රුසියාවේ ලෝකයේ වඩාත්ම මිල අධික හා උපායමාර්ගිකව වැදගත් න්‍යෂ්ටික සබ්මැරීන පවා දැන් සාමාන්‍ය දැල් සහ ලෝහ බාධකවලින් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බව චන්ද්‍රිකා ඡායාරූප සහ විවෘත මූලාශ්‍ර වාර්තා පෙන්වා දෙයි.
විශේෂයෙන් අවධානයට ලක්ව ඇත්තේ Kamchatka හි Rybachiy නාවික කඳවුරයි. එහි රුසියානු Pacific Fleet හි Borei සහ Borei-A පන්තියේ න්‍යෂ්ටික බැලිස්ටික් ක්ෂිපණි සබ්මැරීන සඳහා විශාල anti-drone දැල් ව්‍යුහ ස්ථාපනය කර ඇති බව චන්ද්‍රිකා ඡායාරූපවලින් අනාවරණය වී තිබේ. මෙම කඳවුර යුක්‍රේනයෙන් කිලෝමීටර් 7,400ක් පමණ දුරින් පිහිටා තිබීම මෙම සිදුවීම තවත් විශේෂ කරයි.
Borei/Borei-A වැනි සබ්මැරීන රුසියාවේ න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර හැකියාවේ ප්‍රධාන කොටසක්. එක් සබ්මැරීනයකට RSM-56 Bulava අන්තර්මහාද්වීපික බැලිස්ටික් ක්ෂිපණි 16ක් රැගෙන යා හැකියි. එබැවින් ඒවා වරායේ නැංගුරම් ලා ඇති අවස්ථාවේ ආරක්ෂා කිරීම රුසියාවේ උපායමාර්ගික ආරක්ෂාවට අතිශය වැදගත්.
මේ අතර, ජුනි මාසයේදී Barents Sea හි Gadzhiyevo කඳවුරේ Northern Fleet න්‍යෂ්ටික සබ්මැරීනවලටද anti-drone දැල් යොදා ඇති බව ඡායාරූපයකින් අනාවරණය විය. එම ඡායාරූපය මුලින් ප්‍රකාශයට පත් කළ පසු ඉවත් කර තිබුණද, එය වෙනත් මාර්ග ඔස්සේ පැතිර ගියේය.
මෙය න්‍යෂ්ටික සබ්මැරීනවලට පමණක් සීමා වී නැහැ.
Novorossiysk වරායේ රුසියානු Black Sea Fleet සතුව ඇති Kilo-class සබ්මැරීනවලටද ලෝහමය “cope cage” ව්‍යුහ සවි කර ඇති බව UK Defence Intelligence විසින් commercial satellite imagery විශ්ලේෂණය කරමින් පෙන්වා දී තිබේ. ජූනි 6–9 අතර ලබාගත් ඡායාරූපවල සබ්මැරීන 4කින් 3කට එවැනි ආරක්ෂක ව්‍යුහ සවි කර තිබූ බව වාර්තා විය.
සාම්ප්‍රදායික නාවික යුද උපක්‍රමවලදී දැවැන්ත යුද නෞකා, මිසයිල ආරක්ෂණ පද්ධති සහ ගුවන් ආරක්ෂණ ජාල ප්‍රධාන ආරක්ෂක මෙවලම් වුණා.
නමුත් අඩු වියදම් සහිත, මිනිසුන් රහිත ඩ්‍රෝන සහ සමුද්‍රීය ඩ්‍රෝන මගින් ඉතා මිල අධික යුද වත්කම්වලට තර්ජනයක් එල්ල කළ හැකි බව යුක්‍රේන යුද්ධය නැවත නැවතත් පෙන්වා දෙමින් සිටිනවා.
ඒ නිසා දැන් ලෝකයේ නාවික හමුදා මුහුණ දෙන ප්‍රශ්නය වන්නේ,
> “ඩොලර් බිලියන ගණනක යුද යාත්‍රාවක් ආරක්ෂා කිරීමට ඩොලර් මිලියන ගණනක පද්ධතියක් අවශ්‍යද… නැත්නම් සරල දැලක් ප්‍රමාණවත්ද?”
කියන එකයි.
------ Post added on Aug 15, 2026 at 3:47 PM