අපරාධ විද්‍යාවේ හි (Criminology) සඳහන් වන එක අපූරු න්‍යායක් ඇත. ලොව කිසිදු අපරාධයක් පරිපූර්ණ නැත. සාක්ෂි මකාදැමීමට අපරාධකරු ගන්නා අතිසූක්ෂම උත්සාහයන් තුළම, ඔහුගේ විනාශයේ රහස සැඟවී තිබේ යනුවෙන්
සන්නද්ධ පාතාලයේ මරණ තර්ජන සහ නොනවත්වා ආ කප්පම් තර්ජන හමුවේ, අහිංසක යැයි සම්මත ව්‍යාපාරිකයෙකු තමන්ගේම බුද්ධි මෙහෙයුමකින් පාතාල කල්ලියක් උගුලකට ඇද අළු කර දැමූ මෙම සිදුවීම ශ්‍රී ලංකා අපරාධ ඉතිහාසය ලිවීමෙිදී හමුවන අති බිහිසුණුම ඇග සීතල වන පරිච්ඡේදයකි.
එක්තරා අලුයමක දන්කොටුව - බඩල්ගම (ඉරබඩගම) පාළු කැලෑ පාරක් අයිනේ ගිනිගන්නා KDH වෑන් රථයක් දුටු ප්‍රදේශවාසියෙකු බියපත්ව දන්කොටුව පොලිසියට ඇමතුමක් ලබා දුන්නේය.
"සර්, මෙහෙ ඉරබඩගම කැලෑ පාරෙ KDH වෑන් එකක් මහා ගිනිජාලාවක් එක්ක පිච්චෙනවා...
ඇතුළෙ සිරුරු වගයකුත් තියෙනවා වගෙයි සර්!"
පොලිස් කණ්ඩායම් සහ ගිනි නිවන රථ ස්ථානයට ළඟා වන විටත් ගින්න නිවී තිබූ අතර, එහි තිබුණේ ඇඟ කිලිපොළා යන දසුනකි. අධික උෂ්ණත්වයට වෑන් රථයේ ඇලුමිනියම් සහ යකඩ රාමුව පවා උනුවී දියවී නැවී තිබුණි. වෑන් රථයේ පිටුපස තට්ටුව මත එකිනෙකා මත ඇඹරී, සම්පූර්ණයෙන්ම අඟුරු වී ගිය, මිනිස් සිරුරු යැයි පවා හඳුනාගත නොහැකි මළසිරුරු 5ක කඳන් කොටස් අළු ගොඩ අතරින් මතුවිය.
වෙඩි තැබීමක්, බෝම්බයක් හෝ පාතාල කල්ලි අතර මහා සංහාරයක් සිදුවී ඇතැයි මුළු රටම භීතියෙන් සලිත විය. එවකට පැවැති රජයේ දැඩි නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අතිසූක්ෂම විමර්ශනය භාර ගත්තේය. සාක්ෂි සියල්ල අළු වී තිබූ පසුබිමක CID විමර්ශකයින් ක්‍රියාත්මක කළේ විද්‍යාත්මක අපරාධ පරීක්ෂණ න්‍යායයි.
ගින්නෙන් සියල්ල අළු වුවද, එන්ජින් බ්ලොක් එක ආසන්නයේ යන්තමින් ඉතිරිව තිබූ යකඩ චැසි අංකය CIDය සොයාගත්තේය. මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව (DMR) ඔස්සේ පරීක්ෂා කිරීමේදී එය පානදුරේ Rent-A-Car ආයතනයකින් කුලියට ගත් KDH වෑන් රථයක් බව හෙළි විය. CIDය පානදුරට ගොස් ලේඛන පරීක්ෂා කිරීමේදී එය කුලියට ගත්තේ සීසර් කපිලගේ සගයන් බව තහවුරු විය. පානදුරේ සිට කුලියට ගත් පිරිසේ Cell Tower Data (CDR) සහ දුරකථන සංඥා පරීක්ෂා කිරීමේදී, උන් පානදුරේ සිට මාකඳුරට පැමිණ ඇති බවත්, උන් අවසන් වරට "බොයිලේරු මංජු" නම් මාකඳුරේ ව්‍යාපාරිකයා සහ ඔහුගේ සේවකයන් සමඟ දිගින් දිගටම දුරකථන ඇමතුම් හුවමාරු කරගෙන ඇති බවත් තහවුරු විය. සැකකටයුතු ලෙස මත්පැන් පානය කළ ස්ථානයේ සිට මාකඳුර පොළ පිටුපසටත්, එතැන සිට බඩල්ගම ගිනි තැබූ ස්ථානය දක්වාත් දුරකථන සංඥා එකට Location Tracking වී තිබුණි.
