අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මිග් 27 ගනුදෙනුව පිළිබඳ නැවත විමර්ශන ආරම්භ කර තිබේ. ඇත්තටම උබලගෙ අදහස මොකක්ද ? ගෝඨා මිග් වලින් හොරා කෑවෙ නැද්ද ?

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,498
    3,688
    113
    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මිග් 27 ගනුදෙනුව පිළිබඳ නැවත විමර්ශන ආරම්භ කර තිබේ. වර්ෂ 2024 ජනවාරී 18 දින මවිසින් ලියූ මේ ලිපිය නැවත පළ කරන්නේ ඒ මිලේච්ඡ අතීතතය සිහිපත් කිරීම පිණිස ය..............
    ======================================ඩොලර් මිලියන 8.5 ක් වංචා කළ "මිග් - 27" ගනුදෙනුව වසා ගැනීමට..........!!
    ===================================
    ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 15 යි......!!
    ===================================
    එක් වංචාවක් වසා ගැනීමට ලසන්ත හැර තවත් ජීවිත කීයක් බිලි ගෙන තිබේ ද.....?
    ===================================
    ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන වඩා තුච්ඡ, වඩා අසික්කිත කාල පරිච්ඡේදයක් වේ නම් , ඒ නිසැකවම "චෞර" රාජපක්ෂ පාලන කාල පරිච්ඡේදය යි. මනුෂ්‍ය ඝාතන , මහා පරිමාණ දූෂණ, වංචා අතොරක් නැති දේශපාලන කුමන්ත්‍රණ , බලය ඩැහැ ගැනීම වෙනුවෙන් ජාති වාදය , ආගම් වාදය පැතිරවීම ඇතුළු "ජඩ" දේශපාලනය රාජපක්ෂ පවුල් දේශපාලනයේ "මූල ධර්ම" බවට පත්ව තිබේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනයත් රාජපක්ෂ මිලේච්ඡ දේශපාලනය තුළ සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන අතුරින් එක් සුවිශේෂී මනුෂ්‍ය ඝාතනයකි.
    යුධ උන්මාදය අස්සේ කළ ආයුධ ජාවාරම
    ===================================යුද්ධය පොපියන "උන්මාදයක්" බවට පත්කර තිබූ ශ්‍රී ලාංකික බහුතර ජන සමාජයේ අන්ධ වුණු ඇස් ඉදිරිපිට සිදු කරන ලද මහා පරිමාණ වංචා , දූෂණ අතර යුද්ධය සදහා ගෙන්වූ අවි ආයුධවලින් කළ ගසාකෑම්වල කෙළවරක් නොවීය. එකී ගනුදෙනු පාර්ලිමේන්තුවේ හෝ විගණකාධිපතිවරයාගේ විගණනයට පවා භාජනය නොවීය. මෙකී ආයුධ ජාවාරම් අතර ප්‍රධාන පෙළේ වංචාවක් වූයේ "මිග් - 27" ප්‍රහාරක යානා 06 ක් මිලදී ගැනීමේ වංචාව යි.
    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට "මිග් - 27" ප්‍රහාරක යානා 06 ක් මිලට ගැනීම..!
    ================================
    ශ්‍රි ලංකා ගුවන් හමුදාවට යුක්රේනයෙන් "මිග් - 27" ප්‍රහාරක යානා 06 ක් මිලදී ගැනීමේදී එවකට එක් ප්‍රහාරක යානාවක සාමාන්‍ය මිල ඩොලර් මිලියන 1.2 ක් වූ විට ශ්‍රි ලංකාව මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 2.4 ක මිලකටය. ඊට අමතරව රජයන් දෙකක් අතර සෘජු ගනුදෙනුවක් බව ප්‍රකාශ කර තිබුණ ද , මහජන බැංකුව අදාළ ණයවර ලිපි නිකුත් කර තිබුණේ තුන්වැනි පාර්ශ්වයක්වන එංගලන්තයේ "බෙලිමිස්ස හෝල්ඩීන්ස්" නමති සමාගමකට ය.
    පසුව කළ සොයා බැලීමකදී එම සමාගම සාමාන්‍ය ප්‍රවාහන පහසුකම් සපයන එංගලන්තයේ බ්‍රිටිෂ්වර්ජින් දූපත් සමූහයේ ඇති මේසයක් පුටුවක් ඇති කුඩා කාමරයක් බව අනාවරණය වී තිබුණි.
    2007 ජූලි " Sunday Leeder" හෙළිදරව්ව
    ================================
    මෙකී වංචාව මුලින්ම රටට හෙළිදරව් කරන ලද්දේ "Sunday Times" පුවත්පතේ ඉක්බාල් අතාස් විසිනි. එහෙත් ඉන්පසු නොනවත්වා දිගින් දිගටම මෙකී වංචාව අකුරක් නෑර රටට හෙළිදරව් කළේ "Sunday Leeder" පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග විසිනි. මෙකී වංචාවට එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සෘජුවම සම්බන්ධ බව ලසන්ත වික්‍රමතුංග නොබියව රටට හෙළිදරව් කළේ ය.
    මෙකී හෙළිදරව් කිරීමට තදින් උරණ වූ ගෝඨාභය රාජපක්ෂ ලසන්ත වික්‍රමතුංග බියට පත් කිරීම පිණිස Sunday Leeder " පුවත්පතට එරෙහිව බිලියන ගණන් වන්දි ඉල්ලා නඩු පවරන බවට දිගින් දිගටම එන්තරවාසි එවී ය. ඒ කිසිවක් ශත පහකට මායිම් නොකොළ ලසන්ත වික්‍රමතුංග තම හෙළිදරව් කිරීම අඛන්ඩව සිදු කළේ ය. ඔහුට තිබු ප්‍රබලම ශක්තිය වුයේ "Sunday Leeder" පුවත්පතේ අයිතිය ද වික්‍රමතුංග පවුල සතුව තිබීම ය.
    තමා පිළිබඳ ලිපි පළ කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගැනීම.......!!
    =================================ගෝඨාභය රාජපක්ෂ තමා පිළිබඳ Sunday Leeder පුවත්පතේ ලිපි පළ කිරීම තහනම් කරන ලෙස ඉල්ලමින් ගල්කිස්ස දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගත්තේ ය. ගෝඨාභය රාජපක්ෂගේ එකී වාරණ නියෝගයට එරෙහිව ලසන්ත වික්‍රමතුංග අභියාචනාධිකරණයට ගිය අතර අදාළ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේ ය. එකී නඩුවට පෙනී සිටියේද නීතිඥයකුද වූ ලසන්ත වික්‍රමතුංගම ය. එහෙත් අභියාචනාධිකරණයේ පෙත්සම විභාගයට දින කිහිපයකට පෙර ලසන්ත ඝාතනයට ලක්විය.
    2009 ජනවාරි 08 මහ දවල් අධි ආරක්ෂිත කලාපයේ දී ලසන්ත ඝාතනය කරයි....!
    ==================================
    ගෝඨාභය රාජපක්ෂගේ එන්තරවාසිවලින් , වාරණ නියෝගවලින් වළැක්වීමට නොහැකි වූ අභීත ශක්තියකින් ඒ මහා වංචාව රටට හෙළිදරව් කළ ලසන්ත වික්‍රමතුංග මීට වසර 15 කට පෙර ජනවාරි 08 වැනිදාක මහ දවාලේ අධිආරක්ෂිත කලාපයේදී ඝාතනයට ලක් කළේ ය.
    ඒ බෙල්ලන්විල අත්තිඩිය ප්‍රදේශයේදී නාදුනන යතුරු පැදි කරුවන් පිරිසක් විසින් ලසන්තගේ මග හරස් කර සුවිශේෂී උල් ආයුධයකින් ඔහුගේ හිස පසාරු කරමිනි. ලසන්ත වික්‍රමතුංග මේ මහා වංචාව රටට හෙළිදරව් කළේ තමන්ගේ වැට මායිමේ ප්‍රශ්නයක් නිසා නොවේ. එකී මුදල් රටට අයිති පොදු මහජන බදු මුදල් නිසා ය.
    *********සැ: යු: ලසන්ත ඝාතනය පිළිබඳව සනත් බාලසූරිය විසින් ලියන ලද ගවේෂණාත්මක ලිපි 09 පහත පළ කරන ලින්කුවෙන් කියවා ගන්න. මෙකී ඝාතනය වසන් කිරීමට තවත් මනුෂ්‍ය ඝාතන කීයක් සිදුකර ඇද්ද යන්න එම ලිපි පෙළෙන් කියවා ගත හැකි ය.*********
    ලසන්ත ඝාතනයෙන් පසු Sunday Leeder පුවත්පත රාජපක්ෂ හිතවතකු මිලට ගැනීම.........!!
