ඔයා දන්නවා නම් පැහැදිලි කරන්න පුලුවන් ද? මමත් තව ත්‍රෙඩ් එකක අහල තිබ්බ ඒවා ගැන, කවුරුත් රිප්ලයි නම් දාල තිබ්බේ නෑ
------ Post added on Aug 29, 2026 at 2:21 AM
Apartment Cons
කුණු ප්‍රශ්නෙ. කුණු ගෙනියන්න සමහර Apartment වල Same floor room එකක් තියනව ඒත් ගොඩක් ඒවගෙ Lift එකේ පහලට කුණු බෑග් උස්සගෙන ගිහින් බක්කියට දාන්න ඕන. පට්ට කට්ටක්
අනිත් එත Apartment ඇතුලෙ කොහොම Design කරලත් වාතාශ්‍ර ප්‍රශ්නයක් තියනව. ගෙදරක තරම් Fresh Air එන්නෙ නෑ. ගේ ඇතුලෙ මොනවහරි මාළු වගේ දෙයක් ඉව්වම ඔක්කොම ගඳයි.
Freedom ප්‍රශ්නෙ. එහෙදර උන්ගෙ සද්ද ඇහෙනව. අපි සද්දයක් දැම්මොත් උන්ට ඇහෙනව. ඇද හෙල්ලුනත් එහා ගෙදර එකා දන්නව. මොකද Apartment වල Sound insulation කරළ Cardboard Partition කරල තියෙන්නෙ. ඒව සද්දි යම් දුරකට නැවැත්තුවට Perfect නෑ.
Structural issues. උඩ ගෙදර එකා අමතක වෙලා Sink එකේ tap එක ඇරල ඉතුරුවොත් එහෙම වතුර ලීක් වෙන්න පුළුවන් පහල Apartment එකට. අපේ අතින් එහෙම දෙයක් උනොත් අපිට ගෙවන්න වෙනව Damage එකට. කාලයක් යද්දි කොහොමත් Plumbing ප්‍රශ්න එනව.
Pest ප්‍රශ්න. වෙන ගෙදරක කැරපොත්තො බෝ උනොත් Building එකටම බෝ වෙනව.
Access ප්‍රශ්න. Lift එක කැඩුනොත් නැගපන්කො පඩි. අනිත් එක, Furniture එහෙම Move කරන්න ගියාම, දොරේ දිග පලල මැනගෙන යන්න වෙනව. නැත්තම් දොරෙන් ගන්න පුළුවන් එකක් ගන්න වෙනව. තමන් කැමති එකක් තිබ්බ කියල ගේන්න බෑ. නැත්තම් ක්‍රේන් එකකින් Balcony එක පැත්තෙන් දාන්න ඕන.
Financially බැලුවත් Outer Colombo (අතුරුගිරිය වගේ) Apartment ලොකු Gain එකක් එන එකක් නෑ. + උඩ ප්‍රශ්නත් එක්ක. Port City Apartment නම් පොඩි Boom එකක් එන්න පුළුවන්. ඒත් ඒකට සාපේක්ෂව ලොකු ඉඩමක් (20perches) ඉඩමක් අතුරුගිරියෙන් ගත්තනම් 6.6 Perches කඩල ගෙවළ් 3ක් ගහල Rent or AirBnB කරන්න නැත්තම් විකුණන්න පුළුළුන්.
ඕක Lifestyle Upgrade එකක් නෙමෙයි අපාගත වීමක් Penthouse එකක් වගේ නෙමෙයි නම්.