ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ රට තුළ සිදුවන ඇතැම් සංසිද්ධීන් පිළිබඳව බුද්ධි තොරතුරු ජාලය හරහා බරපතල තොරතුරු කිහිපයක් අනාවරණය වී තිබේ. රටේ ආරක්ෂාව සහ ස්ථාවරභාවය පවත්වා ගැනීම අරමුණු කරගනිමින් මෙම තොරතුරු ජනතාව දැනුවත් කිරීම සඳහා ඉදිරිපත් කරන්නෙමු. ලැබී ඇති බුද්ධි තොරතුරුවලට අනුව රජය අකර්මණ්‍ය කිරීමේ අරමුණින් සැලසුම් සහගතව ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් රට තුළ පවතින බව වාර්තා වේ. විශේෂයෙන්ම මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම හෝ ව්‍යවස්ථා සංශෝධනයක් වැනි රටේ තීරණාත්මක මොහොතකදී අස්ථාවර තත්ත්වයක් ඇති කිරීමට විවිධ පාර්ශව සූදානම් වන බව මෙහිදි පෙනී යයි. මෙම ක්‍රියාවලියේදී හිටපු යුද හමුදා බුද්ධි නිලධාරීන්ගේ මැදිහත්වීමකින් සිදුවන බව පැවසෙන මානසික මෙහෙයුමක් මගින් ජනතාව අතර බියක් සහ නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ දරන බවටද කරුණු අනාවරණය වී ඇත. රට විදේශිකයන් විසින් අල්ලා ගැනීමට සූදානම් වන බවට වැරදි මතවාද පතුරුවමින් ජනතාව නොමග යැවීමට මෙම කණ්ඩායම් ක්‍රියා කරන බව පෙනේ.
මේ වන විට පොතුවිල්, පානම, දික්වැල්ල, ගාල්ල සහ මාතර වැනි ප්‍රදේශවල විශාල වශයෙන් ඊශ්‍රායල ජාතිකයන් රැඳී සිටින බව වාර්තා වේ. මොවුන්ගෙන් බහුතරයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සංචාරක වීසා මගිනි. කෙසේ වෙතත් සංචාරක වීසා මත පැමිණෙන පුද්ගලයන්ට රැකියාවල නිරත වීම හෝ වෙනත් ව්‍යාපාරික කටයුතු කිරීම නීතිවිරෝධී වුවද ඇතැම් ස්ථානවල ඔවුන් විසින්ම ව්‍යාපාර පවත්වාගෙන යන බව අනාවරණය වී තිබේ. උදාහරණයක් ලෙස හීනටියන ප්‍රදේශයේ ඊශ්‍රායල ජාතිකයන් විසින් පවත්වාගෙන ගිය ආපන ශාලාවක් හදිසියේම ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස වෙනස් කර පසුව එය ආගමික වන්දනා ස්ථානයක් බවට පත්කිරීමේ උත්සාහයක් ගැන තොරතුරු ලැබී ඇත. මෙම ක්‍රියාවන් මගින් ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජනතාව නොසන්සුන්තාවයට පත්කර සිංහල සහ මුස්ලිම් ජනතාව අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සාහයක් පවතින බවක් නිරික්ෂණය වේ. මෙම තත්ත්වය හුදෙක් ප්‍රදේශයකට සීමා නොවී රටේ සාමය සහ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් අදාළ බලධාරීන් වහාම මැදිහත් වී සංචාරක වීසා අවභාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගත යුතුය.
සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම ජාතිකයෙකුට මෙරට තුළ රැකියාවක නිරත වීමට, මුදල් ගෙවීමක් සහිතව ව්‍යාපාර කිරීමට හෝ වෙනත් කිසිදු ආදායම් උපයන කටයුත්තක නිරත වීමට නීතියෙන් අවසරයක් නොමැත. එහෙත් වත්මන් තත්ත්වය දෙස බැලීමේදී බොහෝ විදේශිකයන් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ විවිධ රැකියාවල නිරත වීම, වෙළඳාම් කිරීම සහ කාමර කුලියට දීම වැනි කටයුතුවල නිරත වන බව අනාවරණය වී ඇත.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්ව කඩිනමින් දැඩි පියවර ගත යුතු බව අවධාරණය කල යුතුය. මෙරට තුළ මෙවැනි නීතිවිරෝධී කටයුතුවල නිරත වන සියලුම විදේශිකයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ව රටින් පිටුවහල් කිරීමට පියවර ගත යුතුය. රට තුළ බරපතල අස්ථාවර තත්ත්වයක් ඇති වන තුරු බලා නොසිට වහාම මැදිහත් වීමේ අවශ්‍යතාවය රජය අවබෝධ කර ගත යුතුය.
