ෆයිට් කෑන්සර් ටීම් එක මුදල් ගරනවද?
පිළිකා රෝගීන් නාමයෙන් අපේක්ෂා රෝහලේ සිදුවන්නේ මුදල් ජාවාරමක් ද?
රත්තනදෙණියේ මේධානන්ද හිමි රාවයට ලියපු ලිපියක්. කරුණු හොයලා බලල ලියලා තියෙන්නේ. පේන විදිහට අපේක්ෂා රෝහලේ ලොක්කා තමන්ගේ පවුද්ගලික අවුලක් හින්දා මොහොමඩ් මහතාට අපහාස කරනවා වගේම අසරණ ලෙඩ්ඩුන්ට ලෑබෙන්න තියෙන සහනයක් නෑති කරන්න යන්නේ. ලිපිය කියවලා බලන්න
මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගශීලින් ලබාදෙන මහජන ආධාර සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රශ්නකාරී තත්වයක් නිර්මාණය වී තිබේ. බොහෝ දෙනා මේ ගැන විමසිල්ලෙන් පසුවන්නේ තමන් හසුවූයේ වංචාකාරයන් පිරිසකටද නැද්ද යන්න නිවැරදිව දැන ගැනීම පිණිසය. එනිසා ව්‍යාකූල වූ ජන-මනස නිරවුල් කිරීමත්, සිදූ වූ සහ සිදුවෙමින් පවතින සිද්ධිදාමය පිළිබඳ නිවැරදි චිත්‍රයක් ප්‍රක්ෂේපණය කිරීමේ සමාජ වගකීමක් අපට තිබේ. මේ සම්බන්ධයෙන් මීට පෙර ඇතැම් පුවත්පත් ඔස්සේ ජනතාව නොමග යැවෙන සුළු ප්‍රවෘත්ති වාර්තා වුවද ෆයිට් කැන්සර් කණ්ඩායමේ කරුණු පැහැදිලි කිරීම මත එම පුවත් නිවැරදි කළ අවස්ථා තිබිණි. උදාහරණයක් ලෙස 2019 මැයි 20 දිවයින ප්‍රවෘත්තියකින් දැක්වුණේ අපේක්ෂා රෝහලට කෝටි 10 ක ස්කෑන් යන්ත්‍රයක් ගැනීමට මුදල් එකතු කිරීමේ ජාවාරමක් සිදුවෙන බවත්, මහ ජනතාවට එම ජාවාරමට හසුනොවෙන ලෙස රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දිවයිනට සඳහන් කළ බවයි. මේ ප්‍රවෘත්තිය සමාජ අවධානයට ලක් කිරීම හැරුණු විට එම ප්‍රකාශයේ වගකීම බාරගන්නා ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කවුදැයි අදාළ ප්‍රවෘත්තියෙන් අනාවරණය කර නොතිබිණි. මෙය වරදක් නොවුණත් මින් පෙනෙන්නේ එය කිසියම් ගරිල්ලා ස්වරූපයකට කළ හෙළිදරව්වක් බවයි. එහි කිසිදු සත්‍යතාවක් නොවූ බැවින් Fight Cancer Team සංවිධානය විසින් එම ප්‍රවෘත්තිය මැයි 21 දිවයින පුවත්පතින් නිවැරදි කරන ලදි. පසුගිය අගෝස්තු මස ලංකාදීප පුවතකද දැක්වුණේ “පිළිකා ප්‍රතිකාර යන්ත්‍රයකට කියමින් කෝටි ගණනක මුදල් ගැරීමක්” යනුවෙනි. එම පුවතද ෆයිට් කැන්සර් සංවිධානයේ කරුණු පැහැදිලි කිරීමක් මත 2019 අගෝ 20 වනදා ලංකාදීප යළි නිවැරදි කිරීමක් කරමින් සදහන් කර තිබුණේ පිළිකා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය වසන්ත දිසානායක මහතා විසින් ලබාදුන් තොරතුරක් මත පදනම් වූ එම පුවත සම්බන්ධයෙන් සිදුව ඇති අපහසුතාව පිළිබඳ කනගාටුව පළකරන බවයි. 