bank 4kma namak nadda ?අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ආකාරයෙන් විදෙස් රටවලට රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
![]()
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති අතර, අදාළ කළමනාකරුවන් සිව්දෙනාම ඔවුන් සේවය කළ පෞද්ගලික බැංකු තුළදීම අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආකාරයේ අත්අඩංගුවට ගැනීමක් සිදුකළ පළමු අවස්ථාව මෙය බව පොලිසිය සඳහන් කර ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ජාවාරම මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා විසින් බැංකු නිලධාරීන් සිව්දෙනාට සතිපතා මුදල් ලබාදී ඇති බවයි.
ඒ අනුව එක් එක් නිලධාරියාට සතියකට රුපියල් 30,000, රුපියල් 50,000 සහ රුපියල් ලක්ෂයක පමණ මුදල් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
එමෙන්ම අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් සිව්දෙනා අතරින් එක් අයෙකුට එක් අවස්ථාවකදී රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් ලබාදී ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තවදුරටත් සිදුකරනු ලබයි.
සිංහලු,
මොන බැංකු වල මහත්වරුද කියලා ඉන්සයිඩ් නියුස් ආවෙ නැද්ද තාම?
ඔය 4ම සම්පත් උනත් පුදුම වෙන්න දෙයක් නෑ... හෙන ලොකු ඔලුව උන්ගේ පොඩි උන් ගියාම.. නුවර බ්‍රාන්ච් එකේ මනජර් කාරයා BYD වලට විතරයි ලිසිං දෙනවා කිවේ. ඒ පොරද දන්නේ නෑ කලින් අර ලෝන් වලට හොර ගණන් දාල මට්ටු වෙලා බැංකුවෙන් පන්නනේ නැතුව ඉදලා උසාවියෙන් එලෙව්වේ..definitely Sampath bank in the list
මෙලෙස රිමාන්ඞ් භාරයට පත් කරන ලද්දේ, සම්පත් බැංකුවේ උමේශ් රන්දික, සෙලාන් බැංකුවේ ශරාන් මාරියෝ ප්‍රනාන්දු, යුනියන් බැංකුවේ ධර්මලිංගම් ප්‍රසාන්ත් සහ NDB බැංකුවේ අමිල උදාර ලියනමාන්න යන කළමනාකාරවරුන් යදැක්කෙ නැ කොහෙවත්...
හම්මට BBC රෙදි ලිහලාමෙලෙස රිමාන්ඞ් භාරයට පත් කරන ලද්දේ, සම්පත් බැංකුවේ උමේශ් රන්දික, සෙලාන් බැංකුවේ ශරාන් මාරියෝ ප්‍රනාන්දු, යුනියන් බැංකුවේ ධර්මලිංගම් ප්‍රසාන්ත් සහ NDB බැංකුවේ අමිල උදාර ලියනමාන්න යන කළමනාකාරවරුන් ය
https://www.bbc.com/sinhala/articles/c9d8w572z6jo
සම්පත් එක ලොකුවට ස්කැම් එකකට අහු උනත් එක්ක නෙ ලඟදිඔය 4ම සම්පත් උනත් පුදුම වෙන්න දෙයක් නෑ... හෙන ලොකු ඔලුව උන්ගේ පොඩි උන් ගියාම.. නුවර බ්‍රාන්ච් එකේ මනජර් කාරයා BYD වලට විතරයි ලිසිං දෙනවා කිවේ. ඒ පොරද දන්නේ නෑ කලින් අර ලෝන් වලට හොර ගණන් දාල මට්ටු වෙලා බැංකුවෙන් පන්නනේ නැතුව ඉදලා උසාවියෙන් එලෙව්වේ..
මේවගේ ඒවාට දීලා දැන් සැපේ තමා ඉන්න වෙන්නේ.. මුන් කොහොමත් මැද පුරුක් නිසා ෂොට් එක හම්බ වෙන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා.
සමෘද්ධි බැංකුවල මිනිස්සු දාන සල්ලි වලට ඔහොම කරනවා, මැනේජර් එක්ක සෙට් වෙලා කරන්නේ, ගොඩක් තැන්වල ඕක වෙනවා බන්, ඔය ග්‍රාමීය බැංකු එහෙම හොර තිප්පලවල්මම කීවේ අපි 30 000ක් වැඩිය හිතන්නෙ නැතුව වියදම් කරන එක වැරදී කියලා. බලහන් මේ මැනේජර්ල තමුන්ගෙ ජොබ් එකත් අවදානමේ දාලනෙ ඔය වැඩේ කරල තියෙන්නෙ. මම දන්න සමහර බැංකු වල යාලුවෝ එහෙම කියල තියෙනව බැංකුවේ මැනේජර්ලා බැංකුවේ සල්ලි දවසෙ පොලියට මිනිස්සුන්ට දෙනව කියල. දවස අන්තිමට සල්ලි ටික බැංකුවට රිටන් කරල අරූ පොලී සල්ලි තියාගන්නවා. ඔහොම් අකරල මාට්ටු උන උනුත් ඇති ඕන තරම්.
මම මේ කියන්නෙ Peoples bank එකේ හරි BOC එකේ හරි මැනේජරයෙක් ගැන. මට කියපු එකා ඔය දෙකෙන් එක්ක වැඩ. බැංකු දෙකම කහයි රතුයි නිසා පැටලෙනව මට.සමෘද්ධි බැංකුවල මිනිස්සු දාන සල්ලි වලට ඔහොම කරනවා, මැනේජර් එක්ක සෙට් වෙලා කරන්නේ, ගොඩක් තැන්වල ඕක වෙනවා බන්, ඔය ග්‍රාමීය බැංකු එහෙම හොර තිප්පලවල්
අර කැටයම් දාල ආව විශ්ව එක වෙන්න ඇති..සම්පත් එක ලොකුවට ස්කැම් එකකට අහු උනත් එක්ක නෙ ලඟදි
අර යුක්‍රෙන් කාරයො ගහපු ස්කැම් එක, එකෙත් ඉන්සයිඩ් සපොර්ට් තිබිලා තිබ්බා නෙද?
https://www.linkedin.com/posts/dinu...n-sri-lanka-activity-7247878340693360640-Aln2
මුං ඒකටනම් ජාති ආගම් භේද නැතුව බෞද්ධ හිංදු මුස්ලිම් ක්‍රිස්තියානි ඔක්කොම සංහිඳියාවෙන් වැඩ කරලා.කවුද යකෝ අපේ රටේ සංහිඳියාව නෑ කියන්නේ.. අර උතුරෙ උද්ඝෝශනේ කරන උන්ට කනට ගහල මේ නිව්ස් පෙන්නන්ට ඕනේ. Copiedමෙලෙස රිමාන්ඞ් භාරයට පත් කරන ලද්දේ, සම්පත් බැංකුවේ උමේශ් රන්දික, සෙලාන් බැංකුවේ ශරාන් මාරියෝ ප්‍රනාන්දු, යුනියන් බැංකුවේ ධර්මලිංගම් ප්‍රසාන්ත් සහ NDB බැංකුවේ අමිල උදාර ලියනමාන්න යන කළමනාකාරවරුන් ය
https://www.bbc.com/sinhala/articles/c9d8w572z6jo