අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ආකාරයෙන් විදෙස් රටවලට රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති අතර, අදාළ කළමනාකරුවන් සිව්දෙනාම ඔවුන් සේවය කළ පෞද්ගලික බැංකු තුළදීම අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආකාරයේ අත්අඩංගුවට ගැනීමක් සිදුකළ පළමු අවස්ථාව මෙය බව පොලිසිය සඳහන් කර ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ජාවාරම මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා විසින් බැංකු නිලධාරීන් සිව්දෙනාට සතිපතා මුදල් ලබාදී ඇති බවයි.
ඒ අනුව එක් එක් නිලධාරියාට සතියකට රුපියල් 30,000, රුපියල් 50,000 සහ රුපියල් ලක්ෂයක පමණ මුදල් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
එමෙන්ම අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් සිව්දෙනා අතරින් එක් අයෙකුට එක් අවස්ථාවකදී රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් ලබාදී ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තවදුරටත් සිදුකරනු ලබයි.
සිංහලු,
මොන බැංකු වල මහත්වරුද කියලා ඉන්සයිඩ් නියුස් ආවෙ නැද්ද තාම?