අසරණ ඩෝබි ජෙප්පන්ට තවත් ගොඩක් කුණුහරප පලන්න වෙයි වගේ
Exclusive: ආයෝජන මණ්ඩලය ඉලක්කම් පිටුපස සැඟවෙයි?
September 7, 2026සැප්තැම්බර් 07, කොළඹ (LNW): මහ බැංකු සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ විදේශ ඍජු ආයෝජන (FDI) ඇමෙරිකානු ඩොලර් මිලියන 200 දක්වා සීඝ්‍රයෙන් පහත වැටී ඇති අතර, එමඟින් රජයේ ප්‍රකාශ සහ ආර්ථිකයේ සැබෑ තත්වය අතර ඇති පරතරය තවදුරටත් ඉස්මතු වී තිබේ.
වසරින් මාස නවයක් ගෙවී ගොස් තිබුණ ද, රටේ ආයෝජන ප්‍රවර්ධන ආයතනය වන ආයෝජන මණ්ඩලය (BOI) විසින් 2025 වසර සඳහා වන විගණනය කරන ලද මූල්‍ය වාර්තා තවමත් ප්‍රකාශයට පත් කර නොමැත. එමෙන්ම මෙවන තෙක් වත්මන් වසර සඳහා විශ්වාසදායක දත්ත කිසිවක් නිකුත් කර නොමැති අතර, එමඟින් ආයෝජකයන් සහ විශ්ලේෂකයන් දැඩි නොදැනුවත්භාවයකට සහ අපහසුතාවයකට පත් කර ඇත.
මෙම දත්ත වාර්තා වන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විදේශ ඍජු ආයෝජන ප්‍රවර්ධන ක්‍රියාවලියට නායකත්වය දීම සඳහා ප්‍රමුඛ පෙළේ නියෝජිතයන් දෙදෙනෙකු පවා පත් කර තිබෙන පසුබිමක ය. අර්බුදයට ලක්ව ඇති ආර්ථිකයට ඉතා අවශ්‍ය ව පවතින ප්‍රාග්ධන ආගමනයන් නැවත පණගැන්වීම සඳහා EY Sri Lanka ආයතනයේ හිටපු ප්‍රධානී දුමින්ද හුලංගමුව මහතා සහ කෝටිපති ව්‍යාපාරික හනීෆ් යූසුෆ් මහතා වෙත වගකීම් පවරන ලදී.
කෙසේ වෙතත්, ආයෝජන ක්‍රියාවලියට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් හෙළි වන්නේ නිල වශයෙන් ප්‍රචාරය කරන පින්තූරයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අඳුරු තත්ත්වයකි. රජයේ විදේශ ඍජු ආයෝජන ප්‍රමුඛතාවයන් පිළිබඳ ව දන්නා ආරංචි මාර්ග සඳහන් කරන්නේ 2026 වසරේ විදේශ ආයෝජනවල සැබෑ තත්වය “සිතාගත නොහැකි තරම් අතිශයින්ම කනගාටුදායක” බවත්, මෙම ප්‍රමුඛ පත්වීම් මඟින් මෙතෙක් කිසිඳු සාර්ථක ගිවිසුමකට එළඹ ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් ය.
අපගේ ආරංචි මාර්ගවලට අනුව, 2026 පළමු අර්ධය තුළ ලැබී ඇති නව විදේශ ආයෝජන සහ කොටස් (equity) ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ට වඩා අඩු අගයක් ගනී. ආයෝජන මණ්ඩලය (BOI) විසින් 2026 වසරේ නව විදේශ ඍජු ආයෝජන පිළිබඳ වර්ගීකරණය කරන ලද දත්ත ප්‍රසිද්ධියේ වාර්තා කරන්නේ නම් ඒ පිළිබඳ නිවැරදි කිරීමක් කිරීමට සූදානම් බව වගකීම්සහගත පුවත් වෙබ්අඩවියක් ලෙස LNW අපි සඳහන්කර සිටිමු.
ගත වූ මාස තුන තුළ, මහත් ඝෝෂාවෙන් ප්‍රචාරය කරන ලද වරාය නගරයේ ආයෝජන පිළිබඳ පුවත ද අතුරුදහන් වී ඇති අතර, බොහෝ ආයෝජකයෝ පොරොන්දු සහ ඒවා ක්‍රියාත්මක කිරීම අතර ඇති පරතරය ඉස්මතු කිරීමට සමාජ මාධ්‍ය වෙත යොමු වෙමින් සිටිති.
2025 දෙසැම්බර් මාසයේදී ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති අර්ජුන හේරත් මහතා හදිසියේ ඉල්ලා අස්වූ අතර ඉන් පසුව කිසි දිනෙක ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. 2025 වසර සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක ආයෝජන ලැබුණු බවට ඔහු ඉදිරිපත්කළ අවසාන සංඛ්‍යා ලේඛනය දේශපාලන බොරුවක් ලෙස පාර්ශව ගණනාවක් විසින් අභියෝගයට ලක් කරන ලදී. මෙම සංඛ්‍යාලේඛන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) සහ විපක්ෂයේ දේශපාලන නායකයන් විසින් කිහිප වතාවක්ම ප්‍රශ්නකර තිබිණි.
මෑතකදී, නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී සුබවාදී චිත්‍රයක් මවා පාමින් ප්‍රකාශකර සිටියේ, රජය 2026 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 සිට බිලියන 2 දක්වා ආයෝජන ඉලක්ක කරන බවයි. අපගේ ආරංචිමාර්ග හෙළි කරන්නේ වගකිවයුතු නිලධාරීන් තවමත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත මෙම ඉලක්කගත සංඛ්‍යාවන් ම ලබා දීමට කැපවී සිටින බවයි.
යුද්ධය උච්චතම අවස්ථාවක පැවැති 2009 වසරේදී පවා ආයෝජන මණ්ඩලය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක නව විදේශ ආයෝජන වාර්තා කර තිබුණි.
ආයෝජන මණ්ඩලයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පවතින නොපැහැදිලි බව සහ විනිවිදභාවයකින් යුත් වාර්තාකරණයක් නොමැතිකම, ජාත්‍යන්තර ප්‍රාග්ධනය රටට අහිමි කර ගැනීමට ශ්‍රී ලංකාවට කිසිසේත්ම නොහැකි මෙවැනි කාලවකවානුවක, වගවීම පිළිබඳව නැවතත් අලුතින් ප්‍රශ්න මතුවීමට හේතු වී තිබේ.
විශ්වාසදායක පැහැදිලි කිරීමක් නිල වශයෙන් නිවේදනය කරන තෙක් LNW අප විසින් තවදුරටත් මෙම ගැටලුව පිළිබඳව වාර්තා කිරීමට කටයුතු කරනු ඇත.
- https://sinhala.lankanewsweb.net/09/07/295524/
Last edited: