අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් සහනාධාරයක් ලෙස ලබා දුන් අස්වැසුම ප්රතිලාභය ලබන්නන්ගේ සංඛ්යාව පසුගිය 2025 වසරට සාපේක්ෂව මෙම වසරේදී අඩකින් අඩුවීම පිළිබඳව අද (11) පාර්ලිමේන්න්තුවේදී අවධානයට ලක් විය.
ඒ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා යොමු කළ පැනයකට මුදල් හා ක්රම සම්පාදන නියෝජ්ය අමාත්යවරයා ලබා දුන් පිළිතුරකට අනුවය.
එහිදී විපක්ෂ නායකවරයා රජයෙන් ප්රශ්න කර සිටියේ ලෝක බැංකුව සහ ජාත්යන්තර මූල්ය අරමුදල විසින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් ලබා දෙන අස්වැසුම සහනාධාරය කප්පාදු කරන ලෙස ලබා දුන් උපදෙස් අනුව මෙම කප්පාදු කිරීම සිදු කළේද යන්නය.
මීට පිළිතුරු ලබා දෙමින් මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පැවසුවේ පසුගිය 2023 වසරේදී අස්වැසුම වැඩසටහන ආරම්භ කළ බවත් එම වැඩසටහන ආරම්භයේදීම ඒ තුළ නැවත සමීක්ෂණයක් සිදුකළ යුතු බවට පනත මගින්ම දන්වා ඇති බවය.
ඒ අනුව පළවෙනි අදියරේ සහ දෙවන අදියරේදි ලැබුණු අයදුම්පත්ර මේ වන විට සහතික කරමින් පවතින බව පැවසූ අමාත්යවරයා එය මෙම මාසය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
නියෝජ්ය අමාත්යවරයා පැවසුවේ මෙම වැඩසටහන පසුගිය 2023 වසරේදී ආරම්භ කරන විට ප්රතිලාභීන් 1,773,445ක් සිටි නමුත් එය 2024 වසරේ දෙසැම්බර් මාසය වන විට 1,761,116ක් ලෙස සටහන් වී ඇති බවය.
එමෙන්ම පසුගිය 2025 වසරේදී ප්රතිලාභීන් සංඛ්යාව 2,439,917ක් ලෙස සටහන් වූ නමුත් මෙම වසරේ අගොස්තු මාසය වන විට ප්රතිලාභීන් සංඛ්යාව 1,251,522ක් දක්වා අඩුවී ඇති බවත් මේ සඳහා කරුණු කිහිපයක් බලපා ඇති බවත් සඳහන් කළේය.
ඒ අනුව අන්ත දුප්පත්, දුප්පත්, අවදානමට ලක්වූ, සංක්රාන්ති යන කාණ්ඩ 4ක් යටතේ අස්වැසුම ප්රතිලාභය ලබා දුන් බව පැවසූ අමාත්යවරයා පසුගිය දෙසැම්බර් මාසයේදී සංක්රාන්ති සඳහා කළ ගෙවීම් මෙන්ම අවදානමට ලක්වූ කොටස් සඳහා ගෙවීම් පසුගිය ජූනි මාසයේදී අවසන් වූ බවද සඳහන් කළේය.