සුපිරි වීරයන් නැවතත්
සුපිරි වීරයන් නැවතත්…. [සිංහල උපසිරැසි සමඟ]
නියෝජිත යශෝධගේ ලිපිය…
මේ වසරේ මාර්වල් කොමික් විශ්වයේ පෙරළිකාර සිනමා අත්දැකීම වුනු Marvel Avengers: Age of Ultron චිත්‍රපටයේ සිංහල උපසිරැසි රැගෙන එන්නයි මේ සුදානම. මේ වගේ චිත්‍රපටයක් ගැන ඉතින් නිකන්ම කියාගෙන යන්න බෑනේ. මොකද කොමික් ලෝකයේ ප්‍රබලයෙක් වෙන මාර්වල්, තමන් සතු කොමික් වීරයින් කීප දෙනෙක් එකතු කරමින් නිර්මාණය කළ පළමු Avengers චිත්‍රපටයේ දෙවැන්න ලෙසයි මෙය තිරයේ දිග හැරුණේ. ඒ නිසාවෙන් වගේම අපේ අඩවියේ සිටින කොමික් රසිකයින්ගේ දැනගැනීම පිණිස මේ දැවැන්ත සිනමා අත්දැකීම ගැන කෙටියෙන් විස්තරයක් කරන්නම්.
ඇවෙන්ජර්ස් චිත්‍රපට පෙළේ පළමු වැන්න වුනු The Avengers චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Joss Whedon ම තමයි චිත්‍රපට පෙළේ දෙවැන්න වන Age of Ultron චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙක් දායක වෙලා තියෙන්නේ. මෙහි චරිත සහ රංගන දායකත්වය ගැන පසුවට විස්තර කරන්නම්. මාර්වල් කොමික් ලෝකයේ කියැවෙන පරිදිම මානව සංහතියේ විනාශය අරමුණු කරගත් Ultron නම් කෘතිම බුද්ධියක් පරාජය කිරීම වෙනුවෙන් ඇවෙන්ජර්ස්ලාගේ එකමුතු වීම තමයි, මේ සිනමා පටයේ ප්‍රධානම තේමාව වන්නේ. ඉන් එහාට චිත්‍රපටයේ සිදුවීම් දාමය මොන වගේද කියන එක මම විස්තර කරන්න යන්නේ නැහැ.
නමුත් මේ චිත්‍රපටයේ පසුබිම හා සම්බන්ධ කරුණු කාරණා ගැන හීනියට විස්තරයක් කරන්නම්, මොකද මේවා අවුරුද්ද පුරාවටම බලන්න ලැබෙන අනෙක් චිත්‍රපට වගේ නෙවෙයිනේ. දැවැන්ත මුදලක් වියදම් කරමින් වාණිජමය පරමාර්ථය වෙනුවෙන්ම නිර්මාණය කරන චිත්‍රපට. හොඳයි, 2012 වසරේ තිරගත වුනු The Avengers චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟම එම වසරේ මැයි මාසයේ නිළ වශයෙන් නිවේදනය කෙරුණා ඇවෙන්ජර්ස් කතා තේමාව, චිත්‍රපට පෙළක් (Sequel) ලෙස දිග හරින්නට නියමිත වග. 2013 වසරේ අප්‍රේල් මාසය වෙන විට ජෝස් වේඩන් විසින් සම්පූර්ණ කරගත් තිර පිටපත පදනම් කරගනිමින් නළු නිළි වරණයත් සමඟ චිත්‍රපටය රූගත කිරීම 2014 වසරේදී ආරම්භ වෙනවා. ප්‍රධාන වශයෙන් එංගලන්තය පදනම් කරගනිමින් ඉතාලිය, දකුණු කොරියාව, බංග්ලාදේශය සහ නිව්යෝර්ක් නගරය ආශ්‍රිත චිත්‍රාගාර වල රූගත කිරීම් සිදු වුනා. ඇමරිකානු ඩොලර් මිලියන 279.9 ක විය පැහැදමක් දරමින් නිර්මාණය කෙරුණු මේ සිනමා සිත්තමේ මංගල දර්ශනය (premiere) දිග හැරුණේ 2015 අප්‍රේල් 13 වෙනිදා. ඒ ලොස් ඇන්ජලීස් නගරයේ ඩොල්බි රඟහලේදී. නිළ වශයෙන් ඇමෙරිකාවේ ප්‍රදර්ශනය ඇරඹුවේ 2015 මැයි 1 වෙනිදා. ඒ 3D හා IMAX 3D මාදිලි වලින්. චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹූ දා පටන් මේ වෙනතෙක් ලෝකය පුරාම ලැබූ ආදායම ඩොලර් බිලියන 1.3 කට වැඩි ප්‍රමාණයක්. ඒ අනුව මේ වසරේ වැඩිම අදායම් ලැබූ චිත්‍රපට අතර එය ඉදිරියට එන්නේ, Furious 7 චිත්‍රපටය පමණක් දෙවැනි වෙමින්. ඒ වගේම මෙතෙක් සිනමා ඉතිහාසයේ, ඉහළම ආදායම් ලැබූ සියලු චිත්‍රපට අතරින් දැනට මේ චිත්‍රපට පස්වෙනි තැන අරගෙන තිබෙනවා. මීට ඉදිරියෙන් ඇති චිත්‍රපට පිළිවෙලින්, The Avengers (2012), Furious 7 (2015), Titanic (1997) සහ Avatar (2009).
ඒ කතා කළේ චිත්‍රපටයේ පසුබිම සම්බන්ධ කරුණු කාරණා කීපයක්. මාර්වල් සිනමාරූපී විශ්වයේ චිත්‍රපට කතා මාලාවන් සියල්ල එකිනෙක මොනමාකාරයකින් හෝ එකිනෙක සම්බන්ධයි. මේ කාරණාව කාටවත් රහසක් නෙවෙයි. ඇත්තටම ප්‍රේක්ෂකයින් වශයෙන් අපි බොහොම කැමතියි ඒ සම්බන්ධතාවයක් දැන ගන්නට. The Avengers චිත්‍රපටයේදී, එය නැරඹූ ප්‍රේක්ෂකයින්ට මතක ඇති ලොකීගේ සෙංකෝලයෙන් පහර කාපු පරීක්ෂක කොල්සන් මිය යන හැටි. නමුත් ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟ Jos Whedon සහ Jed Whedon, Agents of S.H.I.E.L.D කතා මාලාව රූපවාහිනී තිරයෙන් ගෙන එන්නේ පරීක්ෂක කොල්සන්ගේ නැවත ආගමනයත් සමඟින්. එසේ දිග හැරුණු ශීල්ඩ් කතා මාලාව Captain America: The Winter Soldier චිත්‍රපටය එහි පළමු කතා සමයේදී සම්බන්ධ වුනා. ඒ වගේම එහි දෙවන කතා සමයේදී එය මේ Avengers: Age of Ultron චිත්‍රපටයට සම්බන්ධ වුනා. එම කතා මාලාව නැරඹූ අයට අද මේ චිත්‍රපටය නැරඹුවාම ඒ කාරණාව තේරෙයි. නමුත් මේ කතා මාලාව හා සම්බන්ධ කෙරෙන තැන්, චිත්‍රපටය පමණක් නරඹන අයට කිසි සේත්ම අඩුවක් ඇති කරන්නේ නම් නැහැ. හැබැයි ශීල්ඩ් කතා මාලාව නරඹන අයට වැඩි රසයක් දැනෙයි ඒ සුළු සුළු කරුණු කාරණා නිසාවෙන්.
