බැංකු මැනෙජර් මහත්වරු 4ක් අත්අඩංගුවට - ඩොලර් බිලියනක් රටින් පන්නලා?

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,674
    971
    113
    Mawanella Town
    අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ආකාරයෙන් විදෙස් රටවලට රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    774243030_1083048214661431_6883172780033736236_n.png

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති අතර, අදාළ කළමනාකරුවන් සිව්දෙනාම ඔවුන් සේවය කළ පෞද්ගලික බැංකු තුළදීම අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
    ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආකාරයේ අත්අඩංගුවට ගැනීමක් සිදුකළ පළමු අවස්ථාව මෙය බව පොලිසිය සඳහන් කර ඇත.
    විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ජාවාරම මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා විසින් බැංකු නිලධාරීන් සිව්දෙනාට සතිපතා මුදල් ලබාදී ඇති බවයි.
    ඒ අනුව එක් එක් නිලධාරියාට සතියකට රුපියල් 30,000, රුපියල් 50,000 සහ රුපියල් ලක්ෂයක පමණ මුදල් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
    එමෙන්ම අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් සිව්දෙනා අතරින් එක් අයෙකුට එක් අවස්ථාවකදී රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් ලබාදී ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත.
    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තවදුරටත් සිදුකරනු ලබයි.

    සිංහලු,
    මොන බැංකු වල මහත්වරුද කියලා ඉන්සයිඩ් නියුස් ආවෙ නැද්ද තාම?
    bank 4kma namak nadda ?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,868
    113
    මුන්ගේ මහා ලොකු මාද්‍ය සධචරේ, පොඩි එකෙක් කරානම් උගේ අම්මගේ අප්පාගේ කසාද සහතිකෙත් දානවා.. මේවගේ ඒවාට අනේ මේ බැංකු 4ක මැනේජර් මහත්තුරු..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    හොරකම් කරපු බයියො ආගමක් දහමක් අදහන් හිටපන්
     
    • Like
    Reactions: win7dot

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,868
    113
    definitely Sampath bank in the list
    ඔය 4ම සම්පත් උනත් පුදුම වෙන්න දෙයක් නෑ... හෙන ලොකු ඔලුව උන්ගේ පොඩි උන් ගියාම.. නුවර බ්‍රාන්ච් එකේ මනජර් කාරයා BYD වලට විතරයි ලිසිං දෙනවා කිවේ. ඒ පොරද දන්නේ නෑ කලින් අර ලෝන් වලට හොර ගණන් දාල මට්ටු වෙලා බැංකුවෙන් පන්නනේ නැතුව ඉදලා උසාවියෙන් එලෙව්වේ..

    මේවගේ ඒවාට දීලා දැන් සැපේ තමා ඉන්න වෙන්නේ.. මුන් කොහොමත් මැද පුරුක් නිසා ෂොට් එක හම්බ වෙන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,971
    15,431
    113
    35
    Spain
    දැක්කෙ නැ කොහෙවත්...
    මෙලෙස රිමාන්ඞ් භාරයට පත් කරන ලද්දේ, සම්පත් බැංකුවේ උමේශ් රන්දික, සෙලාන් බැංකුවේ ශරාන් මාරියෝ ප්‍රනාන්දු, යුනියන් බැංකුවේ ධර්මලිංගම් ප්‍රසාන්ත් සහ ⁣NDB බැංකුවේ අමිල උදාර ලියනමාන්න යන කළමනාකාරවරුන් ය

    https://www.bbc.com/sinhala/articles/c9d8w572z6jo
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,132

    හම්මට BBC රෙදි ලිහලා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,132
    113
    ඔය 4ම සම්පත් උනත් පුදුම වෙන්න දෙයක් නෑ... හෙන ලොකු ඔලුව උන්ගේ පොඩි උන් ගියාම.. නුවර බ්‍රාන්ච් එකේ මනජර් කාරයා BYD වලට විතරයි ලිසිං දෙනවා කිවේ. ඒ පොරද දන්නේ නෑ කලින් අර ලෝන් වලට හොර ගණන් දාල මට්ටු වෙලා බැංකුවෙන් පන්නනේ නැතුව ඉදලා උසාවියෙන් එලෙව්වේ..

