හදිසි මිලදී ගැනීම් යටතේ මෙරටට ගෙන්වන ලද ගල්අඟුරු තොගයේ අවසන් නැව්ගත කිරීම දින 8ක් ප්‍රමාද වීම සහ එක් නැවක බාල ගල්අඟුරු අඩංගු වීම හේතුවෙන්, නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අවම පිරිවැයකින් නිපදවිය හැකිව තිබූ මෙගාවොට් පැය 32,350 ක පමණ විදුලි ධාරිතාවක් අහිමි වී ගොස් ඇති බව වාර්තා වේ.
ලක්විජය බලාගාරයේ නිලධාරීන් උපුටා දක්වමින් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරන්නේ, අවසන් ගල්අඟුරු තොගය මෙරටට ළඟා වන තෙක් දහනය කිරීම සඳහා අවශ්‍ය අතිරේක ගල්අඟුරු තොග බලාගාරය සතුව නොපැවතීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.
මීට පෙර ක්‍රියාත්මක වූ ට්‍රයිඩන්ට් සමාගම හරහා මෙරටට පැමිණීමට නියමිතව තිබූ නැව් 25 න් මෙරටට ලැබී ඇත්තේ නැව් 19 ක් පමණක් බවත්, එම සියලු නැව් ප්‍රමාද වී පැමිණියා සේම ඒවායේද අඩංගු වූයේ බාල ගල්අඟුරු බවත් නිලධාරීහු වැඩිදුරටත් අනාවරණය කරති.
පවතින තත්ත්වය හමුවේ බලාගාරයේ අවම වශයෙන් මෙට්‍රික් ටොන් 50,000 කවත් ආරක්ෂිත සංචිතයක් පවත්වාගෙන යෑමට නොහැකි වීම දැඩි අවදානම් සහගත බවද ඔවුහු පෙන්වා දෙති.