කලණ ගුණසේකරත් දැන් ලංකාවේ ලොකුම දේශපාලන පවුල් ගහේ සාමාජිකයෙක්

DJAT

Well-known member
  • Sep 1, 2006
    10,006
    1,472
    113
    Live in EARTH
    file-0000000092088211bc8b9218bdf922a2.png
    game of throne eka wage oi. oluwa wikarai
     
    • Like
    Reactions: Inigo Montoya

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,692
    6,209
    113
    කලණ ගුණසේකරත් දැන් ලංකාවේ ලොකුම දේශපාලන පවුල් ගහේ සාමාජිකයෙක්.ඒ ඊයේ ඔහු ඒ පවුලෙන් කසාද බැන්ද නිසා.පවුල් පරම්පරා කියන්නේ මා කැමැති විෂයක්.ඒ නිසා බසයේ ගෙදර යද්දී මගේ මතකය ඇවිස්සුනා .

    කලණ බැන්දේ රෝහාන් විජේසුන්දරගේ දුව. රෝහාන්ගේ පවුලේ හතරයි.දෙවැනියා කැලණිය පන්සලේ බස්නායක නිලමේවරයකු වු ශාලිත. නංගිලා තමයි දීප්ති හා ලක්මිණ. ඇ බැන්දේ සාගල රත්නායක .පසුව ඔවුන් දෙන්නා වෙන් වුණා.

    මේ හතර දෙනාගේ අම්මා අනෝජා දේවි විජේසුන්දර .තාත්තා ජවිපෙය මරා දැමු කොළඔ සරසවියේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර .අනෝජා දේවිගේ සොයුරා තමයි උපාලි විජයවර්ධන උපාලි බැන්ඳේ සිරිමාවෝ මැතිනියගේ සොයුරෙකු වු සීවලි රත්වත්තේගේ දුව ලක්මීණි .චන්ද්‍රිකා ඇගේ නෑනා

    උපාලිගේ අනෙක් සොයුරිය අනුලා කල්‍යාණි.ඇ බැන්දේ දොස්තර ගාමිණි ආටිගල .ඔහුගේ ලොකු අයියා තමයි වැඩිම කලක් යුද හමුදාපති පුටුවේ සිටි ජෙනරාල් සේපාල ආටිගල ගාමිණි ආටිගලගේ එකම පුතා තමයි ඔටෝ මෝබයිල් සංගමයේ සභාපති හා කැලණි පන්සලේ බස්නායක නිලමේ ධමිමික අටිගල.ඒ එක පරම්පරාවක්.

    කලණ ගුණසේකර ගේ මාමණ්ඩිගේ අම්මා ගේ තාත්තා තමයි දොන් වෝල්ටර් විජයවර්ධන .කැලණියේ මුල්ම බස්නායක නිලමේ. දොන් වෝල්ටර්. දොන් රිචඩ් දොන් චාල්ස් ,දොනා හෙලන් ඇග්නස් ඇතුළු තව පිරිසක් එක අම්මා තාත්තාගේ සොයුර සොයුරියෝ.
    ඒ අයගේ තාත්තා දොන් පිලිප් තුඩුගල විජයවර්ධන උඩරට රජ දවස තුඩුගල මද්දුම රාළගෙන් තමයි මේ පරම්පරාව පැවැත එන්නේ තුඩුගලෙන් කොළඹ ආපු දොන් පිලිප් කොළඹ හදන්න ගොඩනැගිලි දාව්‍ය සපයලා ධනවතෙක් වුණා .
    ඇගේ බිරිඳ තමයි කැලණි පන්සල අලුුතෙන් හැදූ හෙලේනා රූපසිංහ. දොන් පිලිප් ගේ දුවෙක් වු හෙලන් බැන්ද ඊ.ඩබ්ලිව් .ජයවර්ධන ගේ පරම්පරාවේ ආදී කර්තෘ තොම්බි මුදියන්සේ ශ්‍රි වික්‍රම රාජසිංහ රජු අල්ලන්න ගිය පිරිසේ හිටියා.ඒ පාවා දීමට ඔහු ට හලාවතින් සරුසාර පොල් අක්කර දහස් ගණන් ලැබුණා.

