මාතර සිට කොළඹ දක්වා පාසල් දරුවන් රැගෙන යමින් තිබූ බස් රථයක් සහ කැබ් රථයක් මුලින්ම එකිනෙක ගැටී ඇති අතර, ඒ සමගම පසුපසින් පැමිණි තවත් වාහන කිහිපයක්ද ඊට එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. බස් රථ දෙකක් සහ මෝටර් රථ 6ක් ඇතුළු වාහන කිහිපයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වන අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 10කට වැඩි පිරිසක් මේ වන විට රෝහල් ගත කර ඇත.
මේ හේතුවෙන් ගාල්ල දෙස සිට කොළඹ දක්වා ධාවනය වන වාහන දොඩංගොඩ පිටවීමේ දොරටුවෙන් පිටතට හරවා යැවීමට පොලීසිය පියවර ගෙන තිබුනා.
1 . මාතර ඉදන් කොළබ ස්කොල යන උන් ඉන්නවද?
2. ඇයි මෙ සිංහලු වාහන අතර පරතරය තියාගන්නෙ නැත්තෙ??? කොට්ටාවට ලං වෙද්දි හයිවේ එක හයිලෙවල් පාර වගෙ...
