අතරමං වෙන අට තැන | සන්දක සූත්‍රය

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,927
    2,328
    113


    සන්‍දකයෙනි, සත්ත්‍වයන්ගේ ආශයානුශය දන්නා වූ ඥේයධර්‍මයන් දක්නා වූ ප්‍රත්‍යයාදීන්ට නිසි හෙයින් අර්‍හත් වූ සත්‍යාවබෝධය කළ හෙයින් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවත්හු විසින් සතර අබ්‍රම්සරවස් කෙනෙක් වදාරනලද්දාහ, අස්වැසිලි රහිත වූ සතර බ්‍රම්සරවස් කෙනෙක් ද වදාරනලද්දාහ :

    “යම් බ්‍රහ්මචරිය වාසයෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ ය, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍යධර්‍මය සම්පාදනය නො කරන්නේ යැ”යි.

    ‘චත‍්තාරොමෙ සන්‍දක, තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන අබ්‍රහ‍්මචරියවාසා අක‍්ඛාතා, චත‍්තාරි ච අනස‍්සාසිකානි බ්‍රහ‍්මචරියානි අක‍්ඛාතානි, යත්‍ථ විඤ‍්ඤූ පුරිසො සසක‍්කං බ්‍රහ‍්මචරියං න වසෙය්‍ය වසන‍්තො වා න ආරාධෙය්‍ය ඤායං ධම‍්මං කුසල’න‍්ති.

    සන්‍දක සූත්‍රය : https://tipitaka.lk/mn-2-3-6/sinh

    සියලු සත්ත්වයෝ නිවනින් ම නිවෙත්වා !!!