    දොන් පිලිප්ගේ පුතෙකු වු ඩී.ආර්.බැන්දේ රුවන්වැල්ලේ මීදෙණිය වලව්වේ රූබි .ඇගේ වැඩිමහලු සොයුරිය තමයි ලංකාවේ මුල්ම මන්ත්‍රීනි ඇඩ්ලින්.ඇගේ සැමියා මුල්ම කතානායක සර් ෆ්‍රැන්සිස් මොලමුරේ

    .රුබිගේ සොයුරාගේ එක දුවෙක් තමයි අයිරංගනි සේරසිංහ. ඇගේ සොයුරියක වු කාමණි බැන්දේ මහාචාර්ය තිස්ස විතාරණ.
    රුබිගේ දුව නාලිනි බැන්දේ එස්මන්ඩ් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ එක් පුතෙක් රනිල්ගේ නැන්දා.ඒ කියන්නේ එස්මන්ඩ්ගේ සොයුරිය මුක්තා බැන්දේ පාර්ලිමේන්තුවේ මහ ලේකම් සෑම් විජේසිංහ ඔවුන්ගේ පුතා තමයි මහාචාර්ය රජිව් විජේසිංහ.

    රනිල්ගේ අම්මාගේ සොයුරා වු රංජිත්ගේ බාල පුතා තමයි රුවන් විජයවර්ධන .රුවන්ගේ අම්මා රංජනි ඩි.ඇස් සේනානායක ගේ බාල පුතා වු රොබට්ගේ දුවෙක් .රක්මන් පුතෙක්.
    ඩි.ඇස්ගේ සොයුරු එෆ් ආර්.බැන්දේ කොතලාවල පවුලෙන් සර් ජෝන් කොතලාවල කියන්නේ එෆ්.ආර්ගේ බිරිඳගේ එක සොයුරියක පුතෙක්.බිරිදගේ අනෙක් සොයුරිය බැන්දේ ජේ.ආර්.ගේ බාප්පා ටී.ජී.ජයවර්ධන .

    ජේ.ආර්.තව.පැත්තකින් මේ පවුලට සම්බන්ධයි ජේ ආර් .අම්මා ඒ කියන්නේ ඉහත කී හෙලන් ඇග්නස් කලණගේ මාමණ්ඩිගේ මිත්තණියක්.

    කලණ ඊයේ ඉදන් නැකම් කියන විජයවර්ධන පවුලේ දොන් චාල්ස් බැන්දේ විමලා .ඈ තමයි ලංකාවේ මුල්ම ඇමැතිනිය.

    එහෙම බලන විට ජයවර්ධන ,විජයවර්ධන ,රත්වත්තේ මීදෙණිය,කොතලාවල ,බණ්ඩාරනායක .විජේසුන්දර ,සේනානායක කියන්නේ එකම පවුලක්.ලංකාවේ ලොකුම දේශපාලන පවුල් ගහ අඩසියවසක් රට පාලනය කළ.
    දශක හතක ශාපේ එලවන්න ගෝල්ෆේස් අරගලයට එක් වු කලණත් දැන් ඒ පවුලේ අයෙක්. කොටින්ම කියනවා නම් අරගලකාරයෝ එලවන්න හදපු රනිල් වික්‍රමසිංහත් ඊයේ මඟුල් ගෙදරට ගිහින් නව යුවලට සුබ පැතුවා..

    ජීවිතේ කියන්නේ මහ පුදුම හමුවීම්, බැඳීම්,වෙන්වීම් මම නම් මේ කතා රස විඳිනවා.දේශපාලන මත මොනවා වුණත් මේවා රස කතා.

    Source - https://m.facebook.com/story.php?st...N4JnxFc8jl&id=100022092372146&mibextid=Nif5oz

    🙃
     
    • Like
    Reactions: Inigo Montoya

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,896
    2,173
    113
    Galle
    මට මැවිලා පේනවා ඉස්සරහට රනිල් කලනට පුක්ශනය කරනවා...සාගලට අතේ ගහන්න කියලා....
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,807
    1,031
    113
    මෙහෙම බැලුවහම මෙයින්ද මහත්තයලාගේ පවුල් හරි දුප්පත් නේද? (ඉස්සර )
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,373
    19,588
    113
    මෙහෙම බැලුවහම මෙයින්ද මහත්තයලාගේ පවුල් හරි දුප්පත් නේද? (ඉස්සර )
    මහීලත් ඔය චේන් එකේ ඉන්නව
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,371
    14,265
    113
    පෘථිවිය
    කලණ ගුණසේකරත් දැන් ලංකාවේ ලොකුම දේශපාලන පවුල් ගහේ සාමාජිකයෙක්.ඒ ඊයේ ඔහු ඒ පවුලෙන් කසාද බැන්ද නිසා.පවුල් පරම්පරා කියන්නේ මා කැමැති විෂයක්.ඒ නිසා බසයේ ගෙදර යද්දී මගේ මතකය ඇවිස්සුනා .

