කොළඹ කොටුව - බදුල්ල දුම්රියක් කුඩ්ඩෝ සුද්ද කරයි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,893
    1
    4,707
    113

    කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියකට කිසියම් පිරිසක් අලාභහානි කර එහි කොටස් ගලවාගෙන ගොස් තිබේ.
    මැදිරි 9කින් සමන්විත මෙම දුම්රියේ ජනේල බිඳ එයට ඇතුළු වී, එහි තිබූ විදුලි කේබල්, ඇලුමිනියම්, යකඩ බට, උපකරණ, වයර්, බැටරි ආදී වටිනා උපකරණ ගලවාගෙන ගොස් ඇත.
    මෙම සොරකම හේතුවෙන් සිදුවූ පාඩුව ගණනය කර නොමැති වුවත්, එය කෝටි ගණනක් වනු ඇති බව සඳහන්.
    'දිට්වා' හේතුවෙන් විනාශ වූ ප්‍රධාන දුම්රිය මාර්ගයේ පිළිසකරකිරීම් මේ වනවිට සිදුකෙරෙන අතර, එම කටයුතු අවසන් වනතෙක් මෙම දුම්රිය ගමනාගමනයෙන් තාවකාලිකව ඉවත් කර ඇත.
    සොරකම සිදුවන විට එම දුම්රිය මාළිගාවත්ත පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ඉංජිනේරු ධාවන බල අංගනයේ ගාල්කර තිබී ඇත.
    එහි පෙරේදා (19) රාත්‍රියේදී ආරක්ෂක නිලධාරියෙකුට ඇසුණු ශබ්දයක් අනුව සෝදිසිකිරීමක් සිදුකර ඇති අතර, එහිදී මෙම සොරකම අනාවරණය වී තිබේ.
    සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එක් සැකකරුවෙකු අත්තඩංගුවට ගෙන ඇත.
    කෙසේ වෙතත් අනෙකුත් සැකකරුවන් පළාගොස් ඇති අතර, ඔවුන් සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකය.
    අත්තඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවෙකු බවත් පොලිසිය පවසයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,131
    17,863
    113
    35
    Spain
    ඕකුන් ඇප පිට නිදහස් වෙලා ගිහින් ආයෙම ඔය වැඩේ කරනවා. ඕකුන්ට නඩු සීයක් විතර ඇති. නියම සමාජ පිළිල. ආණ්ඩුව වුනත් කෝටි ගානක මහජන දේපල ආරක්ෂා කරන්න මීට වඩා උනන්දු වෙන්න ඕන.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,859
    31,365
    113
    අපායෙ දොරකඩ
    අපේ මේ ගොන් ප*යන්ට මේවගෙ ආරක්ශාවට වගකිවයුතු නිසි සේවකයො දාන්න මොළයක් තිබිල නෑ නෙ. කුඩ්ඩොන්ට වඩා මේකෙ ගොන් කෙබ්බොන්ට තමා ගහන්න ඕනෙ :dull: