#බැංකු_ගිණුමේ_තිබූ_ලක්ශ28ක්_විනාඩි_කීපයකින්_අතුරුදහන්
බද්දේගම රාජ්‍ය බැංකු ශාඛාවක පවත්වාගෙන යන ගිණුමක තිබූ රුපියල් 28ලක්ශ 60 දහසක් අතුරුදහන්වී තිබෙනවා.. විනාඩි 14ක් තුල transactions 30කින් මෙම මුදල කිසිවෙක් සොරාගෙන ඇති බවයි වාර්තාවන්නේ...මෙම සිද්ධිය සිදුව ඇත්තේ අගෝස්තු මස 10 වැනිදා අලුයම 1.24ත් 1.38ත් අතර කාලය තුළයි..
අදාළ ගිණුම් හිමියා ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ බලලත් නිලධාරියෙකු වන අතර ඔහුගේ විශ්‍රාම වැටුප පදනම් කරගනිමින් ජූලි මස 27 වැනිදා බද්දේගම රාජ්‍ය බැංකු ශාඛාවකින් රුපියල් ලක්ෂ 44ක ණය මුදලක් ලබාගෙන තිබෙනවා.. එම මුදලින් ගිණුමේ ඉතිරිව තිබූ රුපියල් ලක්ෂ 28,60000/= මුදලකුයි මෙලෙස අතුරුදන් වී ඇත්තේ..
#මැදියම්_රැයේ_අභිරහස්_ගණුදෙනු_30ක්..
සිද්ධියට මුහුණ පෑ හමුදා නිලධාරීයා මෙසේ පවසනවා.
"අගෝස්තු 09 රෑට සාමාන්‍යෙන් මට පෙන්ශන් එක ලැබෙනවා. ඒක ලැබෙන්නේ මේ ගිණුමට..එදා රෑ 9.00ට Bank app එක වැඩ කලේ නෑ. Error එකක් ආවා. මම hotline කතා කලාම ඇප් එක re-install කරන්න කිව්වා.. එහෙම කලාම ඇප් එක ආයෙ වැඩ කලා. රාත්‍රී 12ට මගේ පෙන්ශන් මුදලත් වැටුන බව sms එකක් ආවා. ඊට පැයකට විතර පස්සේ ඒ කියන්නෙ අගෝස්තු 10 වැනිදා අලුයම 1.24ට.. මට නැවත මැසෙජ් එකක් ආවා රුපියල් ලක්ෂයක මුදලක් මගෙ එකවුන්ට් එකෙන් ගත්තා කියලා.. විනාඩියක් යන්න කලින් තව මැසේජ් එකක් ආවා.. තවත් ලක්ශයක් කැපුන බව.. ඔහොම ඔහොම ලක්ශය බැගින් කැපෙන්න ගත්තා... මම ඉක්මනට hotline කතා කරලා සිද්දිය කිව්වා. 1.30ට හොට් ලයින් කතා කලේ.. එයාලා කිව්ව ඒ ගැන ක්‍රියා කරන්නම් කියලා......එත් ලක්ශ 28ක් කැපෙනකන් ඔවුන්ට කිසි දෙයක් කරගන්න බැරි උනා.. අවසානයේ මට කතා කරල කිව්වා රු400යි දැන් එකවුන්ට් එකෙ තියෙන්නෙ කියලා"
රුපියල් ලක්ෂය බැගින් වූ ගනුදෙනු ඇතුළු ගනුදෙනු 30ක් පමණ සිදුවී අලුයම 1.38 පමණ වන විට ගිණුමේ තිබූ සියළු මුදල් අවසන් වූ බව ගිණුම් හිමියා පවසනවා.. මෙම ගනුදෙනු සඳහා තමන්ට කිසිදු OTP අංකයක් නොපැමිණි බව ඔහු අවධාරණය කරනවා.. මෙම මුදල් කැපීම ආරම්භයේදීම බැංකු හොට්ලයින් සේවාව අමතා වහාම ගිණුම අත්හිටුවීමට ඉල්ලා සිටි නමුත් ඔවුන්ට එය කිරිමට පවා නොහැකී වී තිබෙනවා..
