පක්ෂ වලට බෙදිලා කා කොටා ගත්තට මේ අය එකම පවු

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    පක්ෂ වලට බෙදිලා කා කොටා ගත්තට මේ අය එකම පවු

    බ්‍රිතාන්‍ය පාලනය අවසාන වුවාට පසුව ලංකාව විවිධ ජනපති, අගමැති, ආණ්ඩුකාරවරු අතින් පාලනය වුනා. ඒකීය රටක් ගොඩ නංවන්නට පවුල් පාලනයෙන් තොර වුනු රටක් හදන්නට දේශපාලකයින් සහ විවිධ දේශපාලන පක්ෂ තවමත් ඇප කැප වෙලා වැඩ කරනවා.

    එහෙත් ඔබ දන්නවාද නිදහස ලබාගත් මොහොතේ සිටම ඩිංගිරි බණ්ඩා විජේතුංග, රණසිංහ ප්‍රේමදාස, මෛත්‍රීපාල සිරිසේන කියන තුන්දෙනාගේ පවුල් හැරුණ විට මේ දක්වාත් රට පාලනය කරමින් විවිධ පක්ෂ වලට බෙදී දේශපාලනය කරන්නේ, එකකට එකක් සම්බන්ධ පවුල් එකතුවකින් බව? සහ ඔවුන් අයත් වෙන පවුල් තුලින් එකිනෙකා අතර නෑදෑකම් ඇති වීමෙන් ඔවුන් සියල්ලම එකම පිරිසක් වී ඇති බව?

    දන්නේ නැත්නම් කියවන්න, මේ ලිපිය තුලින් ඔබට ඒ සාක්ෂි සම්භවේවි… :rolleyes:



    1. බණ්ඩාරනායක පවුල

    Political-Families-of-SL-aniwa-01.jpg

    Political Families in SL
    Source – wikipedia.org, timescontent.com, timescontent.com


    උඩරට යටත් කරගැනීමෙන් පසුව සුදු ජාතිකයින්ට හිතවත් කම් පෑම නිසා පහතරට මුදලි පරම්පරා ඉස්මතු වෙන්නට ගත්තා. මෙයින් එක පරම්පරාවක් තමයි බණ්ඩාරනායක පරම්පරාව කියන්නේ.

    ඒ වගේම ලංකාවේ අවසාන රජතුමා වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව අත්අඩංගුවට ගන්නට සුදු ජාතිකයින් සමග පහත රට නියෝජනය කරමින් ගිය ප්‍රධාන සිංහල නිලධාරින් දෙදෙනෙකු සිටියා. එයින් එක නිලධාරියෙකු වුයේ දියෙස් මුදලි හෙවත් ඩයස් බණ්ඩාරනායක මුදලිතුමයි. මේ දියෙස් මුදලි යනු බණ්ඩාරනායක පරපුරේ ආදීතමයින් ගෙන් කෙනෙක් වෙනවා.:rolleyes:


    අනෙක් නිලධාරියා වන්නේ එඩ්රියන් විජේසිංහ ජයවර්ධන මුදලි හෙවත් තෝම්බු මුදලියි. ඔහු ලංකාවේ ප්‍රථම විධායක ජනපති ගරු ජේ.ආර් ජයවර්ධනගේ මීමුත්තා වෙනවා.

    ඉන්පසුව ලංකා ඉතිහාසයේ බණ්ඩාරනායක සලකුණ මතුවන්නේ මහා මුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායක වෙතිනුයි. ඔහු විවාහ කරගන්නේ අධිනීතිඥ ෆොරස්ටර් ඔබේසේකර මුදලි තුමාගේ දෙවෙනි දුවණිය වන ඩේසි ඇසිලින් ඔබේසේකර මෙනවියවයි. ඈ ශ්‍රී ලංකා මහිලා සංගමයේ පළමු සභාපතිනිය ද වෙනවා. ඔවුන්ට දාව ලද දරුවන් ගෙන් පළමු වැන්නා වුයේ හිටපු අගමැති එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමායි.



    එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක

    ඒ වගේම ඔහු විවාහ වන්නේ ලොව ප්‍රථම අගමැතිණිය වන සිරිමා රත්වත්තේ සමඟයි. ඇය මහවලතැන්න අධිකාරම් තුමාගේ මිණිබිරිය වන අතර ඇයගේ පියා වන්නේ බාන්ස් රත්වත්තේ දිසාවයි.

    මෙතුමාට දරුවන් තිදෙනෙක් සිටිනවා

    • සුනේත්‍රා බණ්ඩාරනායක (සමාජ සේවිකා)
    • චන්ද්‍රිකා බණ්ඩාරනායක (ලංකාවේ පලමු කාන්තා ජනපති)
    • අනුර බණ්ඩාරනායක (හිටපු කතානායක)

    2. ආටිගල පවුල

    Political-Families-of-SL-aniwa-02.jpg

    Political Families in SL
    Source – wikipedia.org
    මිනිරන් පතල් සහ වැවිලි කරුවන් වීමෙන් ධනවතුන් වූ ඩී.සී.ජී ආටිගල හට දූවරුන් තුන් දෙනෙක් හිටියා. ඇලිස්, ලීනා, එලන් නමැති ඔවුන් තුන් දෙනා විවාහ වෙන්නේ රටේ නමගිය ධනවත් පවුල් තුනක් වෙතයි.

    • ඇලිස් ආටිගල ජෝන් කොතලාවල (ජ්‍යෙෂ්ට) (අගමැති ජෝන් කොතලාවලගේ පියා) සමඟත්
    • ලීනා ආටිගල ටී. ජී. ජයවර්ධන සමඟත්
    • එලන් ආටිගල එෆ්. ආර්. සේනානායක සමඟ විවාහ වෙනවා.


    3. සේනානායක පවුල

    Political-Families-of-SL-aniwa-03.jpg

    Political Families in SL
    Source – island.lk, sundaytimes.lk
    දොන් ස්පෙටර් සේනානායක යනු මිගමු දිස්ත්‍රික්කයේ හාපිටිගම කෝරලේ බෝතලේ නමැති ගමේ ඉපදුනු කෙනෙක්. වයස අවුරුදු 18දි ව්‍යාපාර ආරම්භ කර දියුණුවට පත් වුනු ඔහුට දරුවන් තිදෙනෙක් වෙනවා. ඒ තමයි

    • ඩී. සී. සේනානායක
    • එෆ්. ආර්. සේනානායක
    • ඩී. එස්. සේනානායක
    • මරියා ෆ්‍රැන්සිස් සේනානායක

    එෆ්.ආර් සේනානායක

    මේ තුන්දෙනාගෙන් එෆ් ආර් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලෙන් නීති අධ්‍යාපනය ලැබූ අතර අනෙක් සහෝදරයින් තිදෙනා සාමාන්‍ය අධ්‍යාපනය ලැබුවන් වෙනවා. ඒ වගේම මේ එෆ් ආර් සේනානායක විවාහ වෙන්නේ ආටිගල පවුලේ බාල දියණිය එලන් ආටිගල (පසුව එලන් සේනානායක සමඟයි). ඒ වගේම නිදහස් සටනට උරදුන් පුද්ගලයෙකි.

    ඩී.එස් සේනානායක

    සිය සහෝදරයා වෙන එෆ් ආර් ගේ මග යමින් නිදහස් සටනට එකතු වෙන ඩී. එස් අවසානයේ දේශපාලනයට එකතු වී ලංකාවේ ප්‍රථම අගමැති වන්නට තරම් භාග්‍යවන්ත වෙනවා. ඒ වගේම ඔහු විවාහ වන්නේ දුනුවිල පවුලේ මොලී දුනුවිල සමඟයි. මේ විවාහයේ ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඒ දෙදෙනා,

    • ඩඩ්ලි සේනානායක
    • රොබර්ට් සේනානායක
    • ඩඩ්ලි සේනානායක

    ලංකාවේ දෙවැනි අගමැති ලෙස දේශපාලනය කල අතර ඔහු ලංකාවට විශාල සේවාවක් කල දේශපාලකයෙක් බව කොයි කවුරුත් දන්නා දෙයක්.

