කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

nidarsha91

Well-known member
  • මෙන්න මේ ප්‍රශ්නෙට බුද්ධිමත් මිත්‍රයෙක් පිළිතුරක් දෙන්නකො. මේක ආගමික විශ්වාස පහත් කිරීමක් නෙවෙන බවත්, කාලාමයන්ට අවබෝද කර දීමට උත්සාහ කරන ලද සත්‍යය ගැනත් ගැඹුරින් සරලව සොයා යාමක් පමණක් බව සිතන්න.

    දැන් අපි දකිනව පන්සල් වල නිර්මාණය කරල තියෙනව බුදුන් වහන්සෙගෙ බුද්ධ ප්‍රතිමාවට පසෙකින් මීළඟට එන්න නියමිත මෛත්‍රී බුදුන් වහන්සෙගෙ පිළිරුව. මේ ගැන පොත් පත් වල සඳහනක් තියෙන නිසයි මේ නිර්මාණය කරන්නෙ. දැන් මේ ඉහතින් අපේ බුද්ධිමත් මිත්‍රයො කියන විදියට සිත ඇතිවීම නිලීන කරන කෙනෙක්ට නැවත ඉපදීම වළක්ව ගන්න හැකි වෙනව. හට ගැනීම වළක්වා ගන්න හැකි වෙනවා. එතකොට, පොත් පත් වල සඳහන් වෙන්නෙ, මේ මීළඟ බුදුන් වහන්සේ මේ වෙද්දි ඉන්නෙ දිව්‍යතල වල කියල. දිව්‍යතල නිරය කියන්නෙ සිතේ ස්වභාවයන් නිර්වචනය කරන ක්‍රමවේදයක් කියන එක ඕනෑම ගැඹුරින් නිරීක්ෂනය කරන මනසකට අවබෝද කරගන්න පුළුවන් වෙලා ඉවරයි නෙහ්. නැතුව මේ මැරුනට පස්සෙ යන විශේෂ ස්ථානයක් නෙමෙයි කියන කාරණය.

    එතකොට, දැනටමත් මේ බුදුන් වහන්සේ වීමට නියමිත එන්ටිටි එක සිතක් පවත්වාගෙන යන්නම ඕනෙ. ඒ සිත ජීවත් වෙන පරිසරය අතීශයින්ම සාමකාමී, ඒ කියන්නෙ දිව්‍යම ශාන්තියක් අත්විඳිය හැකි පරිසරයක් වෙන්නම ඕනෙ, හරියට ලක්ශම්බර්ග් වගේ.

    එතකොට මගේ ප්‍රශ්නය තමයි මේ තරම් බුද්ධත්වයට ලන්වෙන එන්ටිටි එකකට ඇයි බැරි බුද්ධත්වයට පත් වෙන්න හරි නැවත නැවත උප්පත්තියක් ලබන්න උත්සාහ කරන්නෙ?

    දැන් මගෙ බුද්ධිමත් මිත්‍රයො කියන විදියට පුළුවන් නෙහ් ඊටත් ගොඩාක් කලින් සිතුවිලි ඇතිවීම නැති කරගෙන නැවත හට ගැනීම නැති කරගෙන සිස්ටම් එකෙන් වෙනත් ෆෝම් එක්කට මාරු වෙන්න, නේද?

    එහෙම බැලුවම නිකන් තේරෙනව නේද... කරුණු විශ්ලේෂනය කරන මනසකට මේ හැමදේම කියල තියෙන්නෙ, අතිශය මිලෙච්ඡ් නොහික්මුනු එන්ටිටීස් කන්ට්‍රෝල් කරන්න හදපු බොහොම තියුණු දක්ෂ සිස්ටම් එකක් මිසක් හෙන මැජික් එකක් හරි, අනවශ්‍ය විදියට ශරීරගත කරගෙන ජීවිතේම තමන්ට ලැබිල තියෙන අරමුණට යන්නෙ නැතුව හට ගැනීමක් වළක්ව ගන්න උගන්වන ටෙක්නොලිජි එකක් නෙමෙයි කියල......
     