2019 අගෝස්තු 20 මව්බිම පුවත්පතටද අධ්‍යක්ෂකවරයා ප්‍රකාශකර තිබුණේ මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යන්ත්‍ර මිලදී ගැනීමට යැයි පවසමින් එක්තරා පුද්ගලයකු “ෆයිට් කැන්සර් ටීම්” නමින් ආධාර එකතු කිරීමේ ජාවාරමක යෙදෙන බවත් මේ වැඩසටහනට තමාගේ කිසිදු අනුදැනුමක් හෝ සම්බන්ධයක් නැති බවයි. මේ මුදල් වලින් සිදු කරන්නේ කුමක් ද යන්න ගැටලු සහගත බවත් පවසා තිබුණි. නැවතත් අගෝස්තු 22 “මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර යන්ත්‍ර ආරවුල” මැයෙන් දෙපාර්ශ්වයටම ඉඩදෙන වාර්තාවක් මව්බිමේ පළකර තිබුණි. එහිදී ෆයිට් කැන්සර් කණ්ඩායමේ නායකයා දක්වා තිබුණේ මේ සමාජ සත්කාරයට රෝහල නියෝජනය කරමින් සම්බන්ධ වූ ප්‍රධානම පුද්ගලයා රෝහල් අධ්‍යක්ෂකවරයා බවත්, ව්‍යාපෘතිය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සමග 2019 අප්‍රේල් 01දා ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අත්සන් කරන අවස්ථාවට වසන්ත දිසානායක මහතාද සහභාගී වූ බවයි. අධ්‍යක්ෂකවරයා එම අවස්ථාවට සහභාගි වූ ඡයාරූප හා අදහස් දක්වන වීඩියෝ ඕනෑම කෙනෙකුට දැකබලා ගැනීමට අන්තර්ජාලයේ තිබියදී අගෝස්තු 22 මව්බිමට ප්‍රකාශ කර තිබුණේ “ඔය ව්‍යාපෘතියට මගේ කිසිම සම්බන්ධයක් නෑ. රෝහල දියුණු කරන්න සල්ලි හිඟාකනකොට ලැජ්ජයි” යනුවෙනි.
මීට දින කිහිපයකට ඉහත නැවතත් එනම් දෙසැම්බර් 10 වනදා මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වසන්ත දිසානායක මහතා ෆේස්බුක් සටහනක් තබමින් අවධාරණය කර තිබුනේ මහරගම අපේක්ෂා රෝහලට විකිරණ යන්ත්‍ර ලබා ගැනීමට යැයි කියමින් මුදල් එකතු කරන ජාවාරමක් පවතින බවත් දැනටමත් කෝටි 14 ක් පමණ මහජන ආධාර එකතු වී ඇතයි ආරංචි ලැබී ඇති බවත්, එම මුදල් අපේක්ෂා රෝහලේ ගිණුමට නොලැබෙන බවත් මේ මුදල් යන්නේ කොහේදැයි පරීක්ෂණයක් කිරීමට ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ අවධානය යොමුකරන ලෙසයි. වෛද්‍ය වසන්ත දිසානායක මහතා ගැන විශ්වාසය තබමින් ප්‍රකෝප වූ මහජනයාද ගනු කඩුව එනු සටනට සේ ඇවිස්සෙමින් තිබෙන අතරේ රෝහල් අධ්‍යක්ෂවරයා දෙසැම්බර් 12 දින ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවා රටම දැනුවත් කළේ මේ එකතු කරන මුදල් අපේක්ෂා රෝහලේ ගිණුමකට නොලැබෙන බවයි.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා මෙහිදී Fight Cancer කණ්ඩායමේ නායකයා මුස්ලිම් ජාතිකයකු බවත් ඔහු හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සමග එකතුවී තමා අපේක්ෂා රෝහලෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් මෙහිලා වෙසෙසින් සදහන් කිරීම නිසා මේ ප්‍රශ්නය දේශපාලන කඳවුරු දෙක අතර ප්‍රශ්නයක් දක්වා ඉදිරියට වර්ධනය වෙමින් තිබේ. එහෙත් ලියුම්කරු ඉතා ඕනෑකමින් ඉල්ලන්නේ ෆයිට් කැන්සර් කණ්ඩායම් නායක මොහොමඞ්ගේ ජාතිය, ආගම, දේශපාලනය හෝ රට තුළ තිබෙන රාජිත විරෝධය මේ ප්‍රශ්නයේ දී ප්‍රමුඛ කර නොගන්නා ලෙසයි. එසේ වන සෑම අවස්ථාවකම වෙන්නේ මෙහි ඇති කේන්ද්‍රීය ප්‍රශ්නය අපට මගහැරී යාමයි.
