බීජිං ෂියැංෂාන් සංසදයේ ශ්‍රී ලංකා හඬ - චම්පික රණවක

saturn

Well-known member
  • Mar 21, 2015
    5,427
    9,303
    113
    Around the world
    එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා, චීනයේ බීජිං නුවර පැවැත්වෙන 13 වන Beijing Xiangshan Forum සඳහා සහභාගී වෙමින් සිටී. "ස්ථාවරත්වය ගොඩනඟමු. බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කරමු. අනාගතය සඳහා සූදානම් වෙමු." යන්න මෙවර සමුළුවේ තේමාවයි.
    13 වන Beijing Xiangshan Forum හි “Global Energy Security and Revolution in Military Affairs” සම්මන්ත්‍රණයේදී, චීනය, රුසියාව, ජපානය සහ ආර්ජන්ටිනාව නියෝජනය කරන ජාත්‍යන්තර ආරක්ෂක හා උපායමාර්ගික විද්වතුන් සමඟ හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ බලශක්ති අත්දැකීම් සහ දැක්ම ඉදිරිපත් කිරීමට ඔහුට අවස්ථාව හිමිවිය.

    බීජිං ෂියන්ෂන් සමුළුව කියන්නේ මොකක්ද?
    බීජිං ෂියන්ෂන් සමුළුව (Beijing Xiangshan Forum) කියන්නේ ලෝකයේ ආරක්ෂාව, ජාත්‍යන්තර සබඳතා සහ භූදේශපාලනය පිළිබඳව රටවල් අතර අදහස් හුවමාරු කරන ප්‍රධාන ජාත්‍යන්තර ආරක්ෂක සංවාද මණ්ඩපයක්.
    මෙය 2006දී ආරම්භ වූ අතර, මේ වසරේ එහි 20 වැනි සංවත්සරය සනිටුහන් කරනවා. 2026 සමුළුවට රටවල්, කලාප සහ ජාත්‍යන්තර සංවිධාන 100කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වන අතර, ආරක්ෂක හා හමුදා ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නියෝජිතයන්, හිටපු රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර විද්වතුන් ඊට එක්වී තිබෙනවා. ඉරානය සහ තලෙයිබාන් සංවිධානයද මෙවර සමුලුවට සහභාගි වීම විශේෂත්වයක්.
    මෙවර සාකච්ඡා කෙරෙන්නේ ලෝක ආරක්ෂාව හා ස්ථාවරත්වය, කලාපීය ගැටුම්, ආසියානු ආරක්ෂාව, නව තාක්ෂණය, මුහුදු ආරක්ෂාව සහ සංවර්ධනය වෙමින් පවතින රටවල භූමිකාව වැනි කරුණු පිළිබඳවයි.
    ඒ නිසා සරලව කිව්වොත්, ෂියන්ෂන් සමුළුව කියන්නේ ලෝකයේ විවිධ රටවල ප්‍රධාන පෙළේ ආරක්ෂක හා රාජ්‍ය විශේෂඥයන් එකම වේදිකාවකට පැමිණ, ලෝකයේ ඉදිරි ආරක්ෂාව සහ ස්ථාවරත්වය පිළිබඳව සාකච්ඡා කරන ජාත්‍යන්තර මට්ටමේ වේදිකාවක්.
    ගෝලීය ආරක්ෂාව සහ උපායමාර්ගික ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කිරීමේ අරමුණෙන් සංවිධානය වන මෙම සමුලුවේ මෙවර තේමාවන් වන්නේ..
    ~ජාත්‍යන්තර පර්යාය සහ උපායමාර්ගික ස්ථාවරත්වය
    ~ප්‍රධාන බලවතුන් අතර සබඳතා
    කලාපීය ගැටුම් සහ ඒවා විසඳීම
    ~ආසියා–පැසිෆික් කලාපීය ආරක්ෂාව
    ~සාගර හා මුහුදු මාර්ග ආරක්ෂාව
    ~අවි පාලනය
    ~නවීන තාක්ෂණයන්ගේ හමුදාමය භාවිතය
    ~අභ්‍යවකාශ ආරක්ෂාව
    ~ගෝලීය ආරක්ෂක පාලනය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල භූමිකාව
    යන මේ කරුණු වේ.