    රොබර්ට් සේනානායක


    රොබර්ට් සේනානායක යනු ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයට බොහෝ සේවාවන් කල කෙනෙකු වන අතර ඔහුගේ පුතෙකු වන රුක්මන් සේනානායක වර්තමානයේ දේශපාලනයේ ප්‍රධාන ධාරාවේ සිටින්නෙකි. දුවණිය රන්ජනී සේනානායක යනු රන්ජිත් විජේවර්ධනගේ බිරිඳ වන අතර, ඇය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධනගේ මව ද වෙනවා.



    4. විජේවර්ධන පවුල

    Political-Families-of-SL-aniwa-04.jpg

    Political Families in SL
    Source – youtube.com

    විජේවර්ධන පවුල යනු හිටපු ජනපති ජේ ආර් ජයවර්ධනගේ මව් පාර්ශවයයි. මුහන්දිරම් පිලිප් විජේවර්ධනට සහ දෝන හෙලේනා ඩැප් වීරසිංහට දාව දරුවන් තිදෙනෙක් සිටිනවා ඉන් දෙදෙනෙක් පිරිමි වන අතර එක ගැහැණු දරුවෙක් වෙනවා.

    වෝල්ටර් විජේවර්ධන

    දරුවන් තිදෙනෙකි.



    • උපාලි විජේවර්ධන - සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන මෙතුමා උපාලි සමුහ ව්‍යාපාරයේ හිමිකරුද වෙයි. එතුමා විවාහ වෙන්නේ ලක්මිණි රත්වත්තේ (පසුව ලක්මිණි වෙල්ගම) (ඇය සිරිමා රත්වත්තේ බණ්ඩාරනායකගේ බාල සහෝදරයාගේ දුවණියයි) සමගයි. 1983 පෙබරවාරි 13 ගුවන් යානා අනතුරක් නිසා අතුරුදන් විය.
    • අනෝජා විජේසුන්දර
    • කල්‍යාණි ආටිගල

    ඩී ආර් විජේවර්ධන
    දරුවන් දෙදෙනෙකි.



    රන්ජිත් විජේවර්ධන

    රන්ජනී සේනානායක සමඟ විවාහ විය. ඔවුන්ට දාව ලැබූ දරුවන් අතර වර්තමාන ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන ප්‍රධාන තැනක් ගනියි.
    නලිනි විජේවර්ධන
    එස්මන්ඩ් වික්‍රමසිංහ සමඟ විවාහ විය. ඔවුන්ට දාව ලැබූ දරුවන් අතර වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන වෙයි.


    ඇග්නස් හෙලන් විජේවර්ධන

    නීතිවේදී ඉයුජින් විල්ෆ්‍රඩ් ජයවර්ධන සමඟ විවාහ විය.



    5. ජයවර්ධන පවුල

    Political-Families-of-SL-aniwa-05.jpg

    Political Families in SL
    Source – dbsjeyaraj.com

    මෙයට ඉහත අපි බණ්ඩාරනායකවරුන් ගැන කතා කරත්දී ලංකාවේ අවසාන රජතුමා වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව අත්අඩංගුවට ගන්නට සුදු ජාතිකයින් සමග පහත රට නියෝජනය කරමින් ගිය ප්‍රධාන සිංහල නිලධාරින් දෙදෙනෙකු සිටි බව පැවසුවා.

    මෙයින් එක නිලධාරියෙකු වන්නේ එඩ්රියන් විජේසිංහ ජයවර්ධන මුදලි හෙවත් තෝම්බු මුදලියි.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙක් වන ඉයුජින් විල්ෆ්‍රඩ් ජයවර්ධන ඉහත කියූ තෝම්බු මුදලිගේ මී මුණුබුරෙක් වෙනවා. ඔහු විවාහ වන්නේ ඇග්නස් හෙලන් විජේවර්ධන සමඟයි. ඇය මුහන්දින්රම් පිලිප් විජේවර්ධනගේ දුවණිය වෙනවා.
    එමෙන්ම ඉයුජින් යනු ටී.ජී ජයවර්ධන ගේ සොහොයුරාද වෙනවා.
    ඔවුන්ට දාව ලබන දරුවන් අතරින්

    • ජේ. ආර්. ජයවර්ධන (ලංකාවේ ප්‍රථම විධායක ජනපති)
    • හෙක්ටර් විල්ෆ්‍රඩ් ජයවර්ධන (කීර්තිමත් නීතිවේදී)
      ප්‍රධාන වෙනවා.