    මේවගේ ඒවාට දීලා දැන් සැපේ තමා ඉන්න වෙන්නේ.. මුන් කොහොමත් මැද පුරුක් නිසා ෂොට් එක හම්බ වෙන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා.
    සම්පත් එක ලොකුවට ස්කැම් එකකට අහු උනත් එක්ක නෙ ලඟදි
    අර යුක්‍රෙන් කාරයො ගහපු ස්කැම් එක, එකෙත් ඉන්සයිඩ් සපොර්ට් තිබිලා තිබ්බා නෙද?

    https://www.linkedin.com/posts/dinu...n-sri-lanka-activity-7247878340693360640-Aln2
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    ඔව්ව මොනවද අර ආණ්ඩුවේ මහජන මුදල් ඩොලර් මිලියන ගානක් හැකර්වරුන්ට පුජා කරේ ? පුජාම වේවා කියල. මුදල් ඇමති කවුද ? වෙන රටවල්වල වගකීම අරගෙන ඉල්ලා අස් වුනාට, නඩු පැවරුවට, මෙහෙ ඉල්ලා අස්වෙන්න ඔට්ටු නැ හොදේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,436
    4,688
    113
    මම කීවේ අපි 30 000ක් වැඩිය හිතන්නෙ නැතුව වියදම් කරන එක වැරදී කියලා. බලහන් මේ මැනේජර්ල තමුන්ගෙ ජොබ් එකත් අවදානමේ දාලනෙ ඔය වැඩේ කරල තියෙන්නෙ. මම දන්න සමහර බැංකු වල යාලුවෝ එහෙම කියල තියෙනව බැංකුවේ මැනේජර්ලා බැංකුවේ සල්ලි දවසෙ පොලියට මිනිස්සුන්ට දෙනව කියල. දවස අන්තිමට සල්ලි ටික බැංකුවට රිටන් කරල අරූ පොලී සල්ලි තියාගන්නවා. ඔහොම් අකරල මාට්ටු උන උනුත් ඇති ඕන තරම්.
    සමෘද්ධි බැංකුවල මිනිස්සු දාන සල්ලි වලට ඔහොම කරනවා, මැනේජර් එක්ක සෙට් වෙලා කරන්නේ, ගොඩක් තැන්වල ඕක වෙනවා බන්, ඔය ග්‍රාමීය බැංකු එහෙම හොර තිප්පලවල්
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    532
    512
    93
    Four senior managers from Seylan Bank, Sampath Bank, Union Bank and Nations Trust Bank have reportedly been remanded until August 20
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,492
    8,664
    113
    Galaha
    සමෘද්ධි බැංකුවල මිනිස්සු දාන සල්ලි වලට ඔහොම කරනවා, මැනේජර් එක්ක සෙට් වෙලා කරන්නේ, ගොඩක් තැන්වල ඕක වෙනවා බන්, ඔය ග්‍රාමීය බැංකු එහෙම හොර තිප්පලවල්
    මම මේ කියන්නෙ Peoples bank එකේ හරි BOC එකේ හරි මැනේජරයෙක් ගැන. මට කියපු එකා ඔය දෙකෙන් එක්ක වැඩ. බැංකු දෙකම කහයි රතුයි නිසා පැටලෙනව මට.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,868
    113
    සම්පත් එක ලොකුවට ස්කැම් එකකට අහු උනත් එක්ක නෙ ලඟදි
    අර යුක්‍රෙන් කාරයො ගහපු ස්කැම් එක, එකෙත් ඉන්සයිඩ් සපොර්ට් තිබිලා තිබ්බා නෙද?

    https://www.linkedin.com/posts/dinu...n-sri-lanka-activity-7247878340693360640-Aln2
    අර කැටයම් දාල ආව විශ්ව එක වෙන්න ඇති..
    බැංකුවට ගියාම එකේ ඩයල් එකක් කියනවා විශ්ව වෙබ් එකේ උපරිම 100000 දෙන්න පුළුවන්, ඇප් එක දාගන්නලු.
    වෙබ් එක හරියට කරගන්න බැරි උන් කොහෙද ඇප් එකක් හරියට කරගන්නේ..

    මගේ තිබ්බ මනිමර්කට්, ක්‍රෙඩිට් කාර්ඩ් ඔක්කොම එක්ක HNB එකට අවා. අද වෙනකම් ලොකු ලයින් දීලා නෑ උන්
     
    • Like
    Reactions: Inigo Montoya

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,247
    8,255
    113
    M-Town
    මෙලෙස රිමාන්ඞ් භාරයට පත් කරන ලද්දේ, සම්පත් බැංකුවේ උමේශ් රන්දික, සෙලාන් බැංකුවේ ශරාන් මාරියෝ ප්‍රනාන්දු, යුනියන් බැංකුවේ ධර්මලිංගම් ප්‍රසාන්ත් සහ ⁣NDB බැංකුවේ අමිල උදාර ලියනමාන්න යන කළමනාකාරවරුන් ය

    https://www.bbc.com/sinhala/articles/c9d8w572z6jo
    මුං ඒකටනම් ජාති ආගම් භේද නැතුව බෞද්ධ හිංදු මුස්ලිම් ක්‍රිස්තියානි ඔක්කොම සංහිඳියාවෙන් වැඩ කරලා.කවුද යකෝ අපේ රටේ සංහිඳියාව නෑ කියන්නේ.. අර උතුරෙ උද්ඝෝශනේ කරන උන්ට කනට ගහල මේ නිව්ස් පෙන්නන්ට ඕනේ. Copied
     
    Similar threads