ටිබෙට් සීමාවේ සිට ගලා ආ මහා ගංවතුරත් සමඟ පුපුරන ද්‍රව්‍ය සහිත අමුතු උපකරණ රැසක් නේපාල භූමියට ගසාගෙන ඇවිත්!

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    373
    361
    63
    ඒ සුන්දර ශාන්ත හිමාල අඩවියෙන් ගලා එන ත්‍රිශූලී ගඟේ සැඩ පහරින් නේපාලයේ ගම්මාන පිටින් සෝදාගෙන යද්දී, ඒ වතුර පහරත් එක්ක පහළට ගසාගෙන ආවේ හුදෙක් පස්, ගල් සහ කඩා වැටුණු ග්ලැසියර කැබලි විතරක්මද?

    "නැහැ!" නේපාලයේ විකල්ප මාධ්‍ය වාර්තා කළේ එකවරම මුළු ලෝකයම තිගැස්සෙන පුවතක්..

    ටිබෙට් සීමාවේ සිට ගලා ආ මහා ගංවතුරත් සමඟ පුපුරන ද්‍රව්‍ය සහිත අමුතු උපකරණ රැසක් නේපාල භූමියට ගසාගෙන ඇවිත්!

    නේපාල හමුදාව මේ වන විටත් ඒ ඇතැම් පුපුරන ද්‍රව්‍ය අක්‍රිය කරමින් පවතිනවා.. දැන් මුළු දකුණු ආසියාව හමුවේම නැගී සිටින විශාලතම ප්‍රශ්නාර්ථය මෙයයි, "ටිබෙට් හිම කඳුවල, ඒ පුපුරන ද්‍රව්‍ය කළේ කුමක්ද?"

    හිම කඳු අස්සේ පුපුරන ද්‍රව්‍ය? මහා පරිමාණ ඉදිකිරීම්ද? ටිබෙටයේ හිම කඳු අතර, ග්ලැසියර ආසන්නයේ මෙතරම් විශාල ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිත කළේ ඇයි?

    හිම කඳු විද මහා පරිමාණ උමං මාර්ග හදන්නද? නැත්නම් පාරිසරික බලපෑම් ගැන තැකීමක් නැතුව කඳුකරයේ ජල විදුලි ව්‍යාපෘති හෝ හමුදාමය යටිතල පහසුකම් ඉදිකරන්නද?

    මේ ආකාරයෙන් කඳු විදලා කරපු මහා පරිමාණ පිපිරවීමක් නිසා, අවසානයේ ග්ලැසියරයේ පැවැත්ම බිඳවැටිලා, මේ මහා ව්‍යසනය හටගත්තාද? මේවා හුදෙක් මනඃකල්පිත ප්‍රශ්න නෙවෙයි.

    හිමාලයේ පරිසර පද්ධතියට අත තියන ඕනෑම රටක් ඒ සුන්දර කලාපයටම වගකියන්න ඕනේ.. නේපාලයට විතරක් නෙවෙයි, ඉන්දියාවේ බිහාර් සහ උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත වලටත් මේ ගංවතුරෙන් විශාල හානියක් සිදුවෙලා, අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අහිමි වුණා..

    නමුත්, වඩාත්ම කැපී පෙනෙන සහ කනගාටුදායක දේ වන්නේ මේ ප්‍රශ්න අහන්න පටන් ගන්නවාත් එක්කම, සමාජ මාධ්‍ය, අදහස්, උපුටා දැක්වීම් සහ සටහන් හරහා එකවරම යම් සංවිධානාත්මක මතවාද රැල්ලක් මතුවීමයි.

    පොඩ්ඩක් බලන්න, මේ ප්‍රතික්‍රියා රටාව ඔබටත් හුරුපුරුදුද කියලා..

    "මේක හරිම සංවේදී වෙලාවක්, දැන්ම ඕවා ගැන කතා නොකර ඉඳිමු!"

    (දැක්කද, "සංවේදී" කියන වචනය පාවිච්චි කරලා ඇත්ත ප්‍රශ්න යටගැසීම හැමදාම වෙන දෙයක්!)

    "මේක ඉන්දියානුවන් අතර බිය පැතිරවීමේ ප්‍රචාරයක්.."

    (දැක්කද රජයට එරෙහිව කරන මඩගැසීම් කියා කියමින්, සැබෑ පාරිසරික විමර්ශනය මඟහැරීම)

    "විද්‍යාඥයන් පැහැදිලිවම කියලා තියෙන්නේ මේක ග්ලැසියර විල් පිටාර ගැලීම් ගංවතුරක් කියලා විතරයි."