    • Haha
    Reactions: ewijesekara

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,118
    857
    113
    දිව්‍යතල නිරය කියන්නෙ සිතේ ස්වභාවයන් නිර්වචනය කරන ක්‍රමවේදයක් කියන එක ඕනෑම ගැඹුරින් නිරීක්ෂනය කරන මනසකට අවබෝද කරගන්න පුළුවන් වෙලා ඉවරයි නෙහ්. නැතුව මේ මැරුනට පස්සෙ යන විශේෂ ස්ථානයක් නෙමෙයි කියන කාරණය.

    මැරුණට පස්සේ යන විශේෂ ස්ථාන 31 තියෙනවා බ්‍රහ්ම, දිව්‍ය, මනුස්ස, තිරිසන් ආදී වශයෙන්. බුදු ධහමේ තියෙන මුලික පහදාදීමක් ඒක.

    විශේෂ ස්ථානයකට වඩා ඒවා "ගති" කියන එක වඩා නිවරිදියි. මේවා අතරින් "සු-ගති" නිවන උදා කරන්න උපකාර වෙනවා, "දු-ගති" නිවන වහන ගති ලක්ෂණ .
     
    Last edited:
    • Love
    Reactions: nidarsha91

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,398
    168,528
    113
    එකමත් එක රටක
    ඇයි ඉතින් එහෙම වෙන්නේ? මැරුණ අයට ආයේ පන දෙන්න බැරි ඇයි?

    Randomly ද වෙලා තියෙන්නේ?
    එක තමයි ලෝක ස්වභාවය .
    මැරිච්ච උන් වලෙන් නැගිටිනවා මම දැකල නෑ .
     
    nidarsha91

    Well-known member
  • මැරුණට පස්සේ යන විශේෂ ස්ථාන 31 තියෙනවා බ්‍රහ්ම, දිව්‍ය, මනුස්ස, තිරිසන් ආදී වශයෙන්. බුදු ධහමේ තියෙන මුලික පහදාදීමක් ඒක.

    විශේෂ ස්ථානයකට වඩා ඒවා "ගති" කියන එක වඩා නිවරිදියි. මේවා අතරින් "සු-ගති" නිවන උදා කරන්න උපකාර වෙනවා, "දු-ගති" නිවන වහන ගති ලක්ෂණ .
    ඔබට බොහොම ස්තූතියි මගේ බුද්ධිමත් මිත්‍රයා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,404
    2,280
    113
    ස්තූතියි මාගේ බුද්ධිමත් මිත්‍රයා!
    බුදුන් වහන්සේගෙන් පසුව කාලයකදි තමයි මේ කාරණා උන් වහන්සේ දේශනා කළා කියල ග්‍රන්ථරූඩ කරන්නෙ. හැබැයි ඊට පස්සෙ උන්න ප්‍රඥාවන්තයන්ගෙන් පවා යම් යම් කරුණු උන් වහන්සේ ඉගෙන ගත්තා කියල සඳහන් වෙනවා.

    එතකොට, බුද්ධ ධර්මයට පමණක් නෙමෙයි. බහුතරයක් සංවිධාන වල මේකම තමයි කතාව වෙන්නෙ. ඒ කියන්නෙ අරය මෙහෙම කිව්ව කියල ලියල තිබීම.

    කෙනෙක්ට පුළුවන් ඒ දේ තමයි පරම සත්‍යය කියල විශ්වාස කරන්න. නැත්තන්, කෙනෙක්ට පුළුවන් ඒ දේ එහෙමම වෙන්න පුළුවන්ද කියල හොයන්න.

    අනිවාර්යයෙන් එහෙම හොයන්න කියල තමයි බුදුන් පෙන්නන්නෙ...එහෙම හොයන මාර්ගයත් කියල තියෙන්නෙ.. කවද්ද බුදුන් කියල තියෙන්නෙ මම කියන දර්මය පිලිගනිල්ල කියල?

    අන්න එතනදි ඒ සංවිධානයම එතන්ට පොඩි ඇණයක් ගහනව. අනවශ්‍යය දේවල් හොයන එක තේරුමක් නැහැයි කියල.....

    කවුද කියන්නෙ? පරමාර්තයෙ ලක්ශන හොයන්න කියලනෙ කියන්නෙ

    ඉතින් මාගේ බුද්ධිමත් මිත්‍රයා - ඔබට කැමති ලියන ලද, වහරෙන් එන ලද දේ ඒ විදියටම සිතාගෙන ප්‍රායෝගීකව කිසිම දිනයක සිදු කළ නොහැකි දෙයක් පරම සත්‍යය ලෙස අවබෝද කරගෙන පිළි අරගෙන ගමන යන්න.

    බුදුන් ප්‍රායොගිකව වඩන මාර්ගයක් පෙන්නල දීල...විශ්වාසයෙන් තොරව ප්‍රායොගිකව අවබෝදය ලබන විදිහ කියල දීල තියෙද්දි...උබ මොනාද මේ කියන්නෙ...

    නැතිනම්, එය එසේම විය යුතුමද? කියන තැන සිට කරුණු විශ්ලේෂනය කර බලන්න. එතකොට රාමුවෙන් එලියේ ගොඩාක් කාරණ වැටහෙන්න පටන් ගනීවි. ආන්තිකව අපේ එක තමයි හරිම කියන අයවලුන්ගේ කතාවෙන් ඔබ්බට ගියාම තව හුඟාක් අයත් ඔහොමම කියල තමන්ගෙ එක තමයි හොඳම කියනව කියල පෙනෙයි. එතකොට තේරෙයි ගලායාම නොනවතින ස්ථානයක තියෙනව කියල...

    ශක්තිය නිතැතින්ම ස්වරූප වෙනස් කරගනිමින්, වෙනස් ශක්තීන්ට මාරු වෙනවයි කියන එක. මැවීමක්වත්, විනාශ කිරීමක්වත් නැති බව...

    ඔබට ජය!

    අන්දය මොන විදිහට විශ්ලේශන්ය කරත් කිරි වල පාට හොයාගන්න බැ බන්...ඌ කිරි වල පාට කියල දැනගන්නෙම ඌ දන්න සුවදක් හරි..රසක් හරි...ඒක නිසා මොන විදිහට මනසින් විශ්ලේශනය කරත් මේක ලොජික් වලින් අල්ලන්න බැ බ්න්..

    කරන්න තියෙන එකම දේ තමයි... දොස්තර කිව්ව පාර විශ්වාස කරල...ඒකේ ගිහිල්ල ඇසි දෙක හොද කරගෙන...කිරි වල පාට තමන් විසින්ම දැකල...ඒ අවබෝදය තුලින් ප්‍රත්යක්ශ කර ගන්න ඒක...ඒක කරන විදිහ තමයි බුදු දහමෙ පෙන්නනෙ...නැතිව අනිත් ආගම් වල වගේ..කිරිවල පාට සුදු පාටය..උබලා ඒක ඒ විදිහට පිලිගනිල්ලාය කියල නෙවේ...
     
    nidarsha91

    Well-known member
  • අනිවාර්යයෙන් එහෙම හොයන්න කියල තමයි බුදුන් පෙන්නන්නෙ...එහෙම හොයන මාර්ගයත් කියල තියෙන්නෙ.. කවද්ද බුදුන් කියල තියෙන්නෙ මම කියන දර්මය පිලිගනිල්ල කියල?

    කවුද කියන්නෙ? පරමාර්තයෙ ලක්ශන හොයන්න කියලනෙ කියන්නෙ

    බුදුන් ප්‍රායොගිකව වඩන මාර්ගයක් පෙන්නල දීල...විශ්වාසයෙන් තොරව ප්‍රායොගිකව අවබෝදය ලබන විදිහ කියල දීල තියෙද්දි...උබ මොනාද මේ කියන්නෙ...

    අන්දය මොන විදිහට විශ්ලේශන්ය කරත් කිරි වල පාට හොයාගන්න බැ බන්...ඌ කිරි වල පාට කියල දැනගන්නෙම ඌ දන්න සුවදක් හරි..රසක් හරි...ඒක නිසා මොන විදිහට මනසින් විශ්ලේශනය කරත් මේක ලොජික් වලින් අල්ලන්න බැ බ්න්..