    කලණ බැන්දේ රෝහාන් විජේසුන්දරගේ දුව. රෝහාන්ගේ පවුලේ හතරයි.දෙවැනියා කැලණිය පන්සලේ බස්නායක නිලමේවරයකු වු ශාලිත. නංගිලා තමයි දීප්ති හා ලක්මිණ. ඇ බැන්දේ සාගල රත්නායක .පසුව ඔවුන් දෙන්නා වෙන් වුණා.

    මේ හතර දෙනාගේ අම්මා අනෝජා දේවි විජේසුන්දර .තාත්තා ජවිපෙය මරා දැමු කොළඔ සරසවියේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර .අනෝජා දේවිගේ සොයුරා තමයි උපාලි විජයවර්ධන උපාලි බැන්ඳේ සිරිමාවෝ මැතිනියගේ සොයුරෙකු වු සීවලි රත්වත්තේගේ දුව ලක්මීණි .චන්ද්‍රිකා ඇගේ නෑනා

    උපාලිගේ අනෙක් සොයුරිය අනුලා කල්‍යාණි.ඇ බැන්දේ දොස්තර ගාමිණි ආටිගල .ඔහුගේ ලොකු අයියා තමයි වැඩිම කලක් යුද හමුදාපති පුටුවේ සිටි ජෙනරාල් සේපාල ආටිගල ගාමිණි ආටිගලගේ එකම පුතා තමයි ඔටෝ මෝබයිල් සංගමයේ සභාපති හා කැලණි පන්සලේ බස්නායක නිලමේ ධමිමික අටිගල.ඒ එක පරම්පරාවක්.

    කලණ ගුණසේකර ගේ මාමණ්ඩිගේ අම්මා ගේ තාත්තා තමයි දොන් වෝල්ටර් විජයවර්ධන .කැලණියේ මුල්ම බස්නායක නිලමේ. දොන් වෝල්ටර්. දොන් රිචඩ් දොන් චාල්ස් ,දොනා හෙලන් ඇග්නස් ඇතුළු තව පිරිසක් එක අම්මා තාත්තාගේ සොයුර සොයුරියෝ.
    ඒ අයගේ තාත්තා දොන් පිලිප් තුඩුගල විජයවර්ධන උඩරට රජ දවස තුඩුගල මද්දුම රාළගෙන් තමයි මේ පරම්පරාව පැවැත එන්නේ තුඩුගලෙන් කොළඹ ආපු දොන් පිලිප් කොළඹ හදන්න ගොඩනැගිලි දාව්‍ය සපයලා ධනවතෙක් වුණා .
    ඇගේ බිරිඳ තමයි කැලණි පන්සල අලුුතෙන් හැදූ හෙලේනා රූපසිංහ. දොන් පිලිප් ගේ දුවෙක් වු හෙලන් බැන්ද ඊ.ඩබ්ලිව් .ජයවර්ධන ගේ පරම්පරාවේ ආදී කර්තෘ තොම්බි මුදියන්සේ ශ්‍රි වික්‍රම රාජසිංහ රජු අල්ලන්න ගිය පිරිසේ හිටියා.ඒ පාවා දීමට ඔහු ට හලාවතින් සරුසාර පොල් අක්කර දහස් ගණන් ලැබුණා.

