අනුරගේ සහගහන බදු නිසා වාහන මිල යළිත් ඉහළට – ඇතැම් වාහනවල මිල රුපියල් ලක්ෂ 45කින් වැඩි වෙයි!

monson

Well-known member
  • May 7, 2007
    25,809
    29,006
    113
    :lol: 🤌
    වාහන ආනයන බදු මත පනවා ඇති 50%ක අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට රජය ගත් තීරණයත් සමඟ මෙරට වාහන මිල ගණන් යළිත් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

    වාහන අලෙවි ආයතන සහ වාහන ආනයනකරුවන් සමඟ සිදුකළ විමසීම්වලදී අනාවරණ වී ඇත්තේ ඇතැම් ජනප්‍රිය වාහන මාදිලිවල මිල රුපියල් මිලියන 4.5ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
    ඒ අනුව, Suzuki Wagon R රථයක මිල රුපියල් ලක්ෂ 5කින් පමණද, Toyota Raize රථයක මිල රුපියල් ලක්ෂ 8කින් පමණද ඉහළ ගොස් තිබෙනවා.
    Toyota Yaris රථයක මිලද රුපියල් ලක්ෂ 5කින් පමණ ඉහළ ගොස් ඇති අතර Honda Vezel රථයක මිල රුපියල් ලක්ෂ 9කින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන්.
    මේ අතර, ඉහළ මිල ගණන් සහිත වාහනවල මිල වැඩිවීම තවදුරටත් සැලකිය යුතු මට්ටමක පවතිනවා.
    Toyota Prado රථයක මිල රුපියල් මිලියන 2.5කින් පමණද, Toyota Land Cruiser රථයක මිල රුපියල් මිලියන 4.5කින් පමණද ඉහළ ගොස් ඇති බවයි වාහන අලෙවිකරුවන් පවසන්නේ.
    ද්විත්ව කැබ් රථවල මිලද රුපියල් මිලියන 2ත් 2.5ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.
    එමෙන්ම BYD Atto 1 රථයක මිලද රුපියල් මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන්.
    වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසන්නේ, මැයි 15 වැනිදාට පෙර විවෘත කළ ණයවර ලිපි යටතේ ආනයනය කළ වාහන අධිභාරයෙන් නිදහස්ව තිබූ බවයි.
    කෙසේ වෙතත්, මැයි 15 වැනිදායින් පසු විවෘත කළ ණයවර ලිපි යටතේ ආනයනය කරන ලද වාහන නව බදු ක්‍රමය යටතේ නිෂ්කාශනය කිරීම ආරම්භ වීමත් සමඟ මෙලෙස මිල ඉහළ ගොස් තිබෙනවා.
    මේ වනවිට නිෂ්කාශනය කර ඇති වාහනවලින් සියයට 90ක් පමණ අධිභාරයට යටත් නොවන ණයවර ලිපි යටතේ ආනයනය කළ ඒවා බවද ඔහු සඳහන් කළා.
    ඉදිරියේදී නව බදු ක්‍රමයට යටත් තවත් වාහන තොග වෙළඳපොළට පැමිණීමත් සමඟ වාහන මිල තවදුරටත් ඉහළ යා හැකි බවටයි වාහන ආනයනකරුවන් අනතුරු අඟවන්නේ.
    වාහන මිල ස්ථාවර කිරීම සඳහා නැවත නැවතත් අධිභාර පැනවීම වෙනුවට බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම, ණයවර ලිපි නියාමනය කිරීම සහ ස්ථාවර බදු අනුපාත හඳුන්වාදීම වැනි විකල්ප ක්‍රියාමාර්ග සලකා බැලිය යුතු බවද වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා.

     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    අව්ලක් නෑ.සීයගෙ වොක්ස්වැගන් පැට්ටරියෙන් අපි අඩුවට ගන්නම්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,160
    113
    ඇයි පිටරටින් එවා ගන්නෙ
    ගන්න අපේ දේ 8-)8-)


    images
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,025
    15,562
    113
    35
    Spain
    ඕකුන් සෙල් ටිකේ වාහන විකිනෙනකම් ඔය ටැක්ස් අඩු කරන්නේ නැහැ. ඊළඟට ලීසින කොම්පැනි ටික බේරගන්න ඕන කියල ඕක දිගටම තියාගෙන යනවා. කරුම රටක් මේක.
     

    Similar threads