මරණාසන්න අත්දැකීම් (NDEs) ලබපු අය ඉන්නවද?

nnp327

Well-known member
  • Apr 10, 2011
    617
    496
    63
    මචංලා, මෙතන කාටහරි near-death experience එකක් වෙලා තියෙනවද? Accident එකක්, බරපතළ අසනීපයක් වගේ දෙයකින් මරණයට ළං වුණු වෙලාවක තමන්ට දැනුණු දේවල් ගැන අහන්නේ.

    ඒ වෙලාවේ මොනවද මතක? මොනවාහරි දැක්කද, ඇහුණද, දැනුණද? නැත්නම් සිහිය එනකම් කිසිම මතකයක් නැද්ද?

    ඒ සිද්ධියෙන් පස්සේ ජීවිතේ ගැන හිතන විදිහ හරි මරණයට තියෙන බය හරි වෙනස් වුණාද?

    තමන්ටම වුණු දෙයක් හෝ ළඟින් දන්න කෙනෙක්ගේ අත්දැකීමක් තියෙනවා නම්, කැමති නම් share කරන්න. මේ ගැන දැනගන්න ආසයි.
     
    • Like
    Reactions: kinkon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,773
    68,155
    113
    ehema nan ne but second time general anesthesia gahapu dawase pawela gihin kumbukata giya.podi kale sellam karapu tanak.halucination wenna athi
     
    • Love
    • Like
    Reactions: Yeezus and nnp327

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,054
    2
    116,259
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට හෝ ලඟ කෙනෙක්ගෙන් NDE විස්තරයක් තාම අහල නෑ

    තමන්ගෙ ආගමික විශ්වාසය අනුව දැනෙන, පේන විදිය වෙනස් වෙනව ඇති මට හිතෙන විදියට

    මගේ ඔපරේෂන් එක උඩ ඉඳන් මම බලන් හිටිය, ගුහාවක් තුලින් ඇදිල ගිහිල්ල ආය මගේ ශරීරයටම ආව, තමන්ව පිලිගන්ඩ ප්‍රබල ආත්මයක් වගේ කෙනෙක් ආව, කලින් මියගිය නෑදෑයො එතන හිටිය වගේ කතා අහල තියෙනව ඒත් ඒව තමන්ගෙ ආගමික විශ්වාස නිසා හිතට එන දේවල්ද සැබෑම අත්දැකීම්ද කියන්ඩ දන්නෙ නෑ..
     
    • Love
    Reactions: nnp327

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,337
    21,424
    113
    සතියක් කෝමා එකක ඉදියා. ඇහැරුනාම තේරුනේ හීනෙක ඉදියා වගේ.
    මොනාද උනත් ජිඉවිතේ සැනසීමෙන්ම ඉදපු සතිය එක.

    ඒ සැනසීම කොච්චර ක්ද කියන්න තේරෙන්නේ නෑ. පියවි සිහියෙන් තියෙන හිතේ ප්‍රශ්න මොකුත් නෑ මාර නිදහස්. සමහර විට බෙහෙත් වේදනා නාශක වලට වෙන්න පුළුවන්. කිසිම බයක් නම නෑ. ඒ නිදහස සැනසීමට තාම පට්ට ලව්.
    ඒ නිදහස් එච්චරමම වටිනවානම්ව නිවන කොච්චර සැනසීමක්ද කියල හිතෙනවා එක වෙලාවකට. 🥰🥰🥰
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,778
    185
    63
    34
    Kandy
    කොටුව ස්ටේෂන් එකේදි ධාවනය වෙන කෝච්චියයි Platform එකයි මැද Gap එකට වැටුණා. මං හිතු‌වේ මරුණා තමයි කියලා. කිසිම දෙයක් ඔලුවට ආවේ නෑ. වටේම මිනිස්සු කෑ ගහන සද්දේ ඇහුණා.මම දන්නෙත් නෑ මොකද වුනේ කියලා. මට දැනුනු විදියට මං Platform එක අල්ලගෙන හිටියා. එක පාරටම මාව කොල්ලෝ දෙන්නෙක් උඩට ඇඳලා ගත්තා. කකුලයි, අතයි Damage වුණා. ලොකු කේස් එකක් නෑ. කැඩීම් බිදීම් නෑ. තුවාල විතරයි.

    මරණය ගැන ඒකෙන් බය නැතිවුනේ නෑ. අදටත් කෝච්චියේ යන්නේ නෑ. ගියත් කලාතුරකින් Seat එකක් බුක් කරලා මිසක් ගොඩ වෙන්නේ නෑ.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,805
    1,319
    113
    Mars
    Grade 7 wage accident ekak una, vehicle ekaka BMX eka waduna vehicle eke rode muna gawin giya, e welawe kisima deyak hithune naha. bike eka ganna deyak naha. mata kisi awlak une naha.
     
    • Wow
    Reactions: Pools

    Tikak Intako

    Active member
  • Jan 8, 2026
    118
    185
    43
    මන් දන්න මල්ලි කෙනෙක් ගිලෙන්න ගිහින් අමාරුවෙන් බේරුනා, උගේ අනික් යාලුවෝ දෙන්නෙක් නැති උනා එතන, පොරත් කිව්වේ දඟලලා දඟලලා අන්තිමේට යටට යන්න ගද්දි මැරෙනවා කියලා accept කරා කියලා, පොරව ටිකකින් සිහි නැතුව උඩට අරන්.