අධිවේගයේ ආසන පටි නීතිය හෙට සිට දැඩිවෙයි

signshop

Well-known member
  • May 30, 2011
    12,349
    9,290
    113
    Dubai
    අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය හෙට (19) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

    ඒ සඳහා ලබාදී තිබූ වසරක පමණ සහන කාලය අදින් අවසන් වන බැවින්, හෙට සිට ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් සහ මගීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කළේය.

    ඒ අනුව ආසන පටි නොමැති රථ වාහන අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමටද හෙට සිට අවසර ලබා නොදෙන බව ඔහු පැවසීය.

    අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම රථ වාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ආසනවල ගමන් කරන සියලුම මගීන් ද ආසන පටි පැළඳිය යුතු බව පොලීසිය අවධාරණය කරයි.

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පෙන්වා දෙන්නේ ආසන පටි නොපැළඳීම හේතුවෙන් රිය අනතුරු හා අනතුරුවලින් සිදුවන අවදානම් ඉහළ යන බැවින් මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවය.

    මෙම නීතිය ක්‍රියාත්මක කරන්නේ දඩ හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමණක් අරමුණු කරගෙන නොව, රියදුරන්ගේ සහ මගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා බවද ඔහු සඳහන් කළේය.

    විශේෂයෙන්ම රථයක පසුපස ආසනවල ගමන් කරන මගීන්ද අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳිය යුතු බවත්, ආසන පටි නොමැති වාහනවලින් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට උත්සාහ නොකරන ලෙසත් පොලීසිය දැනුම් දෙයි.

    මේ අතර, ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය මීට වසරකට පමණ පෙර හඳුන්වා දුන්නද, ඇතැම් පැරණි වාහනවල නිෂ්පාදකයින් විසින් ආසන පටි සවිකර නොතිබීම හේතුවෙන් එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට යම් කාලයක් ලබාදීමට සිදුවූ බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පැවසීය.

    එම වාහනවල ආසන පටි සවිකර ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී සහන කාල ලබාදී තිබූ අතර, එම අවසන් සහන කාලයද අදින් අවසන් වන බව ඔහු සඳහන් කළේය.

    ඒ අනුව හෙට සිට අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම රථ වාහනවල රියදුරන් සහ සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය බව මංජුල කුලරත්න මහතා පැවසීය.

    මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීති ක්‍රියාත්මක කරන ලෙස පොලීසිය දැනුම්වත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

    තවදුරටත් සහන කාලය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත්, ආසන පටි සවිකර ගැනීම සඳහා වසරකට ආසන්න කාලයක් ලබාදී ඇති බැවින් තවත් සහන කාලයක් අවශ්‍ය නොවන බවත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    https://sinhala.adaderana.lk/news/251669

    පිටිපස්සේ සිට් බෙල්ට් නැති පරන වාහන තියෙන එව්න් අනාතයි
     
    Last edited:

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,783
    7,076
    113
    වදුරව

    පිටිපස්සේ ශිට් බෙල්ට් නැති පරන වාහන තියෙන එව්න් අනාතයි
    ශිට් බෙල්ට් 😅
    සිට් (Seat belt) බන්
     
    • Haha
    • Like
    Reactions: shenat and signshop

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,700
    17,009
    113
    35
    Spain
    තුන්වෙනි සීටි පේලියට බෙල්ට් දැම්ම. කුෂන් වැඩ කරන උන් ඒවා කරනව. ඕක නම් හොඳ දෙයක්. කලින් බට්ට වෑන් එකක් හැපිලා . ඉස්සරහ සහ මැද පේලියේ උන්ට කිසිම හානියක් නෑ, එත් තුන්වෙනි සීටි පේලියේ ඉඳපු ගැහැණු කෙනෙක් එලියට වීසි වෙලා මැරුන .
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,886
    2,720
    113
    Kadawatha, Sri Lanka
    මොකක් හෝ වාසනාවකට මගේ 1991 double cab එකේ පිටිපස්සේ Seat belt තියෙනවා. ඒකෙ මැද යන කෙනාට ඉතින් තියෙන්නේ බඩ මැදින් යන බෙල්ට් එක තමයි හැබැයි. අලුත් වාහන වල කොහොමද කියලා දන්නවාද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,490
    1
    16,444
    113
    අවුරුද්දක් තිස්සෙ මාස 3න් 3ට ඉස්සරට දින දීලත්,
    පස්සෙ සීට් වලට බෙල්ට් හයි කරන්න බැරි ලොන්තයො වාහනේ ගෙදර තියලා පයින් ගියා නම් වෙන මිනිස්සුන්ට ලේසියි!
     