චිත්‍රපටයේ රංගන දායකත්වය, චරිත මොනවද කියලා දැන් විස්තර කරන්නම්. අපිට සුපුරුදු චරිත කීපය ගැන කියන්න කලින් මේ සුපිරි වීරයන් අතරට අලුතින්ම එකතු වුනු අය ගැන කියලා ඉන්නම්. දැනටමත් දන්නවා ඇති, මොකද ඇවෙන්ජර්ස් පළමු චිත්‍රපටයේ අවසානයට මේ අය ගැන ඉඟියක් ලබා දුන්නා. හැමෝම හිතපු ආකාරයට ඒ X-Men කතා පෙළේ චරිත දෙකක් වෙන Pietro Maximoff / Quicksilver (Aaron Taylor-Johnson) සහ Wanda Maximoff / Scarlet Witch (Elizabeth Olsen). මාර්වල් කොමික් ලෝකයේ මේ අය ගැන කියවෙන එකිනෙකට වෙනස් කතා කීපයක්ම තියෙනවා. ඒත් ප්‍රධාන වශයෙන්ම කියවෙන කාරණයක් තමයි මේ දෙදෙනා X-men කතා පෙළේ ප්‍රධානම දුෂ්ට චරිතය වෙන Magneto ට දාව උපන් නිවුන්නු බව. ශීල්ඩ් කතා මාලාව නැරඹු අයට මතක ඇති, හයිඩ්‍රා ප්‍රධානී ස්ට්‍රකර් මේ දෙදෙනා සම්බන්ධව පරීක්ෂණ කරගෙන යන බව කියැවුනා. Mutants ලගේ අයිතිය සම්බන්ධයෙන් මාර්වල් සහ ෆොක්ස් ආයතන සතු ඇති ගිවිසුම් කරණ කොට ගෙන, චිත්‍රපටය තුළ දී මේ දෙදෙනා ඔවුන්ගේ පියාට සම්බන්ධ නොකරන්නට වග බලාගෙන ඇති බවක් තමයි පේන්න තියෙන්නේ. බලන්න මොවුන් අපේ සුපුරුදු සුපිරි වීරයින් එක්ක මොන විදියට මුහු වෙයිද කියලා. ඒ වගේම තමයි කොමික් ලෝකයේ එන Vision නම් චරිතයත් මේ චිත්‍රපටයට එකතු වෙනවා. එයාගේ කටහඬ ඔයාලට හුරු පුරුදු එකක් වෙයි.
හයිඩ්‍රා සංවිධානයේ ශ්‍රී ලාංකික නියෝජිත තිසර නියෝගේ ලිපිය.
Hail Hydra
කැප්ටන් ඇමෙරිකා නිසා අපේ අරමුණු අටුකරගන්න උනේ නැහැනේ. හිටපු ලොක්ක වෙච්චි ඇලෙක්සැන්ඩර් පියර්ස් ගේ අනර්ඝ සැලැස්ම කැප් විනාශ කරපු වෙලේ ඉඳන් (Captain America – The Winter Soldier) හයිඩ්‍රා අරමුණ උනේ ලෝකයට අමතක නොවන ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන එකයි. ස්ට්‍රයිකර් ලොක්කා එකට මුල පිරුවා. කලබල කාලය තුල අනර්ඝ ශීල්ඩ් කඳවුරු වල තිබිච්චි හොඳ හොඳ දේවල් ටිකක් යුරෝපයේ සෙගෝවියා හිකඳවුරට ගෙනිච්චා. හොඳම දේ තමයි නිව්යෝක් සටනේදී ශීල්ඩ් එක ලබාගෙන තිබුණු ලොකී ගේ සෙංකෝලය ස්ට්‍රයිකර් ලබාගෙන තිබුණු එක. ඒ වගේම කඩා වැටුණු චිටාවුරි යානයක්ද ඔහුගේ එකතුව තුල උනා. මේ හැම දෙයක්ම අගේට කරගන්න තිබුනා ලිස්ට් සෙගෝවියා වලට පැනල එන්න කලින් කඳවුර ගැන පියවරක් ගත්තානම් (Marvels Agents of S.H.I.E.L.D S02E19). අධ්‍යක්ෂක කොල්සන්ට සෙගෝවියා වල තොරතුරු ලැබුණු නිසා ලෝකය වෙනස්ම මගකට ගෙනියපු දැවැන්ත සටන ඇරඹුනා. මෙච්චර කල් ඇවෙන්ජර් ටවර් එකට වෙලා නිදහසේ හිටපු ඇවෙන්ජර් ලා එලියට ආවේ සෙගෝවියා වලට පහර දෙන්නටයි. ඒ ලොකී ගේ සෙංකෝලය අරගන්නටයි. “Hail Hydra”. හයිඩ්‍රා සහෝදරයන් දිවි පරදුවෙන් සටන් කරත් නිවුන්නු දෙන්නා………
…හෝව් හෝව් හෝව්… අපොයි මෙහෙම ගියොත් මුළු කතාවම ලියවෙයි වගේ..කතාව කියන්න නෙවේනේ මට තියෙන්නේ පූර්විකාවක් කරලා දෙන්නනේ….. මමනම් මැයි වලම ෆිල්ම් එක බැලුවා. ඉතින් නොබලපු අය ඉන්න නිසා ෆිල්ම් එක නොබලපු කෙනෙක් විදියටම ලිපිය ලියන්නම්කො.
Captain America – The Winter Soldier එකෙන් පටන් ගත්තු කතාව ඔයාල දන්නවනේ. කොල්සන්, ගොන්සාලෙස් මොන ගේම ගැහුවත් තවමත් ලෝකේ පුරාම හයිඩ්‍රා බලය තවමත් ක්‍රියාත්මකයි. මේ වෙනකොට අල්ට්‍රන්ගේ යුගයට කලින් හයිඩ්‍රා නායකයා උනේ වොන් ස්ට්‍රයිකර් සිටුතුමා. හැමෝම දන්නවනේ දැන් එයා ගාව තමයි ඉන්ෆිනිටි ජෙම් එකක් වන මයින්ඩ් ජෙම් එක ඇතුලත් කරලා තියෙන ලොකී ගේ සෙංකෝලය තියෙන්නේ කියල. ඒ වගේම පිටසක්වල තාක්ෂණ යොදාගෙන වැඩිදියුණු කරපු නිවුන්නු දෙන්නා ඉන්නවා. Pietro Maximoff සහ Wanda Maximoff කියන මේ නිවුන්නු දෙන්නා තමයි හයිඩ්‍රා හි අනාගත යුධ ආයුධ වෙන්න හිටියේ.
කොල්සන් යටතේ ශීල්ඩ් ආයතනය හෙමිහිට හිස ඔසවමින් තිබුනත් ලෝකය රැකගන්න තවත් ක්‍රම ඕනි. ඇවෙන්ජර් කියන්නේ ඒකට හොඳම විසඳුමක්. ටෝනි පෙපර්ට පොරොන්දු උනත් ආමර් විනාශ කරේ පෙපර්ට පේන්න විතරයි වගේ? (Iron Man 03) බැනර් දැන් කොහොමත් ඉන්නේ පාලනයක් යටතේ ස්ටාර්ක් ටවර් එකේ (Iron Man 03). කැප් දැන් ආපහු ගේමට බැහැලා ඉන්නේ (Winter Soldier). තෝර් එයාගේ ආදරේ හොයාගෙන පෘතුවියේ නවතින්නම ආවනේ (Thor The Dark World). නටාෂා සහ බාර්ටන් දැන් ලෝකයා ඉදිරියේ නිරාවරණය වෙලා ඉන්නේ (Winter Soldier). ඉතින් ලෝක සාමය සුරැකීමට හොඳම දේ තමයි ඇවෙන්ජර්ලා එකතු කරවන එක. ඒකට ගැලපෙන හොඳම කෙනා ඉන්නේ දැන් ටෝනි ගාව. ඒ කවුරුත් නෙවෙයි මාරියා හිල්. ශීල්ඩ් හි ප්‍රධාන නිලධාරිනියක් ව හිටපු ඇය ටෝනි පසුපස හිඳිමින් ඇවෙන්ජර් කණ්ඩායමේ පසුපස හිඳින ශක්තිය බවට පත්ව සිටි බව අපිට ශීල්ඩ් කතාමාලාවෙන් දැකගන්නට ලැබුනා.
කලින් ඇවෙන්ජර් මෙහෙයුම් මධ්‍යස්ථානය වුනු ශීල්ඩ් මධ්‍යස්ථාන තාවමත් නැවත ගොඩනගලා නැහැ. පාලන ඒකක වුනු හෙලිකැරියර් කැප් විනාශ කරා එයාගේ යුද්දයේදී. ඒත් අලුත්ම තැනක් තියෙනවා. ඒ තමයි ස්ටාර්ක් ටවර් එක. මතකයි නේද ඇවෙන්ජර් පලවෙනි එකේදී ස්ටාර්ක් කියන නමේ A විතරක් ඉතුරු වෙද්දී අනිත් ටික කැඩිලා ගියා කියල. ඉතින් මේ A අකුර නවීකරණය කරලා ඇවෙන්ජර් මූලස්ථානය බවට ටවර් එක පත්කරගෙන තියෙනවා. මේකේ තියන යටි අර්ථය තමයි මුළු ලෝකයම අනතුරට පත් වෙද්දී මිනිස්සුන්ට ඉතුරුවෙන එකම පිළිසරණ ඇවෙන්ජර්ස්ලා විතරයි කියන එක. අල්ට්‍රන්… අල්ට්‍රන් කියන්නේ ඇවෙන්ජර් ලාට මුහුණ දෙන්නට සිදුවුණු දැවැන්තම සතුරෙක්. ලෙයින් මසින් සැදුනු ජීවියෙක් නොවුනත් දැවැන්ත පෞරුෂයක් හිමි සුපිරි වීරයන් පවා දනගැස්විය හැකි සතුරෙක් වුනා.
“මේ කඩා බිඳ දමා විනාශකළ හැකි ලෝකයට අපිට වඩා ශක්ති සම්පන්න දෙයක් අවශ්‍යයි “[ටෝනි] (this vulnarable world needs something more powerful than any of us)
“අපි හැමවෙලේම අපිව තැතිගන්වපු දේ නිර්මාණය කරනවා” [අල්ට්‍රන්] (we always create what we dread)
ස්කාර්ලට් වීච් සහ ක්වික් සිල්වර් තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබෙනවා. හයිඩ්‍රා තාක්ෂනය මගින් ස්ට්‍රයිකර් දියුණු කරපු මේ දෙන්නා කතාව වෙනස්ම මගකට ගෙනයන දෙන්නෙක් බව ඔයාල දැනටම දන්නවා ඇති. මාර්වල් ලා අගේ කරලා අගේ කරලා අන්තිම මොහොතේ එලියට දාපු විෂන් තමයි කතාවේ හැරවුම් ලක්ෂය. කොමික් කතාව දන්නා අය දන්නවනේ විෂන් ගේ දායකත්වය ගැන අල්ට්‍රන් යුගයේදී.
“මොකක්ද? මොකක්ද ඒ?”
“අපිට ප්‍රතිවිපාක විඳින්න වෙනවා මිනිසා විසින් නිර්මාණය කරපු යකඩ අපේ නගර කෑලි වලට වෙන් කරනවා. ඒ වගේම ලෝකය සදහටම වෙනස් වේවි.”
මතකයි නේද රෙයිනා කියපු මේ අනාගත වාක්‍ය. අනාගතය දැකිය හැකි ඉන්හියුමන් වරියක වූ ඇයගේ මේ ප්‍රකාශය මේ විනාශය ගැන පැවසිය හැකි හොඳම උදාහරණයයි.
No string on me යනුවෙන් අල්ට්‍රන් පවසන අයුරු ඔයාලට මතක ඇති පූර්ව ප්‍රචාරක පට මගින්. එම වදනෙන්ම ඔයාලට මේ කතාවේ තත්වය හිතාගන්න පුළුවන් ඇති. නිව්යෝර්ක් යුද්දයෙන් පසු නිහඬව සිටි ඇවෙන්ජර් කණ්ඩායම දැවැන්ත විනාශයක් වෙත ගෙනයාමට තරම් අල්ට්‍රන්ට හැකිවන්නේ කෙසේද කියා සිත ගත හැකියි. ස්වයං විප්ලවයක් කරා යන අල්ට්‍රන්ගේ නව යුගය කරා යන ගමන ඔයාලම බලල රසවිඳින්න.
Joss Whedon විසින් මෙවරද අධ්‍යක්ෂණ කාර්ය ඉටු කරනවා. මේ එයාගේ අවසන් ඇවෙන්ජර් සිනමාපටය බව පවසලා තියෙනවා. ඇවෙන්ජර් ලා ලෙස Robert Downey Jr\Chris Hemsworth\Mark Ruffalo\Chris Evans\Scarlett Johansson\Jeremy Renner\Aaron Taylor-Johnson\Elizabeth Olsen\Paul Bettany දායක වෙනවා. අල්ට්‍රන් ලෙස James Spader විසින් හඬ දායකත්වය සපයලා තියෙනවා. මාර්වල් විශ්වයේ අද්විතීයම නායකයා වෙන නික් ෆියුරි ලෙසින් සුපුරුදු විදියට Samuel L. Jackson දායක වෙනවා.
අවසන් සටනේ කැප් කියන මේ වදනින්ම අවසන් කරන්නම්. “I have no plans tonight”
ප.ලි
(යාලුවනේ මම ඔයාලට කිව්වේ මාර්වල් සිනෙමැටික් යුනිවර්ස් එක ගැන විතරයි. කොමික් කතාව කිව්වෙම නැහැ. මොකද එහෙම උනානම් ඔයාලට ඒක පටලැවෙන්න ඉඩ තිබුනා සිදුවෙලා තියෙන දැවැන්ත පරස්පරතා නිසා. ඔයාලට කොමික් කතාව් අදනගන්න ඕනිනම් මංසලේ AVENGER කියල සර්ච් කරන්න. නැතිනම් FACEBOOK හි COMIC SCRIPT පිටුව එක්ක සම්බන්ද වෙන්න.)
ප.ලි
ඔයාල මේ පිළිවෙලට බැලුවානම් කතාවේ ගොඩක් තැන ගැන රහස් විසදේවි.
Marvels Agents of S.H.I.E.L.D S02E19
Marvels Avengers: Age of Ultron
Marvels Agents of S.H.I.E.L.D S02E20
Hail Ultron
බෲස් බැනර්, නැත්නම් හල්ක්
රොබට් බෲස් බැනර් කියන්නේ භෞතික විදයාඥයෙක් වෙන ඩොක්ටර් බ්‍රයන් බැනර්ගේ පුතා. ඉතින් මේ බෲස්ගේ අම්මා වෙන රෙබෙකා එයාට හුඟාක් ආදරේ කළා. මේ ඩොක්ටර් බ්‍රයන් මත්පැන් පානයට ඉතාමත් තදින් ඇබ්බැහි වෙලා හිටියේ. කොච්චර තාත්තා කෙනෙක් වුනත් බ්‍රයන්ට එයාගේ බිරිඳ රෙබෙකා එයාගේ පුතා කෙරෙහි දක්වන ආදරේ ඉවසගන්න බැරි වුනා. ඒ වගේම මෙයා හිතුවේ එයාගේ පර්යේශානාගාරවල විකිරණ සම්බන්ධව කරන වැඩ නිසා එයාට ලැබිලා තියෙන්නේ විකෘති DNA සහිත පුතෙක් කියලා. ඉතින් මෙයා බෲස්ව දූෂණය කරලා රෙබෙකාව මරනවා. ඉතින් මේ සිද්ධිය නිසා ඩොක්ටර් බ්‍රයන්ව මානසික රෝහලකට යොදවනවා. ඊට පස්සේ මේ පුංචි බෲස්ව හදා වඩා ගන්නේ බෲස්ගේ තාත්තගේ අක්කා වෙන සුසෑන් බැනර්. ඉතින් කාලයත් එක්ක බෲස් ලොකු මහත් වෙලා න්‍යෂ්ටික භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රවීනයෙක් බවට පත්වුනා. ඉතින් මෙයාට අවස්තාවක් හම්බුනා නිව් මෙක්සිකොවල තියෙන කාන්තාර කඳවුරක වැඩකරන්න. එතැනදී තමා මෙයාට ජෙනරල් රොස්ව හම්බවෙන්නේ. එයාගේ දුව වෙන බෙටී රොස් එහෙමත් මෙතන ඉන්නවා. ඉතින් දන්නවනේ වෙන දේ… මොකද්ද වෙන්නේ, දෙන්න ආදරයෙන් වෙලෙනවා…
. ඉතින් බෲස් මේ කඳවුර තුල ඉඳගෙන ගැමා විකිරණවලින් අදික බෝම්බයක් නිර්මාණය කරනවා. මේකට කියන්නේ G-Bomb (ජී-බෝම්බ්) කියලයි. පස්සේ මේ කඳවුර ඇතුලේ මේක පරීක්ෂාවට ලක්කරනකොට මේ බෝම්බය පුපුරලා යනවා. ඉතින් එතැනදී බෲස් ගැමා කිරණ අධි මාත්‍රාවකට නිරාවරණය වෙනවා. නමුත් මෙයාගේ ඇඟ ඇතුලේ තියෙන හඳුනා නොගත් ජානමය සාධකයක් නිසා මෙතනදි මෙයාට කරදරයක් වෙන්නේ නෑ. ඒ වෙනුවට මෙතනදී මෙයා කොළ පාට සමක් තියෙන විශාල යෝධයකු මෙන් පුද්ගලයෙක් බවට පත්වෙනවා. හල්ක් කියන්නේ අන්න එයාට තමා. මුල් දවස් වලදී බෲස් හවස් කාලයේදී හල්ක් බවට පත්වෙලා උදේ වෙනකොට සාමාන්‍ය මිනිස් ස්වරූපයට පත්වෙනවා. නමුත් අවසානයේදී බෲස්ගේ ශරීරය වෙනස් වෙනවා. දවසේ වෙලාව මොක වුනත් එයාගේ ඇඟේ ඇඩ්‍රිනලීන්( දේහය හදිසි අවස්ථාවලට සූදානම් කරන හෝමෝනයක්) සාන්ද්‍රණය යම් මට්ටමක් ඉක්මවා ගියෝතින් හල්ක් බවට පරිවර්තනය වෙන විදිහට. මෙයා හල්ක් වුනාට පස්සේ මතකය අඩුයි කියලා ඔයාලා දන්නවනේ. ඒ වගේම ඉක්මනින්ම මේ හල්ක්ට තරහා යන ස්වභාවයක් තියෙනවා. මේ AOU ෆිල්ම් එකෙත් බෲස් බැනර්, නැත්නම් හල්ක් විදිහට රංගනයෙන් දායක වෙන්නේ මාක් රෆලෝ (Mark Ruffalo). ඔයාලට මතක නම් 2003 වසරේ නිපදවෙච්ච හල්ක් ෆිල්ම් එකේ හල්ක් විදිහට රඟපාන්නේ එරික් බනා. 2008 ආපු The Incredible Hulk ෆිල්ම් එකේ රඟපාන්නේ එඩ්වර්ඩ් නෝටන්. හුඟක් කට්ටිය කියන විදිහට දැන් ඉන්න හල්ක් නම් හුඟක් හොඳයිලු. පෞද්ගලිකව නම් මම හුඟක්ම ආසා The Incredible Hulk එකේ හල්ක්ට. 
