පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පිපිරී 7ක් රෝහලේ🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,765
    48,306
    113
    පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.

    පොලිසිය පැවසුවේ රෝහලේ මුළුතැන්ගෙය තුළ ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවය.

    අනතුරින් තුවාල ලැබූ වකුගඩු රෝහලේ සේවකයින් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.

    පිපිරීමෙන් රෝහල් ගොඩනැගිල්ලට දැඩි අලාභහානි සිදුවී ඇති බවද වාර්තා වෙයි.

    අද (26) අලුයම 4ට පමණ මෙම පිපිරීම සිදුවී ඇති අතර තුවාල ලබා ඇත්තේ මුළුතැන්ගෙයි සේවයේ නියුතුව සිටි පිරිසකි.

    තුවාල ලැබූ තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    පිපිරීමෙන් වකුගඩු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට හා එහි සේවයේ නියුතු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට අනතුරක් සිදුවී නොමැත.

    රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් අද අලුයම සෞඛ්‍ය කාර්යමණ්ඩලය විසින් මැදිහත්වී ආරක්ෂිතව රෝහලෙන් පිටතට ගෙන ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සිදුකිරීමට ද වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමටද කටයුතු කර තිබේ.

    h4jyYlZ.jpeg

    FAhcxUl.jpeg

    I8Z8ii9.jpeg

    QhItfBW.jpeg

    H5Siuil.jpeg

    sLFbDGF.jpeg

    quPWBpR.jpeg

    zETxjmy.jpeg


     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,802
    17,184
    113
    35
    Spain
    ගෑස් සිලින්ඩර් පිපිරෙන්නේ නෑ නේද බන්? ගිනි තිව්වත් වෑල් එක ඇරිලා ගෑස් ටික එලියට යනවා විතරයි. පිපිරෙන්නේ නෑ. ගෑස් ලීක් වෙලා ගිනි අරන් වෙන්න ඇති.
     

    54H4N

    Active member
  • Feb 20, 2018
    141
    202
    43
    සිලින්ඩරය පුපුරන්නේ නෑ. ගෑස් ලීක් එකක් තිබිලා මුළු බිල්ඩින් එක ඇතුළෙම ගෑස් පිරිලා තියෙන්න ඇති. එතකොට පොඩි ස්පාක් එකක් ආවහම ඩෝං තමා.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,659
    8,993
    113
    Galaha
    සිලින්ඩරය පුපුරන්නේ නෑ. ගෑස් ලීක් එකක් තිබිලා මුළු බිල්ඩින් එක ඇතුළෙම ගෑස් පිරිලා තියෙන්න ඇති. එතකොට පොඩි ස්පාක් එකක් ආවහම ඩෝං තමා.
    මෙහෙම තමයි වෙන්න ඇත්තෙ මටත් හිතෙන්නෙ. :yes:

    මුන් ගෑස් එකක්වත් ඇරල යන්න ඇති කලින් දවසෙ ඕෆ් වෙනකොට. පහුවදා පාන්දරම වැඩට ඇවිල්ල ලයිට් එකක් හරි දානකොට පුලුරල යන්න ඇති කිචන් එකේ ගෑස් පිරිල තිබිලා.
    ------ Post added on Sep 26, 2026 at 11:07 PM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,136
    3,403
    113
    colombo
    වෙන මොකක් හැටි වුණත් ගෑස් සිලින්ඩර එකක් කියලා සේප් කරන එක හොදයි . අරුන් වෙනම හරි විමර්ශනයක් කරලා.


    පාස්කු කළා බිස්නස් නැති වුණු විදිය මතක වෙනකොට බය හිතෙනවා.