කිරිපිටි, පාන්පිටි වලින් රටේ ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් (ජාතික ධනය) ගල් අඟුරු වංචා හමුවේ මෙසේ විනාශ කර දැමීම කෙතරම් යුක්ති සහගතද..?
අප පෙන්වා දුන් බලශක්ති අර්බුදය පැමිණ තිබේ.
හැකි ඉක්මනින් විසඳුම් කරා යා යුතුව ඇත.
රටට ඇත්ත කියන්න.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු තොග අවසන් අදියරට ලඟා වීම හේතුවෙන් ඒකක දෙකක විදුලි උත්පාදන ධාරිතාව ඊයේ (30) දින සිට මෙගාවොට් 270 සිට 130 දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබේ. ගල් අඟුරු බලාගාරයේ අවසන තොග පවා මේ වනවිට භාවිතයට ගනිමින් සිටින අතර, බලාගාරය ක්‍රියාත්මක කළයුතු ක්‍රමය මෙය නොවේ.
(නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සම්පුර්ණ ධාරිතාවය 900 MW වන අතර, ඊයේ දිනයේ Peak Demand අවස්ථාවේ උත්පාදනය කර ඇත්තේ 282 MW පමණි.)
විදුලි බල මණ්ඩලය නිකුත් කරන 2026.08.30 විදුලි පද්ධති වාර්තාවේ පැහැදිළිව සඳහන් කර ඇත්තේ ගල් අඟුරු තොග හිඟ වීම හේතුවෙන් විදුලි උත්පාදනය සිමා කර ඇති බවයි.
ගල් අඟුරු බලාගාරයෙන් අහිමි වන විදුලි ධාරිතාවය ඩිසල් බලාගාර වලින් උත්පාදනය කරන අතර, දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14 ක් පමණ අවශ්‍ය වේ. ඩිසල් බලාගාරයක එක් විදුලි ඒකකයක් සඳහා වන පිරිවැය රු.120.00 ක් පමණ වන අතර, විදුලි ඒකකයක විකුණුම් මිල රු.37.00 කි.
Patali Champika Ranawaka