ඇය නමින් ෆාතිමා සෆියා යාමික් (Fathima Shafiya Yamick). වර්තමානයේ "දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව" ලෙස කිරුළ දරන්නේ ශ්‍රී ලංකාවේ අපේම දිරිය දියණියක් වන ඇයයි.
මහනුවර විහාරමහාදේවි බාලිකා විද්‍යාලයෙන් මලල ක්‍රීඩාවට පිවිස, අද වන විට ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ඇය මෑතකදී ඉන්දියාවේ රාංචි (Ranchi) නුවර පැවැති දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය ඉදිරියේ ඉහළින්ම ඔසවා තැබුවා.
ඇය එහිදී දැක්වූ සුවිශේෂී දක්ෂතා:
නමුත් මේ සා විශාල දක්ෂතාවයක් පෙන්වූ අපේ රටේ ක්‍රීඩිකාවට, මෙවර ආසියානු තරඟාවලිය (Asian Games) සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවී නැති බව වාර්තා වෙනවා. තමන්ගේ ජීවිතේම ක්‍රීඩාව වෙනුවෙන් කැප කර, රට වෙනුවෙන් දහඩිය හෙලූ ඇය මේ පිළිබඳව ඇගේ නිල ෆේස්බුක් ගිණුමේ තබා තිබුණේ මෙවැනි ඉතා සංවේදී සටහනක්.
"මේච්චර දුවලත් ආසියානු තරග වලට මාව මලල ක්‍රීඩා සංගමයෙන් දාලා නෑ කියන්නේ මට හරිම දුකක් කියල ඇය කියල තිබ්බ
මේ ගැන කාට කියන්නද කියලා තේරෙන්නෙ නැ කියලත් තිබ්බ.
ඇයව අන්තිම සතිය වෙනකන් නම දාලා තියෙන්නෙ කියලා රැවට්ටුව බව සදහම් කරපු ඇය. ආයෙමත් මෙ වගේ වැඩ ක්‍රීඩකයොන්ට කරන්න එපා කියල සදහන් කරල තිබ්බ.
රටක් වෙනුවෙන් ජාත්‍යන්තර පදක්කම් ගෙනෙන මෙවැනි දක්ෂ ක්‍රීඩිකාවන්ට මීට වඩා සාධාරණයක් මෙන්ම නිසි ඇගයීමක් බලධාරීන්ගෙන් ලැබිය යුතු නොවේද? දහසක් බලාපොරොත්තු මැද පුහුණුවීම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවසන් මොහොතේ මෙවැනි තීරණ හරහා මානසිකව වැටීම රටේ ක්‍රීඩාවේ අනාගතයටද සුබදායක නැත.
අනාගතයේදී හෝ අපේ රටේ දක්ෂයින්ට මෙවැනි අසාධාරණයන්ට මුහුණ දීමට සිදු නොවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි. ඇයගේ ඉදිරි ගමනට අපි වචනයකින් හෝ ශක්තියක් වෙමු!
ක්‍රීඩා ඇමති තුමනි මේ සම්බන්ධයෙන් සොයා බලා අපේ ක්‍රීඩිකාවට සාධාරණයක් කරන්න
Last edited: