මම පුද්ගලිකව ජෝතිෂ්‍ය මේ තරම් තදින් විශාවාස කරන්නේ මගේ පුද්ගලික ජීවිත අත්දැකීම් වලින් කියලා මම කලින් කියලා තියෙනවා.
ඒ නිසා අදාළ කාරණයට කෙලින්ම යොමුවෙන්න කලින් මේ සම්බන්දව මගේ අත්දැකීමක් කියන්න ඕන කියලා හිතුවා. මේක පුද්ගලික අත්දැකීමක් නිසා ඒක ඇත්ත ද බොරුද කියලා තර්ක කරන එකේ තේරුමක් නෑ. කැමති කෙනෙකුට පිළිගන්නත් අකමැති කෙනෙකුට නොපිළිගෙන බොරුවක් කියලා කියන්නත් පුර්ණ නිදහස තියෙනවා. මගේ පැත්තෙන් මට කියන්න තියෙන්නේ මේකේ ඉන්න අයට බොරු කියලා මට ලැබෙන ලබ්බක් නැත කියලා විතරයි. සිද්ධිය මෙහෙමයි,
මට A/L ඉවර වෙන කාලේ වෙනකොට ත් ජෝතිෂ්‍යය ගැන තරමක දැනුමක් තිබුනා. ඒ කාලේ හවස් යාමේ වෙද්දී ගමේ විවිධ වයස්වල කොල්ලෝ set එකක් අපේ ගෙදර එනවා කැරම් ගහන්න. හැන්දෑවේ 7. 8 වගේ වෙද්දී තමයි උන් ගෙවල් වලට යන්නේ. මේ අය අතර මට වඩා අවුරුදු කීපයක් වැඩිමල් අයියා කෙනෙකුත් හිටියා. මගේ මෙසේ උඩ පංචාංග ලිතක් තියෙනවා දැකලා මිනිහා මට නොන්ඩි දාන්න පටන් ගත්තා. ජෝතිෂ්‍යය අමු බොරුවක්, උඹ මෝඩයෙක් වගේ කතන්දර කියාගෙන එද්දී මට මළපැන්නා. මම ඌට කිවුවා මේක බොරුවක් ද බලන්න මම උඹ උඹව මැරෙන දවස කියන්නද කියලා. වටේ හිටිය උනුත් හෙන up එකක් දුන්නා මගේ challenge එකට. මිනිහත් එක පයින් වැඩේට කැමතිවෙලා එයාගේ උපන් දිනෙයි වෙලාවයි ස්ථානය යි කිවුවා. මම ලිත අරගෙන ඒ වෙලාවේම මිනිහගේ කේන්දරේ හදලා විස්තර බලලා මැරෙන දවස මේකයි කියලා කිවුවා. අවුරුද්දක් වගේ බොහොම කෙටි කාලයක් ඇතුලත තමයි දිනය මැරෙන දවස තිබුනේ. ඔහොම කාලය ගතවුණා. අපිටත් ඕවා අමතක වෙලා ගියා. ඔහොම අවුරුද්දකට විතර පස්සේ ඒ අයියට එයාලගේ ගෙදරම ඇතිකරපු බලු පැටියෙක් හපලා තිබ්බා. ලොකු තුවාලයක් නැති නිසා ගණන් අරගෙන නෑ. දවස් තුන හතරක් යද්දී අර බලු පැටියා එක පාරටම සෙම වමනේ දාලා මැරිලා තියෙනවා. එදා හැන්දෑවේ වෙද්දී ඒ අයියට ත් තදින් උන ගැනිලා කටෙන් සෙම එන්න අරගත්තාම ගෙදර කට්ටිය බයවෙලා බලු පැටියගේ මළ කුනත් අරගෙන hospital ගිහින් තියෙනවා. අයියව hospital එකේ admit කරගත්තා. කොහොම හරි මිනිහා hospital එකේදිම මැරුණා. මැරෙනකොට වයස අවුරුදු 24යි. අපි හැමෝම shock වුණා මේ සිද්ධියට. මට අර පරණ සීන් එක මතක් වෙලා පරණ පොත්පත් ඇදලා එදා එයාට හැදුව කේන්දරේ අරගෙන බලද්දී මැරෙන දවස වෙනම ලියලා තියෙනවා දැක්කා. 2003 මැයි 15. අවුල් වුණු පාර කොලේ ඉරලා පුච්චලා දැම්මා. හරියටම ඒ දිනේ දී තමයි එයා නැතිවුනේ
@Lovtus aththada me?