    එසේ නම්,දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ නොවන, විපක්ෂ දේශපාලනඥයකු වන පාඨලී චම්පික රණවකට චීන රජය මෙම සමුලුවට ආරාධනා කරනේ ඇයි?
    ආරක්ෂාව සහ ගෝලීය උපායමාර්ගික වැඩසටහන් පිළිබඳව සාකච්චාවන මෙම සමුලුවේ පාඨලීට ඇති සම්බන්ධය කුමක්ද ?
    මෙයට පිළිතුර සමුලුවේ දෙවැනි දින පාඨලී සහභාගිවූ විශේෂ සංවෘත (Closed door) සාකච්ඡාවෙන් පැහැදිලිවේ.
    Seminar 8 (16.09.2026)
    13 වැනි බීජිං ෂියන්ෂන් සමුළුවේ Seminar 8 හිදී සාකච්ඡා කෙරුණේ බලශක්ති ආරක්ෂාව, ජාතික ආරක්ෂාව සහ නව තාක්ෂණයන් හේතුවෙන් හමුදා කටයුතුවල සිදුවන පරිවර්තනය පිළිබඳවයි.
    මෙම සාකච්ඡාවට රටවල් කිහිපයක ආරක්ෂක, බලශක්ති සහ ජාත්‍යන්තර සබඳතා ක්ෂේත්‍රයේ විශේෂඥයන් එක්ව සිටියා.
    • Guo Bowei – චීනය — Renmin විශ්වවිද්‍යාලයේ Peace and Development ක්ෂේත්‍රයේ සහකාර මහාචාර්යවරයෙකු සහ සමුළුවේ සැසි සත්කාරකවරයා.
    • Huang Yanghua – චීනය — Renmin විශ්වවිද්‍යාලයේ School of Peace and Development හි මහාචාර්ය සහ නියෝජ්‍ය පීඨාධිපති.
    • Vasily Kashin – රුසියාව — රුසියාවේ Higher School of Economics හි Centre for Comprehensive European and International Studies (CCEIS) හි අධ්‍යක්ෂවරයා සහ හමුදා-උපායමාර්ගික කරුණු පිළිබඳ විශේෂඥයෙකි.
    • José Francisco Cafiero – ආර්ජන්ටිනාව — ආර්ජන්ටිනා ආරක්ෂක අමාත්‍යාංශයේ International Affairs for Defence පිළිබඳ හිටපු ලේකම්වරයාය.
    • Rear Admiral (Ret.) Yasuhiro Kawakami – ජපානය — Sasakawa Peace Foundation හි Japan–U.S. and Security Studies Unit හි අධ්‍යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකි; ජපාන නාවික හමුදාවේ හිටපු Rear Admiralවරයෙකි.
    • Senior Colonel Wang Shuai – චීනය — People's Liberation Army හි Joint Logistics Support Force සම්බන්ධ ඉංජිනේරු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකි.

    විශේෂත්වය වන්නේ, එකම සාකච්ඡා මේසයකට චීනය, රුසියාව, ජපානය, ආර්ජන්ටිනාව සහ ශ්‍රී ලංකාව වැනි විවිධ රටවල බලශක්ති, ආරක්ෂක සහ උපායමාර්ගික ක්ෂේත්‍රවල පුද්ගලයන් එක්වීමයි. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාඨලී චම්පික රණවක හිටපු බලශක්ති අමාත්‍යවරයෙකු ලෙස අදහස් දැක්වීමට තෝරාගෙන තිබීමයි.

    බලය සහ බලය කෘතිය පාඨලී චම්පික රණවක විසින් ලියනු ලබන්නේ 2014 වසරේදීය. බලශක්තිය සමග දේශපාලන බලය බැඳී ඇති ආකාරය ප්‍රායෝගික සහ මහපොළොව මත රැඳි යථාර්තය විච්ඡේදනය කරමින් මෙම පොත සම්පාදනය කර ඇත.
    බටහිර මිලිටරි සහ ආර්ථික ආදිපත්‍යයට සම්මුඛව යුරේෂියානු ආධිපත්‍ය ගොඩනැංවිමේ චීන අභිප්‍රාය අරමුණු කරගෙන ගොඩ නැගෙන වැඩපිළිවෙලේ ෂියන්ෂන් සමුලුව තුල මිලිටරි බලයට බලශක්තිය සහ බලශක්තියේ අයිතිය පිළිබඳ විද්වත් අදහස් ඉතාම වැදගත් වේ. ඒ අනුව දකුණු ආසියානු කලාපයේ සිටින ඒ පිළිබඳ පරිපූර්ණ දැනුමක් සහිත දේශපාලනික මෙන්ම බලශක්ති සහ ඉංජිනේරු විද්‍යා විශේෂඥයෙක් සහභාගි කරවාගැනීමට චීන බලධාරින් කල්පනා කර තිබේ.

    ෂියන්ෂන් සමුළුවේ පාඨලීගේ සහභාගිත්වයේ විශේෂත්වය

    අද ලෝකය පැරණි බලසමතුලිතතාවයෙන් නව බහුධ්‍රැවීය ලෝක පර්යායකට ගමන් කරමින් සිටින අවස්ථාවක, බීජිං ෂියන්ෂන් සමුළුව එම වෙනස්කම් පිළිබඳව ලෝකයේ ප්‍රධාන ආරක්ෂක හා උපායමාර්ගික බලවේග අතර සංවාදයට වැදගත් වේදිකාවක් වී තිබේ. 2006දී ආරම්භ වූ මෙම සමුළුව අද රටවල් 100කට අධික සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගි වන ඉහළ මට්ටමේ ජාත්‍යන්තර ආරක්ෂක සංවාදයක් බවට පත්ව ඇත.
    විශේෂයෙන්ම චීනයේ වර්ධනය වන බලය, ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවේග සමඟ පවතින උපායමාර්ගික තරගය සහ “Global South” හෙවත් ගෝලීය දකුණේ රටවල වර්ධනය වන ජාත්‍යන්තර භූමිකාව පිළිබඳ සාකච්ඡාව මෙම සමුළුවේ වැදගත් අංගයකි. එබැවින් එය චීනයේ දෘෂ්ටිකෝණය ලෝකයට ඉදිරිපත් කරන වේදිකාවක් ලෙස ද, බටහිර ආධිපත්‍යයෙන් තොර ජාත්‍යන්තර ආරක්ෂක සංවාදයක් සඳහා වේදිකාවක් ලෙස ද විශ්ලේෂණය කළ හැකිය. කෙසේ වෙතත්, සමුළුවට යුරෝපය, ඇමරිකාව ඇතුළු විවිධ පාර්ශ්වවල විශේෂඥයන් සහ නිලධාරීන්ද සහභාගි වන බැවින් එය චීනයට පක්ෂ රටවල පමණක් සමුළුවක් ලෙස හැඳින්වීම නිවැරදි නොවේ.
    මෙහිදී චීන–ඇමරිකානු බල තරගය සහ Graham Allison විසින් ප්‍රචලිත කළ “Thucydides Trap” පිළිබඳ ප්‍රශ්නය ද වැදගත් වේ. එනම්, නැගී එන බලවතෙකු සහ පවතින ප්‍රධාන බලවතෙකු අතර තරගය ගැටුමකට පරිවර්තනය වීමේ අවදානමයි.
    මේ පිළිපඳව පාඨලී නොබෝදා එළිදැක්වූ "එකට ගැටුම" කෘතියේ සවිස්තරාත්මකව විග්‍රහ කර තිබේ.
    මෙවැනි ගෝලීය බලපෙරළියක් පිළිබඳ සංවාදයකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාඨලී චම්පික රණවක සහභාගි වීමේ විශේෂත්වය වන්නේ, ශ්‍රී ලංකාව වැනි කුඩා නමුත් භූ-උපායමාර්ගික වශයෙන් වැදගත් රටක හඬ, ලෝකයේ ප්‍රධාන බලවතුන් අතර පවතින මෙම සංවාදය වෙත ගෙන ඒමට ලැබුණු අවස්ථාවක් වීමයි. විශේෂයෙන්ම බලශක්ති ආරක්ෂාව පිළිබඳ සැසියක ඔහුගේ සහභාගිත්වය, ශ්‍රී ලංකාවේ අත්දැකීම් සහ ගෝලීය බලශක්ති–ආරක්ෂක සම්බන්ධතාව පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට සෘජුවම අදාළ වේ.

    මෙම සහභාගිත්වයේ තවත් සුවිශේෂී පැතිකඩක් වන්නේ, ශ්‍රී ලංකාවේ වත්මන් පාර්ලිමේන්තු නියෝජිතයෙකු නොවන පාඨලී චම්පික රණවක වැනි දේශපාලන නායකයෙකු, ප්‍රතිපත්ති සම්පාදකයෙකු සහ විද්වත් චින්තකයෙකු, මෙවැනි ගෝලීය මට්ටමේ උපායමාර්ගික සංවාදයකට සුදුසු interlocutor කෙනෙකු ලෙස චීනය විසින් හඳුනාගෙන ආරාධනා කිරීමයි. එය හුදෙක් සමුළුවකට සහභාගි වීමකට වඩා, ඔහුගේ දේශපාලන අත්දැකීම, බලශක්ති හා ජාතික ප්‍රතිපත්ති පිළිබඳ දැනුම සහ ගෝලීය කරුණු පිළිබඳ ඔහුගේ චින්තන හැකියාව ජාත්‍යන්තර වේදිකාවකදී සැලකිල්ලට ගෙන ඇති බව පෙන්වන වැදගත් සංඥාවක් ලෙස දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවෙන් ඔබ්බට, ලෝක බලවතුන්ගේ සංවාද මේසයට ශ්‍රී ලාංකික දේශපාලන හඬක් ගෙන යාමට ලැබුණු මෙම අවස්ථාව, පාඨලීගේ දේශපාලන ගමනේද සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,939
    6,624