    ( එකපාරටම 'විද්‍යාඥයන්' සහ 'ග්ලැසියර' කියන වචන දෙක ප්‍රධාන මාතෘකාව කරගෙන, වෙනත් කිසිම සාක්ෂියක් ගැන කතා කිරීම තහනම් කිරීම!)

    යම් පිරිසකට හෝ දේශපාලන අනුගාමිකයන්ට අවශ්‍ය විය හැකියි මිනිස්සුන්ව නිහඬ කරන්න. "ඕවා ගැන කතා කරන්න එපා, ඒක සංවේදී නැහැ" කියලා ජනතාවට කාවද්දන්න.

    නමුත් අහිංසක මිනිසුන්ගේ ජීවිත ගඟට බිලිවෙද්දී, සැබෑ හේතුව කුමක්දැයි සෙවීම වැරදිද?

    කිසිම දේශපාලන මතවාදයකට පක්ෂපාතී අයට බැහැ, අහිංසක මිනිසුන්ගේ අයිතිය වෙනුවෙන් ප්‍රශ්න අසන මිනිසුන්ව වරදකාරී හැඟීමකට ලක් කරන්න!

    ස්වාභාවික විපත්තියක් පිටුපස මිනිසාගේ නොසැලකිලිමත්, විනාශකාරී මැදිහත්වීමක් තියෙනවා නම් එය හිමාලයේ වේවා, එය ලංකාවේ මධ්‍යම කඳුකරයේ වේවා ඒ ගැන ප්‍රශ්න කිරීම මුළු මහත් පෘථිවියේම පැවැත්ම වෙනුවෙන් කළ යුතු යුතුකමක්.

    මෙවැනි සැකකටයුතු සිදුවීම් හමුවේ බලධාරීන් සහ ඇතැම් පිරිස් ප්‍රශ්න කරන ජනතාවගේ මුව වසා දැමීමට උත්සාහ කිරීම අලුත් දෙයක් නොවේ. 'Chernobyl' කතා මාලාව ඔබ නරඹා තියෙනවද?

    එහි චර්නොබිල් පරමාණුක බලගාරය පුපුරා ගිය මොහොතේ නිලධාරීන් සැබෑ විනාශයේ තරම සඟවමින් ජනතාවට සහ ලෝකයට පැවසුවේ සියල්ල පාලනය කර ඇති බවයි.

    එහිදී විද්‍යාඥ වැලරි ලෙගාසොව් අසන එක් ප්‍රසිද්ධ දෙබසක් මගේ මතකයට නැඟේ, "මේ බොරුවේ වන්දිය කුමක්ද? එය අප සත්‍යය ලෙස වරදවා වටහා ගැනීම නොවේ. සැබෑ අනතුර නම්, අප ප්‍රමාණවත් තරම් බොරු ඇසූ විට, අපට සත්‍යය හඳුනා ගැනීමට පවා නොහැකි වීමයි."

    අද හිමාලයේ සිදුවීමටද සිදුව ඇත්තේ මෙයමය. ප්‍රශ්න අසන විට "මේක සංවේදී වෙලාවක්", "මේක ප්‍රචාරයක්" යැයි කියමින් සත්‍යය යටපත් කිරීමට උත්සාහ දරයි.

    ඉතින්, ඔබේ අදහස කුමක්ද? විපත් සිදුවන අවස්ථාවල ඒ පිටුපස ඇති සැකකටයුතු කරුණු ගැන ප්‍රශ්න කිරීම නිවැරදිද? නැතහොත් රජය කියන දේ අසමින්, එය පිළිගනිමින් නිහඬව සිටිය යුතුද?

    රාම්ධාරී සිං සිය "කුරුක්ෂේත්‍ර" කාව්‍යයේ සඳහන් කළ පරිදි නම්, "සත්‍යය වෙනුවෙන් හඬ නොනඟන, අසාධාරණය හමුවේ නිහඬව සිටින සමාජය, විනාශයට පාර කපන්නේ තම දෑතින්මය."

    © සාගර දියගම
    [email protected]
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,843
    15,142
    113
    35
    Spain
    උමං කීපයක්ම යට වුනා කියල තියෙනවා බන්, සමහර ඒවායේ වැඩකරපු ඔක්කොම මැරිලා. මේවයේ හාරන්න පාවිච්චි කරපු පුපුරන ද්‍රව්‍ය වෙන්න ඇති ඔය.