ඇත්තටම මෙහි ඇත්තේ කිසියම් හේතුවක් නිසා අධ්‍යක්ෂවරයා හා ෆයිට් කැන්සර් කණ්ඩායමේ නායකයා අතර ඇති වී තිබෙන පුද්ගලික ආරවුලක් දුරදිග යාමක ප්‍රතිඵලයක් මිස මුදල් වංචා කිරීමක් නොවේ. ලියුම්කරු රෝහල් අධ්‍යක්ෂකවරයාද ඇමතූ අවස්ථාවේ මුදල් වංචාව සිදුකරන ආකාරය පිළිබඳ පැහැදිලි අනාවරණයක් කිරීමට අපොහොසත් වූ අතර එතුමා පුන පුනා පවසන්නේ අපේක්ෂා රෝහලට කියා මුදල් එකතු කළද රෝහලේ ගිණුමට මේ මුදල් නොවැටෙන බවයි. ඇත්ත. එතුමා පවසන්නේද බොරුවක් නොවේ. 71275069 ලංකා බැංකුවට අයත් මේ ගිණුම ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේයි. මෙය කාගේ හෝ පුද්ගලික ගිණුමක් නොව ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට අනුබද්ධව පවත්වාගෙන යන රජයේම ගිණුමකි. එය අපේක්ෂා රෝහලේ දෛනික කටයුතු පවත්වාගෙන යන පඩි නඩි ගෙවන රෝහල් ගිණුම නොව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මහරගම පිළිකා රෝහල වෙනුවෙන්ම පවත්වාගෙන යන ගිණුමකි. මේ ගිණුම ලංකා බැංකුවේ මහරගම ශාඛාවේ පවත්වාගෙන යන්නේ ද එහෙයිනි. මේ ගිණුමට කොපමණ මුදල් ලැබී තිබෙන්නේ ද ආදී ගිණුම පිළිබඳ විස්තර අපේක්ෂා රෝහලේ ගණකාධිකාරිවරියට බලා ගත හැකි අතර එම මුදල් එතුමියට හෝ රෝහල් අධ්‍යක්ෂ වසන්ත දිසානායක මහතාට හෝ මොහොමඞ් මහතාට ලබාගත නොහැකිය. ඒ බව රෝහල් අධ්‍යක්ෂවරයාම පවසන වීඩියෝවක් ඕනෑම කෙනෙකුට බලාගැනීමට අන්තර්ජාලයේ තිබෙයි. එසේ නම් මේ මුදල් ලබා ගත හැක්කේ කාටද? ඒ මුදල් ලබාගත හැකි නෛතික බලය ඇත්තේ අවශ්‍ය උපකරණ ලබාගැනීම සඳහා විධිමත් ටෙන්ඩර් කැදවීමකින් පසුව රජයට පමණි. එනම් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, ආයුර්වේද කොමසාරිස්, අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී හා අමාත්‍යවරයා විසින් පත් කරන ලද තවත් සාමාජිකයින් තිදෙනෙකුට පමණි. අරමුදලේ පරිපාලනය, කළමනාකරණය සහ පාලනය සියල්ල සිදුවන්නේ මේ භාරකාර මණ්ඩලය යටතේ වන අතර නිල බලයෙන් එහි සභාපතිවරයා වන්නේ ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයායි. 1981 අංක 13 දරණ පාර්ලිමේන්තු පනතින් සම්මතකොට ඇති මේ සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ අභිප්‍රාය වන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය සපයන ආයතන සංවර්ධනය කිරීම හා ප්‍රවර්ධනය කිරීමයි. ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමයි. ඊට අරමුදල් සපයා ගන්නා ආකාර අතර පරිත්‍යාගශීලින්ගේ මෙබදු මහජන ආධාර ලබාගැනීමද ප්‍රධානය. මන්ද නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම සඳහා රජයේ සියලු රෝහල් වෙනුවෙන් අති විශාල මුදලක් වැය කිරීමට රජයට සිදුවෙන අතර මහරගම අපේක්ෂා රෝහලට Linear Accelerator යන්ත්‍රයක් සහ Tomo Therapy යන්ත්‍රයක් ලබාගැනිමට කෝටි 100 ක් වැනි විශාල මුදලක් රජයට දැරීමට අපහසුය. එනිසා මොහොමඞ් ඇතුළු ෆයිට් කැන්සර් කණ්ඩායම කරන්නේ ඒ සදහා රජයට ආධාර එකතුකර දීමයි. කණ්ඩායම් නායකයා ලෙස මෙහිලා ඔහුගේ භූමිකාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම් නිමල් බාලසූරිය සමග 2019 අප්‍රේල් 01 දා අත්සන් කළ ගිවිසුම ප්‍රකාරව සෞඛ්‍ය සංවර්ධන අරමුදල යටතේම අපේක්ෂා රෝහල වෙනුවෙන් වෙන්කර ගත් ගිණුමට මුදල් දැමීමට මහජනයා දැනුවත් කිරීම පමණයි. මීට පෙර 2018 දී මෙම සංවිධානය සහ “මනුසත් දෙරණ” එකතු වී රුපියල් කෝටි 20 ක් වටිනා PET Scaner
යන්ත්‍රයක් පරිත්‍යාග කළේද මෙම ගිණුමටම එකතු කළ ආධාර මගිනුයි. එකම ගිණුමකට එකතු කරන මහජන ආධාරවලින් පළමු ව්‍යාපෘතියෙදී මුදල් වංචා කිරීමට නොහැකි බව සහ දෙවන ව්‍යාපෘතියේදී මුදල් වංචා කිරීමට හැකි බව රෝහල් අධ්‍යක්ෂවරයාගේ සොයා ගැනීම හුදු චෝදනාවකට එහාගොස් රටට තාර්කිකව පැහැදිලි කළ හැකි නම් ඉතා වටී. නමුත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වැඩි ඉඩක් දුන්නේ රෝහල් අධ්‍යක්ෂවරයාගේ පරස්පර අදහස්වලට විනා ෆයිට් කැන්සර් කණ්ඩායමේ නායකයාගේ පැහැදිලි කිරීමට නොවේ.
