🚨 Granbell Hotel එකේ මේ වගේ Scam එකක්? | Worst Experience Ever

EVC

Well-known member
  • Sep 15, 2008
    29,033
    21,241
    113




    මාර අවුලින් මේ පෝස්ට් එක දාන්නෙ. Granbell Hotel Colombo එකේ අපි ලබාගත්ත මේ අත්දැකීම අපි බලාපොරොත්තු වුණ දෙයක් නම් නෙමෙයි. 😔 අපි Agoda හරහා Premium Double Sea View with Terrace room එකක්, Breakfast සමඟ LKR 36,000කට පමණ Book කළා. Agoda එකෙන් booking confirmation, booking ID සහ room details සියල්ලම අපිට ලැබුණා. නමුත් Hotel එක සම්බන්ධ කරගත් පසු අපිට දැනගන්න ලැබුණේ අපි Book කළ room category එක වෙනස් කරලා තියෙන බවයි. Premium room එකක් Book කරලා තිබියදී, අපිට වෙනත් අඩු room categories offer කළ අතර, අවසානයේ Hotel එකට පැමිණි පසු අපි බලාපොරොත්තු නොවූ වෙනත් room එකක් ලබා දුන්නා. මේ අතර Hotel එක සහ Agoda අතර issue එකක් කියමින් අපිට නැවත නැවතත් Agoda සම්බන්ධ කරගන්න කියන ලදී. 📌 අපි මුහුණ දුන් ප්‍රධාන ගැටලු:
    • Book කළ room category එක වෙනස් වීම
    • Premium room එක වෙනුවට lower-category room එකක් offer කිරීම
    • Hotel එකෙන් booking confirmation ලබාගැනීමට අපහසු වීම
    • Calls සහ WhatsApp messages සඳහා satisfactory response එකක් නොලැබීම
    • Check-in සඳහා දිගු වේලාවක් බලා සිටීමට සිදුවීම
    • Room cleanliness සහ hygiene පිළිබඳ ගැටලු
    • Bed linen සහ towels වල stains තිබීම
    • Air conditioning ගැටලු
    • රාත්‍රී කාලයේ hot water පිළිබඳ ගැටලු
    • Breakfast experience එක පිළිබඳ අපගේ අසතුට
    • Pool area එකේ අධික crowd එක
    • Lift සඳහා දිගු වේලාවක් බලා සිටීමට සිදුවීම
    • Overall customer service පිළිබඳ අපගේ දැඩි කලකිරීම
    නමුත් අපේ ප්‍රධාන ප්‍රශ්නය වුණේ අපි Book කරලා ගෙවපු room එක සහ අවසානයේ අපිට ලබාදුන් room එක අතර තිබුණු වෙනසයි. මෙම video එකේදී අපේ *සැබෑ අත්දැකීම*, booking process එක, room downgrade එක, customer service, room condition, breakfast, check-in සහ Hotel එක සම්බන්ධයෙන් අපිට ඇති වූ අනෙකුත් concerns සියල්ලම අපි share කරනවා. ඒ වගේම, අපි Hotel එක ගැන පසුව බලපු වෙනත් guest reviews වල සඳහන් වූ concerns කිහිපයක් ගැනත් කතා කරනවා. ඒවා වෙනත් guests විසින් පළ කළ claims වන අතර, ඒ සියල්ල අප විසින් ස්වාධීනව තහවුරු කර නොමැති බවත් පැහැදිලිව සඳහන් කරන්න කැමතියි. ⚠️ ඔබ Sri Lankan කෙනෙක් වුණත්, foreign tourist කෙනෙක් වුණත්, Granbell Hotel Colombo Book කරන්න කලින් මේ video එක බලලා, recent reviews check කරලා, ඔබ Book කරන exact room category එක සහ booking confirmation එක හොඳින් verify කරන්න. මෙය අපේ personal experience එක share කරන video එකක්. අපේ අරමුණ කිසිවෙකුට අනවශ්‍ය ලෙස අපහාස කිරීම නොවෙයි. අපි මුහුණ දුන් දේ සහ අපිට ඇති වූ concerns අනෙක් travellers ලා දැනගත යුතුයි කියලා අපි හිතන නිසයි මේ video එක කරන්නේ. ඔබටත් Granbell Hotel Colombo එකේ similar experience එකක් තිබුණා නම්, Comment එකකින් ඔබේ experience එක share කරන්න. 👇 මේවගේ දේවල් වෙන කෙනෙක්ට නොවෙන්න පුළුවන් තරම් share කරන්න යාලුවනේ,, 🙏



    paid room eka wenas karanna baha yako
    already fully prepaid karapu room ekak