පොලිස් පරීක්ෂණ ඉදිරියට යද්දී ගිනිගෙන අළු වූ සිරුරු කාගේදැයි එකින් එක එළියට ආවේය. කපිල සෙනරත් බණ්ඩාර (සීසර් කපිල / නේවි කපිල) යනු වයඹ පළාතේ ප්‍රකට, සාපේක්ෂව ඉහළ සහ ගෞරවනීය පවුල් පසුබිමකින් පැමිණි අයෙකි. නාවික හමුදාවට නිලධාරීයෙක් ලෙස බැඳී සන්නද්ධ අවි පුහුණුව ලැබ පසුව හමුදාවෙන් පලා ආ (Deserted) ඔහු, කොළඹ මූල්‍ය සමාගම්වලින් වාරික නොගෙවූ වාහන බලහත්කාරයෙන් අත්පත් කරගැනීමේ 'සීසර්' රක්ෂාවට යොමු විය. හමුදා පුහුණුව නිසාම ගම්පහ සහ මාකඳුර/පන්නල ප්‍රදේශවල ප්‍රබලම සන්නද්ධ නායකයා බවට පත් වූ කපිල, "වම්බොට්ටා" වැනි ප්‍රබල අපරාධකරුවන්ගේද ළඟම හිතවතෙකු විය.
වෑන් එක තුළ අළු වී සිටියේ සීසර් කපිල, පෑලියගොඩ නීල් (පාතාලයේ ප්‍රබල වෙඩික්කරු), කටානේ ක්‍රිෂාන්ත (සූප්පුවා), සහ සීනිගම ප්‍රදේශයේ පදිංචිව සිටි කපිලගේ සගයන්/ගෝලයන් දෙදෙනාය.
අමිල නුවන් අල්මේදා (28 හැවිරිදි මංජු ) යනු මාකඳුර නගරයේ සැමගේ ආදරය දිනූ, කිසිදු අපරාධ පසුබිමක් නොතිබූ, තරබාරු (මහත), අහිංසක යැයි ප්‍රකට තරැණ ව්‍යාපාරිකයෙකි. ඔහු ඇඟලුම් කම්හල් සහ කර්මාන්තශාලා සඳහා කාර්මික බොයිලේරු (Industrial Boilers) සවි කිරීම , පාලනය සහ දර සැපයීමේ කොන්ත්‍රාත් ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. මංජුගේ ව්‍යාපාරයේ ලක්ෂ ගණනින් මුදල් ගැවසෙන බව දුටු සීසර් කපිල ඇතුළු කල්ලිය, මංජුගෙන් කලින් ලක්ෂ ගණනින් සල්ලි අරගන්නා ගමන් මංජුගෙන් හොඳට කාලා බීලා යන එකත් සිරිතක් කරගෙන සිටියේය. මංජුගෙන් කපිල විස්කි බෝතල් පිටින් බොන්නත් ඉල්ලලා තියෙනවා අවස්ථාව ඇත නොදුන්නොත් මංජුගේ බොයිලේරු අංගන විනාශ කර පවුලේ අය මරා දමන බවට දිගින් දිගටම මරණ තර්ජන කරමින් අමානුෂික ලෙස කප්පම් කඩාගත්තේය.
මෙම අමානුෂික තර්ජන සහ කප්පම් ඉල්ලීම් දරාගත නොහැකි තැන, බොයිලේරු මංජු තමන්ගේ විශ්වාසවන්ත සේවකයන් වන රෝහිත නියොමාල්, සුනෙත් මධුසංක, සමන් කුමාර සහ රසික ප්‍රදීප් සමඟ එකතු වී රහසිගත සාකච්ඡාවක් පැවැත්වීය.
මචං මෙික අපිට දිගමට කරන්න බෑ මුං අපි මහන්සි වෙලා හමිබ කරගන්න එක නිකං ඇවිත් කඩා වඩා ගන්නවා අපි මෙිකට මොකක් හරි කරන්න ඔින කියලා ....
