ඔකේ ඇත්තම සින් එක මෙන්න.
මේක හදන බාස්ල වැඩ කරන උන් නැවතිලා හිටියෙත් ඔය බිල්ඩිමෙමයි. ඒ වැඩ කරපු එකෙක් එල්ලිලා මැරුණ. කතාව ගියේ කට්ටිය බීපු වෙලාවක අරුව එල්ලලා කියල. ඒ සින් එක නිසා මාසයක් වගේ මේකේ වැඩ නවත්තල තිබ්බ. පස්සේ ආපහු වැඩ පටන් අරන් මාසයක් වගේ ගියාම අර මැරුණ එකා එක්ක බීපු එකෙක් සැටලිමකින් වැටිලා මැරුණ. ඒ අරූ එල්ලිච්ච හරියෙම.
ඒ සැටලිමෙන් වැටුන එකයි තව වෙන එකෙකුයි තමයි අර මනුස්සය එල්ලල කියල සැකේ ගියේ. සැටලිමෙන් වැටුන එක වැටිලා තියෙන්නෙත් අඩි 15 වගේ පොඩි උසකින්. බෙල්ල්ම කැඩිල.
ඊට පස්සේ ආපහු වැඩ නවත්තල තියල පටන් ගත්ත. ඊට පස්සේ වැඩ කරන්න ආපු මිනිස්සු හැමෝටම වගේ වැඩ කරන්න අමාරු වෙලා. සමහර වෙලාවට තල්ලු කරනවලු, බඩු එහෙ මෙහෙ දාල තියනවලු. රෑට නිදාගන්නම බැරිලු. ලනුවක් කැඩෙන වගේ ලොකු සද්දයක් ඇහෙනවලු, හූ තියන සද්දේ එනවලු නිතරම.
ඕක ඊට පස්සේ අව්රුදු 4-5 වැඩ නවත්තල තිබ්බ. දැන් පටන් අරගෙනද දන්නේ නෑ..