ක්වික්සිල්වර් සහ ස්කාලට් විච්
පියෙට්රෝ මැක්සිමොෆ් කියන්නේ ජැන්ගෝ (Django) සහ මාර්යා මැක්සිමොෆ් (Marya Maximoff) කියන රොමේනියා යුවල හට ඉපදුනු වැඩිමහල් දරුවයි. වොන්ඩා මැක්සිමොෆ් කියන්නේ මෙයාගේ නංගි. මොවුන් දෙදෙනා ළදරුවන් කාලෙදිම හයි එවොලූෂනරි, නැත්නම් හර්බට් එඩ්ගර් වින්ඩම් කියන ජාන විද්‍යාඥයා විසින් පැහැරගෙන යනවා. ඊට පස්සේ ඒ දෙන්නව පාවිච්චි කරලා විවිධ විදිහේ පරීක්ෂණ කරනවා. නමුත් ඒ පරීක්ෂණ ගැන පැහැදීමක් ඇති නොවුන නිසා මොවුන් දෙන්නව නැවතත් ඉපදුන ස්ථානය වෙන වොන්ඩගෝ වලටම යවනවා. ඉතින් මේ දෙන්නගේ තාත්තා මෙයාටයි මෙයාගේ නංගිටයි මෙයාගේ අම්මටයි කෑම අරගෙන එන්න ගිය වෙලාවට රෝමෙනියානුවන් පිරිසක් මෙයාලා ඉන්න වොන්ඩගෝ කඳවුරට පහර දෙනවා. ඒ වෙලාවේ මෙයා මෙයාගේ නංගිවත් අරගෙන එතන කඳවුරෙන් පැනගන්නවා. ඉතින් මෙයාලා කාලයත් එක්ක ලොකු වෙනවා. නමුත් එයාලට පොඩි කාලය ගැනවත් එයාලගේ අම්මා තාත්තා ගැනවත් හරි හැටි මතකයක් නෑ. දවසක් වොන්ඩා අතින් ගෙයක් ගිනිගන්නවා. මොකද එයා, ඒ කියන්නේ වොන්ඩා තවම හරි හැටි දන්නේ නෑ එයාගේ බලය පාවිච්චි කරන්න. ඉතින් මේ නිසා මෙයා යක්දෙස්සියක් කියලා මිනිස්සු මෙයා පස්සේ පන්නන්න ගන්නවා. පස්සේ ඔයාලා දන්න මැග්නීටෝ තමා මෙයාලව බේරාගන්නේ. ඊට පස්සේ මැග්නීටෝ මේ පියෙට්‍රෝව නම් කරනවා ක්වික්සිල්වර් කියලා. වොන්ඩාව නම් කරන්නේ ස්කාලට් විච් (ලොහිත යක්දෙස්සිය) කියලා. ක්වික්සිල්වර්ගේ හැකියාවන් ගැන කියනවා නම් මොහු ඉතාමත් වේගවත්. මේ වේගවත් බව නිසාම එයට සරිලන පරිදි මෙයාගේ ශරීරයත් නිර්මාණය වෙලා තියෙනවා. මෙයාගේ රුධිර සංසරණ පද්ධතිය සහ ස්වසන පද්ධතිය සාමාන්‍ය පුද්ගලයකුගේ රුධිර සංසරණ පද්ධතියට වඩා ඉතාමත් කාර්යක්ෂමයි. මෙයා ආහාරමය ද්‍රව්‍යවල තියෙන කැලරික ශක්තියෙන් 95%ක් විතරම පරිවෘතියට භාවිතා කරනවා. සාමානයෙන් සාමාන්‍ය මිනිසෙක් පාවිච්චි කරන්නේ 25%ක වගේ ප්‍රමාණයක් තමයි. අනික එයාගේ පේශි තුල චලනයේදී පේශී විඩාවට පත්කරන ද්‍රව්‍ය නිපදවීමක් සිද්දවෙන්නේ නෑ. පේශි තුල නිර්වායු ස්වසනය එහෙම සිදුවෙන්නේ නෑ. මෙයාගේ අස්ථි අතර පිහිටන සන්ධි වෙන සාමාන්‍ය පුදගලයෙකුගේ සන්ධි වලට වඩා ඉතාමත්ම මෘදුයි. ඒ වගේම ස්නේහනය (ලිස්සනසුලු බව) වැඩියි. මෙයාගේ පේශී වල තියෙන කන්ඩරා වල ආතන්‍ය බලය ඉතාමත්ම ඉහලයි. අනික මෙයාගේ අස්ථි වල කැල්සියම්වලට වඩා ශක්තිමත් වෙනක් ද්‍රව්‍යයක් අඩංගු වෙනවා. මොකද මෙයා දුවනකොට කකුල මත යෙදෙන කම්පන තරංග සාමාන්‍ය පුද්ගලයෙකුට කීයටවත් දරාගත නොහැකි මට්ටමේ ඒවා වෙන නිසා. අනික මෙයාගේ ප්‍රතිචාරක හැකියාව වගේම මොලය මගින් දෙයක් හඳුනාගැනීමේ හැකියාව සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා හුඟක් වේගවත්. මොකද එයා යන වේගයට අනුව වට පිට තියෙන දේ මොලය මගින් ඉක්මනින්ම හඳුනාගැනීම සිදු වෙන නිසා… සාමාන්‍යයෙන් ක්වික්සිල්වර්ගේ වේගය ශබ්ධයේ වේගයට එනම් තත්පරයට මීටර් 320කට වඩා වැඩියි. නමුත් කොමික් පොත්වල තියෙන දේවල් කියෙව්වාම ඇත්තටම බැලුවොත් ක්විසිල්වර්ට ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් දුවන්න පුලුවන්. ඒ වගේම මෙයාට පුළුවන් ඉතා ඉහල සංඛ්‍යාතයකින් එයාගේ අනුක මට්ටමේ කොටස් කම්පනය කරන්න. එක්ස් මෙන් ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් ෆිල්ම් එක බැලුවා නම් ඔයාලා දකින්න ඇති මැග්නීටෝව පෙන්ටගනයෙන් එලියට ගන්න අර වීදුරු වහල බිඳපු විදිහ.
අනික මෙයාට පුළුවන් ඝන ද්‍රව්‍යයක් හරහා වුනත් යන්න. හැබැයි මම හරියටම දන්නේ නෑ මෙයාට ටයිම් බැරියර් එහෙම බිඳින්න පුලුවන්ද කියලා නම්. :/ අපි මුලින්ම මේ ක්වික්සිල්වර් කියන චරිතය කැපී පෙනෙන විදිහට දැක්කේ එක්ස්මෙන් ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් කියන ෆිල්ම් එක හරහානේ. නමුත් එකේදී රඟපාන එවන් පීටර්ස් (Evan Peters) නෙවෙයි මේකෙදි නම් ක්වික්සිල්වර් විදිහට රඟපාන්නේ. ඈරන් ටේලර් ජොන්සන් (Aaron Taylor-Johnson). මෙයා තමයි නළුවා. හේතුව ඉතින් සමාගම් අතර වලි තමා
. ස්කාලට් විච් විදිහට එළිසබෙත් ඔල්සන් (Elizabeth Olsen) රංගනයෙන් දායක වෙනවා. මම කිවුවනේ ක්වික්සිල්වර් මුලින්ම අපිට කැපී පෙනෙන හම්බුනේ DOF එකේදී කියලා. හැබැයි ඔයාලා එක්ස් මෙන් ඔරිජින්ස් වුල්වරීන් ෆිල්ම් එක විමසිල්ලෙන් බැලුවා නම් ඔයාලා දකින්න ඇති ක්වික්සිල්වර් ඒකෙත් ඉන්නවා.