උන්ගේ අතේ ගිනිඅවි තිබෙන නිසා සහ උන් ප්‍රබල සන්නද්ධ පාතාලයන් නිසා එකවර මුහුණට මුහුණ දී ඝාතනය කිරීම කළ නොහැකි බව මංජු වටහාගත්තේය. ඒ නිසා මංජු සහ සේවකයන් එකතු වී අතිසූක්ෂම Execution Plan එකක් සූදානම් කළහ. උන් මත්පැන් පානය කරන ස්ථානය සහ ඝාතනය කරන ස්ථානය වෙන වෙනම තැන් දෙකක සැලසුම් කළ අතර, බොයිලේරු අංගනයේ තිබූ එදිනෙදා පාවිච්චි කරන පොරෝ යකඩ පොලු, මන්නා සහ පට්ටල් උපකරණ ආයුධ ලෙස කලින්ම සූදානම් කර මාකඳුර පොළ අසල රහසිගත ස්ථානයක සඟවා තැබූහ.
ඝාතනය සිදු කිරීමට නියමිත දින මංජු තමන්ගේ උගුල ක්‍රියාත්මක කළේය. "සල්ලි ලෑස්තියි, ඇවිත් අරන් යන්න" කියමින් කපිල ඇතුළු පිරිස මාකඳුර නගරය ආසන්නයේ වෙනත් ස්ථානයකට ගෙන්නාගෙන, කිසිදු සැකයක් නොහිතෙන සේ සිහිනුවණ නැතිවන තරමට අධික ලෙස මත්පැන් (Hard Liquor සහ මත්පෙති/රසායනික ද්‍රව්‍ය කලවම් කර) පානය කිරීමට සැලැස්වීය. උන් හොඳටම මත් වූ පසු මංජු ඉතා සූක්ෂම මානසික සෙල්ලමක් දැමීය.
"කපිල අයියේ, මෙතන තියෙන සල්ලි මදි... ටිකක් මෙි බොන වැඩෙිට වියදමි උනා ඉතිරි ගණන පොළ ළඟට මගේ එක්කෙනෙක් අරන් එනවා. මම ගිහින් ඒ සල්ලි ලෑස්ති කරගෙන ඉන්නම්, එතනට ඇවිත් ගන්න" යැයි කියමින් කපිලගේ සගයන් එකිනෙකා පොළ දෙසට ගෙන්නා ගැනීමට පාර කැපීය.
වෙඩි තැබුවහොත් ශබ්දය පිටතට ඇසෙන නිසා, මංජු පිරිස මෙහෙය වූයේ කිසිදු ගිනිඅවියක් නොමැති ශබ්ද නොනැගෙන Execution එකකටය. මුලින්ම කපිලගේ කතාව අසා සල්ලි ගැනීමට පැමිණි කපිල සහ පළමු සගයාව මාකඳුර පොළේ වැසිකිළියට යන පාරේ තාප්ප දෙක අතර පිහිටි දෙබොක්කාවට රැගෙන ගොස්, කලින් සඟවා තිබූ යකඩ පොලු, මන්නා සහ පට්ටල් උපකරණවලින් හිසට ගසා ක්ෂණිකව ඝාතනය කරන ලදී. ඉන්පසු, "සල්ලි ගන්න ගිය අය නොපැමිණි ඔහුන් සොයා පැමිණි වෙරි මතින් දැඩ්ව මත් වෙලා සිටි සගයන් සහ එකිනෙකා ගෙන්වා ගත් අනික් අයවද කිසිදු ශබ්දයක් පිටතට නොයන සේ එම දෙබොක්කාව තුළට එකිනෙකා ගෙන්නා ගනිමින් හිස් කුඩුපට්ටම් කර, කපලා කොටලා 5 දෙනාම පිළිවෙළින් එතැනදීම ඝාතනය කළහ.