    ===================================
    ලසන්ත ඝාතනයෙන් වැඩි කලක් යන්නට පෙර රාජපක්ෂ හිතවාදීයකු වූ අසංග සෙනෙවිරත්න විසින් Sunday Leeder පුවත්පත මිලට ගත්තේ ය. ඒ ලසන්ත සොයුරු ලාල් වික්‍රමතුංග ගෙනි. Sunday Leeder මිලට ගත් වහාම නව පාලනාධිකාරිය සිදු කළ පළමු ප්‍රමුඛ රාජකාරිය වූයේ ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබා කපන්නාසේ ගෝඨාභය රාජපක්ෂ ගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා එතෙක් ඔහුට එම පුවත්පත එල්ල කරන ලද සියලු දූෂණ චෝදනා කොන්දේසි විරහිතව ඉල්ලා අස්කර ගැනීම යි.
    Sunday Leeder මිලට ගත්තේ කව්ද ?
    ================================
    Sunday Leeder පුවත්පත මිලට ගත්තේ අසංග සෙනෙවිරත්න නමැත්තෙකි. ඔහු එකල රාජපක්ෂ පුතුන් තිදෙනාගේ ක්‍රීඩා උපදේශක වරයෙකි. වර්ණ මුද්‍රණාලයක් සහිත පුවත්පත් ආයතනයක් මිලට ගැනීමට තරම් ධනස්කන්දයක් ඔහුට තිබුණේ ද යන්න විශාල ගැටලුවකි.
    මිග් -27 වංචාව ගැන අල්ලස් කොමිසමට ගිය ශ්‍රීපති සූරිය ආරච්චි හදිසි අනතුරකින් මිය යෑම ..........!!
    ===================================
    මිග් - 27 වංචාව පිළිබද එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ශ්‍රීපති සුරිආරච්චි ගෝඨාභය රාජපක්ෂ , එවකට ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාෂල් ඩොනල්ඩ් පෙරේරා ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නඩු පවරා තිබුණි.
    ශ්‍රීපති සුරිආරච්චි යනු මංගල සමරවීර සමග රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරයෙකි. ඔහුගේ පෙත්සම විමර්ශනට අල්ලස් කොමිසම සුදානම්ව සිටි අතර ඊට දින කිහිපයකට පෙර අනුරාධපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ දී සිය ජීප් රථය හදිසි අනතුරකට ලක්වී ශ්‍රීපති සූරියආරච්චි එතනම ජීවිතක්ෂයට පත්විය. ඔහුගේ මරණින් පසු අල්ලස් කොමිසමේ විමර්ශන දින නියමයක් නැතිව කල් ගියේ ය.
    ශ්‍රිපතිගේ පැමිණිල්ල විමර්ශනයට සූදානම් වූ සැණින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉවතට........!!
    ==================================මිග් - 27 ගනුදෙනුව ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කළ ශ්‍රීපති සුරීආරච්චි හදිසි අනතුරෙන් මිය ගිය පසු ඔහු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අහෝසි වන්නේ දැයි ජනමාධ්‍ය සංවිධාන එකමුතුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ එවකට අධ්‍යක්ෂ ජෙනරාල් පියසේන රණසිංහ (වර්තමානයේ මහාධිකරණ විනිසුරු වරයෙකි) මහතාගෙන් විමසා සිටියේ , පැමිණිල්ලක් ඉදිරිපත් කළ පුද්ගලයකු මිය ගිය විට එකී පැමිණිල්ල අහෝසි වනවාද යන්න යි. අල්ලස් පනතට අනුව එසේ නොවන වග ඔහු ප්‍රකාශ කළේ ය.
    කෙසේ වෙතත් අපගේ විමසීමෙන් සතියකට පසු ශ්‍රීපති සුරීආරච්චිගේ පැමිණිල්ල විමර්ශනයට සූදානම් විය. දින දෙකක් යන්නට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් පියසේන රණසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කළේ ය. එලෙස මාරු කළද ඔහුට නිශ්චිත තනතුරක් හෝ අඩුම තරමින් මේසයක් පුටුවක් නොවී ය.
    අල්ලස් පනතට අනුව එහි අධ්‍යක්ෂ ජනරාල් වරයා ජනාධිපතිගේ හිතූ මතයට මාරු කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එහෙත් පියසේන රණසිංහ මහතා ඒ අවස්ථාවේ නීති හමුවට නොගියේ ය.
    අල්ලස් කොමිසමට පත්කළ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ශ්‍රිපති පෙත්සම විමර්ශනය නොකර ඉවත දමයි........!!