    6. රාජපක්ෂ පවුල

    Political-Families-of-SL-aniwa-06.jpg

    Political Families in SL
    Source – twitter.com

    මැද මුලන වීරකැටිය බෙලිඅත්ත කේන්ද්‍ර කරගෙන ඉස්මතු වෙන රාජපක්ෂ පවුලත් දේශපාලන වශයෙන් ලංකා ඉතිහාසයේ තැනක් හිමිකරගෙන සිටින පවුලක් මෙන්ම වර්තමානයේ ක්‍රියාකාරිව දේශපාලනයේ යෙදෙන පවුලක් බව අපි සැවොම දන්නවා.

    දේශපාලන ක්‍රියාකාරකම් වලට ප්‍රවේශවීමේ ආරම්භය සටහන් වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂයේ පියා වූ ඩී ඒ රාජපක්ෂ සමයේ සිටයි. අගමැති දහනායක ප්‍රධාන ආණ්ඩුවේ හිටපු කැබිනට් ඇමති වරයෙක් වෙන ඩී. ඒ හට දරුවන් නව දෙනෙක් සිටිනවා. එයින් ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වී සිටින්නේ

    • චමල් රාජපක්ෂ (හිටපු කතානායක)
    • මහින්ද රාජපක්ෂ (හිටපු ජනපති)
    • බැසිල් රාජපක්ෂ (හිටපු ආර්ථික සංවර්ධන ඇමති)
    • ගෝඨාභය රාජපක්ෂ (හිටපු ආරක්ෂක ලේකම්) යන අයයි.

    මෙහි විශේෂිත තොරතුර වන්නේ ඩී ඒ රාජපක්ෂගේ ඥාති සොහොයුරෙක් බවට හිටපු පාර්ලිමේන්තු මහලේකම් කෙනෙකු වන සෑම් විජේසිංහ මහතා පත් වීමයි. එමෙන්ම සෑම් විජේසිංහ යනු වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාගේ නැගෙණියක වන මුක්තා වික්‍රමසිංහ ගේ සැමියා වීමයි.

    ඉතින් මෙහෙම වෙනකොට ලංකාව නිදහසෙන් පස්සේ වැඩිම කලක් පාලනය කලේ එක පවුලක් බව නොකියා කොහොමද?


    Political-Families-of-SL-aniwa-07-large.jpg

    Political Families of SL - aniwa - 07 large

    -තොරතුරු ගත්තේ-


    ඉස්සුවේ - http://www.aniwa.lk/2016/12/30/1612301-political-families-in-sl/
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,249
    12,282
    113
    Ohio, USA
    Ruwan Wijewardana Ranil Wikramasinha ta wada Paramparawen Wadimal. A kiyanne Ruwan ge paramparawata passe paramparawe thamai Ranil inne..Aka wenna puluwanda?? wayasin Ranil Wadi Ruwanta wadaa..

    Political-Families-of-SL-aniwa-04.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,869
    113
    නෑයෝ නෑයෝනේ මරාගන්නේ. මේවා පවුල් ප්‍රශ්න.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,249
    12,282
    113
    Ohio, USA
    යකඩෝ මාත් වික්‍රමසිංහනේ.:rolleyes:

    Wikramasinhalaa Godak Salli Thiyena Minissu Nisaa Rata wate Travel kara..
    Life eka Godak Enjoy kalaa... Elakiriyema 4 - pas denekma Hitiya Wikramasinhalaa.. Ubalath Ehenam Radala Pawlwala aya balan yaddi...

