"දළදා පෙරහැර බලන්න එක සීට් එකක් රුපියල් 50,000යි!" – පදික වේදිකාවේ ප්ලාස්ටික් පුටුවටත් පනස් දාහක් අය කරන මහනුවර දැවැන්ත පෙරහැර ජාවාරම මෙන්න! දෙස් විදෙස් සංචාරකයන් දැඩි කෝපයෙන්!
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහැර ආරම්භ වීමත් සමඟ, පෙරහැර නැරඹීම සඳහා ලබාදෙන තාවකාලික ආසනයක (Seat) මිල රුපියල් 25,000 සිට 50,000 දක්වා අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව දෙස් විදෙස් ජනතාවගෙන් බරපතළ චෝදනා එල්ල වී තිබෙනවා!
රුපියල් 50,000ක් අරන් වතුර බෝතලයක්වත් නෑ – හෙළි වූ තොරතුරු:
රුපියල් 1,000ට අරන් 50,000ට විකිණීම:
මහනුවර මහ නගර සභාව මඟින් රුපියල් 1,000ක සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් රුපියල් 600ක මුදලක් අය කර පෙරහැර ආසන සඳහා බලපත්‍ර නිකුත් කළද, අතරමැදි ජාවාරම්කරුවන් සහ ඇතැම් ව්‍යාපාරිකයන් එම ආසන රුපියල් 25,000ත් 50,000ත් අතර අධික මිල ගණන්වලට විකුණමින් ජනතාව දැඩි ලෙස සූරාකෑමේ නිරත වේ.
කිසිදු පහසුකමක් නෑ – ප්ලාස්ටික් පුටුවක් විතරයි:
අධික මුදලක් අය කළද, ලබාදී ඇත්තේ පදික වේදිකාවේ තැබූ සාමාන්‍ය ප්ලාස්ටික් පුටු පමණි. පානීය ජල බෝතලයක් හෝ වැසිකිළි පහසුකමක් පවා නොමැති ස්ථානවල මෙලෙස රුපියල් දහස් ගණනින් අයකරන බවට විදේශිකයන් මැසිවිලි නඟයි.
ව්‍යාජ මඟපෙන්වන්නන් සහ නිලධාරී සහය:
තමන් සංචාරක මඟපෙන්වන්නන් (Tour Guides) ලෙස හඳුන්වා ගන්නා තැරැව්කරුවන් මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේද ආශිර්වාදය ඇතිව මෙම ජාවාරම ඉතා සූක්ෂමව ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී තිබේ.
සුද්දෝ පදික වේදිකාවේ බිම වාඩිවෙයි:
මෙම අධික මිල ගණන් හේතුවෙන් කෝපයට පත් ඇතැම් විදේශීය සංචාරකයන් එම මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කර, සාමාන්‍ය ජනතාව සමඟ පදික වේදිකාවේ බිම වාඩි වී පෙරහැර නරඹන අයුරු නගරයේ දැකගත හැකි වී ඇත.
ලංකාවේ අභිමානවත් සංස්කෘතික මංගල්‍යය සහ බෞද්ධ උරුමය ලෝකය ඉදිරියේ විකුණාගෙන කන මෙවැනි කූට ජාවාරම්කරුවන්ට එරෙහිව සංචාරක අමාත්‍යාංශය සහ දළදා මාලිගාවේ පාලන අධිකාරිය , මහ නුවර නගර සභාව සහ නීතිය කරවන ඇත්තන් වහාම ක්‍රියාත්මක විය යුතු නොවේද? මේ ගැන ඔබ මොකද හිතන්නේ?