    Jeppo nadda ban
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,427
    9,303
    113
    Around the world
    21 වැනි සියවස ආසියාවේ ය.
    පසුගිය සැප්තැම්බර් 15-17 දිනවලදී මම බීජිං නගරයේ පැවැත්වූ 'ශියැංෂාන්' (Xiangshan) සමුළුව - 2026 සඳහා සහභාගී වූයෙමි. රටවල් සියයකට අධික ප්‍රමාණයක ආරක්ෂක ප්‍රධානීන්, උපදේශකයින් හා විශේෂඥයින් ඊට සහභාගී වී සිටියහ. ඒ අතර හිටපු නාවික හමුදාපති හා විදේශ අමාත්‍යාංශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපතිවරයා ද වූහ.
    ලෝකය ක්‍රමයෙන් බහුධ්‍රැවීය වෙමින් පවතී. මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා ආරක්ෂක සන්ධාන ලෙස පැවැති එක්සත් ජනපදය හා යුරෝපය මුල් කරගත් ලෝක රටාව ක්‍රමයෙන් බිඳවැටෙමින් ඇත.
    ලෝක ජනගහනය ගත් කල බටහිර ලෝකය (උතුරු ඇමෙරිකාව හා යුරෝපය) සතුව ඇත්තේ 15% ක ප්‍රතිශතයකි. 85% ක් ජීවත් වන්නේ බටහිර ලෝකයෙන් පිටතය. දළ දේශීය නිෂ්පාදිතයේ නාමික අගය මත බටහිර ලෝකය 40% ක් වන අතර, මිලදී ගැනීමේ හැකියාව අනුව (PPP) එය 30% කටත් අඩු අගයකි.
    යුදමය වශයෙන් ගත්තද බටහිරට වඩා බටහිර නොවන ලෝකය බලවත් වෙමින් පවතින අතර, ඉතා නුදුරු කාලයකදී සියලු ඉහළ ගණයේ තාක්ෂණයන්ගෙන් බටහිර ලෝකය පරදා බටහිර නොවන ලෝකය පෙරට එනු ඇත.
    බටහිර නොවන ලෝකයේ ප්‍රමුඛයා බටහිර යුරෝපය නොවන යුරේසියාවයි. එහි ප්‍රධාන ගුරුත්ව කේන්ද්‍රය චීනයයි. චීනය 2010 දී නිෂ්පාදන හැකියාවන්ගෙන් එක්සත් ජනපදය ඉක්මවා ගියේය. අද ලෝකයේ සෑම භාණ්ඩයකින්ම 3 න් 1 ක් නිපදවෙන්නේ චීනයේය.
    2013-16 අතර කාලයේ චීනය ලෝක වෙළඳාමෙන් මෙන්ම දළ දේශීය නිෂ්පාදිතයෙන් (PPP) ද ලොව ප්‍රමුඛයා බවට පත්විය.
    2008 න් පසු නැගෙනහිර යුරෝපයේ හා යුක්‍රේනයේ සිදුවූ ක්‍රියාවලියෙන් පසු රුසියාව ආසියාව දෙසට හැරෙන්නට විය. කලින් RIC ලෙස පැවැති සන්ධානය ලොවේ වෙනත් කලාපවලට ද පැතිර යමින් BRICS බිහි කළේය.
    අද එහි සාමාජිකයින් එකොළොසකි. එය ජනගහනමය ලෙස මෙන්ම ආර්ථික ලෙස ද G7 රටවලට අභියෝගයක් වී ඇත. මේ අතර යුරේසියාවේ ආරක්ෂාව හා සංවර්ධනය සඳහා SCO (Shanghai Cooperation Organisation - 1996) බිහිවී පුළුල් වෙමින් පවතී.
    පසුගියදා ඉන්දියාවේ (BRICS) හා කිර්ගිස්ථානයේ (SCO) පැවැත්වූ සමුළුවලින් පෙනී යන්නේ බොහෝ රටවල් බටහිර කක්ෂයෙන් මිදී යුරේසියානු අක්ෂය වෙත ඇදී එන බවයි.