    :cool:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අර කෙහෙල් වත්තේ සරම කැහැපොට ගහන ලැවරිය වික්ක ප්‍රේමදාසය ගේ පවුල කෝ බන්
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    6. රාජපක්ෂ පවුල

    Political-Families-of-SL-aniwa-06.jpg

    Political Families in SL
    Source – twitter.com

    මැද මුලන වීරකැටිය බෙලිඅත්ත කේන්ද්‍ර කරගෙන ඉස්මතු වෙන රාජපක්ෂ පවුලත් දේශපාලන වශයෙන් ලංකා ඉතිහාසයේ තැනක් හිමිකරගෙන සිටින පවුලක් මෙන්ම වර්තමානයේ ක්‍රියාකාරිව දේශපාලනයේ යෙදෙන පවුලක් බව අපි සැවොම දන්නවා.

    දේශපාලන ක්‍රියාකාරකම් වලට ප්‍රවේශවීමේ ආරම්භය සටහන් වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂයේ පියා වූ ඩී ඒ රාජපක්ෂ සමයේ සිටයි. අගමැති දහනායක ප්‍රධාන ආණ්ඩුවේ හිටපු කැබිනට් ඇමති වරයෙක් වෙන ඩී. ඒ හට දරුවන් නව දෙනෙක් සිටිනවා. එයින් ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වී සිටින්නේ

    • චමල් රාජපක්ෂ (හිටපු කතානායක)
    • මහින්ද රාජපක්ෂ (හිටපු ජනපති)
    • බැසිල් රාජපක්ෂ (හිටපු ආර්ථික සංවර්ධන ඇමති)
    • ගෝඨාභය රාජපක්ෂ (හිටපු ආරක්ෂක ලේකම්) යන අයයි.

    මෙහි විශේෂිත තොරතුර වන්නේ ඩී ඒ රාජපක්ෂගේ ඥාති සොහොයුරෙක් බවට හිටපු පාර්ලිමේන්තු මහලේකම් කෙනෙකු වන සෑම් විජේසිංහ මහතා පත් වීමයි. එමෙන්ම සෑම් විජේසිංහ යනු වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාගේ නැගෙණියක වන මුක්තා වික්‍රමසිංහ ගේ සැමියා වීමයි.

    ඉතින් මෙහෙම වෙනකොට ලංකාව නිදහසෙන් පස්සේ වැඩිම කලක් පාලනය කලේ එක පවුලක් බව නොකියා කොහොමද?


    Political-Families-of-SL-aniwa-07-large.jpg

    Political Families of SL - aniwa - 07 large

    -තොරතුරු ගත්තේ-


    ඉස්සුවේ - http://www.aniwa.lk/2016/12/30/1612301-political-families-in-sl/
    [/SIZE][/QUOTE]

    :lol::lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එලම පොස්ට් එකක් මචෝ...අව්රුදු 72ක් තිස්සේ රට කාපු ඔක්කොම ඉන්නවා පිළිවෙලකට...අනගාරික ධර්මපාලතුමා කිව්ව දේ හරියටම හරි. ඒ දේ අද වෙලා තියනවා. සුද්දට ගැතිකම් කරලා නම්බු නාම දිනාගත්තු පරපුරවල් කියල හොඳට තේරෙනවා.අදටත් එකමනේ වෙන්නේ. අනික අපිට පෙන්න බොරුවට දර්ශන දැම්මට මේ අය අරන් ගිහින් තියෙන්නේ වෙනවම ගේමක්. එක තමයි මේ මේ පවුල් වලින් පිට එකෙක් එනකොටම කලින්ම කපල දාන්නේ. තුන් වෙනි බලවේගය හැටියට තිබුන JVP වලව්වේ වලන් හෝදන ගානට වැටුන එක ගැන දුකයි. අනුර කුමාර නායක කමින් අයින් වෙලා වෙන කෙනෙක්ට ලැබෙනවා නම් හොඳයි. දැන් හිතාගන්න පුළුවන් ලංකාවේ සල්ලි වලට මොකද උනේ ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියල.

    :( :( :(
     
    • Like
    Reactions: ACHIK

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    දොන් ස්පෙටර් සේනානායක යනු මිගමු දිස්ත්‍රික්කයේ හාපිටිගම කෝරලේ බෝතලේ නමැති ගමේ ඉපදුනු කෙනෙක්. වයස අවුරුදු 18දි ව්‍යාපාර ආරම්භ කර දියුණුවට පත් වුනු ඔහුට දරුවන් තිදෙනෙක් වෙනවා.

    WTF