ෆයිට් කැන්සර් කණ්ඩායමේ ව්‍යායාමය ගැන රෝහල් අධ්‍යක්ෂකවරයා දුර් මතයක් පතුරුවා හැරියද සෞඛ්‍ය සංවර්ධන අරමුදල පිළිබඳවත් ඊට අනුබද්ධව අපේක්ෂා රෝහල වෙනුවෙන් විවෘතකර තිබෙන මේ ගිණුම පිළිබඳවත් එහි නෛතික බලය හා එය නියාමනය වෙන ආකාරය පිළිබඳවත් එතුමා නොදන්නා පුද්ගලයකු නොවේ. පසුගිය අප්‍රේල් 01 දා ගලධාරි හෝටලයේ දී සෞඛ්‍යය අමාත්‍යාංශයේ බලධාරීන් සමග මොහොමඞ් මහතා ගිවිසුම අත්සන් කරන අවස්ථාවටද එතුමා සම්බන්ධ වී සිටියේය. එහෙත් තමා පතුරවා හරින මේ දුර්මතයට වලංගුභාවයක් ලබා ගැනීම පිණිස ප්‍රකාශ කළේ මේ වංචාව පිළිබඳ මිරිහාන පොලිසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවයි. එහෙත් ඉන් පලක් නොවීමට හේතුව එතුමාගේම වචනයෙන් යහපාලන හොර තක්කඩි මේවායේ අරක්ගෙන සිටීමයි. මේ නිලධාරීන් දේශපාලකයන්ට එරෙහි පරීක්ෂණ අරභයා කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කළද අපේක්ෂා රෝහල වැනි වැදගත් රෝහලක අධ්‍යක්ෂවරයෙක් කරන පැමිණිල්ලක් නොසලකා හරිනු ඇතැයි සිතිය හැකිද? ඇත්ත වශයෙන්ම එය නොසලකා හැරියේ නම් එසේ කරන්නට ඇත්තේ පරීක්ෂණයක් කිරීමට තරම් මෙහි චෝදනා නිමිත්තක් නොමැති බව පොලිස් නිලධාරීන්ට පමණක් නොව කුඩා දරුවකුටත් වැටහෙන නිසා විය යුතුය. පරීක්ෂණ කරන්නේ නම් කළ යුත්තේ රජයට (සෞඛ්‍ය සංවර්ධන අරමුදලට) හිමිවීමට නියමිත පරිත්‍යාග චේතාන්විතව වැළක්වීමේ වරදට රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව බව මේ පිළිබඳ විමසා බලන කාටත් තේරෙන සත්‍යයි.
රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් ෆයිට් කැන්සර් කණ්ඩායමේ නායකයා මුස්ලිම් ජාතිකයකු වීමද ඉතා සූක්ෂ්ම ලෙස තමන්ගේ වාසියට ආයෝජනය කරගන්නේ ඔහුව සිංහල සමාජයේ බරපතල සැකයකට ලක්වෙන ව්‍යාජ චෝදනාවක් ද කරමිනි. එතුමා විශේෂඥ වෛද්‍යවරයකු වුවද පිළිගත් වෛද්‍ය ආචාර ධර්මවලටද තරම් නොවෙන එම චෝදනාව වන්නේ පාස්කු ප්‍රහාරය සිදුවූ අප්‍රේල් 21 දිනට පසුදිනම එනම් අප්‍රේල් 22 මොහොමඞ්ගේ ගිණුමට මිලියන 20 ක් ලැබී ඇති බවත් අප්‍රේල් 23 මිලියන 02 ක් ලැබී ඇති බවටත් චෝදනා කිරීමයි. මාධ්‍යට කඩදාසියක් පෙන්වමින් කරුණු දැක්වූ අධ්‍යක්ෂවරයා ඒ මුදල් ලැබුණේ කුමන ගිණුම් අංකයකටද? කුමන බැංකුවක කුමන ශාකාවකටද යන්න නොකියන්නට තරම් පරිස්සම් වෙයි. මේ ගිණුම මොහොමඞ්ගේ පුද්ගලික ගිණුමක් නම් එහි මුදල් ගනුදෙනු ගැන රෝහල් අධ්‍යක්ෂකවරයාට දත්ත පත්‍රිකාවක් ලබාගත හැකි වන්නේ කෙසේද? ඇත්ත වශයෙන්ම මේ මුදල් ලැබී ඇත්තේ මොහොමඞ්ගේ ගිණුමකට නොව සෞඛ්‍යය සංවර්ධන අරමුදල යටතේ මහරගම පිළිකා රෝහල වෙනුවෙන් පවත්වාගෙන යන 71275069 දරණ ගිණුමටය. එහි විස්තර පිළිකා රෝහලේ ගණකාධිකාරීවරියට බලාගත හැකිබව අප ඉහතින්ද දක්වා ඇත්තෙමු. මේ මුදල එකවර ලැබී ඇත්තේ අප්‍රේල් 19 පෝය නිවාඩුව සහ 20 , 21, සති අන්ත දින දෙකක් බැවින් එම දිනවල පරිත්‍යාගශීලින්ගේ තැන්පතු ගිණුම්ගත වෙන්නේ ඊළග සතියේ වැඩකරන දිනය 22 වන සඳුදා නිසාය. මේ මිලියන 20 අධ්‍යක්ෂවරයා අඟවන්නට හදන ත්‍රස්තවාදී සංවිධානයකින් ලැබුණ තනි මුදලක් නොව දෙස් විදෙස් ශ්‍රී ලාංකික තැම්පතුකරුවන් 8648 දෙනෙකුගෙන් ලැබී ඇති මුල්‍ය පරිත්‍යාගවල එකතුවකි. අප්‍රේල් 23 මිලියන දෙකක් ලැබී ඇත්තේද තැම්පත්කරුවන් 741 දෙනෙකුගෙනි. එබදු තත්ත්වයක් යටතේ ව්‍යාජ තොරතුරු සම්ප්‍රේක්ෂණය කරමින් මොහොමඞ් මහතාව ජාතිවාදී ගින්නට තල්ලු කිරීමට උත්සාහ දැරීම රෝහල් අධ්‍යක්ෂකවරයාගේ තනතුරටද නොගැළපෙන්නෙකි.
