අනුරගේ තක්කඩි ජඩ වැඩ: විනිසුරු ධුර 07ක් පුරප්පාඩුයි..: මං දන්නෑ ජනාධිපති කාර්යාලයෙන් අහන්නැයි අධිකරණ ඇමති කියයි..

monson

Well-known member
  • May 7, 2007
    26,586
    31,216
    113
    LRO37bn.jpeg


    ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින සෙසු විනිසුරු පුරප්පාඩු හත සඳහා මෙතෙක් කිසිදු නිර්දේශයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ලැබී නොමැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, මෙම පත්කිරීම් සිදුකිරීම ජනාධිපති කාර්යාලය මගින් මෙහෙයවනු ලබන කටයුත්තක් බැවින් ඒ පිළිබඳව තොරතුරු එම කාර්යාලයෙන් විමසන ලෙසයි.

    තමා ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    කෙසේ වෙතත්, අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද සජීවනී දිල්කා ලක්මාලි කරුණානායක මෙනවියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය පසුගියදා හිමි විය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඇයව අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස පත් කරනු ලැබීය.

    අදාළ පුරප්පාඩුව සඳහා නම් තුනක් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණද, ඔහු විසින් නිර්දේශ කර තිබුණේ කරුණානායක මෙනවියගේ නම පමණක් බව වාර්තා වේ.

    මෙම විනිසුරු පුරප්පාඩු සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය. මෙහි ඇති විශේෂත්වය වන්නේ පවතින පුරප්පාඩුවලින් සමහරක් මාස හයකට වැඩි කාලයක් තිස්සේ පිරවීමකින් තොරව පැවතීමයි.


    - Irida Lankadeepa 06/09/2026
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,911
    113
    35
    Spain
    එත් මේ වේසිගෙ පුතාලා කියන්නේ නඩු පරක්කු වෙන්නේ පැන්ෂන් කාලේ දික් නොකර නිසා කියල නේ

    Hypocrisy GIF
     
    • Haha
    Reactions: monson