කැමරා කොපියක් නම් තියෙනවා..
මේ දවස්වල Social Media වල “Niu Lai” (牛来) කියන චීන චිත්‍රපටය ගැන කතාබහක් ඇතිවී තිබෙනවා.
මෙය සාමාන්‍යයෙන් දැවැන්ත Animation Studio එකක් නිර්මාණය කළ චිත්‍රපටයක් නොවෙයි. මවක් සහ ඇගේ පුතෙක් වසර 5කට ආසන්න කාලයක් ගත කරමින්, ඉතා සීමිත සම්පත් භාවිතයෙන් නිර්මාණය කළ 3D Animated චිත්‍රපටයක්.
චිත්‍රපටයේ Animation quality එක දැකපු බොහෝ දෙනෙක් එය විහිළුවට ගන්න පටන් ගත්තා. Character movements, visual effects සහ animation එකේ අමුතු ස්වභාවය Social Media වල Memes සහ වීඩියෝ බවට පත්වුණා.
නමුත් සිදුවුණේ පුදුම දෙයක්!![]()
“මේක මෙච්චර නරක නම් බලලාම බලමු!” කියන curiosity එක නිසා මිනිසුන් සිනමා ශාලාවලට යන්න පටන් ගත්තා.
මුලදී ඉතා සුළු Box Office ආදායමක් පමණක් ලැබූ Niu Lai, Social Media වල Viral වීමත් සමඟ වේගයෙන් ජනප්‍රිය වී මිලියන ගණනක RMB Box Office ආදායමක් ලබාගත් චිත්‍රපටයක් බවට පත්වුණා.
ඒත් මේ කතාවේ මට වඩාත්ම සිත්ගන්නා කරුණ වෙනත් එකක්.
දැවැන්ත Animation Studio එකක් නැහැ.![]()
විශාල Animator කණ්ඩායමක් නැහැ.![]()
දැවැන්ත Budget එකක් නැහැ.![]()
ඒ වෙනුවට මවක් සහ පුතෙක්—වසර 5ක කැපවීමක්!
චිත්‍රපටයේ තාක්ෂණික මට්ටම ගැන විවේචන තිබුණත්, ඔවුන්ගේ උත්සාහය සහ අවසානයේ එය අද ආදායම් වාර්තා බිඳ හෙලමින් යන චිත්‍රපටයක් වී තිබෙනවා.
ඇතැම් වාර්ථා අනුව චීනයේ මෙය Christopher Nolanගේ Odyssey චිත්‍රපටයේ ආදායම් වාර්තා පවා අභිභවා තිබෙනවා.
Niu Lai (牛来) – 2026![]()
Chinese Animated Film![]()
Runtime: 86 minute![]()