    දොන් පිලිප්ගේ පුතෙකු වු ඩී.ආර්.බැන්දේ රුවන්වැල්ලේ මීදෙණිය වලව්වේ රූබි .ඇගේ වැඩිමහලු සොයුරිය තමයි ලංකාවේ මුල්ම මන්ත්‍රීනි ඇඩ්ලින්.ඇගේ සැමියා මුල්ම කතානායක සර් ෆ්‍රැන්සිස් මොලමුරේ

    .රුබිගේ සොයුරාගේ එක දුවෙක් තමයි අයිරංගනි සේරසිංහ. ඇගේ සොයුරියක වු කාමණි බැන්දේ මහාචාර්ය තිස්ස විතාරණ.
    රුබිගේ දුව නාලිනි බැන්දේ එස්මන්ඩ් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ එක් පුතෙක් රනිල්ගේ නැන්දා.ඒ කියන්නේ එස්මන්ඩ්ගේ සොයුරිය මුක්තා බැන්දේ පාර්ලිමේන්තුවේ මහ ලේකම් සෑම් විජේසිංහ ඔවුන්ගේ පුතා තමයි මහාචාර්ය රජිව් විජේසිංහ.

    රනිල්ගේ අම්මාගේ සොයුරා වු රංජිත්ගේ බාල පුතා තමයි රුවන් විජයවර්ධන .රුවන්ගේ අම්මා රංජනි ඩි.ඇස් සේනානායක ගේ බාල පුතා වු රොබට්ගේ දුවෙක් .රක්මන් පුතෙක්.
    ඩි.ඇස්ගේ සොයුරු එෆ් ආර්.බැන්දේ කොතලාවල පවුලෙන් සර් ජෝන් කොතලාවල කියන්නේ එෆ්.ආර්ගේ බිරිඳගේ එක සොයුරියක පුතෙක්.බිරිදගේ අනෙක් සොයුරිය බැන්දේ ජේ.ආර්.ගේ බාප්පා ටී.ජී.ජයවර්ධන .

    ජේ.ආර්.තව.පැත්තකින් මේ පවුලට සම්බන්ධයි ජේ ආර් .අම්මා ඒ කියන්නේ ඉහත කී හෙලන් ඇග්නස් කලණගේ මාමණ්ඩිගේ මිත්තණියක්.

    කලණ ඊයේ ඉදන් නැකම් කියන විජයවර්ධන පවුලේ දොන් චාල්ස් බැන්දේ විමලා .ඈ තමයි ලංකාවේ මුල්ම ඇමැතිනිය.

    එහෙම බලන විට ජයවර්ධන ,විජයවර්ධන ,රත්වත්තේ මීදෙණිය,කොතලාවල ,බණ්ඩාරනායක .විජේසුන්දර ,සේනානායක කියන්නේ එකම පවුලක්.ලංකාවේ ලොකුම දේශපාලන පවුල් ගහ අඩසියවසක් රට පාලනය කළ.
    දශක හතක ශාපේ එලවන්න ගෝල්ෆේස් අරගලයට එක් වු කලණත් දැන් ඒ පවුලේ අයෙක්. කොටින්ම කියනවා නම් අරගලකාරයෝ එලවන්න හදපු රනිල් වික්‍රමසිංහත් ඊයේ මඟුල් ගෙදරට ගිහින් නව යුවලට සුබ පැතුවා..

    ජීවිතේ කියන්නේ මහ පුදුම හමුවීම්, බැඳීම්,වෙන්වීම් මම නම් මේ කතා රස විඳිනවා.දේශපාලන මත මොනවා වුණත් මේවා රස කතා.

    Source - https://m.facebook.com/story.php?st...N4JnxFc8jl&id=100022092372146&mibextid=Nif5oz
    මේක නියම සොයාගැනීමක්
    ඔන්න බලපන් කෙරුවාව
    දැන් මෙතැනට හේත්තුව දැම්ම හේතුවත් එළියේ
    ස්ටේජ් වල නැගල පඩ ෂෝ දාල ජේවීපී එකට කඩේ ගිහිල්ල බැඳලා තියෙන්නෙත් ජේවීපී එවුන් මරපු පවුලක අත්තක්
    හැබැයි මේ කෙල්ල සාරි විකුණන සීන් එකක් දැක්ක
    මෙහෙම පවුලක කෙල්ලෙක් සාරි සින් එකත් අමුතුයි
    හැබැයි අනාගතේ කුමාර ලොක්කා කොක්කක් ගහනවා මේ කොටසට, ඒ කියන්නේ මේ පවුල අස්සට
    මොකද රුවන් ගුණවර්ධන කියන්නේ රනිල්ගේ දැන් ඉන්න වම් අත
    මරු
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,407
    9,264
    113
    Around the world
    සියලු සමාජවාදී, විප්ලව, ගොංකම් ධනපති ඉඳුල් පිඟානකින් කෙලවර වේ....
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    910
    813
    93
    අම්මටසිරි දැවැන්ත දේශ්පාලන වෘක්ශයක්.... :unsure:

    ඔච්චර දැවැන්ත ගහකට මේ වගේ රැවුල් ජෙප්පෙක් නග්ග ගත්තෙ මොකද දන්නෙ නෑ...
    දැන් බංකොලොත් සීන් එකක යනව ඇත්තෙ
    නැත්නම් ඔය මිනිස්සු කපලා ගඟේ මූදෙ දැම්මත් කෙල්ල දෙන එකක් නෑ ජෙප්පෙකුට
    සුදු කුඩප්පච්චි හිරේ දාපු එකේ කොහොමත් දෙන්නෙ නෑ :unsure:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,392
    1
    13,351
    113
    Gotham City
    දශක හතක ශාපේ එලවන්න ගෝල්ෆේස් අරගලයට එක් වු කලණත් දැන් ඒ පවුලේ අයෙක්. කොටින්ම කියනවා නම් අරගලකාරයෝ එලවන්න හදපු රනිල් වික්‍රමසිංහත් ඊයේ මඟුල් ගෙදරට ගිහින් නව යුවලට සුබ පැතුවා..
    🙃
    ඔය අරගලය මෙහෙයවුයෙත් රනිල් ඇතුලු ඔය ප්‍රභූ පැලැන්තියම තමා මෙයා .
    නිර්ධන පන්තියට තියෙනවා ප්‍රභූන් එක්ක ඇරියස් ප්‍රභූන් බලනවා තමන්ගෙ ක්ලාස් එක තියාගන්න .
    ප්‍රභූන්ගෙ ක්ලාස් එකට මතයට එරහි කොතනද එතනට පහර දෙන්න ඔනි මතයකට සෙට් වෙනවා.

    උදාහරණයක් ;

    ප්‍රේමදාස කියන්නෙ නිර්ධන පන්තියෙන් ආපු ජනාධිපති .
    ධනපති අතුලත් මුදලිලා ,රිචඩ් ද සොයිසලා ප්‍රේමදාසට එරහි උනා ,
    රිචඩ් ද සොයිසලා වමෙ පක්ෂ එක්ක හිටියෙ ඒ කාලෙ .

    2005 මහින්ද ජනාධිපති උනා ,
    යුද්ධෙන් පස්සෙ මහින්ද මහරජාණෝ උනා
    රාජපක්ෂ වෙනම බ්‍රැන්ඩ් එකක් උනා,

    ධනපති පැලැන්තියෙ රනිල් නිර්ධන පන්තියෙ හිටංව ගෙනාවා ඒ මහරජාණොව එලවන්ම ( ඒ හිටං අන්තිමට රනිල්ටත් ) ඇරියා හැබැයි ,එත් මහරජාණො ගෙදර ගියා .
    පස්සෙ පාස්කු ප්‍රහාරයෙන් ගෝඨාට හැදුණා සුපිරි බලවේගයක්,ඒ හයිප් එක රාජපක්ෂලාටත් අනික් පක්ෂලාටත් ප්‍රශ්නයක් උනා .
    ඔන්න ගෝඨා ගෝ ගම ආවා අරගල ආවා
    ඒක මෙහෙයෙව්වෙත් ඔය ධනපති පැලැන්තියෙන්ම තමා ,
    මාලිමා ජෙප්පො කියන්නෙත් ධනපති පැලැන්තිය නිර්මාණය කරපු තමන්ගෙ පැලන්තියට තර්ජනය වෙන උන් එලවන්න
    දාපු ගුණ්ඩුවක්.

    ධනපතින්ට තියෙන ඊලඟ තර්ජනය සජිත් ප්‍රේමදාස .

    දැන් ඔන්න හැදෙනවා චිත්‍රපට රාණි ,ෆාදර් වගෙ එව්වා අර ප්‍රේමදාස යුගයෙ මජර වැඩ හයිලයිට් කරන්න .
    ප්‍රොපගන්ඩා ප්‍රොජෙක්ට් එකක් තනිකරම .