දීර්ඝ කාලයක් තිස්සේ සිටි නිරීක්ෂණයකින් හා තොරතුරු සොයා බැලීමකින් පසු බෞද්ධ භික්ෂුවක් ලෙස ලියුම්කරුගේ මෙම ස්වාධීන මැදිහත්වීම සිදුවන්නේ මේ ව්‍යාපෘතිය කඩාකප්පල් වීමෙන් පීඩා විදින්නේ අසරණ රෝගීන්වීම නිසාය. පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන පරිදි වසරකට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 15,000 ක් පිළිකා රෝග නිසා මරණයට පත්වෙති. සංඛ්‍යා ලේඛන අනුව දිනකට ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝගීන් 76 දෙනක් පමණ ලියාපදිංචි වන අතර වාර්ෂිකව බැලූවිට එය ඉතා ඉහළ අගයක් ගනී. 2013 වසරේදී පිළිකා රෝගීන් 25,515ක් ලියාපදිංචි වී ඇති අතර 2014 වසරේදී එය 26,341 දක්වාද 2015 වසරේදී 28,474 දක්වාද ලියාපදිංචි පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබුණි. මේ වෙද්දී රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවන අගයක පවතී. සෑම වසරකම අලුතින් පිළිකා රෝගීන් 16,000 ත් 20,000 ත් අතර පිරිසක් හඳුනා ගැනෙන බව වාර්තාවල දැක්වේ. මෙයින් වසරකට 15000 ඉක්මවන රෝගීන් ප්‍රමාණයක් මිය යන්නේ පිළිකාව බරපතල තත්වයට පැමිණීමට පෙර හදුනා ගැනීමට නොහැකිවීම නිසාය. බටහිර රටවල තිබෙන තාක්ෂණය ලංකාවේ තිබේ නම් පිළිකාව දරුණු ලෙස ශරීරය තුළ ඔඩුදිවීමට පෙර හඳුනාගෙන රෝගීන් විශාල ප්‍රමාණයක් සුව කිරීමේ හැකියාව පවතී. පිළිකාව යනු සුවකළ නොහැකි රෝගයක් නොවේ. මහරගම පිළිකා රෝහල අපේක්ෂා රෝහල යැයි නම වෙනස් කළ පමණින් පිළිකා සෛල ශරීරය තුළ වර්ධනය වීම වළක්වාගත නොහැකිය. පිළිකා රෝගියකුට ඇති ප්‍රධානම ප්‍රතිකාරය ඖෂධ සහ විකිරණ ප්‍රතිකාර බව අන් කාටත් වඩා හොඳින්ම දන්නා රෝහල් අධ්‍යක්ෂතුමා ඒ සදහා අවශ්‍ය අධිතාක්ෂණික උපකරණ ලබා ගැනීමට වෙරදරන ෆයිට් කැන්සර් කණ්ඩායමේ සද්ව්‍යායාමය එක් පුද්ගලයෙක් සමග ඇතිකරගත් කෝන්තරයක් මත කඩාකප්පල් කරන්නේ ඇයිද යන ප්‍රශ්නය පුරවැසියන් ලෙස අපට තිබේ. පිළිකා රෝගීන් සඳහා අති නවීන ඖෂධ වර්ග හා විකිරණ ප්‍රතිකාර සදහා නවීන යන්ත්‍රෝපකරණ ප්‍රමාණවත් ලෙස නොමැති නම් අපේක්ෂා රෝහල යැයි නම වෙනස් වූ පමණින් රෝගීන්ට අපේක්ෂාවක් තබාගත හැක්කේ කෙසේ ද?.
