කවුද මේ ශිරාන් බාසික්? පි.හංසමාලිත් එක්ක ඇති සම්බන්ධය මොකක්ද?

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,213
    8,206
    113
    M-Town


    කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික් ඩුබායි රාජ්‍යයෙන් ලංකාවට පිටුවහල් කිරිමෙන් පසු ඔහුව ශ්‍රී ලංකා පොලිසිය විසින් අත් අඩංගුවට පත්වෙනවා!!

    ශිරාන් බාසික් අත්අඩංගුවට පත්වීමෙන් පසු බොක්ක රත්වී ඇති නළු නිලියන්, දේශපාලකයින්, හිටපු පොලිස්පතිවරු, පුජ්‍යපක්ශයෙ අය රාශියක් සිටින බව නොරහසක්.

    ශිරාන් බාසික් සමඟ සබඳතා පැවැත්වු බව කියන අය පිලිබඳ තොරතුරු මුලාශ්‍ර පදනම් සහිතව තබන සටහනක් මේ !! 😊

    2023 වර්ශයේදි දියත් කරනු ලැබු යුක්තියෙ මෙහෙයුම නැමති ක්‍රියාවින්තයේදි බාසික් පුතනුවන් වන නදීම් බාසික් හැව්ලොක් හී සුභෝපභෝගි නිවාස සංකිර්නයක සිට පලා යෑමේදි අත් අඩංගුවට පත් වුනා ඔබට මතක ඇති.

    හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු වන කීර්තී රත්නායක චමුදිත සමරවික්‍රම සමඟ කරන සාකාච්චා කිහිපයකදි හෙලි කල කරුණු අනූව නදීම් බාසික් රැඳි සිටි හැව්ලොක් හි නිවස්නය මීට පෙර හිමිකාරිත්වය දරා ඇත්තෙ ප්‍රවීන නිරූපණ ශිල්පි පියුමි හංසමාලි විසින්..

    බාසික් පුතු ( බේසික් පුතු) පලායෑමෙන් අනතුරුව ශිරාන් බාසික්ගෙ කළු සල්ලි සුදු කිරීමෙ ජාවාරම සම්බන්ධව කටයුතු කලායැයි පියුමි හංසමාලි ට කිර්ති රත්නායක විසින් චෝදනා එල්ල කරනවා..

    එම චෝදනාව සම්බන්ධයෙන් එවකට ඇය නීතී උපදෙස් ලබාගන්නෙ ඩීල්දාස සහ ඔහුගෙ පුතනුවන්ගෙන් බවත් කීර්තී රත්නායක විසින්ම මාධ්‍යයට ප්‍රකාශ කරනවා..

    එතකොට ශිරාන් බාසික්ගෙ මුදල් විශුද්ධිකරණය පිලිබඳ හංසමාලි මැතිනියට එල්ල උන චෝදනාව ඉදිරියේදි අපි බලමු පත්තු වෙන හැටි😁😁

    හොදයි කවුද මේ ශිරාන් බාසික්...

    ශිරාන් බාසික්ගෙ අපරාධ ආගමනය ගැන කදිම සටහනක් lankaE News වෙත රුවන් වීරකෝන් ඊයේ දිනයේදි ලියනවා.

    වෙබ්සයිට් වල නිව්ස් නොකියවන අය උදෙසා සහ ජනප්‍රිය මාද්‍ය වල මේ තොරතුරු පල නොවෙන නිසා මම රුවන්ගෙ සටහනේ ඇතැම් තැන් උපුටා දක්වන්නම්

    සම්පූර්ණ නම; ශිරාන් බාසික් (උපතේ නම ලෙස සඳහන් කර ඇත්තේ Bacam Mohamad Gavus Ayesha)

    පියාගේ නම; Basick Abdul Razick Mohamad

    උපන් දිනය; 1978 ඔක්තෝබර් 24

    ( හැදුනුම්පත් සහ ගමන් බලපත්‍ර පිලිබද විස්තර උක්ත ලිපියෙ දක්වා තිබෙනවා)

    1. ශිරාන් බාසික්ගේ මුල් අවධිය: නගර සභා කම්කරුවෙකුගේ සිට නීති විරෝධී මෙහෙයුම් දක්වා

