මම මටත් ඉරිසියාව තියෙනවා කියලා හිතට වැදෙන්නම දැනගත්තේ, 2012 දී වගේ.
APIIT එකේ ඉගෙනගද්දි, අපේ batch ඔක්කෝටම හිටපු coding වැඩ්ඩෙක් තමයි මම. ඒ කාලේ මම මොකක්හරි subject එකකට සිංහලෙන් පොතකුත් ලිව්වා.
අපේ පහළ batch එකේ පොරක් හිටියා. මගේ වයසේම එකෙක්. උගේ project එකක් දැක්කා මම. ඌ මුල ඉඳලම හදපු media player එකක්, C වලින්. සෑහෙන්න complete සහෙන්නම advanced.
මට ඉරිසියාව හිතුනා. මට වඩා පුළුවන් එකෙක් නේද මගේ වයසේම නේද කියලා හිතුනා. Facebook එකේ මං ඌ එක්ක වෙන වෙන subject වලට argue කළා. මම එහෙම කරේ ඌ ව පරද්දන්න. ඒ කාලෙ මම Buddhist. මූ මං හිතන්නේ athiest ho agnostic. ඒ වගේ දාන post වල මම නිර්දය විදියට ඌ විවේචනය කළා.
පස්සේ කාලෙක මම මං ගැන ස්වයං විවේචනය කළා. එතකොට මං මෙයාට ඉරිසියාව කළා නේද කියලා තේරුණා. මම Facebook එකෙන් message එකක් දාලා මිනිහට විස්තරේ කියලා සමාව ගත්තා. මිනිහා දැන් අමෙරිකාවේ software engineer කෙනෙක්.
ඔය කතාව මගේ ජීවිතේ වෙනස්කම් ටිකක් වෙන්න හේතු උනා. ස්වයං විවේචනය පටන් ගත්තා. මම agnostic උනා. මම ආර්ථික වශයෙන් දියුණු වෙන්න ගත්තෙත් ඊට පස්සේ.
අදටත් මට කලාතුරකින් ඉරිසියාව හිතෙනවා. හැබැයි ඒ මොහොතේම මම හිතනවා ඇයි මට එහෙම හිතුනේ...
ස්වයං විවේචනය, මිනිස් හැඟීම දැනීම ගැන තමන්ම open විදියට හිතලා බලන එක දියුණුවට හේතුවක් කියලා මට හිතෙනවා... කරලා බලන්න.