ශ්‍රී ලංකාවෙන් නේපාලයට ඩොලර් මිලියනයක්..❤️👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    image


    නේපාලයට බල පෑ හදිසි ජල ගැලීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබාදීමට තීරණය කර තිබේ.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම මූල්‍ය දායකත්වය ලබාදීමට තීරණය කර ඇති අතර, එමගින් විපතට පත් ජනතාව සඳහා හදිසි සහන හා මානුෂීය ආධාර සැපයීමට අපේක්ෂා කෙරේ.

    ජල ගැලීම හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි සහ ජනතාව මුහුණදී ඇති පීඩාව පිළිබඳව ජනාධිපතිවරයා සිය බලවත් කනගාටුව පළ කර ඇති අතර, විපතට පත් පවුල් වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ සාතිශය සංවේගයද පළ කර තිබේ.

    ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සිහිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාව නේපාල ජනතාව සමඟ දැඩිව සිටින බවයි.

    මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නේපාල විදේශ කටයුතු අමාත්‍ය ශිෂීර් ඛනාල් මහතා සමඟ අද පෙරවරුවේ දුරකථන සංවාදයක නිරත වෙමින් ශ්‍රී ලංකාවේ ශෝකය, සහයෝගය සහ සහෝදරත්වය පළ කර තිබේ.

    නේපාලයේ සහන හා ප්‍රතිසාධන කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබාදිය හැකි තවත් සුදුසු සහයෝගීතා ක්‍රමවේද පිළිබඳවද රජය අවධානය යොමු කරමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නේපාල විදේශ කටයුතු අමාත්‍ය ශිෂීර් ඛනාල් මහතා සමඟ අද පෙරවරුවේ දුරකථන සංවාදයක නිරත වෙමින් ශ්‍රී ලංකාවේ ශෝකය, සහයෝගය සහ සහෝදරත්වය පළ කර තිබේ.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    පක්කු අපිට දිගට හරහට බදු ගහල උගෙ අප්පෙග සල්ලි වගේ ලෝකෙ වටේ බෙදනව… නාය ගියපු Kandy Colombo රේල් පාර වත් හදල ඉදපං..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,162
    113
    35
    Spain
    කමක් නෑ බන්, සුහදත්වය වෙනුවෙන්. සහෝදර රටක් වෙනුවෙන් එහෙම දුන්නු එක හොඳයි. නෙපාලේ අපිට වඩ දුප්පත් රටක් නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    පොන්න නන්දසේනයා රට කරනකොට ඉන්දියාවෙ හිඟන්නුත් අපිට ආධාර දුන්නා.
    අද ජනාදිපතිතුමා ඩොලර් මිලියන ගනන් වලින් අසරණ වෙච්ච බෞද්ධ රටකට උදව් කරනවා.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,162
    113
    35
    Spain
    පොන්න නන්දසේනයා රට කරනකොට ඉන්දියාවෙ හිඟන්නුත් අපිට ආධාර දුන්නා.
    අද ජනාදිපතිතුමා ඩොලර් මිලියන ගනන් වලින් අසරණ වෙච්ච බෞද්ධ රටකට උදව් කරනවා.
    ස් ස් සර්, හැකරා ගැනත් වචනයක් කියපන්.
     
    • Haha
    Reactions: nooby