    කරන්න තියෙන එකම දේ තමයි... දොස්තර කිව්ව පාර විශ්වාස කරල...ඒකේ ගිහිල්ල ඇසි දෙක හොද කරගෙන...කිරි වල පාට තමන් විසින්ම දැකල...ඒ අවබෝදය තුලින් ප්‍රත්යක්ශ කර ගන්න ඒක...ඒක කරන විදිහ තමයි බුදු දහමෙ පෙන්නනෙ...නැතිව අනිත් ආගම් වල වගේ..කිරිවල පාට සුදු පාටය..උබලා ඒක ඒ විදිහට පිලිගනිල්ලාය කියල නෙවේ...
    වස ශරීරගත කරගත්තම සිදු වෙන්නෙ මොකක්ද කියන එක මාගේ බුද්ධිමත් මිත්‍රයා, මම නම් නිරීක්ෂනය කරන්නෙ, නිගමනයකට එන්නෙ වස ශරීරගත කරගෙන නෙමෙයි. වස ශරීරගත කරගෙන සිටින ශරීර අධ්‍යයනය කරනවා. එතකොට කෙනෙක් කියන්න උත්සාහ කරනව නම්, ඒකට වස බීලම බලන්න ඕන කියල.... ඒක එහෙම කියන කෙනාගෙ පරීක්ෂන හැකියාව මිසක්, මගෙ ප්‍රශ්නයක් නෙමෙයි මිත්‍රයා.

    ඔබගේ වටිනා කාලය මිඩංගු කර වටිනා සංවාදයක් මෙවෙය වූවාට ස්තූතියි. හැබැයි මගෙ ප්‍රශ්නෙට උත්තරේ ඔබගෙන් ලබාගන්න ලැබිල නැහැ. බුදුන් පෙන්වපු පාරෙ ගිය කෙනෙක් නම්, නිවන අවබෝද කරගෙන නැවත හට ගැනීම වළක්වා ගැනීම වෙනුවට නැවත හටගෙන බුදු වෙන්න පෙරුම් පුරන්නෙ ඇයි?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,404
    2,280
    113
    වස ශරීරගත කරගත්තම සිදු වෙන්නෙ මොකක්ද කියන එක මාගේ බුද්ධිමත් මිත්‍රයා, මම නම් නිරීක්ෂනය කරන්නෙ, නිගමනයකට එන්නෙ වස ශරීරගත කරගෙන නෙමෙයි. වස ශරීරගත කරගෙන සිටින ශරීර අධ්‍යයනය කරනවා. එතකොට කෙනෙක් කියන්න උත්සාහ කරනව නම්, ඒකට වස බීලම බලන්න ඕන කියල.... ඒක එහෙම කියන කෙනාගෙ පරීක්ෂන හැකියාව මිසක්, මගෙ ප්‍රශ්නයක් නෙමෙයි මිත්‍රයා.

    පෘතක්ජනය ඉන්නෙම විස (ක්ලේශ ) සරීර ගත කරගෙන... ආයෙ අමුතුවෙන් ගත කරගන්න දෙයක් නැ... පෘතක්ජනයගෙ තියෙන මෝඩ කමට විශ ශරීර ගතවෙලා කියල දන්නෙ නැ... න්දයට ඇස් නැතුව පාට අල්ලන්න බැ වගේ...තියෙන ඉන්ද්‍රිය වලින් විශ අල්ලන්න බැ...ඒ විශ අල්ලන පුලුවන් වෙන ඉන්ද්‍රිය ඩෙවලොප් කරන්න කොහොමද...අල්ලගත්ත විශ නැති කරන්නෙ කොහොමද කියල තමයි බුදු දහමෙ පෙන්නන්නෙ...

    ඔබගේ වටිනා කාලය මිඩංගු කර වටිනා සංවාදයක් මෙවෙය වූවාට ස්තූතියි. හැබැයි මගෙ ප්‍රශ්නෙට උත්තරේ ඔබගෙන් ලබාගන්න ලැබිල නැහැ. බුදුන් පෙන්වපු පාරෙ ගිය කෙනෙක් නම්, නිවන අවබෝද කරගෙන නැවත හට ගැනීම වළක්වා ගැනීම වෙනුවට නැවත හටගෙන බුදු වෙන්න පෙරුම් පුරන්නෙ ඇයි?