    ===================================
    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් පියසේන රණසිංහ මහතා හදිසියේම මාරුකර යවා ඊට අලුතින් පත් කරන ලද නව අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඒ වනවිටත් විමර්ශනයට සූදානම් කර තිබූ ශ්‍රීපති සුරීආරච්චිගේ පැමිණිල්ල විමර්ශනයට නොගෙනම ඉවත් දමන්නට විය. රාජපක්ෂ හිතවතා මිලට ගත් Sunday Leeder පුවත්පත ඊට පුළුල් ප්‍රසිද්ධියක් දෙමින් විමර්ශනක් කිරීමට තරම් සාක්ෂි නොමැති බැවින් , පැමිණිල්ල ඉවත දමා ඇතැයි ඉහළින් වාර්තා කර තිබුණි.
    2015 යහපාලන ආණ්ඩුව ලසන්ත ඝාතන විමර්ශන සහ මිග් -27 ගනුදෙනු විමර්ශන නැවත ආරම්භ කරයි..............!
    ===================================ලසන්ත ඝාතනය පිළිබඳව එතෙක් යටගසා තිබු විමර්ශන යහපාලන රජය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා නැවතත් පරීක්ෂණ ආරම්භ කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යටතේ කළ පරීක්ෂණවලට අනුව ලසන්තගේ මෘත දේහය පවා යළි ගොඩ ගත්තේ ය. ( පහත ලින්කුවේ ඇති සනත් බාලසූරියගේ ලිපි පෙළෙන් යට ගැසූ අභිරහස් කොතෙක් ද යත් කියවා ගන්න)
    මෛත්‍රී රනිල් - රාජපක්ෂ ඩීල් සමග සත්‍ය වැළලීම.........!
    ===================================
    යහපාලන ආණ්ඩුව අලුතින් පිහිටුවූ FCID පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හරහා මිග් - 27 ගනුදෙනුවේ බොහෝ රහස් හෙලිදරව් වුවද ආරක්ෂක අමාත්‍යාංශයේ තිබිය යුතු එම ගනුදෙනුවට අදාළ ලිපි ගොනුව පවා ඒ වනවිටත් අතුරුදහන් කර තිබුණි. වැඩි කල් නොගොස්ම එහි ප්‍රධානියාත් , මෛත්‍රීපාල , රනිල් විරසකයත් දෙදෙනාම රාජපක්ෂලා සමග වූ ඩීල් නිසාත් එකී පරීක්ෂණ නිසි ලෙස සිදු නොවීය.
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසු ජනාධිපති "මුක්තිය" යටතේ අත්හිටවූ එකී නඩු කටයුතු තවමත් ආරම්භ වූයේ නැත. මිග් - 27 ගනුදෙනුවේ ප්‍රධාන චූදිතයකුවී රටින් පැන ගොස් සිටි රතු වරෙන්තු පවා නිකුත් කර තිබු ගනුදෙනුව සිදුවන විට රුසියාවේ තානාපතිව සිටි උදයංග වීරතුංග නැවත ශ්‍රි ලංකාවට පැමිණ නිදහසේ කටමැත දොඩමින් සහ අතේ සැරිසරමින් සිටියි.
    දෑත්වල "ලේ" පිසදමා ගත් අපරාධ කරුවෝ මහජන මුදලින්ම දිවි ගෙවති.
    ================================
    රටේ පොදු මහජන මුදල් ඩොලර් මිලියන 8.5 ක මහා පරිමාණ වංචාවක් කර , එය රටට හෙළිදරව් කළ අභීත පුවත්පත් කතුවරයාද මරා දමා , එකී ඝාතනය වසන් කිරීමට තවත් ඝාතන කිහිපයක් කර , ඒ සියල්ල ද සගවා ගෙන, එකී හෙළිදරව්ව කළ පුවත්පතද මිලට ගෙන සිදුවූ අපරාධයේ "ලේ" සෝදා ගෙන යහතින් දිවි ගෙවති. එයද රටේ මහජන බදු මුදල් ලක්ෂ ගණනක් වැය කරමිනි.
    සනත් බාලසූරියගේ ලිපි පෙළද කියවා ගත් පසු මේ වූ කලී එකිනෙක බද්ධ වූ මහා අභිරහස් චිත්‍රපටයකැයි ඔබට සිතෙනු ඇත. එහෙත් මේ කතාව කිසිසේත්ම "ප්‍රබන්ධ" කතාවක් නොවේ. වසර 15 ක් ගෙවී ගියත් , මේ මහා අපරාධයේ අපරාධ කරුවෝ "දණ්ඩ මුක්තිය" ලැබ තවමත් පොදු මහජන බදු මුදලින්ම සුර සැප විඳිමින් නිදහසේ දිවි ගෙවීම තරම් "ඛේදවාචකයක්" තවත් තිබේ ද ?

    (පෝද්දල ජයන්ත)
    Poddala Jayantha
     
    • Like
    Reactions: blackheart