මම කියන්නේ නෑ කොතනද ඒ කියලා. ආයෙමත් ෆිල්ම් එක බලලා හොයාගන්න.
හැබැයි ඉතින් කොමික් ගැන දන්නා අය දන්නවා ඇති ෆොක්ස් සමාගම එක්ස් මෙන් ෆිල්ම් සෙට් එකේ කාල රාමු අවුල් ජාලයක් කරලා කියලා. :/ අනික වින්ටර් සොල්ඩර් ෆිල්ම් එකේ අවසාන හරියේදී මේ දෙන්නාව වොල්ෆ්ගෑන්ග් වොන් ස්ට්‍රකර් හිරකරගෙන ඉන්නවා. එතනින් දුන්නේ මේ AOU ෆිල්ම් එකට ප්‍රවේශයක් තමා… 
ඉතින් මම හිතනවා මම මේ ලියපු ප්‍රමාණය ඇති වෙයි කියලා. ලියන්නම් නම් පුලුවන්. ඒත් කාලය හරස්වෙන එකයි අවුල. :/ දැන් මූණු පොතේ නැති එක්කෙනෙක් නෑනේ. ඒ නිසා ඔයාලට අල්ට්‍රෝන් ඇතුළු අනෙක් චරිත ගැන දැනගන්න ඕන නම් මූණුපොතේ Comic Script කියලා සෙවුම් කරලා එන පේජ් එකට ලයික් එකක් දාන්න කියලා ඉල්ලනවා..
සිංහල උපසිරස සහ ටොරෙන්ට් ලබා ගන්න
Direct Link 875MB
සුපිරි වීරයන් නැවතත්…. [සිංහල උපසිරැසි සමඟ]
නියෝජිත යශෝධගේ ලිපිය…
මේ වසරේ මාර්වල් කොමික් විශ්වයේ පෙරළිකාර සිනමා අත්දැකීම වුනු Marvel Avengers: Age of Ultron චිත්‍රපටයේ සිංහල උපසිරැසි රැගෙන එන්නයි මේ සුදානම. මේ වගේ චිත්‍රපටයක් ගැන ඉතින් නිකන්ම කියාගෙන යන්න බෑනේ. මොකද කොමික් ලෝකයේ ප්‍රබලයෙක් වෙන මාර්වල්, තමන් සතු කොමික් වීරයින් කීප දෙනෙක් එකතු කරමින් නිර්මාණය කළ පළමු Avengers චිත්‍රපටයේ දෙවැන්න ලෙසයි මෙය තිරයේ දිග හැරුණේ. ඒ නිසාවෙන් වගේම අපේ අඩවියේ සිටින කොමික් රසිකයින්ගේ දැනගැනීම පිණිස මේ දැවැන්ත සිනමා අත්දැකීම ගැන කෙටියෙන් විස්තරයක් කරන්නම්.
ඇවෙන්ජර්ස් චිත්‍රපට පෙළේ පළමු වැන්න වුනු The Avengers චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Joss Whedon ම තමයි චිත්‍රපට පෙළේ දෙවැන්න වන Age of Ultron චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙක් දායක වෙලා තියෙන්නේ. මෙහි චරිත සහ රංගන දායකත්වය ගැන පසුවට විස්තර කරන්නම්. මාර්වල් කොමික් ලෝකයේ කියැවෙන පරිදිම මානව සංහතියේ විනාශය අරමුණු කරගත් Ultron නම් කෘතිම බුද්ධියක් පරාජය කිරීම වෙනුවෙන් ඇවෙන්ජර්ස්ලාගේ එකමුතු වීම තමයි, මේ සිනමා පටයේ ප්‍රධානම තේමාව වන්නේ. ඉන් එහාට චිත්‍රපටයේ සිදුවීම් දාමය මොන වගේද කියන එක මම විස්තර කරන්න යන්නේ නැහැ.
නමුත් මේ චිත්‍රපටයේ පසුබිම හා සම්බන්ධ කරුණු කාරණා ගැන හීනියට විස්තරයක් කරන්නම්, මොකද මේවා අවුරුද්ද පුරාවටම බලන්න ලැබෙන අනෙක් චිත්‍රපට වගේ නෙවෙයිනේ. දැවැන්ත මුදලක් වියදම් කරමින් වාණිජමය පරමාර්ථය වෙනුවෙන්ම නිර්මාණය කරන චිත්‍රපට. හොඳයි, 2012 වසරේ තිරගත වුනු The Avengers චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟම එම වසරේ මැයි මාසයේ නිළ වශයෙන් නිවේදනය කෙරුණා ඇවෙන්ජර්ස් කතා තේමාව, චිත්‍රපට පෙළක් (Sequel) ලෙස දිග හරින්නට නියමිත වග. 2013 වසරේ අප්‍රේල් මාසය වෙන විට ජෝස් වේඩන් විසින් සම්පූර්ණ කරගත් තිර පිටපත පදනම් කරගනිමින් නළු නිළි වරණයත් සමඟ චිත්‍රපටය රූගත කිරීම 2014 වසරේදී ආරම්භ වෙනවා. ප්‍රධාන වශයෙන් එංගලන්තය පදනම් කරගනිමින් ඉතාලිය, දකුණු කොරියාව, බංග්ලාදේශය සහ නිව්යෝර්ක් නගරය ආශ්‍රිත චිත්‍රාගාර වල රූගත කිරීම් සිදු වුනා. ඇමරිකානු ඩොලර් මිලියන 279.9 ක විය පැහැදමක් දරමින් නිර්මාණය කෙරුණු මේ සිනමා සිත්තමේ මංගල දර්ශනය (premiere) දිග හැරුණේ 2015 අප්‍රේල් 13 වෙනිදා. ඒ ලොස් ඇන්ජලීස් නගරයේ ඩොල්බි රඟහලේදී. නිළ වශයෙන් ඇමෙරිකාවේ ප්‍රදර්ශනය ඇරඹුවේ 2015 මැයි 1 වෙනිදා. ඒ 3D හා IMAX 3D මාදිලි වලින්. චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹූ දා පටන් මේ වෙනතෙක් ලෝකය පුරාම ලැබූ ආදායම ඩොලර් බිලියන 1.3 කට වැඩි ප්‍රමාණයක්. ඒ අනුව මේ වසරේ වැඩිම අදායම් ලැබූ චිත්‍රපට අතර එය ඉදිරියට එන්නේ, Furious 7 චිත්‍රපටය පමණක් දෙවැනි වෙමින්. ඒ වගේම මෙතෙක් සිනමා ඉතිහාසයේ, ඉහළම ආදායම් ලැබූ සියලු චිත්‍රපට අතරින් දැනට මේ චිත්‍රපට පස්වෙනි තැන අරගෙන තිබෙනවා. මීට ඉදිරියෙන් ඇති චිත්‍රපට පිළිවෙලින්, The Avengers (2012), Furious 7 (2015), Titanic (1997) සහ Avatar (2009).