    බුදුන්ගේන් චතුරාර්ය සත්ය දේශනාව ඇසූ පමනින් පාරමිතා (මනසේ චිත්ත චයිටසික ) අවශ්ය විදිහට සැකසිල නැතිනම්..නිවන් දකින්නෙ නැ..

    ඊටත් අමතරව තමන්ගේ අරමුන වෙනස්..

    ස්වාභාවික විපතකදි...තමන් කොහොම හරි බේරෙන්න ඕන කියන අතරතුර...අනික් අයත් සේරමත් බේරගන්න ඕනෙ කියන මානසිකත්වය තියෙන අය කලාතුරකින් හරි ඉන්නව...
     
    nidarsha91

    Well-known member
  • පෘතක්ජනය ඉන්නෙම විස (ක්ලේශ ) සරීර ගත කරගෙන... ආයෙ අමුතුවෙන් ගත කරගන්න දෙයක් නැ... පෘතක්ජනයගෙ තියෙන මෝඩ කමට විශ ශරීර ගතවෙලා කියල දන්නෙ නැ... න්දයට ඇස් නැතුව පාට අල්ලන්න බැ වගේ...තියෙන ඉන්ද්‍රිය වලින් විශ අල්ලන්න බැ...ඒ විශ අල්ලන පුලුවන් වෙන ඉන්ද්‍රිය ඩෙවලොප් කරන්න කොහොමද...අල්ලගත්ත විශ නැති කරන්නෙ කොහොමද කියල තමයි බුදු දහමෙ පෙන්නන්නෙ...

    බුදුන්ගේන් චතුරාර්ය සත්ය දේශනාව ඇසූ පමනින් පාරමිතා (මනසේ චිත්ත චයිටසික ) අවශ්ය විදිහට සැකසිල නැතිනම්..නිවන් දකින්නෙ නැ..

    ඊටත් අමතරව තමන්ගේ අරමුන වෙනස්..

    ස්වාභාවික විපතකදි...තමන් කොහොම හරි බේරෙන්න ඕන කියන අතරතුර...අනික් අයත් සේරමත් බේරගන්න ඕනෙ කියන මානසිකත්වය තියෙන අය කලාතුරකින් හරි ඉන්නව...
    මගේ ප්‍රශ්නය මේකයි. මීලඟ බුදුන් වහන්සේ ඇයි කල්ප ගානක් පෙරුම් පුරල බුදු වෙන්න ආයෙමත් ඉපදෙන්නෙ? කෙලින්ම ඔබතුමා කියන ආකාරයට එක භවයක මේ කරුණු තේරුම් අරගෙන, ඒක ප්‍රැක්ටිස් කරල නැවත හට ගැනීම - ඉපදීම නැති කරගන්න තිබුණනෙ. එතකොට ඔබතුමා මේ කියන්න උත්සාහ කරන නිලීන කිරීම ඇයි ඒ ගැන දැනගෙනත් කර නොගන්නෙ?

    බුදු වෙන්න ඕන නිසා නැවත ඉපදෙනවද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,404
    2,280
    113
    මගේ ප්‍රශ්නය මේකයි. මීලඟ බුදුන් වහන්සේ ඇයි කල්ප ගානක් පෙරුම් පුරල බුදු වෙන්න ආයෙමත් ඉපදෙන්නෙ? කෙලින්ම ඔබතුමා කියන ආකාරයට එක භවයක මේ කරුණු තේරුම් අරගෙන, ඒක ප්‍රැක්ටිස් කරල නැවත හට ගැනීම - ඉපදීම නැති කරගන්න තිබුණනෙ. එතකොට ඔබතුමා මේ කියන්න උත්සාහ කරන නිලීන කිරීම ඇයි ඒ ගැන දැනගෙනත් කර නොගන්නෙ?

    බුදු වෙන්න ඕන නිසා නැවත ඉපදෙනවද?

