි) කොහොමත් සතියට එකක් මං පිටින් කරනවා. දැන් අමතරව සතියට රුපියල් 26000ක් හොයන්න ඕනේ.මේ දාලා තියෙන්නේ සතියක වියදම මාසයක්, දෙකක් තුනක් මේවා නැතිවුනොත් අපි කොහොමද ජීවත් වෙන්නේ?.
මේ දාලා තියෙන්නේ කොළඹ අවට මිල, කොළඹින් එහා මෙය රුපියල් 15000ක් විතර වගේ වෙනවා.
ඡායාරූපයේ දක්වා ඇත්තේ වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය Hemodialysis) සඳහා භාවිත කරන ඩයලයිසර් එකක් (Dialyzer / Artificial Kidney) ය.
වකුගඩු අක්‍රිය වූ රෝගියෙකුගේ ශරීරයේ එකතු වන විෂ ද්‍රව්‍ය, අතිරික්ත ජලය සහ ලවණ ඉවත් කර ලේ පිරිසිදු කරන්නේ මෙම ඩයලයිසර් (Dialyzer) උපාංගය මගිනි. මෙය සරලවම රෝගියාගේ "කෘතිම වකුගඩුව" ලෙස ක්‍රියා කරයි.
ඩයලයිසර් එකෙන් සිදුවන කාර්යය සහ වැදගත්කම:
* රුධිරය පිරිසිදු කිරීම: වකුගඩුවලට කිරීමට නොහැකි ලේ පිරිසිදු කිරීමේ කාර්යය යාන්ත්‍රිකව සිදු කරයි.
* වකුගඩු අක්‍රිය වූ අයෙකුට සතියකට වරක් දෙවරක් හෝ කිහිප වරක් ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගැනීම ජීවිතය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වේ.
මෙය නොමැති වීමෙන් සිදුවන අනතුර:
* ශරීරය තුළ විෂ එකතු වීම: ඩයලයිසර් නොමැතිව ප්‍රතිකාරය නතර වුවහොත් ශරීරයේ යූරියා, ක්‍රියටිනින් වැනි විෂ ද්‍රව්‍ය පිරී යයි.
* පෙනහැලිවල වතුර පිරීම: සිරුරේ අතිරික්ත ජලය ඉවත් නොවීම නිසා හුස්ම ගැනීමේ අමාරුව උත්සන්න වේ.
* හදවත නතර වීම: රුධිරයේ පොටෑසියම් මට්ටම අධික ලෙස ඉහළ ගොස් ක්ෂණිකව හදවත නතර වී මරණය පවා සිදු විය හැක.
අදාළ බලධාරීන් සහ රජයේ පාර්ශවයන්ගෙන් කෙරෙන ඉල්ලීම:
"රජයේ රෝහල්වල ඩයලයිසර් හිඟය නිසා අසරණ වී සිටින වකුගඩු රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇත. පෞද්ගලික රෝහලක එක් වරක් ඩයලොස් ප්‍රතිකාරය කරන්න අවම රුපියල් 13000ක් පමණ අවශ්‍යා වේ. පෞද්ගලික රෝහල්වලින් විශාල මුදලක් ගෙවා මෙම ප්‍රතිකාරය ලබා ගැනීමට තරම් වත්කමක් නැති සාමාන්‍ය ජනතාව අද ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වේ.
එබැවින් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් රජයේ රෝහල් පද්ධතියට අත්‍යවශ්‍ය ඩයලයිසර් ඇතුළු උපකරණ හිඟයකින් තොරව ලබා දීමට වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහ සියලුම වගකිවයුතු පාර්ශවයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු."
නැවතත් ඔබගෙන් ඉල්ලන්නේ මෙය ශෙයා කරලා සමස්ත වකුගඩු රෝගීන් වෙනුවෙන් සහයෝගය ලබා දෙන්න දිවයිනේ බොහෝ රෝහල්වල මේ වන විට ඩයලයිසර් එක නෑ.
අනේ මන්දා පහුගිය කාලය පුරාම ඩයලසිස් රෝගීන්ට අවශ්‍ය කරන බඩු නැහැ. හිඟතාවයකින් තොරව සැපයුම් කරන්න බැරි ඇයිද කියන්නේ මං දන්නෙ නෑ.
මුලින්ම කටු ඉවර වුණා.
ඊට පස්සේ පස්සේ ,ඩයලසීස් කරන රෝගීන්ට අවශ්‍ය කරන ඉරිත්‍රපෝටින් නමැති එන්නත නැතිවුණා.
දැන් ඩයලයිසර් ඒක නෑ.
මොනවා කරන්නද හිතා ගන්න බැහැ.
මම
ඉන්දුක ප්‍රනාන්දු