    • Like
    Reactions: Inigo Montoya

    vito

    Well-known member
  • May 5, 2008
    11,006
    1
    12,365
    113
    අදාළ නෑ නේ
    seat belt daana eka aniwaarya karana eka hodai. naththan happunaama wahanen eliyata wisi wela thamaa nawathinne samahara welaawata
    ape loku amma kenekuth maruna van ekak accident wela. loku speed ekakin newei hihin thibbe habai wadunama issarahata wisi wela gihilla
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    59,002
    87,594
    113
    ආශ්චර්යමත් රටක
    පිටිපස්සේ සිට් බෙල්ට් නැති පරන වාහන තියෙන එව්න් අනාතයි

    ඇයි සීට් බෙල්ට් ආපු නැති 1800 ගණන් වල වාහන මොඩලුත් තාම තියෙනවද?

    එහෙනං උන්ට ඒකෙ පතෝල මැස්සක් ගහලා වෙන වාහනයක් ගන්න කියපන්. 🤌🏼🤣
     
    • Haha
    Reactions: Satan_at_Hell

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,981
    2,217
    113
    Adelaide
    කාලෙකට කලින් කරන්න තිබ්බ වැඩක්, දැන් හරි ක්‍රියාත්මක වෙච්ච එක හොදයි. හැප්පුනම එලියට විසිවෙලා එක්කෝ නැත්නම් වාහනේ ඇතුලෙම කොහෙහරි වැදිලා කි දෙනෙක් නම් නැතිවෙන්න ඇතිද ඔය හයිවේ එකේදිම. ඕක හැම පාරකම බලන් ඕනේ,හයිවේ විතරක් නෙවෙයි.
    අනික් ගොබ්බම වැඩේ තමයි පොඩිඋන්ව උකුල උඩ තියන් යන එක. ඒකත් වෑන් වල. ගොඩක් වෙලාවට ඉස්සරහම පැසෙන්ජර් සීට් එකේ මැද තියන් යනවා. ඒ මදිවට වීඩියෝ වීඩියෝ කරලාත් දානවා. වැදුනුගමන් ළමයගේ කෑලිවත් නෑ. ඔය විදියටම චයිල්ඩ් සීට් එකත් අනිවාර්ය කරන්නම ඕනේ ලොකු දඩේකුත් එක්ක.
    දැන් කියන්න එපා ලංකාවට ඔය චයිල්ඩ් සිට් හරියන්නේ නෑ, ළමයි ඉන්නේ නෑ අරක මේක. :sorry::sorry:

    වෙනරටවලත් ලංකාවේ පොඩි උන් ඕවයේ යන්නේ. ඉපදිලා හොස්පිටල් එකේ ඉදන් ගෙදර ගෙන්නවත් බෑ චයිල්ඩ් සිට් එක නැතිව. ලොකු දඩේකුත් එක්ක එකත් ක්‍රියාත්මක කරන්න ඕනේ, මහා උන්ගේ මොලේ නැතත් අහිංසක පොඩි උන් ටික හරි බේරගන්න. :no: :no:
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    9,189
    15,790
    113
    madi ban.... thawa balanna onaa. overload wage ewath.
    Agreed. Mama nam dekala thiyenawa mama daana thanin athulata daana nikan questionable ewa policeman gihin adala karala balanawa.
    Agreed. Thawa vehicle class tikak strict karanna ona.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,322
    2,496
    113
    Srilanka
    මේක නම් හොඳ වැඩක්.
    තව ලයිට් නැති/ වැඩ නැති උන්ටත් ඕකම කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Inigo Montoya