    බුදු වෙන්න ඕනෙ නිසා නැවත ඉපදෙනව කියල උඩින් කියන්න පුලුවන්... හැබයි වෙන්නෙ.. බුදු වෙන්නෙ ඉන්න කෙනෙකුගෙ චිත්ත චයිතසික සැකස්ම වෙනස්... චතුරාර්ය සත්ය දේශනාවකදි..විපස්සනාවකින් උනත්...සෝතාපන්න මාර්ග සිත/ පල සිත ඇති වෙන්නෙ නැ... ඒක නිසා නිවනට පත් වෙන්නෙ නැ..
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,296
    1,527
    113
    Morally Bankrupt Sri lanka
    🤌
    පොපිට් ජෙරමුත් කරනවලු
    medical history wala thiyenawa "Lazarus Syndrom" hadawath nathara wena ledak gena meka hedila meruna kiyala ath aerapu aya peya 12,17 athara pana aewila thiyenawa

    images

    Famous Real-Life Medical Cases
    • The 17-Hour Wake-Up (2008): A woman named Velma Thomas suffered multiple heart attacks in West Virginia. She was placed on life support, but doctors eventually recorded no brain activity. After 17 hours, her family decided to take her off life support. Ten minutes after the tubes were removed, she woke up, moved, and went on to make a full recovery.
    • The Mortuary Freezer Mistake (2021): In India, an electrician named Sreekesh Kumar was hit by a motorbike and declared dead by an emergency doctor. He was placed in a morgue freezer for seven hours. When his family arrived to sign paperwork, they noticed his body was moving slightly—he was still alive and was rushed into intensive care. (chatgpt)

    ekayi mama kiwwe nazi unuth me gena test karala thiyenawa kiyala samahara medical (leda ) thiyenawa dr hariyata e gena danne nethi, eke namath dala thiyenne jeses karapu miracle eka ta 🙏
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • බුදු වෙන්න ඕනෙ නිසා නැවත ඉපදෙනව කියල උඩින් කියන්න පුලුවන්... හැබයි වෙන්නෙ.. බුදු වෙන්නෙ ඉන්න කෙනෙකුගෙ චිත්ත චයිතසික සැකස්ම වෙනස්... චතුරාර්ය සත්ය දේශනාවකදි..විපස්සනාවකින් උනත්...සෝතාපන්න මාර්ග සිත/ පල සිත ඇති වෙන්නෙ නැ... ඒක නිසා නිවනට පත් වෙන්නෙ නැ..
    මට මේ ලබා දුන්න පිළිතුරම ඔබගේ සිත බිඳීම, යලි ගොඩ නැගීම, නැත්තන් අර ෆ්‍රීකුවන්සි හුවමාරු වීම කියන කාරනයට එකතු කර පසුව සිතා බලන්න මිත්‍රයා. එතකොට තේරෙන්න ගන්නව සිතක් ඇති වීම වැලැක්වීම නිවන කියල කීම මේ බුදුන්ගේ කාරණයෙදි ඔබ ලබා දීල තිබෙන පැහැදිලි කිරීම සමග ගැළපෙන්නෙ නැති බව. මාර්ගඵල වලින් උඩට උඩට ගිහින් නිවනක් සාක්ෂාත් කර ගැනීම හෝ නැවත හට ගැනීම නැති කිරීම කියන කාරනය වෙනුවට - නැවත ඉපදීම කියන එක නැති කරන්න බැරි දෙයක් වගේම, ඒ ඉපදීමකදි වඩාත් සාර්ථක කාල සීමාවක් ගත කිරීමට අවබෝද කරගන්නවා නම් වඩාත් සාර්ථක හා නිවනක් කියන සිතේ ඇති කරගන්නා වූ යහපත් අවබෝද කරගන්න ලැබේවි. ඔබට තෙරුවන් සරණයි!

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,791
    2,213
    113
    එක තමයි ලෝක ස්වභාවය .

    ආ, එතකොට ලෝක ස්වභාවය කියලා එකකුත් තියෙනවා.

    ඔය කියන ලෝක ස්වභාවය ප්‍රත්‍යය සහිතයි නම්?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,791
    2,213
    113
    බුද්ධාගමේ එහෙම එකක් නැද්ද ?

