මගේ යාලුවෙක් හිටිය හැමවෙලේම කැමරාව ඉල්ලන් යනව. ලයිට් අරව මේව සේරමත් එක්ක. මම ඒ කැමරාව ගනන් සල්ලි මදිවෙලා බැංකුවෙනුත් ලෝන් එකක් ගහල හිටියෙ. බඩු අරන් ගියාට අරූ රුපියලක්වත් දෙන්නෙත් නෑ වැඩ ගන්නව විතරයි. මම බැරිම තැන අරූගේ හොඳ යාලුවෙක් ඉන්නව හෙන චීත්තයක් ඌ මගෙත් යාලුවෙක් හවසක හම්බුන වෙලාවක ඔය කතාව ඇදල අරන් කියල බැන්නා මෙහෙමයි කට්ට කාල බඩු ගන්නයි එක එකාට වටේ ගෙනියන්න දෙන්නයි බෑනේ බං කියලා. අනිවා ඔය කතාව ඕකා අරූට කියනව ඒ නිසාමයි මම එහෙම කීවේ. පස්සෙ අරූ බඩු ඉල්ලුවේ නෑ වැඩිය කතා කරෙත් නෑ කාලයක්. දැන්නම් ආපහු කතා කරනව. බඩු ඉල්ලන්නෙ නෑ.බෑ කියපන් මචන්. නැත්නම් ඕක ඉල්ලන් ඇවිල්ලා අරු අදුනන්නෙ නැති වෙන එකෙක්ගෙ ගෙදර දවස් කීපයක් තියපන්.මූට කියපන් රෙපෙයාර් එකක් ඇවිත් හදන්න විදියක් නෑ කියල
මගෙත් පොඩි කාලෙ එකෙක් අලුත්ම බයිසිකලේ ඉල්ලන් ගිහින් උ එක එදා ගෙනල්ල දුන්නෙ නෑ. උදේ පාන්දර 6 ට විතර අම්මා කොස්සෙන් ගහල නැගිට්ටුවා බයිසිකලේ අරන් වරෙන් කැරියා කියල.බයික් එකේ ස්ටිකර් වලට පට්ට ඩැමේජ් කරලා.
එදා ඉදන් කිසි කෙනෙක්ට කිසි දෙයක් දෙන්නෙ නෑ. කවුරුත් මගෙන් ඉල්ලන්නෙත් නෑ.