ඒ කතා කළේ චිත්‍රපටයේ පසුබිම සම්බන්ධ කරුණු කාරණා කීපයක්. මාර්වල් සිනමාරූපී විශ්වයේ චිත්‍රපට කතා මාලාවන් සියල්ල එකිනෙක මොනමාකාරයකින් හෝ එකිනෙක සම්බන්ධයි. මේ කාරණාව කාටවත් රහසක් නෙවෙයි. ඇත්තටම ප්‍රේක්ෂකයින් වශයෙන් අපි බොහොම කැමතියි ඒ සම්බන්ධතාවයක් දැන ගන්නට. The Avengers චිත්‍රපටයේදී, එය නැරඹූ ප්‍රේක්ෂකයින්ට මතක ඇති ලොකීගේ සෙංකෝලයෙන් පහර කාපු පරීක්ෂක කොල්සන් මිය යන හැටි. නමුත් ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟ Jos Whedon සහ Jed Whedon, Agents of S.H.I.E.L.D කතා මාලාව රූපවාහිනී තිරයෙන් ගෙන එන්නේ පරීක්ෂක කොල්සන්ගේ නැවත ආගමනයත් සමඟින්. එසේ දිග හැරුණු ශීල්ඩ් කතා මාලාව Captain America: The Winter Soldier චිත්‍රපටය එහි පළමු කතා සමයේදී සම්බන්ධ වුනා. ඒ වගේම එහි දෙවන කතා සමයේදී එය මේ Avengers: Age of Ultron චිත්‍රපටයට සම්බන්ධ වුනා. එම කතා මාලාව නැරඹූ අයට අද මේ චිත්‍රපටය නැරඹුවාම ඒ කාරණාව තේරෙයි. නමුත් මේ කතා මාලාව හා සම්බන්ධ කෙරෙන තැන්, චිත්‍රපටය පමණක් නරඹන අයට කිසි සේත්ම අඩුවක් ඇති කරන්නේ නම් නැහැ. හැබැයි ශීල්ඩ් කතා මාලාව නරඹන අයට වැඩි රසයක් දැනෙයි ඒ සුළු සුළු කරුණු කාරණා නිසාවෙන්.
චිත්‍රපටයේ රංගන දායකත්වය, චරිත මොනවද කියලා දැන් විස්තර කරන්නම්. අපිට සුපුරුදු චරිත කීපය ගැන කියන්න කලින් මේ සුපිරි වීරයන් අතරට අලුතින්ම එකතු වුනු අය ගැන කියලා ඉන්නම්. දැනටමත් දන්නවා ඇති, මොකද ඇවෙන්ජර්ස් පළමු චිත්‍රපටයේ අවසානයට මේ අය ගැන ඉඟියක් ලබා දුන්නා. හැමෝම හිතපු ආකාරයට ඒ X-Men කතා පෙළේ චරිත දෙකක් වෙන Pietro Maximoff / Quicksilver (Aaron Taylor-Johnson) සහ Wanda Maximoff / Scarlet Witch (Elizabeth Olsen). මාර්වල් කොමික් ලෝකයේ මේ අය ගැන කියවෙන එකිනෙකට වෙනස් කතා කීපයක්ම තියෙනවා. ඒත් ප්‍රධාන වශයෙන්ම කියවෙන කාරණයක් තමයි මේ දෙදෙනා X-men කතා පෙළේ ප්‍රධානම දුෂ්ට චරිතය වෙන Magneto ට දාව උපන් නිවුන්නු බව. ශීල්ඩ් කතා මාලාව නැරඹු අයට මතක ඇති, හයිඩ්‍රා ප්‍රධානී ස්ට්‍රකර් මේ දෙදෙනා සම්බන්ධව පරීක්ෂණ කරගෙන යන බව කියැවුනා. Mutants ලගේ අයිතිය සම්බන්ධයෙන් මාර්වල් සහ ෆොක්ස් ආයතන සතු ඇති ගිවිසුම් කරණ කොට ගෙන, චිත්‍රපටය තුළ දී මේ දෙදෙනා ඔවුන්ගේ පියාට සම්බන්ධ නොකරන්නට වග බලාගෙන ඇති බවක් තමයි පේන්න තියෙන්නේ. බලන්න මොවුන් අපේ සුපුරුදු සුපිරි වීරයින් එක්ක මොන විදියට මුහු වෙයිද කියලා. ඒ වගේම තමයි කොමික් ලෝකයේ එන Vision නම් චරිතයත් මේ චිත්‍රපටයට එකතු වෙනවා. එයාගේ කටහඬ ඔයාලට හුරු පුරුදු එකක් වෙයි.
හයිඩ්‍රා සංවිධානයේ ශ්‍රී ලාංකික නියෝජිත තිසර නියෝගේ ලිපිය.
Hail Hydra
කැප්ටන් ඇමෙරිකා නිසා අපේ අරමුණු අටුකරගන්න උනේ නැහැනේ. හිටපු ලොක්ක වෙච්චි ඇලෙක්සැන්ඩර් පියර්ස් ගේ අනර්ඝ සැලැස්ම කැප් විනාශ කරපු වෙලේ ඉඳන් (Captain America – The Winter Soldier) හයිඩ්‍රා අරමුණ උනේ ලෝකයට අමතක නොවන ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන එකයි. ස්ට්‍රයිකර් ලොක්කා එකට මුල පිරුවා. කලබල කාලය තුල අනර්ඝ ශීල්ඩ් කඳවුරු වල තිබිච්චි හොඳ හොඳ දේවල් ටිකක් යුරෝපයේ සෙගෝවියා හිකඳවුරට ගෙනිච්චා. හොඳම දේ තමයි නිව්යෝක් සටනේදී ශීල්ඩ් එක ලබාගෙන තිබුණු ලොකී ගේ සෙංකෝලය ස්ට්‍රයිකර් ලබාගෙන තිබුණු එක. ඒ වගේම කඩා වැටුණු චිටාවුරි යානයක්ද ඔහුගේ එකතුව තුල උනා. මේ හැම දෙයක්ම අගේට කරගන්න තිබුනා ලිස්ට් සෙගෝවියා වලට පැනල එන්න කලින් කඳවුර ගැන පියවරක් ගත්තානම් (Marvels Agents of S.H.I.E.L.D S02E19). අධ්‍යක්ෂක කොල්සන්ට සෙගෝවියා වල තොරතුරු ලැබුණු නිසා ලෝකය වෙනස්ම මගකට ගෙනියපු දැවැන්ත සටන ඇරඹුනා. මෙච්චර කල් ඇවෙන්ජර් ටවර් එකට වෙලා නිදහසේ හිටපු ඇවෙන්ජර් ලා එලියට ආවේ සෙගෝවියා වලට පහර දෙන්නටයි. ඒ ලොකී ගේ සෙංකෝලය අරගන්නටයි. “Hail Hydra”. හයිඩ්‍රා සහෝදරයන් දිවි පරදුවෙන් සටන් කරත් නිවුන්නු දෙන්නා………
…හෝව් හෝව් හෝව්… අපොයි මෙහෙම ගියොත් මුළු කතාවම ලියවෙයි වගේ..කතාව කියන්න නෙවේනේ මට තියෙන්නේ පූර්විකාවක් කරලා දෙන්නනේ….. මමනම් මැයි වලම ෆිල්ම් එක බැලුවා. ඉතින් නොබලපු අය ඉන්න නිසා ෆිල්ම් එක නොබලපු කෙනෙක් විදියටම ලිපිය ලියන්නම්කො.
Captain America – The Winter Soldier එකෙන් පටන් ගත්තු කතාව ඔයාල දන්නවනේ. කොල්සන්, ගොන්සාලෙස් මොන ගේම ගැහුවත් තවමත් ලෝකේ පුරාම හයිඩ්‍රා බලය තවමත් ක්‍රියාත්මකයි. මේ වෙනකොට අල්ට්‍රන්ගේ යුගයට කලින් හයිඩ්‍රා නායකයා උනේ වොන් ස්ට්‍රයිකර් සිටුතුමා. හැමෝම දන්නවනේ දැන් එයා ගාව තමයි ඉන්ෆිනිටි ජෙම් එකක් වන මයින්ඩ් ජෙම් එක ඇතුලත් කරලා තියෙන ලොකී ගේ සෙංකෝලය තියෙන්නේ කියල. ඒ වගේම පිටසක්වල තාක්ෂණ යොදාගෙන වැඩිදියුණු කරපු නිවුන්නු දෙන්නා ඉන්නවා. Pietro Maximoff සහ Wanda Maximoff කියන මේ නිවුන්නු දෙන්නා තමයි හයිඩ්‍රා හි අනාගත යුධ ආයුධ වෙන්න හිටියේ.
