මුල්වරට අඟහරු චන්ද්‍රයන්ගෙන් සාම්පල ගෙන ඒමට ශ්‍රී ලංකාව සැරසේ: "රාවණා - 1" මෙහෙයුම ලබන කන්නයේ අභ්‍යවකාශයට!

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,593
    10,427
    113
    44
    Living in an Atom
    ශ්‍රී ලංකා අභ්‍යවකාශ හා ග්‍රහලෝක ගවේෂණ අධිකාරිය (SL-NASA) විසින් මෙහෙයවනු ලබන අති දැවැන්ත 'අඟහරු පස් කැපීමේ' මෙහෙයුම, අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයන්ගෙන් පස් ටිකක් පෘථිවියට ගෙන ඒම සඳහා සැලසුම් කළ ලොව ප්‍රථම මෙහෙයුම ලෙස ඉතිහාසයට එක්වීමට නියමිතය. මෙම මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ අඟහරුගේ විශාලතම චන්ද්‍රයා වන ෆෝබොස් (Phobos) වෙතින් අවම වශයෙන් පස් කියුබ් එකක්වත් ලබාගෙන, 2031 වසරේදී පෘථිවියට රැගෙන විත් වරාය නගරයේ (Port City) ඉතිරි වැඩකටයුතු සඳහා යොදා ගැනීමය.

    ඊයේ දිනයේදී හම්බන්තොට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී මෙම අභ්‍යවකාශ යානයේ පියාසැරි ආකෘතිය මාධ්‍ය වෙත නිල වශයෙන් අනාවරණය කරන ලදී. ලබන මහ කන්නයේදී නවීකරණය කරන ලද 'ලංගම බස්-රොකට්ටුවක්' මගින් මෙය අභ්‍යවකාශගත කිරීමට නියමිත අතර, වසර ගණනාවක ටෙන්ඩර් අර්බුදවලින් පසු සිය කණ්ඩායම දැන් මෙහෙයුමේ ආරම්භක රේඛාවේ සිටින බව ව්‍යාපෘති කළමනාකරු එහිදී ප්‍රකාශ කළේය. ටොන් 4.5ක් පමණ බරින් යුත් මෙම යානය පණගැන්වීම සඳහා භූමිතෙල් සහ දර ලිපක් භාවිත වන අතර, යානයේ වහලය මත අතුරා ඇති සුවිශාල පන් පැදුරු මගින් අමතර සූර්ය බලශක්තිය ලබාගැනීමට සැලසුම් කර ඇත.

    විෂ්කම්භය කිලෝමීටර් 22ක් පමණ වන ෆෝබොස් චන්ද්‍රයා මතට ගොඩබසින අපේ ගගනගාමීන්, එහි ඇති අඳුරු පෘෂ්ඨය රාවණා රජුගේ දඬුමොණරය හැප්පීමෙන් සෑදුනු එකක් දැයි පරීක්ෂා කරනු ඇත. මීට අමතරව, අඟහරු මතුපිට ජලය ඇති බවට තහවුරු වුවහොත්, එහි කුඹුරු අක්කර කිහිපයක් අස්වැද්දීමේ හැකියාවද ගවේෂණය කෙරෙනු ඇත. සාම්පල එකතු කිරීම සඳහා යානයට සවි කර ඇති 'රොබෝ උදැල්ල' සහ 'කූඩය' හරහා පස් කැපීම සිදු කෙරෙන අතර, තේ බීමේ විවේකය සඳහා යානය චන්ද්‍රයා මතුපිට රැඳී සිටින කාලය පැය 2.5කට පමණ සීමා කර ඇත.

    ප්‍රධාන යානය ගොඩබෑමට පෙර චන්ද්‍රයාගේ මතුපිට පරීක්ෂා කිරීම සඳහා 'ලෑලි කරත්ත' රෝවරයක් මීටර් දස ගණනක උසක සිට මුදා හැරීමට නියමිතය. දින 100ක කාලයක් ක්‍රියාත්මක වන එමගින්, අඟහරු මතුපිට කඩමණ්ඩියක් දැමීමට සුදුසු ස්ථානයක් සොයාගැනීම සඳහා අවශ්‍ය පූර්ව තොරතුරු සපයනු ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය ආධාර සහ සහනාධාර යටතේ ක්‍රියාත්මක වන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන ගණනක් වැය වී ඇති බවට වාර්තා වන අතර, අභ්‍යවකාශ ගමනේ අතරමගදී ඛනිජ තෙල් සංස්ථාවේ ණය පියවීම සඳහාද අභ්‍යවකාශයේදී අරමුදල් රැස්කිරීමට කාර්ය මණ්ඩලය බලාපොරොත්තු වෙයි. 2030 වසරේදී අඟහරු පද්ධතියෙන් පිටත් වන යානය, 2031 වසරේදී කොළඹ ගාලු මුවදොර පිටියට (Galle Face) ගොඩබෑමට නියමිතව ඇත.
     

    Similar threads