    1990 දශකයේ මුල් භාගයේදී, ඉරුණු ටී-ෂර්ට් එකක් සහ සෙරෙප්පු පැළඳගත්, සිහින් සිරුරක් සහිත තරුණයෙකු දෙහිවල–ගල්කිස්ස මහ නගර සභාවේ කසළ එකතු කිරීමේ කාර්යයේ නිරත විය. අද වන විට එම හිටපු කම්කරුවා වන, 1978 ඔක්තෝබර් 24 දින දෙහිවලදී උපන් බව සඳහන් වන ශිරාන් බාසික්, විශාල ධනයක් එක්රැස් කරගත් සහ තම පවුලට දේශපාලන බලය ලබාගැනීම සඳහා ප්‍රධාන දේශපාලන ව්‍යාපාර සඳහා මුදල් යෙදවූ බවට චෝදනා එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුන්වනු ලබයි.

    ඔහුගේ අපරාධමය ගමන ආරම්භ වූයේ දෙහිවල ප්‍රදේශයේ 'කසිප්පු ආනන්ද' සමඟ එක්ව නීති විරෝධී මත්පැන් අලෙවි කිරීමෙන් බව සඳහන් වේ. එම කාලයේදී ඔහු ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වූ ධනසිරි අමරතුංග සමඟ ද සබඳතා ගොඩනඟාගෙන තිබූ බව පැවසේ.

    පසුව බාසික් නීති විරෝධී මත්පැන් වෙළඳාමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම වෙත මාරු වූ අතර, පොට්ට නව්ෆර්ගෙන් මත්ද්‍රව්‍ය තොග ලබාගත් බව සඳහන් වේ.

    දෙහිවල රෝහල ආසන්නයේ ප්‍රාදේශීය බල අරගලයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් දිවි ගලවාගැනීමෙන් පසු ඔහු ඩුබායි වෙත පලා ගොස් වසර හතරක් එහි රැඳී සිටියේය. අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි ඔහු තම ජාලය තවදුරටත් පුළුල් කළ බව සඳහන් වේ.

    2. මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය ගොඩනැගීම..

    ශ්‍රී ලංකාවට නැවත පැමිණීමෙන් පසු 'නාජීම්' නම් සහකරුවෙකු විසින් බාසික්ව මොහොමඩ් සිද්දික් නම් තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට හඳුන්වා දී තිබූ බව පැවසේ. සිද්දික් ප්‍රධාන සැපයුම්කරුවෙකු ලෙස කටයුතු කිරීමට එකඟ වී ඇත.

    බාසික්, මහ නගර සභාවේ වැඩ කළ කාලයේදී හඳුනාගත් පුද්ගලයන් සහ නොයෙක් සම්බන්ධතා භාවිතා කරමින් ප්‍රාදේශීය බෙදාහැරීමේ ජාලයක් ගොඩනඟා ගෙන ඇත.

    මත්ද්‍රව්‍ය ප්‍රවාහන මාර්ග;

    මත්ද්‍රව්‍ය තොග මුහුදු මාර්ගයෙන් දකුණු වෙරළ තීරයේ ධීවර ප්‍රජාවන් සහ හලාවත ප්‍රදේශය හරහා සම්බන්ධීකරණය වූ ජාල මගින් රට තුළට ගෙන ආ බව පැවසේ.

    දූෂිත සම්බන්ධතා;

    මත්ද්‍රව්‍ය තොග ආරක්ෂිතව ගෙනයාම සඳහා රේගු සහ ප්‍රාදේශීය රාජ්‍ය ආයතනවල ඇතැම් පුද්ගලයන් සමඟ සබඳතා ගොඩනඟාගෙන තිබේ.

    විදේශීය මෙහෙයුම් මධ්‍යස්ථානය;

    “දෙහිබාලා” නමින් හැඳින්වූ ප්‍රතිවාදියෙකුගෙන් එල්ල වූ මාරාන්තික තර්ජනයකින් පසු බාසික් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ඩුබායිහි ස්ථිර මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවා ගත් බව සඳහන් වේ.

    මොහොමඩ් සිද්දික් සමඟ එක්ව ඔහු ඇෆ්ගනිස්ථාන සැපයුම් මාර්ග හරහා හෙරොයින් සහ කෘත්‍රිම මත්ද්‍රව්‍ය වන ICE ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම පුළුල් කළ බව සොයා ගෙන ඇත.

    හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බාසික් සමඟ සම්බන්ධ වන්නෙ කෙසේද?

    බාසික් තම 22 හැවිරිදි පුත් නදීම් බාසික් කොළඹ හෝ දෙහිවල–ගල්කිස්ස නගරාධිපති ධුරයට පත්කර ගැනීමට උත්සාහ කළ බව සඳහන් වේ.

    ප්‍රජා සහයෝගය ගොඩනඟා ගැනීම සහ අඩු ආදායම්ලාභී ජන කොටස් සමඟ දේශපාලන සබඳතා ශක්තිමත් කිරීම සඳහා, ඔහුගේ පුත්‍රයාට “දිවියට සහායක්” නමින් රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවීමට උපදෙස් ලබා දුන් බව හෙළි කෙරේ. ගංගාරාම විහාරස්ථානයට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් එම කටයුතු සඳහා සම්බන්ධ කරගත් බවද සඳහන් වේ.

    ශිරාන් බාසික්ගෙ මෙතෙක් හදුනාගත් දේපළ සහ නිශ්චල දේපළ ජාලය::::

    වැල්ලවත්ත, දෙහිවල සහ ගල්කිස්ස වෙරළ තීරය ආශ්‍රිතව අවන්හල් 15කට වැඩි ප්‍රමාණයක් වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් පවත්වාගෙන යන බවත්, දෙහිවල සහ කොල්ලුපිටියේ සුඛෝපභෝගී නිවාස (අපාට්මන්ට්ස්) ඇතුළු විශාල ප්‍රමාණයක වාර්තා නොවූ වත්කම් පාලනය කරන බවත් සඳහන් වේ.

    ප්‍රධාන වශයෙන් සඳහන් වන ලිපිනයන්;

    අංක 58/A, වණරත්න පාර, දෙහිවල

    අංක 37/A, වණරත්න පාර, දෙහිවල

    අංක 11/17, මල්වත්තේ පාර, දෙහිවල

    අංක 23/18, ඇඹිල්ලවත්ත පාර, බොරලැස්ගමුව

    බොරලැස්ගමුව, අබේරත්න මාවතේ හවුල්කරුවන් සතු බව සඳහන් වන පෞද්ගලික විදුලි සෝපාන සහිත සුඛෝපභෝගී නිවාස දෙකක්

    උපුටා ගැනීම් අවසන්..

    දැනට ශිරාන් බාසික් පුතුනුවන් නදීම් බාසික්
    සහ ඔහුගේ සමීප සහකරුවන් කිහිපදෙනෙකු විදේශගත වී හෝ කොළඹින් පිටත සැඟවී සිටින බව සඳහන් වෙනවා..

    2023 වර්ශයෙ අර්බුදයට ලක් සෝල් බීච් හෝටලය සම්බන්ධවත් බාසික්ගෙ නම කියවෙනවා.. ඒ හෝටලයේ හිමිකරුවෙක් වන බව පවසමින් රිෆා නැමති අයෙක් චමුදිත සමග හැඩු කදුලින් කල ඉන්ටර්විව් එක ඔබට මතක ඇති..

    ඒ හෝටලයේ පාට්නර්ස්ලාගෙ නම් අතර තිබු සම්පත් අත්තටගෙ යන ටියුශන් ගුරාගෙ නම මතකද?

    2011 පමණ කාලයේ සාමාන්‍ය පෙල විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලීක් කිරීම සම්බන්ධව ඔහුට එකල චෝදනා එල්ල උනා..මගෙ සමීපතමයෙක් මට සදහන් කලේ මීට සති තුනකට පෙර අයිස් ග්‍රෑම් 15 ට අධික ප්‍රමාණයක් සමග සන්තකය ඔප්පුවීම නිසා සම්පත් අත්තටගෙ 54 වගන්තිය යටතේ මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින බව. තව කෙනෙක් සදහන් කලා ඔහු මේ වනවිට එලියෙ ඉන්න බව (නිවැරදි කිරීම් වලට යටත්ව)

    කෙසේ වෙතත් සෝල් බීච් අර්බුදය ඇතිවුනේ හිටපු පොලිස්පති දේශබන්දු විසින් බාසික්ගෙන් ඉල්ලු කප්පම් මුදල නොගෙවීම නිසා ඇති වු විරසකය මත බව ප්‍රසිද්ධ රහසක්!!