වර්තමානයේ යුද හමුදා බුද්ධි අංශයෙන් ඉවත් වූ ඇතැම් කණ්ඩායම් රජයට එරෙහිව සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට තොරතුරු නිරික්ෂණය වී ඇත. ආණ්ඩුව වෙනස් වුවද රජය යනු ස්ථිර පැවැත්මක් ඇති ආයතනයක් බැවින් එම රාජ්‍යය බිඳ දැමීම සඳහා මෙම කණ්ඩායම් විවිධ ජාතීන් අතර ගැටුම් නිර්මාණය කිරීමට උත්සාහ කරන බව පෙනේ. විශේෂයෙන්ම ඊශ්‍රායල ජාතිකයන් සහ මෙරට මුස්ලිම් ජාතිකයන් අතර ගැටුමක් ඇති කරවා එමගින් රට තුළ අස්ථාවර තත්ත්වයක් ගොඩනැගීමට සැලසුම් කෙරෙන බවක් නිරික්ෂණය වේ. මෙම අභියෝගය ජාතික මට්ටමින් මෙන්ම ජාත්‍යන්තර මට්ටමින්ද බලපෑ හැකි බැවින් සියලු ජාතීන් එකට එක්වී ශ්‍රී ලාංකිකයන් ලෙස තම රට ආරක්ෂා කරගත යුතු අතර ඒ සඳහා පවත්නා යල් පැන ගිය නීති රීති සංශෝධනය කර දැඩි නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සියළු දෙනා තේරුම් ගත යුතුව ඇත.
අරුගම්බේ, පොතුවිල් සහ පානම යන ප්‍රදේශවල මෙම කාරණා සම්බන්ධයෙන් උග්‍ර තත්ත්වයක් පවතින බවට බුද්ධි තොරතුරු මගින් අනාවරණය වී ඇත. සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙම ප්‍රදේශවල සංචාරක නිකේතන සහ හෝටල් විශාල වශයෙන් පවතින අතර සංචාරක වීසා මත පැමිණි විදේශිකයන් විසින්ම එම හෝටල් සහ නවාතැන් පොළවල් පවත්වාගෙන යන බව වාර්තා වේ. විදේශිකයන් විසින් සිදුකරන මෙම ව්‍යාපාරික කටයුතු නිසි ලෙස අධීක්ෂණයට ලක් නොවන අතර ඇතැම් අවස්ථාවලදී පරීක්ෂණවලට ලක්කිරීමට යන නිලධාරීන්ට අල්ලස් ලබාදී එම කටයුතු යටපත් කරන බවත් චෝදනා එල්ල වී ඇත. සංචාරක වීසා ඇති පුද්ගලයෙකුට නීතියෙන් මෙරට තුළ රැකියාවක නිරත වීමට හෝ වෙළඳාම් කිරීමට ඉඩක් නොමැති වුවද ප්‍රායෝගිකව සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියකි. මේ හේතුවෙන් රටේ නීතිය කෙරෙහි ජනතාව තුළ පවතින්නේ විශාල අවිශ්වාසයකි.
විදේශිකයන් විසින් ත්‍රිරෝද රථ වැනි සේවා පවා ලබාගැනීමේදී ඔවුන්ට වැඩි මුදලක් ගෙවමින් සාමාන්‍ය වෙළඳපල අගයන් විකෘති කිරීමේ ක්‍රියාවලියක්ද දැකිය හැකිය. මෙම තත්ත්වය මගින් දේශීය ජනතාවගේ එදිනෙදා ජීවිතයට මෙන්ම රටේ ආර්ථිකයටද බලපෑම් සිදුවේ. වැදගත්ම කරුණ වන්නේ ඉහත සඳහන් කළ අයුරින් විදේශිකයන් සහ දේශීය මුස්ලිම් ප්‍රජාව අතර ගැටුම් ඇති කරවා එම ගැටුම් ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචාරය කරමින් රට තුළ අස්ථාවර තත්ත්වයක් නිර්මාණය කිරීමට සැලසුම් සහගත උත්සාහයක් පවතින බව නිරික්ෂණය වීමයි. මෙම ක්‍රියාවලිය පිටුපස බුද්ධි අංශවලින් ඉවත් වූ ඇතැම් කණ්ඩායම් සිටින බවටද තොරතුරු අනාවරණය වී ඇත.
රටේ ආරක්ෂාව සහ ස්ථාවරභාවය තහවුරු කිරීමට නම් ආගමන විගමන නීති වහාම සංශෝධනය කර සංචාරක වීසා මත පැමිණි විදේශිකයන්ගේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් නතර කිරීමට රජය දැඩි පියවර ගත යුතුය. ශ්‍රී ලාංකිකයන් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව රටේ අනාගතය වෙනුවෙන් සියලුම ජන කොටස් එකතු විය යුතු අතර මෙවැනි කුමන්ත්‍රණවලට ඉඩ නොදී රටේ ඒකීයභාවය ආරක්ෂා කර ගැනීම සෑම පුරවැසියෙකුගේම වගකීමකි.
Cyber News LK