Fight Cancer Team සංවිධානයේ අරමුණ පිළිකා රෝගීන් සදහාම වූ මෙම රෝහල නවීන පහසුකම්වලින් සමන්විත රෝහලක් බවට පත්කිරීමට දායක වීමයි. ඔවුන්ගේ දැක්මද අපේක්ෂා රෝහල දකුණු ආසියාවේ විශිෂ්ටතම රෝහල බවට පත්කරමු යන්නයි. පිළිකා රෝගීන්ට දැනට ඇතැම් පරීක්ෂණ කරගැනීමට සිදුවන්නේ නවීන පහසුකම් ඇති පෞද්ගලික රෝහල්වලට විශාල ගාස්තුවක් ගෙවීමෙනි. සියලු සේසත විකුණා පිළිකාව සමග ඔට්ටුවෙන ඇතැම් රෝගීන්ට පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වලට ගෙවීමට තරම් මුදල් නැතිකම නිසාම මරණය තෝරා ගන්නා අවස්ථාද තිබේ. ඇතැම් විට රජයේ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට තම මේසය ඉදිරියට එන රෝගියාට ලැබෙන දින වකවානු අනුව එම වෛද්‍යවරයාම පෞද්ගලිකව චැනල් කර පෞද්ගලික රෝහල්වලින් ශල්‍යකර්ම කරගන්නා අවස්ථාද තිබෙයි. රෝගියා බලන්නේ තමාට ලැබෙන දිනය එනතෙක් බලා සිටීම නොව නිවස උකසට තබා හෝ ඉක්මන් ප්‍රතිකාරයකින් රෝගය සුවකර ගැනීමටයි. මීට හේතුව රජයේ රෝහල්වල රෝගීන් බහුලවීමත්, යන්ත්‍ර සුත්‍ර කිහිපයකට සීමාවීම වැනි ප්‍රමාණවත් පහසුකම් නොමැති වීමයි. ඇතැම් රජයේ වෛද්‍යවරුද රෝහල්වල පවත්නා මේ තෙරපුම සවස් කාලයේ පුද්ගලික චැනල් සේවාව ලබාදෙමින් ධනය උපයන ඉල්ලමක් බවට පත්කරගෙන තිබේ. රජයේ රෝහලක සිදුකරන ශල්‍යකර්මයකට වඩා පෞද්ගලික රෝහලකට සේවය ලබාදෙමින් සිදුකරන එක ශල්‍යකර්මයකින් වෛද්‍යවරයකුට තමන්ගේ මාසික චේතනයද ඉක්මවන මුදලක් ඉපයිය හැකියි. දෙවිවරු මෙන් සේවය කරන වෛද්‍යවරු අතරේ ඇතැම් වෛද්‍යවරු මෙබදු මාෆියාවක් ගෙනයන බවද රහසක් නොවේ. චේතනාන්විතව නොවුණත් රෝහල් අධ්‍යක්ෂවරයාගේ වත්මන් කඩාකප්පල්කාරී ක්‍රියාව රුකුල් දෙන්නේ දැනට මේ පහසුකම් ඇති පෞද්ගලික රෝහල්වල ප්‍රතිලාභ වැඩිකර ගැනීමටයි. එනිසා ජනාධිපතිවරයා හෝ විෂයභාර ඇමතිවරිය හැකි ඉක්මනින් මේ ගැටලුවට මැදිහත්ව ඉච්ඡාභංගත්වයට පත්ව ඇති පරිත්‍යාගශීලීන් වෙනුවෙන් හා ඉදිරියට ආධාර කිරීමට බලාපොරොත්තුවන ජනතාව වෙනුවෙන් ප්‍රකාශයක් කළයුතුය. ගිණුම සම්බන්ධව දැනට උද්ගතව ඇති සමාජ විචිකිච්ඡාව තුරන් කොට පිළිකා රෝගීන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් මේ ව්‍යාපෘතිය කඩිනම් කරගැනීමට අවශ්‍ය සහයෝගය දිය යුතුය.
අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වසන්ත දිසානායක
මම මෙතැන වංචාවක් වෙන බව හැම තැනකටම කිව්වා. ඒ වංචාව හෙළිදරව් කළා කියලා ඒ මුස්ලිම්කාරයා මාව මරන්න හදනවා. අද (2019.12.20) මව්බිම පත්තරෙත් ඒක වාර්තා කරලා තියෙනවා. ස්වාමීන්වහන්ස මම මේ රෝහලේ අධ්‍යක්ෂවරයා. මම වසර 18ක් මේ රෝහලේ හිටියා. මේ රෝහල දියුණු කළේ මම. මට බොරුවක් කියන්න උවමනා නැහැ. මම මහරගමටයි, මිරිහාන පොලිසියටයි පැමිණිලි කරලත් තියෙනවා. හිටපු ජනාධිපතිතුමාටත් මම මේක කතා කරලම කිව්වා. ඊළඟට වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටයි ආරක්ෂක ලේකම්තුමාටයි කතා කරලා කිව්වා. මට ඊයේ කිව්වා මේ ගැන පරීක්ෂණයක් කරන බව. ඔය මනුස්සයා රාජිතගේ මිනිහෙක්. මම වැඩියෙන්ම බයවුණේ අප්‍රේල් 21 සහරාන්ගේ ප්‍රහාරයට පස්සේ අප්‍රේල් 22 මෙයාට මිලියන 20 ක් හම්බ වුණාම.
ඒ මුදල් ලැබුණ ගිණුම් අංකය මොකක් ද ?
මම මුල ඉඳන්ම කිව්වේ ඒ සල්ලි අපේක්ෂා රෝහලේ ගිණුමට සතයක්වත් ගියේ නැහැ කියලා. දැන් එයා කියනවා ඒක අපේක්ෂා රෝහලේ ගිණුම නෙමෙයි National Health Development Fund එක කියලා. උගේ මොන ගිණුමට ගියත් මට ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මගේ රෝහල ගැන. මිනිහා රාජිතගේ ගිණුමකට දාගන්න ඇති පස්සේ ගහන්න බලාගෙන. මේකයි ස්වාමීන්වහන්ස මම අවුරුදු දහඅටක් 20 ක් මෙතැන හිටපු මිනිහා නොදැන කතා කරන්නේ නැහැ. හොඳට කරුණු අධ්‍යයනය කරලයි කතා කරන්නේ, උසාවි හරි යන්න බලාගෙන.
මෙම ගිණුම අපේක්ෂා රෝහලේ ගිණුමක් නොවන බවත් සෞඛ්‍ය සංවර්ධන අරමුදල යටතේ ක්‍රියාත්මකවන ගිණුමක් බවත් Fight Cancer Team නායකයාම පවසනවා.
ඒක මට අදාළ නැහැ. එහෙම නම් මෙතැන මගේ තර්කය දැනටමත් දිනලා. ඒක ඇත්තද බොරුද මම දන්නේ නැහැ. ඒකට මගේ සම්බන්ධයක් නැහැ කියලයි මම කියන්නේ. එහෙම නම් ස්වාමින් වහන්ස ඇති නේද ? මම කියපු ටික පැහැදිලියි නේ.
https://ravaya.lk/පිළිකා-රෝගීන්-නාමයෙන්-අප/