🩸 "Elizabeth Holmes" ගැන කරපු අලුත්ම වාර්තා චිත්‍රපටිය - You Can See Everything | Official Teaser | A24 🎬

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,051
    153,200
    113
    "Elizabeth Holmes" කියන්නෙ කවුද කියන එක ගැන නම් කිරියෙ බහුතරයක් දෙනා අනිවා දන්නවා ඇති.

    ඕනම කෙනෙක්ගෙන් ලබා ගන්න එක ලේ බිංදුවකින් මෙඩිකල් ටෙස්ට් සිය ගාණක් වුණත් එක පාර කරන්න පුළුවන් මැෂින් එකක් තමන් හැදුවා කියලා තමයි මෙයා මුලින් ම කරළියට එන්නෙ. ඒ 2003 අවුරුද්දෙ වගේ. "Edison" කියන නමින් හදුන්වපු මේ නව නිපැයුම මහා පරිමාණෙන් හදන්න මෙයා 'Theranos' කියලා සමාගමකුත් පටන් ගන්නවා බිලියනපති ආයෝජකයොන්ගෙ උදව් ඇතුව.

    theranos-elizabeth-holmes-01.jpg



    ඒ දවස්වල "Elizabeth Holmes" ව මීළග ස්ටීව් ජොබ්ස් විදිහට තමයි ඇමරිකාවෙ මීඩියාවලින් උඩ දැම්මෙ. 2014 දි මෙයාගෙ මුළු වත්කම විදිහට තිබ්බා ඇමරිකන් ඩොලර් බිලියන 4.5 ක්.


    images
    image



    කොහොම නමුත් මේ "Edison" කියන මැෂින් එකේ තියෙන හැකියාව ගැන "Elizabeth Holmes" කියපු දේවල් තනිකරම බොරුවක් කියන එක විවිධ පාර්ශවවලින් කරපු පරීක්ෂණවලින් ඔප්පු වෙලා මෙයාට ආයෝජකයන්ගෙන් නඩු වැටිලා තිබ්බ වත්කමුත් සේරම නැති වුණා. 2022 අවුරුද්දෙදි මෙයා අවුරුදු 11 කට හිරේට නියම වෙනවා වැටිච්ච නඩුවලට වැරදිකාරයා බව ඔප්පු වෙච්ච නිසා.

    හිරේට යන්න දවස් 37 කට කලින් "Elizabeth Holmes" එක්ක මුහුණට මුහුණලා කරපු ඉන්ටර්විව්ස් ඇතුළත් කරලා තමයි ඩොකියුමෙන්ටරි එක හදලා තියෙන්නෙ. හිරේ ඉන්දෙද්දි කරපු ඉන්ටර්විව්ස් ගොඩකුත් ෆිල්ම් එකේ තියෙනවා කියලා තමයි ආරංචි. ඩොකියුමෙන්ටරි එක ඩිරෙක්ට් කරලා තියෙන්නෙ Nathan Fielder, Lance Oppenheim කියන ඩිරෙක්ටර්ස්ලා දෙන්නා. "Nathan Fielder" තමයි එළිසබෙත් ව ඉන්ටර්විව් කරන්නෙත්.

    කාලෙකට පස්සෙ බලපු හොදම ට්‍රේලර් එකක් කියලා කියන්න පුළුවන් මේක නම්.



    Theatrical Release date: October 2026 (USA)



    Official Poster

    MV5BZDUwOWFlMWMtZjFkOC00YmE2LWI2MmUtNGFiMGE2MGUzZmNlXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg



     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    759
    2,136
    93
    33
    Screenshot-20260910-112818.jpg

    මේක මම ආපු කාලේ බැලුවා. මේක නම් documentary විදියට යන්නේ. ඇත්ත videos යන්නේ.

    ඕකිගේ මිනිහා ආයේ same scam එක පටන් අරන් තියෙන්නේ. දැනටත් ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා. කලින් scam එකට වඩා වෙනස දැන් company එක AI integrated diagnosis. කොහොමත් health craze එක එක්ක ඔයා වගේ company ගොඩක් දැන් තියෙනවා. Genome sequencing, whole body MRI වගේ ඒව. මේ ගෑනි මේක කළා කලින් වැඩි. මේ වගේ කාලෙක පටන් ගන්න තිබ්බේ.

    Screenshot-20260910-113032-(1).jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,384
    1
    4,085
    113
    This person had even fooled VC fund owner Chamath Palihapitiya and had lost considerable amount from his fund ? Very intelligent woman but used her brain to pull wool around some equally intelligent investors such as Chamath P . Typical Sri Lankan brain ! (Holmes is not SL even Chamath is not though his parents are). Another story like Raj R in insider dealing.
    I think this documentary is also funded by her husband just to whitewash her from her crimes similar to Raj. She might get a presidential pardon from Tump before her term finishes. She also got two young kids while her trial was going on knowing that she would be convicted.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,819
    9,233
    113
    ඇත්තටම මිනිස්සු මේක බලන්නෙ හෝම්ස් ව බලන්න නෙමේ නේතන් ෆීල්ඩර් ව බලන්න. අන්තිමට මොකියුමෙන්ටරි එකක් කරේ ගොඩ කාලෙකට කලින්.