#මුදල්_ගියේ_කාටද
පසුදා හමුදා නිලධාරියා බැංකුවට ගොස් පැමිනිලි කිරිමෙදී ඔහුගේ ලිඛිත ඉල්ලීමක් අනුව මුදල් මාරු වූ ගිනුම් වල විස්තර බැංකුවෙන් ලබාදී තිබෙනවා. වහාම එම මුදල් අත්වහිටුවන ලෙස ඉල්ලා සිටිය්ත් බැංකුව පවසා ඇත්තේ එම ගිණුම් අත්සිටුවීමට තමන්ට උසාවි නියෝගයක් අවශ්‍ය බවයි..
අනුව ගිණුම් හිමියා බද්දේගම ඇල්පිටිය පොලිස් ස්තාන වෙත පැමිනිලි කිරිමට ගියද මුදලේ වටිනාකම අනුව එම පොලිස් ස්ථානවලින් පැමිණිල්ල භාර නොගත් බව පවුලේ සාමාජිකයින් පවසනවා.. පසුව ඇල්පිටිය මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිනිලි කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කෙරුනා..
පුත්තලම මදුරංකුලිය පදිංචි හනීෆා නැමැත්තෙක් සහ කුරුණාගල පදිංචි සිල්වා නමැත්තෙක්ට අයත් බැංකු ගිණුම් දෙකකට මේ මුදල් මාරු කර තිබුනා.. පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කල අතර තම ගිණුම් වෙත මුදල් පැමිණීම පිළිබඳව තමන් නොදන්නා බව එම පුද්ගලයන් ප්‍රකාශ කරනවා...
එම ගිණුම්වලට මුදල් බැර වූ නමුත්, පසුදා එම මුදල්ද අතුරුදහන් වී තිබෙනවා..
පොලිසියට සහ සයිබර් විමර්ශන අංශ වෙත පැමිණිලි...
සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික හමුදා නිලධාරියා ඇල්පිටිය මූල්‍ය අපරාධ කොට්ටාසයට සහ CERTආයතනයට, මහ බැංකුවට, අදාළ බැංකවේ මූලස්ථානය, එහි මහ සභාපතිතුමාට, අධ්‍යක්ශ මණ්ඩලයටත් පැමිණිලි කර තිබෙනවා.. කෙසේ වෙතත්, අදාළ මුදල් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුවෙමින් පවතින අතර, නඩු කටයුතු ජනවාරි මාසය දක්වා කල් තබා ඇති බව ඔවුන් සඳහන් කරනවා..
“අපිට ඕන #සිද්ද_උනේ_මොකක්ද දැනගන්න"
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බැංකුවේ ශාඛා මට්ටමේ නිලධාරීන්ට, ඉහළ කළමනාකාරීත්වයට සහ අදාළ ආයතන කිහිපයකට දැනුම් දී ඇති නමුත්, මෙතෙක් තමන්ට සෑහීමකට පත්විය හැකි පැහැදිලි පිළිතුරක් ලැබී නොමැති බව ගිණුම් හිමියාගේ පවුලේ සාමාජිකයන් පවසනවා.
මුලදී මෙය scam එකක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට බැංකු පාර්ශ්වයෙන් අදහස් පළ වූ නමුත්, පසුව සිද්ධිය සම්බන්ධයෙන් පැහැදලි තොරතුරක් තමන්ට ලබා නොදෙන බවයි.. එමෙන්ම, ගිණුමෙන් සිදුවූ ගනුදෙනු සඳහා OTP ලබා දෙන්නට ඇති බව පවසා අත් පිස ගැනීමට බැංකුව උත්සාහ කරන බව හැගීයන බවද ඔවුන් පවසනවා..
“අපි කිසිම OTP එකක් කාටවත් දුන්නේ නැහැ. දෙන්න අපිට OTP ආවෙත්නැ. එහෙම අවනම් ඒවා ඩිජිටල් සිස්ටම් එකේ ඇතිනේ..අනික ඇප් එකේ දැන් තියෙන්නෙ අපි දුන්න email නෙමෙයි.. ඒව වෙනස් කලේ කවුද..? මේ ගනුදෙනු සිදුවුණේ කොහොමද කියලා අපිට දැනගන්න ඕනෑ, මිනිස්සු කොහොමද මෙහෙම බැංකු පද්ධතිය විශ්වාස කරන්නේ ” යන්න ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමයි..