    පසුගිය කාලයේ සිදුවූ යුක්‍රේන, ඉරාන, ලෙබනන්, පලස්තීන, වෙනිසියුලා, කියුබා ආදී රටවල බටහිර යුද බලපෑම් කියාපෑවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආරක්ෂක මණ්ඩලය මෙන්ම ජාත්‍යන්තර යුද අධිකරණ (ICC, ICJ) සහමුලින්ම බිඳවැටී ඇති බවය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ඇති වැදගත්ම ප්‍රතිපත්තිය වූ ලොකු කුඩා රටවල සමානාත්මතාවය දැන් කැලෑ නීතියට යටවී ඇති බවය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ පරිසර ප්‍රඥප්තිය (UNFCCC), වෙළඳ ආයතන (WTO), ජාත්‍යන්තර මූල්‍ය ආයතන (IMF, WB, ADB) මෙන්ම මූල්‍ය නියාමන (SWIFT) වැනි ආයතන සියල්ල තනි රටක අභිමතය පරිදි බිඳදමමින් තිබෙන බවය.
    එක්කෝ ලෝකය එක්සත් ජාතීන් හා ජාත්‍යන්තර ජාලයන් ප්‍රතිව්‍යුහගත කළ යුතුය; නැතහොත් විකල්ප දේශපාලන, ආරක්ෂක, වෙළඳ, මූල්‍ය හා පාරිසරික ආයතන ගොඩනැගිය යුතුය.
    යුරේසියාවට නේටෝවක් (NATO) වැනි සංවිධානයක්, නව වෙළඳ හා මූල්‍ය පද්ධතියක් මෙන්ම පාරිසරික යුක්තිය සඳහා වූ සක්‍රිය ආයතනයක් ද අවශ්‍ය වේ.
    බහුපාර්ශවීය (Multilateral) එකඟතා ගිවිසුම් සුභදායී වුවත්, ඒවා පවත්වාගන්නා ගෝලීය රීති රාමුව හා පිළිවෙල දැන් ප්‍රශ්න කර ඇති නිසා, නිසි නියාමනයකින් තොර බහුධ්‍රැව ලෝකයක් ගොඩනැගුණහොත් ලෝකය විඛණ්ඩනය වී (Fragmented) වියවුලක් (Chaos) බවට පත්වනු ඇත. ගෝලීය අසමමිතික යුද කලාවන් (Asymmetrical Warfare) හා දෙමුහුන් යුද කලාවන් (Hybrid Warfare) පෙන්වා දෙන්නේ ත්‍රස්ත සංවිධානවලට හෝ විකල්ප යුද කණ්ඩායම්වලට මහා යුද බලවතුන්ට අභියෝග කරමින් ලෝකය අවුල් ජාලයක් කළ හැකි බවය. අද බටහිර ආසියාවේ අප දකින්නේ මේ ඇත්තයි.
    2015 දී චීනය 'එක් තීරයක් එක් මාවතක්' (BRI) ආයෝජන ව්‍යාපෘතිය හරහා යුරේසියාව හා අප්‍රිකාව යටිතල පහසුකම් මගින් එක් කිරීමට ප්‍රයත්නයක් දැරීය. 2025 දී චීනය ගෝලීය යහපාලන ක්‍රියාවලියක් (GGI) ආරම්භ කර ඇත. එය ක්‍රමයෙන් ආයෝජන, වෙළඳ හා මූල්‍ය ක්ෂේත්‍රවලින් ඔබ්බට ගොස් තාක්ෂණික, පාරිසරික හා දේශපාලන ක්ෂේත්‍ර දක්වා ද විවෘත වෙමින් පවතී.
    ශ්‍රී ලංකාව මේ තත්ත්වය තුළ මධ්‍යධරණී මුහුද, අත්ලාන්තික් මුහුද, බහුවිධ ආසියා පැසිෆික් හා බෙංගාල බොක්ක කේන්ද්‍ර කරගත යුතුය. ලංකාව ASEAN සංවිධානය, BRICS හා SCO සන්ධානවලට එක්විය යුතුය.
    අපට යළිත් සෘජු විදේශ ප්‍රතිපත්තියක් හා ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යය. අන් රටවල දුරකථන ඇමතුම්වලින් ක්‍රියාත්මක නොවන ශ්‍රී ලාංකේය උපායමාර්ගයක් අවශ්‍යය.
    පරාක්‍රමබාහු රජු ගෝකණ්ණයෙන් ශ්‍රී ලංකාව ආසියාවට විවෘත කළේය. දැන් ශ්‍රී ලංකාව නැවතත් ත්‍රිකුණාමලයෙන් ආසියාවට විවෘත කිරීමට කාලය පැමිණ තිබේ.

    පාඨලී චම්පික රණවක
    2026.09.19
     
    • Like
    Reactions: Smartm