මහා පරිමාණ සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ප්‍රකට මොහොමඩ් ෆාදල්ඩීන් හෙවත් "ශාරුක්ඛාන්" නමැත්තා නීතිවිරෝධී ආකාරයෙන් උපයා ගන්නා ලද රුපියල් කෝටි 9කට අධික (රුපියල් මිලියන 90කට වැඩි) වටිනාකමකින් යුත් දේපළ තොගයක් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාල වංචා විමර්ශන ඒකකය මඟින් සැකකරුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ මෙම තහනම් කිරීමේ නියෝග ලබාගෙන ඇත.
අධි සුඛෝපභෝගී නිවාස ඇතුළු නිවාස 6ක්: වත්තල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි මෙම සැකකරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා උපයාගත් කළු සල්ලි යොදවා මිලදී ගෙන තිබූ සුපිරි මට්ටමේ නිවාස 2ක් ඇතුළු සමස්ත නිවාස 6ක් මෙලෙස නීතියේ රැහැනට හසුකර ගෙන තිබේ.
සුඛෝපභෝගී මෝටර් රථයක්: ජාවාරම් මුදල් විශුද්ධිකරණය කරමින් ඔහු භාවිත කළ වටිනා මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ක්‍රියා විරහිත කර ඇත.
කෝටි 9ක සමස්ත වටිනාකම: මූලික තක්සේරු කිරීම්වලට අනුව මෙම තහනම් කරන ලද නිවාස සහ වාහනයේ සමස්ත වටිනාකම රුපියල් කෝටි නවයකට අධික බව විමර්ශන අංශ තහවුරු කරයි.
මත්ද්‍රව්‍ය උවදුර රට පුරා ව්‍යාප්ත කරමින් අහිංසක තරුණ ජීවිත විනාශ කර, එම මුදල්වලින් සුරසැප විඳිමින් දේපළ ගොඩගසා ගත් සියලු ජාවාරම්කරුවන්ගේ වත්කම් එකින් එක සොයා බලා රාජසන්තක කිරීමේ විශේෂ මෙහෙයුම් මේ වන විට දැඩිව ක්‍රියාත්මක වෙමින් පවතී.
රටේ තරුණ පරපුර කුඩුවලට ඇබ්බැහි කරලා කෝටි ගණන් වටිනා සුපිරි ගෙවල්, වාහන ගොඩගහගත්ත මෙවැනි ජාවාරම්කරුවන්ගේ දේපළ සම්පූර්ණයෙන්ම රාජසන්තක කර ජනතා අයිතියට පැවරීම ගැන ඔබට හිතෙන්නේ මොකක්ද?
Comment section එකේ ඔබේ අදහස් කෙළින්ම ලියන්න!
#ShahrukhKhanLK #IllegalAssetsLK #DrugBustLK #WattalaNews #MoneyLaunderingLK