#ගිණුමේ_තිබූ_මුදලත්_අහිමිවී, එයට අදාළ #ණය_වාරිකයත් ගෙන්න වෙලා...
මෙම සිද්ධිය හේතුවෙන් තමන්ට මුල්‍යමය වශයෙන් දැඩි අසීරුතාවකට මුහුණදීමට සිදුව ඇති බව විශ්‍රාමික යුධහමුදා නිලධාරියා පවසනවා.. තම විශ්‍රාම වැටුප පදනම් කරගනිමින් ලබාගත් ණය මුදල මෙලෙස අතුරුදන්ව ඇති බවත්, එම ණය සඳහා විශ්‍රාම වැටුපෙන් රු.60,000ක එක් වාරිකයක්ද බැංකුවෙන් අයකර ඇති බවත් ඔහු පවසනවා...
" අපේ සල්ලි ආරක්ෂා කර ගන්න බැංකුවේ තැන්පත් කරලා. ඒ සල්ලි නැති උනොත් ඒ ගැන කිසිම වගකිමක් කවිරුත් ගන්නෙ නෑ.. බැංකුව වග කියන්නෙ නෑ.. ඒකනම් ලොකු අවුලක්..."
මේ සිද්ධියේ දී....
මේවාට උත්තර ඉක්මනටම.හොයාගන්න ඕනා..
තමන්ට කිසිදු සාධාරණයක් සහනයක් නොලැබුන නිසා සිද්ධිය මාධ්‍ය වෙත දැනුම් දිමෙන් පසු බැංකුවේ ප්‍රාදේශීය කළමනාකාරීත්වයේ නිලධාරියෙකු තමන් අමතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම බැංකුවේ කීර්ති නාමයට බලපෑමක් ඇතිවූ බවත් ඒ ගැන අසතුටත් පළ කර තිබෙනවා..
කෙසේ වෙතත්, ගිණුම් හිමියා පවසන්නේ මාධ්‍ය වෙත පැමිණීමට තමන්ට සිදුවූයේ බැංකුවට අපකීර්තියක් ඇති කිරීමට නොව, තමන් මුහුණදී සිටින ගැටලුව සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් සහ සාධාරණ විසඳුමක් ලබාගැනීම සඳහා බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අවසන් විමර්ශන ප්‍රතිඵලයක් තවමත් ප්‍රකාශයට පත්ව නොමැති බැවින්, මුදල් අතුරුදන්වීමට නිශ්චිත හේතුව කුමක්දැයි තවමත් අනාවරණය වී නැත...
මෙම සිද්ධියට සමාන සිද්ධි කීපයක්ම මෙම බැංකුවේ ඩිජිටල් බැංකුකරණ පද්ධතිය භාවිත කරන ගනුදෙනුකරුවන් කීප දෙනෙකුටම සිදුව ඇතිබව අනාවරණය වෙනවා. කෙසෙ වෙතත් මේ සියලුම සිද්ධි සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය බැංකුවේ ප්‍රතිචාරය ඉතාම කනගාටුදායක බවයි වාර්තා වන්නේ..
බැංකු ගිණුම් ආරක්ෂාව, අනවසර ගනුදෙනු හඳුනාගැනීමේ ක්‍රමවේද සහ එවැනි අවස්ථාවක බැංකුවේ ප්‍රතිචාර කාලය වැනි කරුණු සලකා බැලීමෙදී එම රාජ්‍ය බංකුව ඉතා අනාරක්ශිත ඩිජිටල් බැංකු සේවාවක් බව අපිට සැකරන්න වෙනවා...
මේ ලිපිය කියවන ඔබත් විමසිල්ලෙන් සිටින්න. ඔබේ ගිණුමෙනුත් මීලඟ පැයේදි මුදල් සියල්ලම එක වරම කාට හෝ ට්‍රාන්ස්ෆර් වීමට ඉඩ තිබේ.. එසේ උවහොත් බැංකුව ඊට කිසිසෙත්ම වගකියන්නේ නැත.... ඔබට සිදුවන්නේ වසර ගාණක් උසාවිවල කල් මරන්නටය...
- ගෙහාන් සචින්ද ජයසිංහ
