🔴ශිරන්ති රාජපක්ශ - රාජ්‍ය භාණ්ඩාගාරයට අයත් රත්‍රන් තොගයක් විකිණීමේ චෝදනාව - ශිරන්ති මැඩම්ට අමාරු කාලයක් එන්න වගේ යන්නෙ කලුවනේ

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,244
    2
    5,697
    113


    රාජ්‍ය භාණ්ඩාගාරයට අයත් රත්‍රන් තොගයක් විකිණීමේ වංචාවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ බවට ඉදිරිපත් වූ සාක්ෂි විභාග කිරීම හේතුවෙන් රාජපක්ෂ ආණ්ඩුව සිය ස්වාමියාගෙන් පළිගැනීමට කටයුතු කළ බව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ 2015 වසරේ ජනවාරි මාසයේදී චෝදනා කළා ය.

    හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා ඒ බව කියා සිටියේ, හිටපු ජනාධිපති බිරිඳට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

    "මටත්, මගේ රට ඉන්න පුතාටත්, මහත්තයටත් දිගින් දිගට ම තර්ජන ආව මේ සම්බන්ධයෙන් කිසි ම හෙළිදරව්වක් කිසි ම කෙනෙකුට කරන්න එපා, කළොත් මගේ මහත්තයාට කවදාවත් එළියට එන්න දෙන්නෙත් නෑ කියල," යනුවෙන් ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා සඳහන් කළා ය.

    කෙසේ වෙතත්, අදාළ විමර්ශනය සහ හිටපු ජනාධිපති ආර්යාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව, එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පදවිය දැරූ අනුර සේනානායක බීබීසී මාධ්‍යවේදී ජයප්‍රකාෂ් නල්ලුසාමි 2015 ජනවාරි මාසයේදී කළ විමසීමකදී කියා සිටියේ ය.
    -මූලාශ්‍රය බීබීසී සිංහල-