dam ekak kadila apu ekak wage
The devastating August 26, 2026 flash flood on the Nepal-Tibet border was triggered by a 4.4-magnitude earthquake that hit the mountainous region at 8:37 AM local time.
නේපාලයේ ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 400 දෙනෙකු අතුරුදන්ව 18දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
අතුරුදන් වූවන් අතර විදේශීය සංචාරකයින් 291ක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
චීන සහ ටිබෙට් දේශ සීමාව ආසන්නයේ පිහිටි නේපාලයේ රසුවා ප්‍රදේශයට මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිව තිබේ.
දේශසීමාව ආසන්නයෙන් ගලායන බෝත්කොෂි ගංගාව ඔස්සේ හිම දියවීම හේතුවෙන් ඇති වූ විශාල ජල ප්‍රමාණයක් එකවර ගලාඒම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිව තිබේ.
ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවක් මෙලෙස හදිසි හිම දියවී යාමට හේතු වී ඇති බවට විශ්වාස කරයි.
ගංවතුර තත්ත්වය හේතුවෙන් බෝත්කොෂි ගංගාව ආසන්නයේ ගමන් කරන මහා මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටව ගිය අතර චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක් ද සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබේ.
නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත නායයෑමක් සිදුවී භෝටේ කොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වීමත් සමඟ මෙලෙස විනාශකාරී ජල ගැලීමක් හටගෙන ඇති අතර, එමගින් පහළ ප්‍රදේශ වෙත හදිසි ජල කඳක් මුදා හැරුණි.
මෙම ගංවතුර තත්ත්වය නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශවලට දැඩි ලෙස බලපෑ අතර,ප්‍රදේශයේ යටිතල පහසුකම්, මාර්ග, පාලම් සහ විදුලි බලාගාර ව්‍යාපෘති විනාශ වී ගොස් ඇති බව සඳහන් වෙයි.
මීට අමතරව, ටිබෙටයේ අසල්වැසි ගිරොං ප්‍රාන්තයෙන් ද දැඩි මඩ නායයෑම් සහ ජීවිත හානි පිළිබඳ වාර්තා විය.