"Elizabeth Holmes" කියන්නෙ කවුද කියන එක ගැන නම් කිරියෙ බහුතරයක් දෙනා අනිවා දන්නවා ඇති.
ඕනම කෙනෙක්ගෙන් ලබා ගන්න එක ලේ බිංදුවකින් මෙඩිකල් ටෙස්ට් සිය ගාණක් වුණත් එක පාර කරන්න පුළුවන් මැෂින් එකක් තමන් හැදුවා කියලා තමයි මෙයා මුලින් ම කරළියට එන්නෙ. ඒ 2003 අවුරුද්දෙ වගේ. "Edison" කියන නමින් හදුන්වපු මේ නව නිපැයුම මහා පරිමාණෙන් හදන්න මෙයා 'Theranos' කියලා සමාගමකුත් පටන් ගන්නවා බිලියනපති ආයෝජකයොන්ගෙ උදව් ඇතුව.
ඒ දවස්වල "Elizabeth Holmes" ව මීළග ස්ටීව් ජොබ්ස් විදිහට තමයි ඇමරිකාවෙ මීඩියාවලින් උඩ දැම්මෙ. 2014 දි මෙයාගෙ මුළු වත්කම විදිහට තිබ්බා ඇමරිකන් ඩොලර් බිලියන 4.5 ක්.
කොහොම නමුත් මේ "Edison" කියන මැෂින් එකේ තියෙන හැකියාව ගැන "Elizabeth Holmes" කියපු දේවල් තනිකරම බොරුවක් කියන එක විවිධ පාර්ශවවලින් කරපු පරීක්ෂණවලින් ඔප්පු වෙලා මෙයාට ආයෝජකයන්ගෙන් නඩු වැටිලා තිබ්බ වත්කමුත් සේරම නැති වුණා. 2022 අවුරුද්දෙදි මෙයා අවුරුදු 11 කට හිරේට නියම වෙනවා වැටිච්ච නඩුවලට වැරදිකාරයා බව ඔප්පු වෙච්ච නිසා.
හිරේට යන්න දවස් 37 කට කලින් "Elizabeth Holmes" එක්ක මුහුණට මුහුණලා කරපු ඉන්ටර්විව්ස් ඇතුළත් කරලා තමයි ඩොකියුමෙන්ටරි එක හදලා තියෙන්නෙ. හිරේ ඉන්දෙද්දි කරපු ඉන්ටර්විව්ස් ගොඩකුත් ෆිල්ම් එකේ තියෙනවා කියලා තමයි ආරංචි. ඩොකියුමෙන්ටරි එක ඩිරෙක්ට් කරලා තියෙන්නෙ Nathan Fielder, Lance Oppenheim කියන ඩිරෙක්ටර්ස්ලා දෙන්නා. "Nathan Fielder" තමයි එළිසබෙත් ව ඉන්ටර්විව් කරන්නෙත්.
කාලෙකට පස්සෙ බලපු හොදම ට්‍රේලර් එකක් කියලා කියන්න පුළුවන් මේක නම්.

Theatrical Release date: October 2026 (USA)
Official Poster