    ප්‍රත්‍ය සහිතයි කියලා තමයි buddhism වල පෙන්නන්නේ. අධිච්චසමුප්පන්නවනම් (ඉබේ, අහේතූකව/ ප්‍රත්‍ය රහිතව මේ හැමදේම වෙනවා) වෙන්නේ, දුක්ඛ නිරෝධයක් ගැන කතා කරන්න වෙන්නෙත් නැහැ. ප්‍රත්‍ය සහිත නිසාමයි දුක්ඛ නිරෝධයක් තියෙන්නේ.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,398
    168,528
    113
    එකමත් එක රටක
    ප්‍රත්‍ය සහිතයි කියලා තමයි buddhism වල පෙන්නන්නේ. අධිච්චසමුප්පන්නවනම් (ඉබේ, අහේතූකව/ ප්‍රත්‍ය රහිතව මේ හැමදේම වෙනවා) වෙන්නේ, දුක්ඛ නිරෝධයක් ගැන කතා කරන්න වෙන්නෙත් නැහැ. ප්‍රත්‍ය සහිත නිසාමයි දුක්ඛ නිරෝධයක් තියෙන්නේ.
    මනුස්සයෙක් වයසට යන්නේ ඇයි කියපන්
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,404
    2,280
    113
    මට මේ ලබා දුන්න පිළිතුරම ඔබගේ සිත බිඳීම, යලි ගොඩ නැගීම, නැත්තන් අර ෆ්‍රීකුවන්සි හුවමාරු වීම කියන කාරනයට එකතු කර පසුව සිතා බලන්න මිත්‍රයා. එතකොට තේරෙන්න ගන්නව සිතක් ඇති වීම වැලැක්වීම නිවන කියල කීම මේ බුදුන්ගේ කාරණයෙදි ඔබ ලබා දීල තිබෙන පැහැදිලි කිරීම සමග ගැළපෙන්නෙ නැති බව.

    පැහැදිලි මදි... මොනව බැලුවම, මොකක්ද තේරුනෙ? මොකක්ද ගැලපෙන්නෙ නැත්තෙ?

    මාර්ගඵල වලින් උඩට උඩට ගිහින් නිවනක් සාක්ෂාත් කර ගැනීම හෝ නැවත හට ගැනීම නැති කිරීම කියන කාරනය වෙනුවට - නැවත ඉපදීම කියන එක නැති කරන්න බැරි දෙයක් වගේම, ඒ ඉපදීමකදි වඩාත් සාර්ථක කාල සීමාවක් ගත කිරීමට අවබෝද කරගන්නවා නම් වඩාත් සාර්ථක හා නිවනක් කියන සිතේ ඇති කරගන්නා වූ යහපත් අවබෝද කරගන්න ලැබේවි. ඔබට තෙරුවන් සරණයි!

    "නැවත ඉපදීම කියන එක නැති කරන්න බැරි දෙයක් වගේම "

    කොතනද බුදු හාමුදුරුවො මෙහෙම කියල තියෙන්නෙ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,791
    2,213
    113
    මනුස්සයෙක් වයසට යන්නේ ඇයි කියපන්

    ඕකම මෙහෙම අහන්නම්,

    වයසට යනවා කියන දෙයක් ස්වභාවයෙන්ම වෙන නිසාම නේද විද්‍යාවෙන් මේවා නිසා වයසට යනවා කියලා හොයාගන්න සහ ඒ ගැන යම් දුරකට පැහැදිලි කරන්න පුලුවන් වෙලා තියෙන්නේ?

    මේ ස්වභාවය කියන දේ හැමෝටම පොදුයි කියලා පේනවද?

    දැන් උබ කියන්නේ මේ ස්වභාවය කියන දේ රෑන්ඩම්ලි ඇති වුනා කියලා. සමහරු කියනවා දෙවියන් වහන්සේ නිර්මාණය කරා කියලා. බුධිසම් වල කියනවා ප්‍රත්‍ය සහිතයි කියලා.

    උබට නිකම් හිතිලා නැද්ද කවදාවත් ඔය ඉබේ වෙනවා කියන එක සෙට් වෙන්නැහෑ කියලා? TBH, ඊට වැඩිය මේක් සෙන්ස් මට දෙවියන් වහන්සේ මැව්වා කියන එක. අධිච්චසමුප්පන්නවාදය, මොලේ තියෙන එකෙක් රීසන් කරලා, ලෞකික මට්ටමෙන්ම බැහැර කරන මතයක්.