    ශිරාන් බාසික්ට සබදතා තිබුනු අය අතර ගංගාරාම විහාරස්ථානයෙ හිමිවරු කිපදෙනෙක්ගෙද නම් දැනට කියවෙනවා ེ

    තවත් සබඳතා ඉදිරියේදි හෙලිවනු ඇතැයි අපේක්ශා කරනවා..

    ශිරාන් බාශික්ට එරෙහිව චෝදනා ගොනු කරන ආකාරය වැදගත් කරුණක්..මන් සොයා බලපු ආකාරයට ඔහුට තවමත් ඔප්පු කල හැකි මට්ටමෙ බරපතල මත්ද්‍රව්‍ය චෝදනා සාක්ශි සහිතව මෙරට තුල නැහැ. නමුත් අනිවාර්‍යෙන් නීතිවිරෝධි සහ අයථා වත්කම් චෝදනාත්, මුදල් විශුද්ධිකරණ චෝදනාත් ඔහු අරඹයා ගොනු කල හැකියි

    මේ පිලිබද වැඩිදුර තොරතරු සදහා පුලුවන් නම් කියවන්න රුවන් වීරකෝන් ලංකා E නිව්ස් වෙත පලකල වාර්තාව😊

    ඉදිරි සතී කිහිපයේදි දේශපාලනයෙ සහ කලා ක්ශ්‍රෙත්‍රයෙ කිහිප දෙනෙක්ගෙ නම් ශිරාන් බාසික් සමඟ ඈදීමට නියමිත බව පමණක් මතක් කරමින් මේ සටහන නිමා කරන්නම්!!

    Source - https://www.facebook.com/share/1DVWKa6unm/
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    බයියොන්ගෙ අන්තිම බලාපොරොත්තුව කංජපානි බුදුවේවා
     
    • Like
    Reactions: ComanMan

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,145
    1,654
    113
    පියුමිට සෙට් උන පරිප්පුව බලපන්කො :lol:

    මිනිහ දාල ගියේ නිකන් ඉව වැටිලද දන්නේ නෑ


    ps:
    අඩෝ සරත් වීරසේකර ජංගි ඩිලිවර් කරපු සින් එක ! ඩොට්ස් දැන් තමයි සෙට් වෙන්නේ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස
    මූවද us වලින් ඉල්ලන්නේ.ලගදි අල්ලපු කාවහරි us වලින් ඉල්ලනවද? ලංකාවේ උන් මෙච්චර පවර්ෆුල් නන් හිතපන්කෝ ඉන්දියාවේ ඩ්‍ර්ග් ලෝඩ්ස්ලා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,384
    14,286
    113
    35
    Spain
    ශුද්ධ හෙරොයින් මිලිග්‍රෑම් 6ක් තිබ්බත් ඇති ගස් යන්න පුළුවන්.
     
    • Like
    Reactions: War Fighter

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,311
    8,455
    113

    ශිරාන් බාසික්ගේ පුතා​


    ...
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,581
    5,478
    113
    මූවද us වලින් ඉල්ලන්නේ.ලගදි අල්ලපු කාවහරි us වලින් ඉල්ලනවද? ලංකාවේ උන් මෙච්චර පවර්ෆුල් නන් හිතපන්කෝ ඉන්දියාවේ ඩ්‍ර්ග් ලෝඩ්ස්ලා
    Dawood Ibrahim
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,729
    4,611
    113
    හෝව්..හෝව්..ඔක්කොමට ඉස්සෙල්ල
    එන්න අපි ආචාරධර්ම ethics ඉගෙනගමු මුල්පුරවැසියගෙන්ම 🙏



     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,942
    5,542
    113
    මූවද us වලින් ඉල්ලන්නේ.ලගදි අල්ලපු කාවහරි us වලින් ඉල්ලනවද? ලංකාවේ උන් මෙච්චර පවර්ෆුල් නන් හිතපන්කෝ ඉන්දියාවේ ඩ්‍ර්ග් ලෝඩ්ස්ලා
    පක්කො තමයි රන් කරනනෙ.
     
    • Like
    Reactions: War Fighter