කොල්සන් යටතේ ශීල්ඩ් ආයතනය හෙමිහිට හිස ඔසවමින් තිබුනත් ලෝකය රැකගන්න තවත් ක්‍රම ඕනි. ඇවෙන්ජර් කියන්නේ ඒකට හොඳම විසඳුමක්. ටෝනි පෙපර්ට පොරොන්දු උනත් ආමර් විනාශ කරේ පෙපර්ට පේන්න විතරයි වගේ? (Iron Man 03) බැනර් දැන් කොහොමත් ඉන්නේ පාලනයක් යටතේ ස්ටාර්ක් ටවර් එකේ (Iron Man 03). කැප් දැන් ආපහු ගේමට බැහැලා ඉන්නේ (Winter Soldier). තෝර් එයාගේ ආදරේ හොයාගෙන පෘතුවියේ නවතින්නම ආවනේ (Thor The Dark World). නටාෂා සහ බාර්ටන් දැන් ලෝකයා ඉදිරියේ නිරාවරණය වෙලා ඉන්නේ (Winter Soldier). ඉතින් ලෝක සාමය සුරැකීමට හොඳම දේ තමයි ඇවෙන්ජර්ලා එකතු කරවන එක. ඒකට ගැලපෙන හොඳම කෙනා ඉන්නේ දැන් ටෝනි ගාව. ඒ කවුරුත් නෙවෙයි මාරියා හිල්. ශීල්ඩ් හි ප්‍රධාන නිලධාරිනියක් ව හිටපු ඇය ටෝනි පසුපස හිඳිමින් ඇවෙන්ජර් කණ්ඩායමේ පසුපස හිඳින ශක්තිය බවට පත්ව සිටි බව අපිට ශීල්ඩ් කතාමාලාවෙන් දැකගන්නට ලැබුනා.
කලින් ඇවෙන්ජර් මෙහෙයුම් මධ්‍යස්ථානය වුනු ශීල්ඩ් මධ්‍යස්ථාන තාවමත් නැවත ගොඩනගලා නැහැ. පාලන ඒකක වුනු හෙලිකැරියර් කැප් විනාශ කරා එයාගේ යුද්දයේදී. ඒත් අලුත්ම තැනක් තියෙනවා. ඒ තමයි ස්ටාර්ක් ටවර් එක. මතකයි නේද ඇවෙන්ජර් පලවෙනි එකේදී ස්ටාර්ක් කියන නමේ A විතරක් ඉතුරු වෙද්දී අනිත් ටික කැඩිලා ගියා කියල. ඉතින් මේ A අකුර නවීකරණය කරලා ඇවෙන්ජර් මූලස්ථානය බවට ටවර් එක පත්කරගෙන තියෙනවා. මේකේ තියන යටි අර්ථය තමයි මුළු ලෝකයම අනතුරට පත් වෙද්දී මිනිස්සුන්ට ඉතුරුවෙන එකම පිළිසරණ ඇවෙන්ජර්ස්ලා විතරයි කියන එක. අල්ට්‍රන්… අල්ට්‍රන් කියන්නේ ඇවෙන්ජර් ලාට මුහුණ දෙන්නට සිදුවුණු දැවැන්තම සතුරෙක්. ලෙයින් මසින් සැදුනු ජීවියෙක් නොවුනත් දැවැන්ත පෞරුෂයක් හිමි සුපිරි වීරයන් පවා දනගැස්විය හැකි සතුරෙක් වුනා.
“මේ කඩා බිඳ දමා විනාශකළ හැකි ලෝකයට අපිට වඩා ශක්ති සම්පන්න දෙයක් අවශ්‍යයි “[ටෝනි] (this vulnarable world needs something more powerful than any of us)
“අපි හැමවෙලේම අපිව තැතිගන්වපු දේ නිර්මාණය කරනවා” [අල්ට්‍රන්] (we always create what we dread)
ස්කාර්ලට් වීච් සහ ක්වික් සිල්වර් තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබෙනවා. හයිඩ්‍රා තාක්ෂනය මගින් ස්ට්‍රයිකර් දියුණු කරපු මේ දෙන්නා කතාව වෙනස්ම මගකට ගෙනයන දෙන්නෙක් බව ඔයාල දැනටම දන්නවා ඇති. මාර්වල් ලා අගේ කරලා අගේ කරලා අන්තිම මොහොතේ එලියට දාපු විෂන් තමයි කතාවේ හැරවුම් ලක්ෂය. කොමික් කතාව දන්නා අය දන්නවනේ විෂන් ගේ දායකත්වය ගැන අල්ට්‍රන් යුගයේදී.
“මොකක්ද? මොකක්ද ඒ?”
“අපිට ප්‍රතිවිපාක විඳින්න වෙනවා මිනිසා විසින් නිර්මාණය කරපු යකඩ අපේ නගර කෑලි වලට වෙන් කරනවා. ඒ වගේම ලෝකය සදහටම වෙනස් වේවි.”
මතකයි නේද රෙයිනා කියපු මේ අනාගත වාක්‍ය. අනාගතය දැකිය හැකි ඉන්හියුමන් වරියක වූ ඇයගේ මේ ප්‍රකාශය මේ විනාශය ගැන පැවසිය හැකි හොඳම උදාහරණයයි.
No string on me යනුවෙන් අල්ට්‍රන් පවසන අයුරු ඔයාලට මතක ඇති පූර්ව ප්‍රචාරක පට මගින්. එම වදනෙන්ම ඔයාලට මේ කතාවේ තත්වය හිතාගන්න පුළුවන් ඇති. නිව්යෝර්ක් යුද්දයෙන් පසු නිහඬව සිටි ඇවෙන්ජර් කණ්ඩායම දැවැන්ත විනාශයක් වෙත ගෙනයාමට තරම් අල්ට්‍රන්ට හැකිවන්නේ කෙසේද කියා සිත ගත හැකියි. ස්වයං විප්ලවයක් කරා යන අල්ට්‍රන්ගේ නව යුගය කරා යන ගමන ඔයාලම බලල රසවිඳින්න.
Joss Whedon විසින් මෙවරද අධ්‍යක්ෂණ කාර්ය ඉටු කරනවා. මේ එයාගේ අවසන් ඇවෙන්ජර් සිනමාපටය බව පවසලා තියෙනවා. ඇවෙන්ජර් ලා ලෙස Robert Downey Jr\Chris Hemsworth\Mark Ruffalo\Chris Evans\Scarlett Johansson\Jeremy Renner\Aaron Taylor-Johnson\Elizabeth Olsen\Paul Bettany දායක වෙනවා. අල්ට්‍රන් ලෙස James Spader විසින් හඬ දායකත්වය සපයලා තියෙනවා. මාර්වල් විශ්වයේ අද්විතීයම නායකයා වෙන නික් ෆියුරි ලෙසින් සුපුරුදු විදියට Samuel L. Jackson දායක වෙනවා.
අවසන් සටනේ කැප් කියන මේ වදනින්ම අවසන් කරන්නම්. “I have no plans tonight”
ප.ලි
(යාලුවනේ මම ඔයාලට කිව්වේ මාර්වල් සිනෙමැටික් යුනිවර්ස් එක ගැන විතරයි. කොමික් කතාව කිව්වෙම නැහැ. මොකද එහෙම උනානම් ඔයාලට ඒක පටලැවෙන්න ඉඩ තිබුනා සිදුවෙලා තියෙන දැවැන්ත පරස්පරතා නිසා. ඔයාලට කොමික් කතාව් අදනගන්න ඕනිනම් මංසලේ AVENGER කියල සර්ච් කරන්න. නැතිනම් FACEBOOK හි COMIC SCRIPT පිටුව එක්ක සම්බන්ද වෙන්න.)
ප.ලි
ඔයාල මේ පිළිවෙලට බැලුවානම් කතාවේ ගොඩක් තැන ගැන රහස් විසදේවි.