    හැමදේම රැන්ඩම්ලි වෙනවනම්, මහන්සිවෙලා පාඩම් කරලි එක්සෑම් එකක්වත් පාස් වෙන්න පුලුවන් වෙයිද?

    අන්දය මොන විදිහට විශ්ලේශන්ය කරත් කිරි වල පාට හොයාගන්න බැ බන්...ඌ කිරි වල පාට කියල දැනගන්නෙම ඌ දන්න සුවදක් හරි..රසක් හරි...ඒක නිසා මොන විදිහට මනසින් විශ්ලේශනය කරත් මේක ලොජික් වලින් අල්ලන්න බැ බ්න්..

    කරන්න තියෙන එකම දේ තමයි... දොස්තර කිව්ව පාර විශ්වාස කරල...ඒකේ ගිහිල්ල ඇසි දෙක හොද කරගෙන...කිරි වල පාට තමන් විසින්ම දැකල...ඒ අවබෝදය තුලින් ප්‍රත්යක්ශ කර ගන්න ඒක...ඒක කරන විදිහ තමයි බුදු දහමෙ පෙන්නනෙ...නැතිව අනිත් ආගම් වල වගේ..කිරිවල පාට සුදු පාටය..උබලා ඒක ඒ විදිහට පිලිගනිල්ලාය කියල නෙවේ...

    ඇස් දෙකේ දාලා තියෙන කන්ණාඩියෙම පාටට තමයි පේන්නේ කියලා දැක්ක කෙනාට ආයේ හරි පාටක් පේනවනද? නැත්තම් පේනවනම්, පේන්න පුලුවන් මෙහෙම කියන නුවණ ඇති වෙනවද?

    ඔය ඇස් සනීප කිරීම ඔබතූමා අදහස් කරන්නේ නුවණද නැත්තම් වෙන දෙයක්ද?
    ------ Post added on Sep 17, 2026 at 11:51 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,398
    168,528
    113
    එකමත් එක රටක
    ඕකම මෙහෙම අහන්නම්,

    වයසට යනවා කියන දෙයක් ස්වභාවයෙන්ම වෙන නිසාම නේද විද්‍යාවෙන් මේවා නිසා වයසට යනවා කියලා හොයාගන්න සහ ඒ ගැන යම් දුරකට පැහැදිලි කරන්න පුලුවන් වෙලා තියෙන්නේ?

    මේ ස්වභාවය කියන දේ හැමෝටම පොදුයි කියලා පේනවද?

    දැන් උබ කියන්නේ මේ ස්වභාවය කියන දේ රෑන්ඩම්ලි ඇති වුනා කියලා. සමහරු කියනවා දෙවියන් වහන්සේ නිර්මාණය කරා කියලා. බුධිසම් වල කියනවා ප්‍රත්‍ය සහිතයි කියලා.

    උබට නිකම් හිතිලා නැද්ද කවදාවත් ඔය ඉබේ වෙනවා කියන එක සෙට් වෙන්නැහෑ කියලා? TBH, ඊට වැඩිය මේක් සෙන්ස් මට දෙවියන් වහන්සේ මැව්වා කියන එක. අධිච්චසමුප්පන්නවාදය, මොලේ තියෙන එකෙක් රීසන් කරලා, ලෞකික මට්ටමෙන්ම බැහැර කරන මතයක්.

    හැමදේම රැන්ඩම්ලි වෙනවනම්, මහන්සිවෙලා පාඩම් කරලි එක්සෑම් එකක්වත් පාස් වෙන්න පුලුවන් වෙයිද?
    random කතාවක් නෙවෙයි . ඔය තමයි ලෝක ස්වභාවය යකෝ
    ලෝකේ දේවල් , ක්‍රියාවලි වෙන විදියක් තියනව .

    කර්මය කියලා ලබ්බක් ඔබාගෙන ඉන්නේ ආගමට හේතුවක් හිතාගන්න බැරි දේවල් ලින්ක් කරන්න පුලුවන් වෙන්න .
    කොහේ වත් කර්මයක් කියලා දෙයක් පලදෙනව කියලා ස්ක්ෂියක් නෑ .