ඝාතනයෙන් පසු සිරුරු 5ම උන් ආපු KDH වෑන් රථයේ පිටුපසට පටවනු ලැබීය. වෑන් එක සාමාන්‍ය පරිදි ගිනි තැබුවහොත් ඇටසැකිලි සහ සිරුරු කොටස් ඉතිරිවන බව මංජු දැන සිටියේය. ඒ නිසා වෑන් රථය තුළට පෙට්‍රල් වත් කිරීමට අමතරව සීනි ගෝනියක් (Sugar Sack) හලා විසුරුවා හැරියේය. පෙට්‍රල් සමඟ සීනි එකතු වී දැවෙන විට සිදුවන Caramelization High Heat ක්‍රියාවලිය නිසා ගින්නේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් සිරුරු මෙන්ම KDH වෑන් රථයේ යකඩ සහ ඇලුමිනියම් ලෝහ කොටස් පවා දියවී අළු විය.
රස පරීක්ෂකවරයා විසින් අළු අතර තිබී සීනි දැවුණු රසායනික අංශු (Caramel burnt residues) සොයාගත් අතර, සිරුරු අඟුරු වී තිබූ බැවින් ඥාතීන්ගේ සාම්පල මඟින් මියගිය 5 දෙනාගේ Identity එක තහවුරු කරගත්තේ DNA පරීක්ෂණ මඟිනි.
සයිබර් සහ තාක්ෂණික සාක්ෂි මත CIDය විසින් ප්‍රධාන මහ මොළකරු වූ අමිල නුවන් අල්මේදා (බොයිලේරු මංජු - 28) සහ ඔහුගේ සේවකයන් වන රෝහිත නියොමාල්, සුනෙත් මධුසංක, සමන් කුමාර සහ රසික ප්‍රදීප් යන 4 දෙනා අත්අඩංගුවට ගත් අතර, ප්‍රශ්න කිරීම් හමුවේ මංජු මෙම අතිසූක්ෂම Masterplan එක CIDය හමුවේ සම්පූර්ණයෙන්ම පාපොච්චාරණය කළේය. නීතිපතිවරයා මඟින් කුරුණෑගල මහාධිකරණයේ නඩුව ගොනු කරන ලදී.
ශ්‍රී ලංකාවේ පාතාල ඉතිහාසය දෙස බලද්දී යම් ප්‍රදේශයක පාතාල කල්ලියක් හිස ඔසවන විට, උන්ව ආරම්භයේදීම මර්ධනය නොකළහොත් පසුව මුළු පළාතම ලේ විලක් කරමින් "පොරවෙන් කපන්න වෙන මහා ගසක්" බවට වර්ධනය වීම සාමාන්‍ය දෙයකි. කුරුණෑගල දිස්ත්‍රික්කයත්, ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන හා දිවුලපිටිය මායිම් ප්‍රදේශත් බියෙන් අල්ලාගෙන, වටින් ගොඩින් වැඩෙමින් තිබූ සීසර් කපිලගේ අතිදරුණු පාතාල කල්ලිය පොරවෙන් කපන තැනට වර්ධනය වීමට ඉඩ නොතබා, එය දලු අවස්ථාවේදීම මුලින්ම කපා ඉවත් කිරීමට අහිංසක යැයි සම්මත "බොයිලේරු මංජු" ක්‍රියාත්මක විය.
පාතාලයේ අමානුෂික බියගැන්වීම් හමුවේ සැලෙනවා වෙනුවට, උන්ගේම ඇබ්බැහිවීම් උගුලකට හරවාගෙන සීනි ගෝනියක රසායනික තාක්ෂණයෙන් පාතාලයම දලු කාලෙදීම විනාශ කළ මෙම සිදුවීම, මෙරට අපරාධ විද්‍යා ඉතිහාසයේ සිදුවු අමුතුම අපරාධයක් ලෙස මෙි සිදුවීම සටහන් වේ.
ඔබේ අදහස කුමක්ද?
නීතිය තමන්ගේ අතට ගෙන පාතාලයන් හෝ මෙසේ සමූලඝාතනය කිරීම සාධාරණීකරණය කළ නොහැකි වුවත්, අහිංසක ව්‍යාපාරිකයෙකුට සහ ඔහුගේ පවුලට එල්ල වූ අමානුෂික මරණ බිය හමුවේ වෙනත් විකල්පයක් තිබුණාද? සීසර් කපිලගේ පාතාල කල්ලිය මෙලෙස දලු කාලෙදීම කපා නොදැමුවා නම් වයඹ පළාතේ තවත් කී දෙනෙකුගේ ජීවිත ලේ විලක් වන්නට තිබුණාද?