Marvels Agents of S.H.I.E.L.D S02E19
Marvels Avengers: Age of Ultron
Marvels Agents of S.H.I.E.L.D S02E20
Hail Ultron
බෲස් බැනර්, නැත්නම් හල්ක්
රොබට් බෲස් බැනර් කියන්නේ භෞතික විදයාඥයෙක් වෙන ඩොක්ටර් බ්‍රයන් බැනර්ගේ පුතා. ඉතින් මේ බෲස්ගේ අම්මා වෙන රෙබෙකා එයාට හුඟාක් ආදරේ කළා. මේ ඩොක්ටර් බ්‍රයන් මත්පැන් පානයට ඉතාමත් තදින් ඇබ්බැහි වෙලා හිටියේ. කොච්චර තාත්තා කෙනෙක් වුනත් බ්‍රයන්ට එයාගේ බිරිඳ රෙබෙකා එයාගේ පුතා කෙරෙහි දක්වන ආදරේ ඉවසගන්න බැරි වුනා. ඒ වගේම මෙයා හිතුවේ එයාගේ පර්යේශානාගාරවල විකිරණ සම්බන්ධව කරන වැඩ නිසා එයාට ලැබිලා තියෙන්නේ විකෘති DNA සහිත පුතෙක් කියලා. ඉතින් මෙයා බෲස්ව දූෂණය කරලා රෙබෙකාව මරනවා. ඉතින් මේ සිද්ධිය නිසා ඩොක්ටර් බ්‍රයන්ව මානසික රෝහලකට යොදවනවා. ඊට පස්සේ මේ පුංචි බෲස්ව හදා වඩා ගන්නේ බෲස්ගේ තාත්තගේ අක්කා වෙන සුසෑන් බැනර්. ඉතින් කාලයත් එක්ක බෲස් ලොකු මහත් වෙලා න්‍යෂ්ටික භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රවීනයෙක් බවට පත්වුනා. ඉතින් මෙයාට අවස්තාවක් හම්බුනා නිව් මෙක්සිකොවල තියෙන කාන්තාර කඳවුරක වැඩකරන්න. එතැනදී තමා මෙයාට ජෙනරල් රොස්ව හම්බවෙන්නේ. එයාගේ දුව වෙන බෙටී රොස් එහෙමත් මෙතන ඉන්නවා. ඉතින් දන්නවනේ වෙන දේ… මොකද්ද වෙන්නේ, දෙන්න ආදරයෙන් වෙලෙනවා…
ක්වික්සිල්වර් සහ ස්කාලට් විච්
පියෙට්රෝ මැක්සිමොෆ් කියන්නේ ජැන්ගෝ (Django) සහ මාර්යා මැක්සිමොෆ් (Marya Maximoff) කියන රොමේනියා යුවල හට ඉපදුනු වැඩිමහල් දරුවයි. වොන්ඩා මැක්සිමොෆ් කියන්නේ මෙයාගේ නංගි. මොවුන් දෙදෙනා ළදරුවන් කාලෙදිම හයි එවොලූෂනරි, නැත්නම් හර්බට් එඩ්ගර් වින්ඩම් කියන ජාන විද්‍යාඥයා විසින් පැහැරගෙන යනවා. ඊට පස්සේ ඒ දෙන්නව පාවිච්චි කරලා විවිධ විදිහේ පරීක්ෂණ කරනවා. නමුත් ඒ පරීක්ෂණ ගැන පැහැදීමක් ඇති නොවුන නිසා මොවුන් දෙන්නව නැවතත් ඉපදුන ස්ථානය වෙන වොන්ඩගෝ වලටම යවනවා. ඉතින් මේ දෙන්නගේ තාත්තා මෙයාටයි මෙයාගේ නංගිටයි මෙයාගේ අම්මටයි කෑම අරගෙන එන්න ගිය වෙලාවට රෝමෙනියානුවන් පිරිසක් මෙයාලා ඉන්න වොන්ඩගෝ කඳවුරට පහර දෙනවා. ඒ වෙලාවේ මෙයා මෙයාගේ නංගිවත් අරගෙන එතන කඳවුරෙන් පැනගන්නවා. ඉතින් මෙයාලා කාලයත් එක්ක ලොකු වෙනවා. නමුත් එයාලට පොඩි කාලය ගැනවත් එයාලගේ අම්මා තාත්තා ගැනවත් හරි හැටි මතකයක් නෑ. දවසක් වොන්ඩා අතින් ගෙයක් ගිනිගන්නවා. මොකද එයා, ඒ කියන්නේ වොන්ඩා තවම හරි හැටි දන්නේ නෑ එයාගේ බලය පාවිච්චි කරන්න. ඉතින් මේ නිසා මෙයා යක්දෙස්සියක් කියලා මිනිස්සු මෙයා පස්සේ පන්නන්න ගන්නවා. පස්සේ ඔයාලා දන්න මැග්නීටෝ තමා මෙයාලව බේරාගන්නේ. ඊට පස්සේ මැග්නීටෝ මේ පියෙට්‍රෝව නම් කරනවා ක්වික්සිල්වර් කියලා. වොන්ඩාව නම් කරන්නේ ස්කාලට් විච් (ලොහිත යක්දෙස්සිය) කියලා. ක්වික්සිල්වර්ගේ හැකියාවන් ගැන කියනවා නම් මොහු ඉතාමත් වේගවත්. මේ වේගවත් බව නිසාම එයට සරිලන පරිදි මෙයාගේ ශරීරයත් නිර්මාණය වෙලා තියෙනවා. මෙයාගේ රුධිර සංසරණ පද්ධතිය සහ ස්වසන පද්ධතිය සාමාන්‍ය පුද්ගලයකුගේ රුධිර සංසරණ පද්ධතියට වඩා ඉතාමත් කාර්යක්ෂමයි. මෙයා ආහාරමය ද්‍රව්‍යවල තියෙන කැලරික ශක්තියෙන් 95%ක් විතරම පරිවෘතියට භාවිතා කරනවා. සාමානයෙන් සාමාන්‍ය මිනිසෙක් පාවිච්චි කරන්නේ 25%ක වගේ ප්‍රමාණයක් තමයි. අනික එයාගේ පේශි තුල චලනයේදී පේශී විඩාවට පත්කරන ද්‍රව්‍ය නිපදවීමක් සිද්දවෙන්නේ නෑ. පේශි තුල නිර්වායු ස්වසනය එහෙම සිදුවෙන්නේ නෑ. මෙයාගේ අස්ථි අතර පිහිටන සන්ධි වෙන සාමාන්‍ය පුදගලයෙකුගේ සන්ධි වලට වඩා ඉතාමත්ම මෘදුයි. ඒ වගේම ස්නේහනය (ලිස්සනසුලු බව) වැඩියි. මෙයාගේ පේශී වල තියෙන කන්ඩරා වල ආතන්‍ය බලය ඉතාමත්ම ඉහලයි. අනික මෙයාගේ අස්ථි වල කැල්සියම්වලට වඩා ශක්තිමත් වෙනක් ද්‍රව්‍යයක් අඩංගු වෙනවා. මොකද මෙයා දුවනකොට කකුල මත යෙදෙන කම්පන තරංග සාමාන්‍ය පුද්ගලයෙකුට කීයටවත් දරාගත නොහැකි මට්ටමේ ඒවා වෙන නිසා. අනික මෙයාගේ ප්‍රතිචාරක හැකියාව වගේම මොලය මගින් දෙයක් හඳුනාගැනීමේ හැකියාව සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා හුඟක් වේගවත්. මොකද එයා යන වේගයට අනුව වට පිට තියෙන දේ මොලය මගින් ඉක්මනින්ම හඳුනාගැනීම සිදු වෙන නිසා… සාමාන්‍යයෙන් ක්වික්සිල්වර්ගේ වේගය ශබ්ධයේ වේගයට එනම් තත්පරයට මීටර් 320කට වඩා වැඩියි. නමුත් කොමික් පොත්වල තියෙන දේවල් කියෙව්වාම ඇත්තටම බැලුවොත් ක්විසිල්වර්ට ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් දුවන්න පුලුවන්. ඒ වගේම මෙයාට පුළුවන් ඉතා ඉහල සංඛ්‍යාතයකින් එයාගේ අනුක මට්ටමේ කොටස් කම්පනය කරන්න. එක්ස් මෙන් ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් ෆිල්ම් එක බැලුවා නම් ඔයාලා දකින්න ඇති මැග්නීටෝව පෙන්ටගනයෙන් එලියට ගන්න අර වීදුරු වහල බිඳපු විදිහ.
. ස්කාලට් විච් විදිහට එළිසබෙත් ඔල්සන් (Elizabeth Olsen) රංගනයෙන් දායක වෙනවා. මම කිවුවනේ ක්වික්සිල්වර් මුලින්ම අපිට කැපී පෙනෙන හම්බුනේ DOF එකේදී කියලා. හැබැයි ඔයාලා එක්ස් මෙන් ඔරිජින්ස් වුල්වරීන් ෆිල්ම් එක විමසිල්ලෙන් බැලුවා නම් ඔයාලා දකින්න ඇති ක්වික්සිල්වර් ඒකෙත් ඉන්නවා. ඉතින් මම හිතනවා මම මේ ලියපු ප්‍රමාණය ඇති වෙයි කියලා. ලියන්නම් නම් පුලුවන්. ඒත් කාලය හරස්වෙන එකයි අවුල. :/ දැන් මූණු පොතේ නැති එක්කෙනෙක් නෑනේ. ඒ නිසා ඔයාලට අල්ට්‍රෝන් ඇතුළු අනෙක් චරිත ගැන දැනගන්න ඕන නම් මූණුපොතේ Comic Script කියලා සෙවුම් කරලා එන පේජ් එකට ලයික් එකක් දාන්න කියලා ඉල්ලනවා..
සිංහල උපසිරස සහ ටොරෙන්ට් ලබා ගන්න

Direct Link 875MB